Saturday, March 15, 2014

සිව් හෙලය යනු කවුරුන් ද?

වසර 2500 ක ප්‍රෝඩ ඉතිහාසයක් ඇති අප රට ලෝකයේ පැරණි ඉතිහාසයක් ඇති අනිත් රටවලට නොදැවනි ලෙස ඉහලින්ම තැබිය හැක. නමුත් අප සියලු දෙනාම කතා කරන්නෙ විජයාවතරනයෙන් පසු දියුණු වුණු නැතහොත් සංවර්ධනය කරන ලද ඉතිහාසයකි. නමුත් මෙයට විරුද්ධව එයට වඩා පැරණි ඉතිහාසයක් ඇති බවට විශ්වාස කරන අප රටේ විද්වතුන් රාශියක් සිටියි. රාජ් සෝමදේව, කලාශුරි අරිසෙන් අහුබුදු වැනි විද්වතුන් මේ පිලිබඳ බෝහෝ කරුණු සොයා යමින් සිටියි.

ලංකා ඉතිහාසයේ හා ලෝක ඉතිහාසයේ නොවිසදුණු ප්‍රධාන ගැටළු සහගත ඉතිහාස පුවතකි රාවණා කතාව. මේ පිළිබඳව ප්‍රධාන වශයෙන් ගෙනහැර දක්වන්නේ රාමායනය මහා කාව්‍යයේය. එයද එලෙස දක්වා ඇතත් සිංහලයන් සහ ලාංකිකයන් ලෙස අපට එමගින් වැදි ඇති පහර සුලු ප‍ටු නොවෙයි. මක්නිසාදයත් රවණා රජු ස්ත්‍රින් පැහැර ගන්නා රාක්ෂයෙක් ලෙස එමගින් හුවා දක්වා ඇති නිසාය.

අප දැන් බලමු ලංකාවේ එම අවදියේ සිටි මිනිසුන් කවරහුද කියා. ප්‍රධාන වශයෙන් ඔවුන් රාක්ෂ, යක්ෂ, දේව සහ නාග ලෙස ග්‍රෝත්‍ර 4 ක් ලංකාවේ ජිවත්වි ඇත. එමනිසා එකල ලංකාවට සිව් හෙලය යන නමද භාවිතා වි ඇත. රාමායනයට අනුව අප රටේ ජිවත්වි ඇත්තේ රකුසන්, යකුන්, නාගයන් ලෙස දක්වා ඔවුන් සතුන් සහ භුතයන් ලෙස විකෘති කර ඇත. නමුත් වර්තමානයේද පවතින කුල ග්‍රෝත්‍ර භේදය සලකා මෙසේ වර්ග 4 කට බෙදා වෙන්කල බව අපට සිටිය හැක.

උදාහරණයක් ලෙස වර්ථමානයේද 

ජාති වශයෙන් පවතින බෙදිම සලකා බැලිය හැක එනම්. සිංහල, දෙමල, මුස්ලිම් සහ බර්ගර් ලෙසය. එම අවදියෙදි මෙසේ යක්ෂ, රාක්ෂ, දේව සහ නාග ලෙස බෙදා සිටි බව අපට සිතිය නොහැකිද????? මොවුනුත් සාමාන්‍ය මිනිසුන් නොවුනාද?????


මේ ගැන හොඳ පසුබිමක් හදාගන්න අපි දැන් බලමු මෙම රාක්ෂ, යක්ෂ, නාග, හා දේව ග්‍රෝත්‍ර ගැන…….

* රාක්ෂ ග්‍රෝත්‍රය

මොවුන්ගේ ලාංජන වශයෙන් ස්වස්තිකය හා මකරා යොදා ගෙන තිබේ. හිරු දෙවියන් ඇදහු ජනකොටස කළු ගගෙන් උතුරේද, චන්ද්‍ර වංශය ඇදහු ජනකොටස කළු ගගෙන් පහලද ජිවත්වු බවට ඉතිහාසය සාක්ෂි දරයි.

* නාග ග්‍රෝත්‍රය

මොවුන්ගේ ලාංජනය වශයෙන් මාළුවා යොදා ගෙන තිබේ. මොවුන් ප්‍රධාන වශයෙන් නාවික කටයුතු මෙහෙයවු පිරිසක් විය. ලංකාවේදි ප්‍රධාන වශයෙන් නාග ග්‍රොත්‍රිකයන් ගේ ප්‍රදේශයක් වශයෙන් කැලණිය ප්‍රදේශය. අපට සැලකිය හැක. මෙහිදි නාග ග්‍රෝත්‍රයට සම්බන්ධ රජ කෙනෙක් ලෙස ,රාවණා රජු ගේ සහෝදරයෙක් වන මව් පාර්ශවයෙන් නාග ග්‍රෝත්‍රික වන විභිෂණ රජු සැලකිය හැක. මෙසේ නාග ග්‍රෝත්‍රිකයන් ලංකාවේ බටහිරදිග ගොඩනගා තිබු නාග රාජධානිය ක්‍රි.පු 250 දි පමණ ඇතිවු මුහුද ගොඩ ගැලිමකින් විනාශ වී ඇත. මන්නාරම හා තුත්තුකුඩිය අතර පට්‍ටුනාගම් නගර ලක්ශයක්, ධිවර ගම්මාන 970 හා තවත් ගම්මාන 400 ක් විනාශ වී ඇත. ඉතිරි වුයේ ඉන් 1/12 කි.

