Tuesday, August 25, 2015

ඉතිහාසයෙන් බැහැර කළ නොහැකි රාවණ චරිතය!


ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව දේශ දේශාන්තරයන්හි ඉමහත් කීර්තියට හා සම්භාවනාවට පත් හෙළ විරුවෙක්‌ වූ රාවණ අධිරාජයා පිළිබඳව දශකයෙන් දශකය, සියවසින් සියවස, විවිධ මතිමතාන්තර පළවීම පුදුමයට කරුණක්‌ නොවේ.

රාවණයින් පිළිබඳව එවැනි උද්ඝෝෂණ, එවැනි මතිමතාන්තර පළනොවන්නේ නම් එය පුදුමයට කරුණකි. නමුත් රාවණයෝ මිත්‍යාවට බරවීම බුද්ධිමත් සැමදෙන විමසා බැලිය යුතු කරුණකි.

හිස්‌ දහයක්‌ අත් විස්‌සක්‌, ඇස්‌ විස්‌සක්‌, දත් 320 ක්‌ වශයෙන් රාවණ රූපය වර්ණනා කිරීම අද බොහෝ දෙනෙක්‌ කතා කරන මිත්‍යාවට හේතු භූත වූ බැව් අප පර්යේෂණවලින් තහවුරු වූ බැව් පළමුව කිව යුතුය. (The Cultured Heritage of King Rawana)

මිථ්‍යාව

ලෝකයේ පහළවන අන් සතුන්ට වඩා වෙනස්‌ යම් සත්ත්වයෙක්‌ සිටී නම් ඔහු හෝ ඇය මිථ්‍යාවට හසුවෙනු සැක නැත. මහා විෂ්ණු දෙවිඳුට එක්‌ හිසක්‌ සහ අත් හතරක්‌ පෙන්වා ඇත. එමෙන්ම ගණ දෙවිඳුට අත් හතරක්‌ අලි මුහුණක්‌, විශාල උදරයක්‌ ද ඔහුගේ වාහනය ලෙස මී පැටියෙක්‌ ද පෙන්වා ඇත. ස්‌කන්ධ දෙවි මුහුණු සයකින් හා අත් දොළොසකින් ද චිත්‍රයට නංවා ඇත. රාවණ චරිතය ඊටත් වඩා ඉහළින් වර්ණනා කළ චිත්‍ර ශිල්පීන් හා මූර්ති ශිල්පීන් රාවණට හිස්‌ දහයක්‌ හා අත් විස්‌සක්‌ දී චිත්‍ර ගත කර ඇත. අතීතයේ ලේඛකයන් හා කවීන් ද රාවණා චරිතය අතිශයෝක්‌තියෙන් (EXAGGARATION) වර්ණනා කිරීම නිසා ධීර වීර රාවණයෝ ඇතැමෙකුගේ සැකයටත්, අවිශ්වාසයටත්, පාත්‍රවීම නිසා මිථ්‍යාවක්‌ ලෙස සැලකීමට සමහරු පුරුදු වූහ. (රාවණ කථා පුස්‌කොළ ග්‍රන්ථය. (එ)

මෑත ඉතිහාසයේ රාවණ රජතුමා ගැන තද විශ්වාසයෙන් සිටි විද්වතෙකි, ෂඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණෝ. එබැවින් සිය සැළලිහිණි සංදේශයේ එක්‌ පැදියකින් රාවණ රජතුමා පිළිබඳ සිහිගැන්වීමක්‌ කර ඇත.

තුන් ලෝ තමා නතුකළ රවුළු සොහොයු රූ

තුන්කල් බලා රමිඳුට ඉටු මිතු රූ

තුන් වේ ඇඳුරු පුලතිසි කුල මණ මිතු රූ

තුන් විටකම වඳු එසිරිඳු පා තඹු රූ 


තොටගමුවේ සිරි රහල් සඟ රජ මා හිමිපාණෝ වීභීෂණට නමස්‌කාරය කරමින් රාවණයින්ගේ ගුණ වැනූ අන්දම සැළලිහිණි සංදේශයේ 92 වැනි පද්‍යයෙන් මෙසේ පෙනී යයි.

මෑත යුගයේ සිටි මහා ඉතිහාසඥයෙක්‌ වූ මහාචාර්ය හාන්දු පැල්පොල පුඤ්ඤරතන නාහිමිපාණෝ ද රාවණ රජු ගැන භක්‌තියක්‌ තිබුණු ඉතිහාසඥයෙකි. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට වර්තමානය දක්‌වා පැවති රාවණ කොඩිය කොත්මලේ කොඩිය ලෙස රාජ සම්මත කළේ කීර්ති ශ්‍රී රාජසිංහ
- (1747 - 1781) රජතුමාය. (මන්දාරම් පුවත)

මල්වතු පාර්ශ්වයේ අනුනායක ධුරන්දර අපවත්වී වදාළ අඹන්වැල්ලේ ශ්‍රී පඤ්ඤාසේකර හිමිපාණෝ දැනට දශක කීපයකට පෙර රාවණ රජුගේ නොදිරන දේහය නුවරඑළිය කඳුකරයේ ඇති බැව් පුවත්පත් ලිපියකින් හෙළිදරව් කළහ. එයට ප්‍රතිචාර ලෙස "රාවණ කෙප්පය" මැයෙන් මහාචාර්ය පරණවිතාන මහතා එම ලිපියට විරෝධය පළකර ඇත.

කතළුව අටදානවත්ත වලව්වේ රාජකීය පණ්‌ඩිත දොන් කොන්ස්‌ටන් ඔබේසේකර නමැති මේ ලියුම්කරුගේ ඥාතියා රාවණ රජු ගැන මෙසේ කියා ඇත.

රාවණ               ඇත්තා
හෙළ දැයේ      මී මුත්තා
දස බලය            ඇත්තා
ලොවේ මහ වික්‌ මැත්තා

(අමුද්‍රිත කවි එකතුව - 62 වැනි පද්‍යය) අපවත් වී වදාළ බද්දේගම විමලවංශ අනුනායක හිමිපාණෝ සිළුමිණ 1991 නොවැම්බර් 17 පත්‍රයට සපයා ඇත දීර්ඝ ලිsපියේ එක්‌ කොටසක්‌ ද මෙම ලිපියට ඇතුළත් කරන්නේ යක්‍ෂයන් කවුරුන්දැයි අවබෝධ කර ගැනීම පිණිසයි.

"දම්පියා අටුවාව ආදී පොත් යක්‍ෂ ජනතාව හඳුන්වා දී ඇත්තේ හෙළ යන නමිනි. දම්පියා අටුවාවේ පැහැදිලිවම කියන්නේ මෙරට ආදි ජනතාව හෙළයන් බවය. යක්‍ෂ, නාග දෙපිරිසම කතා කළේ හෙළ බසිනි. කුවේර නමින් සිටියේ යක්‍ෂ නායකයෙකි".

රාවණ රජුගේ වැඩිමහල් සොයුරු කුවේර ගැන දම්පියා අටුවාව පිළිගනී නම්, කුවේරගේ මලණුවන් වූ රාවණ පිළිනොගන්නේ ඇයි? යක්‍ෂ, නාග, දේව, ගන්ධබ්බ ආදී සිව් මහ ගෝත්‍රිකයන් මිනිස්‌ පිරිසකි. ඔවුන් මේ රටේ උරුමක්‌කාරයෝය.

ශ්‍රී ලංකාවේ හිටපු ඇමැතිවරයෙක්‌ වූද කථානායකවරයෙක්‌ වූ ද ගරු වි.ජ.මු. ලොකුබණ්‌ඩාර අධිනීතිඥතුමා රාවණ ගැන මෙසේ පවසා ඇත. "රාවණ කියන්නේ ඉතා හොඳ පූජනීය කෙනෙක්‌. එසේ මෙසේ කෙනෙක්‌ නොවේ. "අර්ක ප්‍රකාශ" වැනි වෛද්‍ය ග්‍රන්ථ එතුමා රචනා කළා. "ශිව තාණ්‌ඩව ස්‌ත්‍රොaත්‍ර" වැනි ග්‍රන්ථ එතුමා රචනා කළා. අපි සැබැවින් ද ආර්යයෝ මුටසීව රජතුමා ත්‍රී මූර්තියට සැලකුවේ.
- (හැන්සාඩ් - 1981 ජූලි 24 - පී. 1284)

හෙළ හවුලේ නායක ගුරු දෙවි කුමාරණතුංග මුනිදාස සූරීන් රාවණ චරිතය බහුමානයෙන් විමර්ශනයට ලක්‌කළ අග්‍රගණයේ පඬුවෙකි. අලවි ඉසි සැබිහෙළයෝ ද, කුමරතුඟු ගෝල බාලයන් වූ මහා කවි රැපියල් තෙන්නකෝන්, මහානාම දිසානායක, ජයන්ත වීරසේකර, අරිසෙන් අහුබුදු ආදී විද්වතුන්ගේ සම්භාවනාවට රාවණ රජතුමා ලක්‌ වූ බැව් අපි දනිමු.

