Monday, December 23, 2013

"සමන්ත භද්‍ර" යනු කවුරුන්දැයි ඔබ දැන සිටියා ද?


"සමන්ත භද්‍ර" යනු කවුරුන්දැයි ඔබ දැන සිටියා ද?

‘‘එක් සමයෙක්හි ශාක්‍යසිංහ වූ සමන්තභද්‍ර වූ අසමසම වූ තෛ‍්‍රලෝක්‍ය තිලක වූ ත්‍රිභුවන චූඩාමාණික්‍ය වූ කරුණා නිධාන වූ මෛත්‍රී නිවාස වූ ප්‍රඥාවට වල්ලභ වූ සාගරයක් සේ අචින්ත්‍ය ගුණ ඇති මහ පොළොව සේ නිශ්චල ගුණ ඇති මහාමේරුව සේ උස් වූ ගුණ ඇති දැරු මිණක් සේ නිර්මල වූ ගුණ ඇති මාගේ ස්වාමි දරු වූ සම්බුදුරජාණන් වහන්සේ...’’
- උම්මග්ග ජාතකය ආරම්භ වන්නේ එලෙසයි.

උම්මග්ග ජාතකය, නිකාය සංග්‍රහය, සිංහල බෝධි වංශය, සිදත් සඟරා විවරණය ඇතුළු බොහෝ බෞද්ධ පුස්තකයන්හි "සමන්ත භද්‍ර" නාමයෙන් හඳුන්වන්නේ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේව යි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේව හැඳින්වීමට පමණක් භාවිතා කර ඇති එම ශ්‍රී නාමයට අපහාස කිරීමෙන් හෝ ඒ නාමය අනෙකුත් උදවියට භාවිතා කිරීමෙන් බෞද්ධ අපි වැළකෙමු.

පිටිදුවේ සිරිධම්ම යන මොහු පිස්සෙකි. මොහු මාර්ගඵල ලැබිය, නිවන්ද දකින්න‍‍ට ආසන්නය, තව කලකින් NGO මුදල් වලින් බුදුබවද ලබනු ඇත.