* යක්ෂ ග්‍රෝත්‍රය

මොවුන්ගේ ලාංජනය වශයෙන් පද්මය හා කෙටේරිය භාවිතා වී ඇත. යක්ෂ ග්‍රෝත්‍රය ලංකා ඉතිහාසයේ ප්‍රධාන තැනක් ගත් ග්‍රෝත්‍රයකි. බොහෝ දුරට සලකන පරිදි යක්ෂ ග්‍රෝත්‍රිකයන්ට මාතෘ මුලික සමාජ ක්‍රමයක් තිබි ඇත. 
හිරු දෙවියන් ඇදහු ජනකොටසක් වේ.  තවද ලංකාවේ නැතහොත් හෙලයේ සිටි ප්‍රබලම යක්ෂ ග්‍රෝත්‍රික රජු ලෙස රාවණා රජු සැලකේ.

* දේව ග්‍රෝත්‍රය

මොවුන්ගේ ලංජනය වශයෙන් පුන්කලස භාවිතා වී ඇත. දේව ග්‍රෝත්‍රිකයන් ප්‍රධාන වශයෙන් ලංකාවේ කදුකර ප්‍රදේශවල ජිවත් වී ඇති බවට සිතිය හැක. මොවුන්ගේ ප්‍රධාන පුද්ගලයකි සුමන සමන් දෙවියන්

Friday, February 28, 2014

සිරිපා මළුවේ මහා පිංකමට දායකවූ "හමුදා මෙහෙයුම"

සිරිපා මළුවේ මහා පිංකමට දායකවූ "හමුදා මෙහෙයුම"
.
දුරුත්තේ සීතලට තවමත් ඇඟ ගැහෙයි. පරිසරය වසාගත් මීදුම් සළුව සමන් ගිරට අපූර්ව චමත්කාරයකි. සමන් ගිරෙහි මළුව දක්වා දිවෙන විදුලි එළිය සැතපුම් ගණනක් මෙහා සිට බලන්නකුටත් මන බඳින දසුනකි. දවස් ගණන් පේවී සිරිපා වඳින්නට යන බැතිමතුන්ද, සිරිපා කරුණා කර එන බැතිමතුන්ද මග දිගට අපටත් මුණ ගැසිණි. අවුරුද්දට දෙතුන් විටක් සිරිපා කරුණා කිරීම වන්දනාවේ එන තරුණ පිරිසට විනෝදයකි.
වඳින්න යන මේ නඬේට සුමන සමන් දෙවි පිහිටයි...”
වැඳල බහින මේ නඬේට සමන් දෙවිඳු කරුණාවයි”
කරුණාවයි කරුණාවයි සුමන දෙවිඳු කරුණාවයි”
වඳින්ට යන කිරි කෝඩුට සමන් දෙවිඳු කරුණාවයි”
වැඳල බහින දඬු කෝඩුට සුමන සමන් දෙවි පිහිටයි”
අපේ බුදුන් අපි වඳින්ට - පෙරළි පෙරළි අපි වඳින්ට”
මෙන්න මෙතන තැනිතලාව - කෝපි බොන්ට හොඳ වෙලාව”
අග්ගල කං ඩෝං පුතා - හෙළේ නගිං ඩෝං පුතා”

සිරිපා කරුණා කරන කවි අපේ කන වැකෙයි. හුදු විනෝදයකට නොපෙරළුනු ධාර්මික විනෝද ගමනකි. සිරිපා කරුණා කරන කවුරුත් තමන් එහි ගිය වාර ගණන සිහිපත් වෙන්නට මළුවේ ඝණ්ඨාව නාද කරති. ඇතැම් වයසක ආච්චිලා ආතලා මළුවේ ඝණ්ඨාව හැට හැත්තෑ වර නාද කරති. එය ඔවුන්ට සතුටකි. අසන දකින අයට පුදුමයකි.