රාවණාගේ පරපුර

මහා බ්‍රහ්මයාගේ පුත් පුලස්‌ථි සෘෂිවරයා රාවණ පරපුරේ ආදී පුරුෂයා ලෙස රාමායණය ඇතුළු මූලාශ්‍ර රැසක සඳහන්ව ඇත.

මෙම පිරිස යක්‍ෂ, නාග, දේව, ගන්ධබ්බ ආදී සිව් මහ හෙළයන් සම්මිශ්‍රණය වූ පරපුරක්‌ ලෙස සිතිය හැක. එම කාලයේ ලක්‌දිව - සිංහලේ කුලභේදයක්‌ නොතිබුණු බවට අපමණ සාක්‍ෂි ඇත.

මෙහි ඉහත සඳහන් සිව් කුලයටම සමාන පිළිගැනීමක්‌ තිබිණි. සතර වරම් දෙව් සංකල්පය ඊට නිදසුනකි.

උතුරු දේශයට අධිපති වූයේ යක්‍ෂ ගෝත්‍රික වෛශ්‍රවණය. යක්‍ෂ, නාග, දේව, පිසාච ගෝත්‍රිකයන් ලක්‌දිව විසූ බැව් මහාවංශයට සිය වසකට පෙර ලියන ලද දීපවංශයේ සඳහන්වේ.

(ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය - පිටු( 09)

උත්තරංච දිසං රාජා
සෝ යක්‌ඛාධිපති යසෝ
වෙස්‌සවන්ණෝ මහාරාජා
ඉදං පුඤ්ඤාණු මෝද තු

කුම්භාණ්‌ඩ හෙවත් දකුණට අධිපති දේව ගෝත්‍රික වරුළයට වන්දනා කිරීම(

දක්‌ඛංච දිසං රාජා
කුම්භාණ්‌ඩාධිපති යසෝ
විරුළ හෝ දේව රාජා
ඉදං පුඤ්ඤාණු මෝද තු

ගන්ධබ්බ ගෝත්‍රයට අයත් ධෘතරාශ්ට්‍ර නැගෙනහිරට අධිපතියාය.

පූරි මංච දිසං රාජා
ගණ්‌ධබ්භාධිපති යසෝ
ධත රට්‌බෝ දේව රාජානඃ
ඉදං පුඤ්ඤාණු මෝද තු

පශ්චිම දිසාවේ අධිපති ධුරය හිමිවූයේ විරූපාක්‍ෂයන්ටය. ඔහු නාග ගෝත්‍රිකයෙකි.

පංච මංච දිසං රාජා
සෝ නාගාධිපති යසෝ
විරූපක්‌ඛෝ දේව රාජා
ඉදං පුඤ්ඤාණු මෝද තු

දහම් එළිය - පිටු 216, 217 කපුගම්පොත ආනන්ද මෛත්‍රිය හිමි)

මහා බ්‍රහ්මයාට දරුවන් 13 කි. එයින් තිදෙනෙක්‌ ඉතා ප්‍රසිද්ධියට පත්වී ඇත. එනම් මරිචි, මනු සහ පුලස්‌ථිය. මරිචිගේ පුත්‍රයා කසිපර්ය. කසිපර්ගේ දරුවන් වූයේ ඉන්ද්‍ර, වරුණ සහ සූර්යයාය. සූර්යයාගේ පුත්‍රයා සමය.

මනුට ප්‍රජාපතී නම් පුතෙකි. ප්‍රජාපතීට අග්නි, වායු සහ සෝමබන්දු නම් පුතුන් තිදෙනෙකි. පුලස්‌ථිගේ බිරිඳ දේව වංශික දේවවරුණීය. පුලස්‌ථිගේ පුත්‍රයා විශ්‍රවස්‌ය. විශ්‍රවස්‌ගේ පුත්‍රයා කුවේර හෙවත් විශ්‍රවස්‌මුණිය. විශ්‍රවස්‌මුණිගේ දෙටු පුත්‍රයා ද කුවේරය.

ලෝකයේ අට දිශාව පාලනය කළේ මෙම පිරිසය. කුවේර ලෝකයේ උතුරු දෙසද, යම දකුණු දෙසද, වරුණ බස්‌නාහිර ද, චන්ද්‍ර ගිණිකොන ද, සූර්ය ඊසාන දෙස ද ආරක්‍ෂකයන් වූහ. (Rawana The Great - p.14)

කුවේර හෙවත් විශ්‍රවස්‌මුණි කාන්තාවන් සිව් දෙනෙක්‌ සමඟ විවාහ වී ඇත. එනම් පුශ්පෝත්කටා, කාලයී, සුමාලින් යක්‌ රජුගේ දියණියන් වූ කේකසී (කේසනි) දේව වංශික කුමරියක්‌ වූ පුලස්‌තිගේ බිරිඳ ද දේව වර්ණ නමින් යුත් කුමරියක්‌ වීම විමසා බැලිය යුත්තකි. මෙම විවාහ සම්බන්ධතා නාම විවිධ මූලාශ්‍රවල පරස්‌පර විරෝධී බැව් කිව යුතුය. විශ්‍රවස්‌මුණි හෙවත් කුවේරගේ පළමු බිරිඳ වූ පුෂ්පොත්කටා කුමරියට දරුවන් පස්‌ දෙනකි. එනම් කර්ණ, මහෝදරී, මරච, ප්‍රපාට්‌නි සහ කුම්භිනාසිය. තෙවැනි බිරිය කාලි, තිරිසර, දූෂනන්, විද්සුන් සහ සිවුක යන දරු සිව්දෙන ලැබුවාය. තෙවැනි බිරිය ව කෙකසී රාවණ, කුම්බකරණ, සුපර්නිකා සහ විභීෂණ ලැබුවාය. කුවේර හෙවත් විශ්‍රවස්‌මුණි රජුට ඉලවිලා නමින් බිරිඳක්‌ද සිටි බැව් ඇතැම් මූලාශ්‍රවල සඳහන් විය.

විභීෂණ නාග ගෝත්‍රික මාලනී කුමරියගේ පුත්‍රයා යෑයි ආරියදාස සෙනෙවිරත්න සූරීන් කියයි.

(ශ්‍රී ලංකා රාවණ රාජධානිය - පි.)

රාවණයින්ගේ මෑණියන් වූ කේසිණි අයත්වන්නේ යක්‍ෂයාගේ පරපුරටයි. එම යක්‍ෂ ද මහා බ්‍රහ්මයාගෙන් පැවතෙන්නකි. මෙම යක්‍ෂ හා රාක්‍ෂ ගෝත්‍ර දෙකම පැවතෙන්නේ මහා බ්‍රහ්මයාගෙන් බැව් සකු සාහිත්‍යයේ දැක්‌වේ.

