Monday, December 23, 2013

"සමන්ත භද්‍ර" යනු කවුරුන්දැයි ඔබ දැන සිටියා ද?


"සමන්ත භද්‍ර" යනු කවුරුන්දැයි ඔබ දැන සිටියා ද?

‘‘එක් සමයෙක්හි ශාක්‍යසිංහ වූ සමන්තභද්‍ර වූ අසමසම වූ තෛ‍්‍රලෝක්‍ය තිලක වූ ත්‍රිභුවන චූඩාමාණික්‍ය වූ කරුණා නිධාන වූ මෛත්‍රී නිවාස වූ ප්‍රඥාවට වල්ලභ වූ සාගරයක් සේ අචින්ත්‍ය ගුණ ඇති මහ පොළොව සේ නිශ්චල ගුණ ඇති මහාමේරුව සේ උස් වූ ගුණ ඇති දැරු මිණක් සේ නිර්මල වූ ගුණ ඇති මාගේ ස්වාමි දරු වූ සම්බුදුරජාණන් වහන්සේ...’’
- උම්මග්ග ජාතකය ආරම්භ වන්නේ එලෙසයි.

උම්මග්ග ජාතකය, නිකාය සංග්‍රහය, සිංහල බෝධි වංශය, සිදත් සඟරා විවරණය ඇතුළු බොහෝ බෞද්ධ පුස්තකයන්හි "සමන්ත භද්‍ර" නාමයෙන් හඳුන්වන්නේ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේව යි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේව හැඳින්වීමට පමණක් භාවිතා කර ඇති එම ශ්‍රී නාමයට අපහාස කිරීමෙන් හෝ ඒ නාමය අනෙකුත් උදවියට භාවිතා කිරීමෙන් බෞද්ධ අපි වැළකෙමු.

පිටිදුවේ සිරිධම්ම යන මොහු පිස්සෙකි. මොහු මාර්ගඵල ලැබිය, නිවන්ද දකින්න‍‍ට ආසන්නය, තව කලකින් NGO මුදල් වලින් බුදුබවද ලබනු ඇත.

3 comments:

  1. එතකොට ඔය විමල ජෝති....වගේ නම් තියන භික්ෂුන්ටත් එරෙහිව නැගිසිටින්න ඕන...මොකද මම අහල තියනවා විමල කියන එකත් බුදුන් වහන්සේ හදුන්වන්න පාවිච්චි කල එකක් කියල... මොකෝ සම්න්තබද්‍ර හාමුදුරුවන්ට විතරක් පුද්ගල දෘෂ්ටි දාගෙන පහර දෙන්නේ....මෙන්න මේක තමයි සම්ප්‍රදයික මිනිස්සුන් ගේ ස්වභාවය,... සත්ධර්මය , ශ්‍රිනාමය, අපේ බුදුහාමුදුරුවෝ කියා කිය ඉන්නවා මිසක එකෙක් ඔය අර්යමර්ගය මොකද්ද, එය ජීවිතේට පුරුදුකරන්නේ කොහොමද කියල හොයන්නේ නැහැ...ගෞතම බුදුන් මේවා දැක්කනම් ඔලුවේ අතගහගන්නවා...මොකද ඒතරමටම නයට හරක් බලාන්න බෞද්ධ යැයි කියාගන්න අයයි .. ජෛන පුජක පැලැන්තියක් බිහිවෙච්ච නිසා...මෙන්න මේවට කෑගහන්න...

    ReplyDelete
  2. ධම්මපදයේ, යමක වග්ගයේ 19,20 ගාථා වලට අදාල නිධාන කතාව.. එක්තරා මිතුරන් දෙදෙනෙකු පැවිදි වෙනවා. එක මිතුරෙක් බුදුන් වහන්සේගෙන් නිවන් මඟ අසා අරහත් ඵලය ලබා ගනියි. අනෙක් මිත්රායා ත්රිපිටක ධර්මය ඉතා හොඳින් කටපාඩම් කරගෙන ගුරුවරයෙක් වෙනවා. දිනක් මේ මිතුරන් දෙදෙනාම බුදුන් වහන්සේ හමුවට යනවා.බුදුන් වහන්සේ ට අර උගත් භික්ෂුව කියනවා මා ත්රිපිටක ධර්මය හදාරා මා හට දැන් ශිෂ්යන් ද සිටිනවා, එහෙත් මාගේ මිතුරාට ත්රිපිටක ධර්මය ස්වල්පයක් වත් බැරිය කියා. එවිට බුදුන් වහන්සේ ප්රතශ්න කරනවා. දෙදෙනාගෙන්ම සෝවාන් භාවය ගැන සකදාගාමී භාවය අනාගාමී, අරහත් භාවය ගැන. රහතන් වහන්සේ තමන්ගේ අවබෝධයෙන් ඒවාට පිළිතුරු ලබා දුන්න. උගත් භික්ෂුව තමා ලත් ත්රිපිටක දැනුමෙන් ඒවාට පිළිතුරු ලබා දුන්නා. ඉන්පසුව බුදුන් වහන්සේ නිවන් මග විමසුවා. සෝවාන් වෙන්නේ කෙසේද, ඒ මගට ප්රවිෂ්ට වන්නේ කෙසේද ආදී වශයෙන්... අවබෝධය ලත් භික්ෂුව ඒවාට පිළිතුරු ලබා දුන්නා. නමුත් උගත් භික්ෂුවට පිළිතුරු දීමට හැකියාවක් නැහැ. ඔහු ප්ර්කාශ කරා.." පොතේ නම් ඒ ගැන සඳහන් නැහැ. ඒ නිසා මට පිළිතුරු ලබා දිය නොහැකියි ස්වාමිනි" එවිට බුදුන් වහන්සේ දේශනා කරනවා කොච්චර ත්රි්පිටක ධර්මය දැනගත්තත් නිවන් මඟ නොදනියි නම් ඔහු ණයට හරක් බලා ගන්නා ගොපල්ලෙක් වැනිය කියා. ඉතින් මෙන්න මේ වගේ තම්ය්යි අද ඉන්න බහුතර ලාන්කීය භික්ෂු සමාජය පොත බලල කෑගහනවා... අර්යමර්ගයේ ගමන් කරන්නේ නැහැ...මාර්ගයේ ගමන් කරන්නන්ට අපහස කරනවා තමන්ට කරගන්න බැරි නිසා...සමන්ත බද්‍ර හිමියන් වැරදිනම් උන්වහන්සේ කියන ධර්මය වරදයි කියාල ප්‍රසිද්ධ මද්‍යකදී උන්වහන්සේ සමග මුහුනට මුහුණලා ප්‍රශ්න කර ඔප්පු කලයුතුයි.නමුත් අද දක්නට ඇත්තේ තැන තැන බනින හිවල් ගති ඇති තම වාසියට පන්සල් නඩත්තු කරන ජෛන චීවර ධාරීන්ට කඩෙ යන comment කරන මුලාවේ වැටිච්ච පරිසක්ම පමණි.....තමන් ගැනම ප්‍රත්‍යවේක්ෂ කර බලන්න...

    ReplyDelete
  3. menna mekath kiyawanna https://docs.google.com/file/d/0B26DjBty6e1ZVU1CWmppWGM3NzQ/edit?pli=1

    ReplyDelete