හේටි සහ ප්‍රහේටි නමින් පුතුන් දෙදෙනෙක්‌ යක්‍ෂව සිටියහ. කාලගේ සොයුරියවූ පායාසි විවාහ වුණේ හේටි සමගය. විද්යුත්කේස විවාහවුණේ සාලා සමගය. සුකේසන් ඔවුන්ගේ පුත්‍රයාය. සුකේසන් දේවවතී සමග විවාහයෙන් පුතුන් තිදෙනෙක්‌ ලැබූ අතර, ඔවුන් මාල්‍යවන්, සුමාලීන් හා මාලී වූහ. සුමාලි කේතුමතී හා විවාහයෙන් ප්‍රහත, දණ්‌ඩක, දුර්මුඛ, කයිකේසී, පුශ්පොත්කටා සහ කුම්බිනාසී වූහ. රාවණ මෑණියන් වූ කයිකසී සුමාලි දියණියයි. විශ්‍රවස්‌මුණිගේ තවත් බිරිඳක්‌ වූ පුශ්පෝක්‌කටා ද සුමාලි රජුගේ දියණියකි. මාලි වාසුතා සමග විවාහ වූ අතර නීල, අනිල, හර, සම්බපති ආදීන් දූ පුතුන් වූහ. විශ්‍රවස්‌මුණි - කයීකසී පුත් රාවණ විවාහ වුණේ විශ්ව කීර්තියට පත් ගෘහ නිර්මාණ ශිල්පී මයදානවගේ දියණිය වූ මන්දෝදරී සමගය. එම විවාහ දිනයේ මනාලියට දායාද වශයෙන් මයදානවගේ මහ බලැති ත්‍රීශූලය රාවණාට දායාද කළේය. ඓතිහාසික සීගිරිය මාළිගා බල කොටුවේ වාස්‌තු විද්‍යාඥයාද මයදානව බැව් "රාවණ කථා" පුස්‌කොළ ග්‍රන්ථයේ ඇත.

මේ අනුව විමසා බලන කළ රාවණගේ පරපුර ලංකාවේ පමණක්‌ නොව මුළු මහා භාරතයේ ද පීරු රාජ්‍යයේ සහ ග්‍රීසියේ ද පැතිර ඇති බවට හේතු සාධක මූලාශ්‍ර අපමණ ඇත. මෙම පරපුරේ නම්වලට සමාන ගෝත්‍ර නම් ශ්‍රී ලංකාවේ අපමණ ඇත. මහා භාරතයේ ද, ගී්‍රසියේ ද ඇත. රවුළු ගේ, හේවා රවුළු ගේ, රවුළු හේවාගේ රාවණගේ ආදී නම් වාසගම් දකුණු පළාතේ මාතර දිස්‌ත්‍රික්‌කයේ දැකිය හැක. රාවණ යනු අදත් අප අතර පවතින මහා බලවේගයක්‌ ඇති මහා පුරුෂයෙකුගේ ශ්‍රී නාමයකි. දශරථ රජු ඉන්දීය රාජාවලියේ ප්‍රබල වීරයෙකි. රාවණ රජතුමා දශරථ රජුගේ සමකාලිකයෙක්‌ වන අතර මිසරයේ ශත අප්රා රජුගේ ද චීනයේ චාහොව් රජුගේ ද සමකාලීනයෙක්‌ බැව් හිටපු පුරා විද්‍යා කොමසාරිස්‌ ඇම්. ඩබ්. සිරිසෝම මහතා පවසා ඇත. (සිළුමිණ 1991 ජූනි 16)

රාවණ රජතුමා ලාංකිකයෙක්‌ නොව ඉන්දියානුවෙක්‌ යෑයි ද, රාවණගේ ප්‍රදේශය ඉන්දියා මධ්‍ය ප්‍රදේශයේ පිහිටි ලංකා නමැති ගම යෑයි එච්. ඩී. සන්කිලියා පවසා ඇත. (Rawana's Lanka not Sri Lanka - The Sunday Times
of Sri Lanka - 1988. 06. 28) නමුත් රාවණගේ රට වත්මන් ශ්‍රී ලංකා හෙවත් සිංහලේ බව, රබීන්ද්‍රනාත් තාගෝර්, සර්වපල්ලි රාධ ක්‍රිෂ්ණන්, බී. ඇල්. බෂාම්, ආර්. සී. චිල්ඩර්ස්‌, මොනියර් විලියම්ස්‌, ඇම්. වින්ටර්නිව්ස්‌, සර් පොන්නම්බලම් අරුණාචලම්, ගුරුදෙවි කුමාරණතුංග මුනිදාස, රැපියල් තෙනනකෝන්, ආචාර්ය ඇනස්‌ලි හර්මන් මිරැන්ඩෝ, අරිසෙන් අහුබුදු ආදීන් පිළිගෙන ඇත. රාමායනය ලිවීමට දශරථ ජාතකය මූලාශ්‍ර වී ඇතැයි එක්‌ මහාචාර්යවරයෙක්‌ පවසා තිබේ. ජාතක කථා පොත ලිවීමට වසර දස දහස්‌ ගණනාවකට පෙර රාමායණය ලිය වී ඇති බැව් ඔහුට මතක්‌ කළ යුතුය. ලංකාවට නම් තිහක්‌ පමණ ඇති බැව් පැරණි මූලාශ්‍ර අනුව පෙනේ. නමුත් "ලංකා" නාමය හා සිංහලේ ඒ අතර වඩාත් වැදගත් වනු ඇත.

ලංකා නාමය යෙදී ඇත්තේ "ලක්‌ගල" ප්‍රධාන ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයේ සූර්ය උදාව ප්‍රමුඛ අනිත් ග්‍රහ තරු ගැනීමට ඉතා පහසු ස්‌ථානය ලග්ගල වූ බැවින් ලක්‌ගල නාමය මුල්කොට "ලංකා" නාමය බිහිවී ඇතැයි "රාවණ කථා පුස්‌කොළ ග්‍රන්ථය" කියයි.

පුලතිසි රුසිවරුයා ලැග සිටිය         ගල
යක්‌ විරුවන් ගරුත්වෙන් හිස නැමූ ගල
දිවා රැයේ පුලතිසි පුර පෙනෙන      ගල
ලක්‌ගල වාසනාවන් මේ තෙදැති     බල
- (ප්‍රාග් ඓතිහාසික උරුමය පි. 113)

ප්‍රාග් ඓතිහාසික යුගයේ ලක්‌දිව බෙහෙවින් කුරුඳු වගාව ජනප්‍රිය වී තිබුණ හෙයින් "සිංහලේ" යන නම ලැබී ඇතැයි ප්‍රකට විද්වතෙක්‌ වූ ආචාර්ය ඇනස්‌ලි හර්මන් මිරැන්ඩෝ කියයි.
- (සිංහලයන්ගේ මූලාරම්භය - පි. 19)

සිංහලයෝ ඉන්දියාවෙන් සංක්‍රමණය වූවන් නොව ඔවුන්ගේ ප්‍රභවය මේ රටේම සිදුවූ රටේ නම වන සංස්‌කෘත භාෂාවෙන් කුරුඳුවලට නම වූ සිංහල - සීහල (පාලි), හෙළ (සිංහල) නමලත් ජාතියට අයත් වූහ. පුරාණයේ කවියන් විසින් මන්ද මාරුතය සහ මුසුවන, මුසු වී පැතිරෙන කුරුඳු ශාකවල සුවඳ වණනු ලැබුයේ ලංකාද්වීපය සම්බන්ධ කොට බැව් අපේ රටේ අද්විතීය මහා පඬුවෙක්‌ වූ ජේම්ස්‌ ද අල්විස්‌ මුදලිතුමා Cinnamon නමැති ශාස්‌ත්‍රීය ලේඛනයේ සටහන් කර ඇත. (Journal of the Royal Asiatic Society - p. 574 - mo 12 - 1860)

සකු බසින් කුරුඳු හැඳින්වෙන්නේ "සිංහල" යනුවෙන් බැව් සාරස්‌වතී නිගණ්‌ඩුවේ සහ අනිකුත් වෛද්‍ය ග්‍රන්ථවල සඳහන් වී ඇත. මේ අනුව විමසා බලන විට රාවණයන් ද සිංහලයෙක්‌ - හෙළයෙක්‌ මිස අන්‍ය ජාතිකයෙක්‌ නොවන බැව් තහවුරු වේ. තම්බපණ්‌න නාමය ද කුරුඳු දලුවලින් පැමිණි නාමයකි. (තඹවර්ණ දලු) විදේශීය වෙළෙඳපොළේ ඉහළම තැන තිබුණේ ලංකාවේ කුරුඳුවලට සහ මැණික්‌වලටය. (සිංහලයන්ගේ මූලාරම්භය - පි. 50)

රාමායන ඇන්ඩ් ලංකා ග්‍රන්ථයේ රාම මහෙන්ද්‍රාගිරි සහ ත්‍රිකුටයට ආසන්න සුවේල ගිරි අතර යොදුන් සියයක්‌ දිග පාලමක්‌ බැඳි බවත්, මේ පාලම මන්නාරමේ සිට රාමේශ්වරම් දක්‌වා තිබෙන ආදම්ගේ පාලම නොවන බවත් පරම සිව අයියර් ප්‍රකාශ කරයි. (පිටුව - 111) ඊට හේතුව ලෙස ඔහු කියා තිබෙන්නේ එම ප්‍රදේශයේ කඳු නැතිවීමයි. නමුත් එම ප්‍රශ්නයේදී පරම සිව අයියර්ට වැරදුන බැව් කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයේ ස්‌ටැන්ලි ගාඩ්නර් නම් විද්‍යාඥයාගේ සොයා ගැනීම්වලින් පෙනී යයි.

මාතලේ සිට වැලිගම දක්‌වා හිරිගල් කඳු හා ගල්පර තිබුණ බැව් සඳහන් කරන ගාඩ්නර් දඹුල්ලට ආසන්නව අඩි 700 ක්‌ පමණ උස්‌ හිරිගල් කන්දක්‌ දුටු බැව් පවසා ඇත. (J.S. GARDNER - Fauna and Geography Of
Maldives and Laccadives Archipelago - p. 19) යාපනය අර්ධද්වීපය සහ ඒ අවට දූපත් එදා හිරිගල් කඳු බවත් ඒවායේ පාෂාණ භූත තත්ත්වය තමන්ට දකින්න ලැබුණ බවත් පවසන ඔහු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ගොඩබිමෙන් සම්බන්ධව තිබුණ බවත්, ඈත අතීතයේ ලංකාව මාලදිවයින් සහ මැඩගස්‌කරය දක්‌වා පැතිරී ඇති බැව් ස්‌ටැන්ලි ගාඩ්නර් අවසන් වශයෙන් පවසා ඇත. (එම)

රාවණ යුගයේ ගුවන් යානා

රාවණ යුගයේ ගුවන් යානා රැසක්‌ අප රට තුළ තිබුණු බවට සාක්‍ෂි ඇත. විමන් නම් විශාල ගුවන් යානා ද බිමන් නමින් GLIDER වර්ගයේ කුඩා ගුවන් යානා ද, පාපැදි ගුවන් යානා ද, වායු පා යානාද, කන්දක සිට තවත් කන්දකට ගමන් කරන BLOCK ගුවන් යානා අප රට තුළ තිබී ඇත. (ශ්‍රී ල. රාජධානිය - පි. 108)

එදා මෙදා ගුවන් යානාවල වෙනස නම් මොගලිනික යුගයේ ගුවන් යානා සුළං හා සූර්ය බල ශක්‌තියෙන් ක්‍රියා කිරීමෙන් වන්නේ ගුවන් යානා සුපිරි වර්ගයේ ඉන්ධන බලයෙන් ක්‍රියා කිරීමත්ය. අප රටේ සෙල්ලිපි කිහිපයක එම ගුවන් යානාවල චිත්‍ර දැක ගත හැක. දූතක නම් වූ එම ගුවන් යානා නියමුවන්ගේ ප්‍රධාන ලෙන් ලිපිවල කොටා ඇත. (රාවණ අධිරාජයාගේ සංස්‌කෘතික උරුමය පි. 09)

බැබිලෝනියා ශිෂ්ටාචාරය ගොඩනැගීමට උපදෙස්‌ දුන්නේ, ගුවන් යානාවලින් පැමිණි සිංහ මිනිසුන් බැව් කියෑවෙන මැටි පුවරු 1996 අප්‍රේල් මස සොයාගෙන ඇත. වසර 5500 ක ඉතිහාසයක්‌ ඇති බැබිලෝනියාව ද කඩුව අතින් ගත් සිංහ රුව ලාංඡනයෙන් යුක්‌තව ඇත. සිංහ ශරීරය පියාපත් දෙක සහ මිනිස්‌ මුහුණ සහිත බැබිලෝනියානු ලාංඡනයේ පියාපත් ගුවන් යානය නිසාය. (සූරිය ගුණසේකර සාකච්ඡාව - දිවයින 2010. 08. 04) මෙම පුරාණ ගුවන් යානා රැසක චිත්‍ර "රාවණ කථා" පුස්‌කොළ ග්‍රන්ථයේ මා දැක ඇත.

සෙල්ලිපි

ජබල්පූර් හි ලංකා නම් කුඩා ගමක්‌ ඇත. එහි රාවණ දෙවොලක්‌ ඇත. එය ලංකාවෙන් සංක්‍රමණය වූ යක්‍ෂ ගොත්‍රිකයන් විසූ තැනක්‌ විය හැක. (රාවන්) රාවණගේ සෙල්ලිපි රැසක්‌ අද දක්‌වා නිරුපද්‍රිතව ඇත. එමෙන්ම රාවණගේ සෙල්ලිපි සියයක්‌ පමණ හරිහැටි කියවා නැත. රිටිගල සෙල්ලිපි රැසක්‌ කියවා නැත. සිව්මහ දමිළයන් හෙළ දිව පාලනය කළ යුගයේ 431 - 459 පස්‌මහ දමිළයන් රට පාලනය කළ යුගයේ ද, කාලිංග මාඝ (1213 - 1232) රට පාලනය කළ 440 - 454 යුගයේ ද, රාවණ සෙල්ලිපි විශාල ප්‍රමාණයක්‌ විනාශ කර ඇත. දැනට ඉතුරුව තිබෙන සෙල්ලිපි කීපයක්‌ මෙම විමර්ශන පත්‍රිකාවට එක්‌ කරමි.

රාවණගේ ශාස්‌ත්‍රීය සේවය

මහ රිසි පුලතිසිගේ මුණුපුරු වූ රාවණයෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහා ශාස්‌ත්‍රවන්තයෙකි.

සාම වේදය නමින් හඳුන්වන චතුර්වේදයේ එක්‌ කොටසක්‌ ලියා තැබීමෙන් රාවණගේ පාණ්‌ඩිත්වය මැනවින් පැහැදිලි වේ. ශිව තාණ්‌ඩව ස්‌ත්‍රොaත ලිවීමෙන් පමණක්‌ නොව එය රඟ දැක්‌වීමෙන් රාවණායෝ මහ කවියෙක්‌ මෙන්ම නර්තන විශාරදයෙක්‌ බැව් මුළු ලොවටම පෙන්වා ඇත. අර්ක ප්‍රකාශ, කුමාර තන්ත්‍ර, මඩ්ඩිසතන්ත්‍ර ආදී ග්‍රන්ථ ලිවීමෙන් හෝ වෛද්‍ය විද්‍යාවේ පරතෙරටම පැමිණියෙක්‌ ලෙස කිව යුතුය. ඔහු විනෝදය සඳහා ගිනි පෑගීම කළේය. ගිනි පෑගීමේ ශාස්‌ත්‍රය උපදෙස්‌ හා මන්ත්‍ර යන්ත්‍ර ඇතුළත් "අග්නි තන්ත්‍ර" ග්‍රන්ථය. රන්පත්වල ලියා තැබූ බැව් "රාවණ කථා" පුස්‌කොළ ග්‍රන්ථයේ සඳහන් වේ.

රාවණ හත්ථ "නමැති වීණාව ඔහුගේ නිර්මාණයකි. දැනට එම වීණාව උතුර සහ දකුණු ඉන්දියානු සංගීතඥයෝ භාවිත කරති. ජල තරංගය ද ඔහුගේ නිර්මාණයකි. මෙපමණ ප්‍රබල චරිතයකින් හෙබි රාවණයෝ 'කෙප්පයක්‌" ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාට පෙනුනේ මහ විහාරය ශ්‍රී ලංකාවේ මෞලිතික යුගයේ ශිෂ්ටාචාරය ගැන නිහඬ අවතක්‌සේරුවක්‌ කළ නිසා විය හැක.

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ ගවේෂණ ආරම්භ වූයේ ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු පසු බැව් අපි දනිමු. අපේ රටට නිදහස ලැබිමට පෙර යක්‍ෂ ගෝත්‍රික ප්‍රජාව හැඳින් වූයේ යකුන් DEVILS වශයෙනි. ආදීවාසීන් හැඳින් වූයේ "වැද්දන්" වශයෙනි.

එයට ප්‍රධාන හේතුව නම් විදේශීය මිෂනාරී අධ්‍යාපනයයි. සිංහල උගතුන් ද මුදලි මුහන්දිරම් තනතුරු රැකගනිමින් විදේශීය ගුරු උපදේශවලට හිස නැමූහ. ඒ අතර අපේ අතීතය, ශිෂ්ටාචාරය පිළිබඳ දැඩි ආදර භක්‌තියෙන් කටයුතු කළේ වාසල මුදලි ඡේම්ස්‌ ද අල්විස්‌ මන්ත්‍රීතුමා, මහ මුදලි ලුවී ද සොයිසා මැතිතුමා, මුහන්දිරම් කේ. එච්. ද සිල්වා, විජය ශ්‍රී වර්ධන මැතිතුමා, අධිනීතිඥ ඩොනල්ඩ් ඔබේසේකර මැතිතුමා සහ ජී. පී. මලලසේකර මහාචාර්යතුමා ඇතුළු කිහිප දෙනකි. අවසන් වශයෙන් කිව යුත්තේ රාවණ යනු රාක්‍ෂ - යක්‍ෂ ගෝත්‍රික මහත් වූ බලයක්‌ ඇති මිනිසෙකි.
ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර

මූලාශ්‍ර -

1. The Cultured Heritage of King Rawana.
2. Rawana - King of Lanka.
3. Journal of the Royal Asiatic Society.
4. Ramayanaya and Lanka.
5. The Sunday Tims.
6. Fauna and Geography of Maldives and
Laccadives Archipelago.
7. Rajatharangani.
8. The Gazeetter of Central Province - Lawrie.
9. විසුද්ධ මග්ග - පී. දේවානන්ද නාහිමි සංස්‌කරණය.
10. මන්දාරම් පුවත.
11. ප්‍රාග් ඓතිහාසික උරුමය - ඔබේසේකර.
12. රාවණ අධිරාජයාගේ සංස්‌කෘතික උරුමය.
13. රාමායනය - පී. එම්. පි. අබේසිංහ.
14. සිළුමිණ පත්‍රය.
15. රාවණ කථා පුස්‌කොළ ග්‍රන්ථය.
16. බටදඬු කඳුවැටියේ උරුමය.
17. කන්ද උඩරට සමාජ සංවිධානය - ඔබේසේකර.
18. හැන්සාඩ් - 1981 ජූලි.
19. සැළලිහිණි සංදේශය.
20 සිංහලයන්ගේ මූලාරම්භය - ආචාර්ය ඒ. එච්. මිරැන්ඩෝ.
21. දහම් එළිය - කටුගම්පොත ආනන්ද මෛත්‍රිය.
22. අමුද්‍රිත කවි එකතුව - පණ්‌ඩිත කොන්ස්‌ටන් ඔබේසේකර.
23. ශ්‍රී ලංකාදීප වර්ණනා - බී. එම්. ඔබේසේකර.
24. ශ්‍රී ලංකා රාවණ රාජධානිය - ආ. සෙනෙවිරත්න.
25. දිවයින පත්‍රය.

Thursday, January 22, 2015

විදෙස් නාවික සතුරන්ව මැඩලූ සිංහලයින්.......

 2015 ලෝක බලවතුන්ගේ ඇස් මවිත කරමින් විදෙස් නාවික සතුරන්ව මැඩලූ සිංහලයින්.

ඇමරිකානු නාවික හමුදාවට පවා හිසරදයක් වූ බටහිර ඉන්දීය සාගරයේ සෝමාලියානු මූදු කොල්ලකරුවන්ව සාර්ථකව මැඩලමින්, ශ්‍රී ලංකා නාවික විරුවන්ගේ වික්‍රමාන්විත මෙහෙයුමක් ගැනයි මේ කියන්න යන්නේ. ලෝක බලවතුන්ගේ ඇස් මවිත කළ එම මෙහෙයුම් නිසා "Sri Lanka" කියූ විට "ලෝක නාවික ආරක්ෂාවේ ප්‍රමුඛයා" ලෙස දිදුළන නමක් ලැබෙමින් තිබුණා. මූදු කොල්ලකරුවන් ශ්‍රී ලංකා ධජය රැගත් නැවක් අහලකටවත් යන්න බිය වුණා.

ඔබට මතක ඇති මීට අවුරුදු කීපයකට පෙර දිගින් දිගටම සෝමාලියානු මූදු කොල්ලකරුවන් විසින් බටහිර ඉන්දීය සාගරයේ නැව් කොල්ල කන බව ප්‍රවෘත්ති වල නිතර කිව්වා. නමුත් හිටි ගමන්ම එම කොල්ල කෑම් අඩු වුණා. එලෙස කොල්ලකරුවන්ව මැඩලා ලෝක නාවික අරක්ෂාව තර කළේ අපේම රටේ නාවික රණවිරුවන් විසින් කියලා ඔබ දැන සිටියාද?

ආගමට ජාතිය‍ට බ‍ොලොග් අඩවියෙන් මේ කියන්න යන්නේ ඉතිහාස කතාවක් නොවුණත් ඉතිහාසයේ පුංචි කාරණාවක් මුලදිම මතක් කරන්නම්. සිංහලයින් තම මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් විදෙස් සතුරන්ව මැඩලූ බවට සිංහල ඉතිහාසයේ අවසන් වතාවට වාර්තා වෙන්නේ ක්‍රි.ව. 1123-1186 කාලෙදියි. මහා පරාක්‍රමබාහු රජතුමා මියන්මාරය සහ දකුණු ඉන්දියානු සොළීන්ව නැව් දහස් ගණනන සිංහල සේනාවක් සහිතව ආක්‍රමණය කිරීමයි. එසේ ආක්‍රමණය කළේත් අප රටට වූ හානියක් වෙනුවෙන් වන්දි ලබා ගනීමට විනා විදෙස් රටවල් කොල්ල කෑමට නොවෙයි. මුළු රටම මූදෙන් වටවූ දේශයක පැවතුණු ජාතියක් වශයෙන් මූදු ගමන් යාම මූදුකර සිංහලයින්ගේ ජාන වල කිඳා බැහැලා තිබෙනවා. පසුකාලීනව මෙවන් ගීත තැනුනේත් එනිසා. ඒත් උතුම් බුදු දහමින් ලද පහස නිසා අපේ රටේ මිනිස්සු අර නෝමන්ඩි වරුන් මෙන් විදෙස් රටවල් හෝ විදෙස් නැව් කොල්ල කන තත්ත්වයට පත් වුණේ නෑ.

2010 වගේ කාලේ වෙන විට සෝමාලියානු මූදු කොල්ලකරුවන් ලෝකයටම හිසරදයක් වෙලයි තිබුණේ. කොච්චරද කියනවානම් අරාබි අර්ධද්වීපයට ආසන්න සාගරයේදී ශ්‍රී ලංකා නාවිකයින්ව පවා පැහැර ගනිමින් කප්පම් ඉල්ලන්න පටන් ගත්තා. මේ තියෙන්නේ තවත් ප්‍රවෘත්තියක් විතරයි. ඔය වගේ සිදුවීම් ගණනාවක් වෙද්දී ශ්‍රී ලංකා රජයට අප රටේ නාවිකයින්ව බෙරා ගන්න සෝමාලියානු මූදු කොල්ලකරුවන් සඳහා විශාල මුදලක් කප්පම් වශයෙන් ගෙවන්න වෙන්න ඇති. මෙලෙස කප්පම් ගෙවන්න වීම අපේ රටට දරා ගන්න බැරි පාඩුවක්.

ඉහත සිතියමේ දැක්වෙන්නේ පසුගිය කාලයේ සමස්ත ලෝකයේම සිදුවූ නාවික කොල්ල කෑම්. මෙහිදී සාමාන්‍ය ධීවර බෝට්ටු වල සිට ඩොලර් බිලියන ගණන් වටිනා නැව් අයත් වෙනවා. වැඩිපුරම සිදුවුණේ අරාබි මුහුද ආශ්‍රිතව. මේවා මැඩලීමට අරාබි, යුරෝපා, පකිස්තාන්, ඉන්දීය නාවික හමුදාවන්ට තියා ලොව ප්‍රබලතම හමුදාවක් ලෙස සැලකෙන ඇමරිකානු නාවික හමුදාවටවත්ත් නොහැකි වෙලයි තිබුණේ. එසේම නැව් වලට යවන එකී රටවල සී මාර්ශල් වරුන්ගෙන් ඵලදායී සේවයක් ඉටු වුණේ නෑ. ඊට හේතු තිබුණා...

1. හොලිවුඩ් චිත්‍රපට වලින් ලෝකයට පෙන්වන සුදු ජාතික සොල්දාදුවන් ජීවිතය පරදුවට තියලා රට වෙනුවෙන් දිවි පුදන බවක් පෙන්නුවත් සත්‍ය ලෝකයේදී ඔවුන් පුදුමාකාර ලෙස බියගුළුයි. වැඩිය ඕන නෑ පසුගියදා කැනඩා පාර්ලිමේන්තුවට එල්ල වූ ප්‍රහාරයේදී එහි සිටි විශේෂ හමුදා භටයින් පන කඩාගෙන දුවන හැටි මෙතනින් බලන්න. ඉතින් සුදු ජාතික සොල්දාදුවන් කාල බීල සැපට ඉන්නවා මිස මූදු කොල්ලකෑම් වැනි ක්ෂණික ගරිල්ලා ප්‍රහාර වලට සහ "Close Combat" වලට මුහුණ දීමට සුදුසු නෑ. ඔවුන් අරාබි රටවල සටන් කරන්නේ තනිකරම ඩ්‍රෝන් ප්‍රහාර කිරීම මගිනුයි.

2. ඊගාවට ඇමරිකන් සහ යුරෝපීය කළු ජාතික හමුදා භටයින් සටනේදී දක්ෂ වුවද ඔවුන්ගේ විශ්වාසනීයත්වය පිළිබඳව ප්‍රශ්නයක් බටහිර රටවල් වලට තියෙනවා. මොකද කියනවානම් සෝමාලියානු මූදු කොල්ලකරුවන්ද කළු ජාතිකයින් වීමයි. ඉතින් ඩොලර් බිලියන ගාණන නැවක් මූදු කොල්ලකරුවන් අත් පත් කරගනිද්දී ඔය කළු ජාතික සී මාර්ශල් ලා වෙනම ඩීල් ගැසීම් වාර්තා වී තිබෙනවා.

3. ඊගාවට අප්‍රිකානු හමුදා භටයින්ට අදාලවත් තියෙන්නේ ඉහත 2 කාරණාවයි.

4. අරාබි / පකිස්ථානු හමුදා භටයින්ගේ ආගමත්, මූදු කොල්ලකරුවන්ගේ ආගමත් එකම නිසා ඔවුන් මගිනුත් වැඩි දෙයක් සිදුවන්නේ නෑ. ඔවුන් කරන්නේත් අන්‍යාගමිකයන්ගේ නැව වෙනුවෙන් දිවි පරදුවට තියා සටන් නොකර, එය තමන්ගේ ආගමික මූදු කොල්ලකරුවන්ට අත් පත් වෙන්න ඩීල් ගහන එක.

ඉහත දැක්වෙන්නේ ඉන්දීය සාගරයේ නැව් කොල්ලකෑම් අතින් අවදාන කලාපය.
  මේ කලාපයේ ආරක්ෂාව දැඩි අනතුරක තිබූ අතර, වරින් වර USS Bulkeley වැනි ප්‍රහාරක නැව් පැමිණියත්, දියාගෝ ගාසියා නැමැති ඉන්දියන් සාගරයේ ඇති බ්‍රිතාන්‍ය කඳවුරෙන් ආරක්ෂාව ලබා දුන්නත් එය ප්‍රමාණවත් වුණේ නෑ.

2011 මුල් භාගයේ දිනෙක මෙම ලෝක ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් එවකට ශ්‍රී ලංකා ජාතික ආරක්ෂාවේ මහ බලවතෙක් තම මූලස්ථානයේ දැඩි කල්පනාවක නියැලෙමින් සිටියා. ඔබ දන්නවා ඒ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායම මර්දනය කරලා තිබුණේ. ඔහුගේ ඉලක්කය වූයේ ශ්‍රී ලංකා නාවික හමුදාව යොදා ගනිමින් මෙම සෝමාලියානු මූදු කොල්ලකරුවන්ව මැඩීම. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාවට තිබෙන සම්පත් සහ අභියෝග ආදිය (SWOT) පිළිබඳව ඔහුගේ ඔළුවේ වැඩ කරන්න පටන් ගත්තා.

මරාගෙන මැරෙන බෝට්ටු වලින් ආපු කොටි ත්‍රස්තවාදීන්ට, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා හමුදාව සාර්ථකව මූන දී තිබුණා. ඉතින් ඊට වඩා බියසුළු ආකාරයේ ගරිල්ලා ප්‍රහාර එල්ල කරන සෝමාලියානු කොල්ලකරුවන්ව මර්දනනය කරන්න අපේ වීරෝදාර නාවික භටයින්ට හොඳින් අත්දැකීම් තිබුණා. කුඩා බෝට්ටු යොදා ගනිමින් නාවික සංග්‍රාම කිරීමේ දක්ෂතාවයෙන් ලෝකයේ තවමත් අංක 1 ට ඉන්නේ ශ්‍රී ලංකා නාවික රණවිරුවන්. ඒ වන විටත් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යම් සීමාවන්ට යටත්ව නාවික ආරක්ෂාව සැපයූ අතර මසකට රටට ලැබුණේ ඩොලර් මිලියන 8 ක් විතරයි. මෙය වැඩිදියුණු කරමින් කරන් ගියොත් අපේ රටට මහා ධනස්කන්ධයක් උපයාගත හැකි වෙනවා.

නමුත් සෝමාලියානු කොල්ලකරුවන්ව මැඩීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට සෘජුවම කටයුතු කළ නොහැකියි. ඊට හෙතු වුණේ මෙන්න මේවා.

1. ශ්‍රී ලංකා නාවික හමුදාව කියන්නේ ජාතික ආරක්ෂක අංශයක් මිස ලාභ ලබන ආයතනයක් නොවෙයි. ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි, ලෝකයේ බොහෝ පිළිගත් හමුදාවන්හි නීති අනුව ආයුධ කටයුතු යොදාගෙන ව්‍යාපාර වල යෙදෙන්න බෑ. එලෙස නීති සැකසී තිබෙන්නේ හමුදාවේ එකම් අරමුණ ජාතික අරක්ෂාවට සීමා කිරීමටයි.

2. ජාත්‍යන්තර මූදු නීති අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවට අපේ රටේ මූදු කලාපයෙන් එහාට යන්න අවසර නෑ.

3. යම් හෙයකින් ශ්‍රී ලංකා හමුදාවෙන් මූදු කොල්ලකරුවන්ව මැඩීමට ගොස් වෙනත් රටක දේපළකට හෝ ජීවිතයකට හානි වුවහොත් එය අන්තර්ජාතික අර්බුදයක් බවට පත් වෙන්න පුළුවන්.

4. ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාන්විතයකට යනවානම් එහිදී සේනාධිනායක තුමාගේ අවසරය අවශ්‍ය වෙනවා. එසේ වූ විට ක්ෂණිකව ක්‍රියාන්විත වලට යෑම සිදුකිරීමට නොහැකියි.

5. ජාත්‍යන්තර මුහුදේ සහ නෞකා මාර්ගවල ගමන් කරන වෙළඳ නෞකා වලට ආරක්ෂාව පිණිස, ඒවා ලියාපදිංචි කළ රටවල හමුදාවන්ට හැර වෙනත් හමුදාවකට ගමන් කළ නොහැකියි. ඒ සදහා ජාත්‍යන්තර අවසර තියෙන සමාගම්වලට පමණයි එම සේවය දෙන්න පුළුවන්.

ඔන්න ඔය ප්‍රධාන කාරනා කීපය නිසා අපේ ශ්‍රී ලංකා නාවික හමුදාවට සෝමාලියානු මූදු කොල්ලකරුවන්ව මැඩීමට නොහැකි බව ඔබට දැන් තේරෙනවා ඇති.

එනිසා සේනාධිනායක තුමා ප්‍රධාන ශ්‍රී ලංකා ආරක්ෂක මණ්ඩලයේ අවසරය සහිතව 2011 ජූනි 24 දින Avant Garde Maritime Services (Pvt) Ltd පිහිටුවනු ලැබුවා. එහි වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න. මෙය ශ්‍රී ලංකා රජයට අයත් ආරක්ෂක ව්‍යාපාරයක් (Sri Lanka Government owned business) වන Rakna Arakshaka Lanka Ltd සමග සමූහ ව්‍යාපාරයකට එලඹුණා. (දැන් රක්නා ආයතනයේ කලමනාකරනය සිදුවන්නේ ආරක්ෂක ලේකම් යූ.ඒ.ඩී බස්නායක මහතා විසිනුයි.)

ලෝකයේ බොහෝමයක් සර්ථක නාවික ආරක්ෂක අංශ වන්නේ "සමාගම්". ඉතිහාසය දෙස බැලුවොත් අට වසර පාසල් දරුවෙක් පවා දන්න අපේ රට ආක්‍රමණය කරපු "පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම" යනුත් සමාගමක්. වර්තමානයේ ලොව සුපතල ආරක්ෂක අංශ ලෙස කිරුළු පැළඳි Lockheed Martin, Raytheon, Boeing, General Dynamics, BAE ආදී සියල්ලම ඇවන්ගාඩ් සේම කිසියම් රජයක අධීක්ෂණය යටතේ පවතින පෞද්ගලික සමාගම්.

බටහිර ඉන්දීය සහ අරාබි බොක්ක ආශ්‍රිත නාවික ආරක්ෂාව පිණිස සේවා සැපයීම ඇවන්ගාඩ් ආයතනය මගින් සිදුවුණා. ඉහත සිතියමේ දැක්වෙන්නේ එලෙස අපේ ලක් පුතුන් ලෝකයටම ආරක්ෂාව ලබා දුන් මූදු මාර්ග. ශ්‍රී ලංකාවේ සුවිශේෂී භූගෝලීය පිහිටීම එයට පහසුවක් වුණා. ඇවන්ගාඩ් ආරක්ෂක ආයතනයේ මෙහෙයවීම සිදුවූයේ හිටපු කීර්තිමත් හමුදා නිලධාරියෙක් වන නිශ්ශංක සේනාධිපති මහතා විසිනුයි.

ලොව දරුණුතම නාවික ත්‍රස්තවාදීන් ලෙස කුප්‍රකට වූ, මූදු කොටි බලකාය සහමුලින්ම මර්දනය කිරීමට නායකත්වය දුන් හිටපු නාවික හමුදා ප්‍රධානීන් රැසක් ස්වෙච්ඡාවෙන්ම ඇවන්ගාඩ් ආයතනය වටා එකතු වුණා. ඒ අතර හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඩී ඩබ්ලිව් ඒ එස් දිසානායක මහතා උපදේශකවරයෙක් ලෙස එහි සිටින අතර නම් සඳහන් කළ නොහැකි සෙන්පතියන් රැසක්ම එයට එකතු වී සිටිනවා. ඔවුන්ගේ නාවික අත්දැකීම් ලබා ගැනීමට බටහිර රටවල් වලින් වාරිෂික ඩොලර් මිලියන ගණන් කොන්ත්‍රාත් පදනමට බඳවා ගන්න පොරකද්දී, අඩු වැටුපට ඇවන්ගාඩ් වටා ඔවුන් එකතු වූයේ, දිවි පරදුවට තියා රැක ගත් ආදරණීය මාතෘ භූමිය, ලෝකයේ මහා බලවතෙක් බවට පත් කළ හැකි බව දැනන් හිටපු නිසයි.

රුපියල් හතලිස්දාහක වගේ වැටුපට නාවික හමුදාවේ හිටපු අපේ කොල්ලන්ට ඇවන්ගාඩ් එකෙන් රු. ලක්ෂකයට එහා වැටුපක් ලැබෙන්න ගත්තා. විශේෂත්වය වුණේ රු. හතළිස්දාහ වැටුප රජය විසින් ගෙව්වේ රටේ ජනතාවගේ බදු මුදලින්. ඒත් අර රු. ලක්ෂයකට එහා වැටුපක් ලැබුවේ ඇවන්ගාඩ් ආයතනය විදේශ නැව් වලට ආරක්ෂාව ලබා දී උපයන විදේශ විනිමය වලින්. මේ ආකාරයෙන් සොල්දාදුවන් 8500 ක් සුපිරි වැටුපට රැකියාවන් ලැබුවා.

ඇවන්ගාඩ් ආයතනය විසින් සී මාර්ශල් වරුන්ට ලබා දෙන ආයුධ ගොඩබිම තැබීම රටට අනතුරුදායක් නිසා ඒවා ගබඩා කර තැබූයේ මූදේ නැවකයි. එහි ආරක්ෂාව මෙහෙයවූයේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්. සෝමාලියානු කොල්ලකරුවන් ඇතුළු විදේශ සතුරන්ගෙන් එම ආයුධ රැක ගත යුතු නිසා එම නැව රාජ්‍ය රහසක් ලෙස තබා ගත්තා.

මේ නැව ගබඩාවක් හා නැවතුම් පොලක් විදිහටයි තියාගන්නෙ. ගල්ෆ් ඔෆ් ඒඩන් සහ රතු මුහුද හරහා යන මේ සමාගම් වලින් ආරක්ෂාව ගන්නා නැව් වලට ආයුධ සන්නද්ධ ආරක්ෂකයින් උපරිමය 4 කට යටත්ව ගාල්ලෙන් නැව්ගත වෙනවා. ආපහු අවදානම් කලාපෙන් පස්සෙ නැවෙන් බහිනවා. ඒ කෙලවරෙත් මේ වගේ තවත් නැවක් ස්ථානගත කරලා තියෙනවා. කාලයක් "ලංකා මහපොල" කියන නැව මේ සඳහා රතු මුහුදේ ස්ථාන ගත කරලා තිබුණා.

ඉන්දීය සාගරයේ ගමන් කරන විදේශ නැව් වලට ආරක්ෂාව ඇවසි වූ විට ඇවන්ගාඩ් ආයතනයෙන් ආරක්ෂාව ඉල්ලීම එන්න එන්නම වැඩි වුණා. එහි සේවය කළ විශ්‍රාමලත් ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට සටන් බිමේ අත්දැකීම් තිබීම, ත්‍රස්තවාදය මිලිටරිමය වශයෙන් අවසන් කළ එකම රට වීම, අරාබි මූදේ සේවයේ යෙදෙද්දී ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ගේ (විශේෂයෙන්ම සිංහලයින්ගේ) පක්ෂපාතීත්වය ගැන කිසිදු ගැටළුවක් නොතිබීම, සෝමාලියානු කොල්ලකරුවන්ගේ උත්සාහයන් සාර්ථක ලෙස මර්දනය කිරීම ආදී හේතු බොහෝමයි.

මහ බලවත් පකිස්ථාන් සහ ඉන්දීය නාවික හමුදා නිලධාරීන් පවා අපේ රටෙන් පුහුණුව ලබා ගැනීමට පොර කෑවා. පසුගිය කාලයේ ඔවුන් ලංකාවට පැමිණි අයුරු මාධ්‍ය විසින් වාර්තා කළා ඔබට මතක ඇති. පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණි චීන සබ්මැරීනයත් මේවාට සම්බන්ධ පුහුණුවක් බව සමහරුන් පවසනවා.

ඩොලර් මිලියන 8ක් ලෙස නාවික අරක්ෂාවෙන් රටට ලැබුණ මුදල, ඇවන්ගාඩ් ආයතනයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාව මසකට ඩොලර් මිලියන 65 ක විදේශ විනිමයක් ඉපයීමට පටන් ගත්තා. එම මුදල අපේ රටේ මුදලින් නම් ආසන්නව රු. 8,450,000,000.00

වසර කීපයක් යද්දී ලෝක බලවතුන්ගේ ආරක්ෂක සමාගම් පරයමින්, ලෝකයේ පුංචි තිතක් බඳු ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයක් ලොව ප්‍රමුඛතම ආරක්ෂක බලවතා බවට පත් වුණා. එය සමහර රටවල් වල ඇස් වල කටු අනින්න වගේ වුණා.

සේනාධිනායක තුමාගේ සිට ආරක්ෂක නිලධාරීන් දක්වා සියල්ලෝම දැඩි ප්‍රතිපත්තියක සිටිමින් රටේ ජාතික ආරක්ෂාවට අත නොතැබීම හේතු කොටගෙන ඇවන්ගාඩ් ආයතනය විස්මිත ලෙස දියුණුවක් අත් පත් කර ගත්තා. මෙය නිර්මාණය කිරීමට මුල් වූ එදා සිටි ආරක්ෂක බලවතා හෝ වෙනත් දේශපාලඥයින් මෙය ප්‍රචාරය කරමින් පටු දේශපාලන වාසි ගන්න හැදුවේ නෑ. මෙහි ආයුධ මෙහෙයුම් කටයුතු ජාතික රහසක් සේ රැක ගත්තා. ඒ ශ්‍රී ලංකාවේ දිගුකාලීන අභිවෘද්ධිය පිණිස ඇවැසි "strategic plan" වලට මුල් තැන දෙමිනුයි.

නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙන් මෙම ආයතනය ගැන ලොවටම පැවසීමට ළඟදී සූදනම් වුණා. ඊට පෙර 2013 මුලදී එංගලන්තයේ ගාඩියන් පුවත්පත අපේ රටේ සුපිරි කොල්ලන් ගැන මහ ඉහලින් මෙලෙස වර්ණනා කළා.

"Avant Garde Maritime Services (AGMS), a Sri Lankan company that works in partnership with the country's government, is one of the major operators of floating armouries. The company's chairman, Nissanka Senadhipathi, said there were "thousands of weapons" on his company's ships. AGMS charges US$25 a day to store the weapons and ammunition, with 800 to 1,000 movements on and off the armouries each month. Sri Lanka has established itself as a leader on the armouries, which are partly run by the country's navy and have been approved by Security Association for the Maritime Industry."

ඇමරිකාව ඇතුළු ලෝකයේ බලවත්ම නාවික හමුදාවන්ගේ කනෙන් රිංගමින්, බටහිර ඉන්දීය සාගරය යටත් කරගනිමින් ඩොලර් බිලියන ගනනින් යුත් නැව් මහ දවලේ හයිජැක් කරපු සෝමාලියානු චන්ඩින් එකා දෙන්නා අතුරු දන් වෙන්න පටන් ගත්තා. හිටි ගමන්ම මහ මුහුදේ මතු වී තම සැලසුම් සුණු විසුණු කරන, ඡවි වර්ණනයෙන් ඉන්දියානුවන්ට සමාන වුවත් ඉන්දියානුවන් බව නොපෙනෙන මෙම පුදුමාකාර මිනිසුන්ට සෝමාලියානු කොල්ලකාර නායකයින් පන බයක් දැක්වුවා.

මේවායේ ප්‍රතිඵලයක් වශයෙන් 2014 දී පසුගිය වසර 8 ටම සාපේක්ෂව නැව් කොල්ලකෑම් අඩුම වසර ලෙස වාර්තා වුණා. ලෝකයේ නැව් කොල්ලකෑම් 44% කින්ම පහල බැස්සා. නැව් කොල්ලකෑම් 124 ක් වුණ අතර ඒවායින් සොමාලියන් කොල්ලකරුවන්ට හැකි වූයේ 11 ක් පමණයි. එනම් ඉතිරි කොල්ලකෑම් 113 ම සිදුවී ඇත්තේ ඇවන්ගාඩ් ආයතනයේ සේවා සැපයීමේ මායිමට පිටස්තරවයි. එනම් නැගෙනහිර ඉන්දීය මූදු සීමාවේ. "ආගමට ජාතියට" බෙ‍ාලොග් අඩවි ලිපියේ මුලදීම දැක්වූ සිතියම සමග සංසන්දනය කර බැලූ විට එහි ප්‍රගතිය පැහැදිළි වේවි.

"මොසාඩ්" නැමැති නම ඇහෙද්දී ඊශ්‍රායලයට හතුරු කම් කරන ඕනම කෙනෙක්ට සුළු දිය පහ වෙනවා වගේම, "ඇවන්ගාඩ්" නැමැති නම ඇහෙද්දී මූදු කොල්ලකරුවන් බියෙන් පලා යන තත්ත්වයකුයි තිබුණේ. මේ ආකාරයෙන් තවත් වසර කීපයක් ගියානම් ලෝකයේ ප්‍රධානතම ආරක්ෂාව සපයන්නා බවට ඇවන්ගාඩ් ආයතනය පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි එයින් රජයට ලැබෙන මුදලින් පමණක් රටේ විදේශ වියදම් දැරීමට හැකියාව ලැබෙනවා. හිටපු ආරක්ෂක ලේකම් තුමා විශ්‍රාම යද්දී "ආරක්ෂක ලේකම්" නැමැති ශ්‍රී ලංකා රජයට අයත් ගිණුමේ රුපියල් බිලියන 8 ක මුදලක් තිබුණේ නිකම් නෙමෙයි.

නමුත් පසුගිය දා රූපවාහිනී කැමරා දාගෙන කරපු විකාර වැඩේ නිසා මේ සියල්ලම උඩු යටිකුරු වුණා. ඇවන්ගාඩ් ආයතනයේ සේවයේ නියැළී හිටපු විශ්‍රාමික රණවිරුවන්ගේ නම් ලයිස්තු පවා ජාත්‍යන්තර මූදු කොල්ලකරුවන් අතට පත් වුණා. නාවික හමුදාවේ පූර්ණ ආරක්ෂාව සහිතව රහසිගතව ගාලු වරායේ තිබූ ආයුධ ගබඩාව සහිත මහනුවර නැමැති නෞකාව හෙළි වීමෙන් එය විදෙස් සතුරන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත් වුණා. අපේ රටෙන් නාවික ආරක්ෂාව ලබා ගැනීමට එදා ලෝක බලවතුන් පොර කෑවා, ඒත් අද "ශ්‍රී ලංකා වෙපන්ස් උඹලගෙ ආණ්ඩුවෙන්ම සීල් කළා නේද? උඹලගෙ ආණ්ඩුවට විශ්වස නැති වෙපන්ස් අපි විශවාස කරන්නේ කොහොමද?" ආදී ලෙස අහනවා.

අරලියගහ මන්දිරයට චාරිකවක් ගිය නොදරුවන් එහි භාණ්ඩ අතට අරන් නටපු ආකරයට, රණවිරුවන් සම්බන්ධ වී සිටින ආරක්ෂාව අතින් ඉතාමත් සංවේදී මර්මස්ථාන සමග සෙල්ලම් කරන්න ගියාම වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. මේ ගැන ඈවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ ප්‍රකාශය ඇතුළත් හඬ පටය පහතින්.

ශ්‍රී ලංකාවේ අලුත් විධායක ජනාධිපති වරයෙක් පත් වෙද්දී රටේ ආරක්ෂාවට අදාල සියලුම රහස් ගැන ඔහුව පළමු ආරක්ෂක මණ්ඩල රැස්වීමේදීම දැනුවත් කරනවා. ඒ අනුව ඇවන්ගාඩ් ආයතනය ගැන ඔහුව දැනුවත් වෙන්න ඇති. එහෙත් ආරක්ෂක අමාත්‍යවරයා වන ගරු විධායක ජනාධිපති තුමා අද අන්ත අසරණ වෙලා. එතුමාටත් ඉහළින් යමින් කිසියම් පිරිසක් ජාතික ආරක්ෂාව බරපතල අවදානමක ට පත් කරන බව පෙනී යන්නේ පසුගිය දා, රජයටම අයත් සමාගමක් වන රක්නා ආයතනයේ අවි ගබඩාව පවා ජනමාධ්‍ය වලට විවෘත කළ නිසයි.

තත්ත්වය කොතරම් දරුණුද කිවහොත් අර විශ්‍රාමලත් රණවිරුවන්ව මාංචු දමා බන්ධනාගාර ගත කර ඔවුන්ට එරෙහිව ශ්‍රී ලංකා රජයෙන්ම නඩු දාන එක වළක්වා ගන්න, නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතාට විශේෂ ප්‍රකාශයක් කරන්න වුණා. 


දැන් අර රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වල අයට ජාත්‍යන්තර ත්‍රස්තවාදීන්ගෙන් මරණ වරෙන්තු ලැබිලා ඉවරයි. ඩොලර් මිලියන ගාණක වැඩි වැටුපකට බටහිර බලවතුන්ට සේවය නොකර, අපේම රටේ මතු දියුණුව වෙනුවෙන් එක් වූ විශ්‍රාමලත් රණවිරුවන්ට ලබා දුන් පදක්කම තමයි ඒ.

" උඹලා උඹලා වෙනුවෙන් දියසේන කුමාරයලා ඉපදෙන කල් බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදී ම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. 



" - අනගාරික ධර්මපාල තුමා