දෙව්ලොවහි ආලින්දය යැයි පිළිගැනෙන සිිරිපා මළුව නිරන්තර දේව ආශිර්වාදය පවතින දෙවියන් වඩින ස්ථානයක් හැටියට ප‍්‍රසිද්ධය. සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් බුදුන් වහන්සේගේ පාදස්පර්ෂයෙන් පූජනීය වූ සමන්ත කූටය අද කුදු මහත් බෞද්ධ - අබෞද්ධ ප‍්‍රජාවගේ මහත් වූ ගෞරවයට බැතියට පාත‍්‍රවූ පින් බිමෙකි. මේ පින්වන්ත චාරිකාවේ යෙදෙන්නකුට වුව සමන් දෙවියන්ගේ ආශිර්වාදය, ශක්තිය හිමි වන බව සියල්ලෝ විශ්වාස කරති. එනිසාම කට වරදවා නොගෙන, සමන් දෙවි හාමුදුරුවන්ගෙන් අවසර ගෙන, දවස් ගණන් මස් මාංසයෙන් වැළකී සිරිපා කරුණා කිරීම එදා පටන් අදත් දැකිය හැකි විශේෂත්වයකි. එකී පුණ්‍ය ගුණයෙහි පිහිටා කවුරුන් වුව කරුණාවේ යෙදෙන නිසා -සිරිපා කරුණාව” දුරාතීතයේ පටන් උතුම් පාද චාරිකාවකි.
gotabhaya rajapakse and others

සිරිපා මළුවේ ඇසෙන ඝණ්ඨා නද දෙව්ලොව පුරා නින්නාද දෙන සීනුවක් වැනිය. ඒ අසිරිමත් බිමෙහි දෙවියන්ට කරන ආරාධනයක් මෙන් පසුගියදා සිරිපාදස්ථානයට නව ඝණ්ටාවක් සහිත ඝණ්ඨාර කුළුණක්, දොළොස් මහේ පහනක්, කොප්පරා පහනක් පූජා කිරීම උත්සවාකාරයෙන් සිදුවිය. ඊට අමතරව ශ්‍රී පාද මළුවේ පැතලි කළුගල් අල්ලා පෞරාණික ස්වරූපයෙන් අත්‍යාලංකාර කොට තිබිණ. මේ මහා පූජනීය සත්කාරයට ධන පරිත්‍යාග කොට කටයුතු කළේ කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජයසේන මහතා සහ එම මැතිනියයි. ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ අනුශාසනා පරිදි එම කාර්යය සිදුවිණි.
sri lanka army heroes of the nation
කිලෝ ගණනක බර රැගෙන පඩි නගින සෙබළු

අද සිරිපා කරුණා කරන ඔබට එම පෞරාණික උරුමය පිරුණු කළුගල් ඇල්ලූ සිරිපා මළුවේ ඇවිද යා හැකිය. දොළොස් මහ පහන, කොප්පරා පහන හා ගල් කැටයම් සහිතව කෙරුණු ඝණ්ඨාර කුළුණ දැක බලා ගත හැකිය. ඔබේ දැකුමෙන් ඔබ්බට ඒ මහා කාර්යභාරය වෙනුවෙන් බොහෝදෙනෙක් දහදිය, කඳුළු හෙළුෑහ. මහා ධනයක් යෙදුහ. අපමණ කැපකිරීම් කළහ.
sri lanka army heroes of the nation
බෑගයේ අසුරා උළුකැට ගෙනයමින්

ඒ සියලූ දෙනා මෙලොව පරලොව වශයෙන් මහා පින්කමක් කළෝයි දෙවරක් නොසිතා අප ප‍්‍රකාශ කරම්හ.
නල්ලතන්නියෙන් පටන්ගත් විට මකර තොරණ, රතුපාලම, සාම චෛත්‍යය, ගඟුලතැන්න, සීත ගඟුල, රතු අම්බලම, ගොළුතැන්න, ඉඳිකටුපාන, මහගිරිදඹය, ඇහැළකණුව ඔස්සේ සිරිපා මළුවට දුර කිලෝමීටර හතක් පමණය. තැන්නේ කිලෝමීටර් හතක් යනවාට වඩා කන්ද ඒ දුර යාමද නැවත ඒ දුර බැසීමද පහසු නොවන්නකි. ඒ අපහසුකම සිරිපා වැඳ ආපසු එන ඇතැම් මුහුණු වලින් පෙනේ.
සිරිපා මළුවේ ඉහත කී අසිරිමත් පින්කම කිරීමට බරින් වැඩි කොටසක් අතේ, කරේ එල්වා ගිය බව විශ්වාස කළ නොහැකි වුව ඔබ විශ්වාස කළ යුතුය. අතේ කරේ ටොන් ගණනාවක බරක් එල්ලගෙන නල්ලතන්නියේ සිට සිරිපා මළුව තෙක් ඔවුහු ගියෝහ. එය ගියේ කෙසේද? එය කළේ කවුද? ඒ වෑයම කුමක්ද? ඒ අසිරිමත් පින්කම හැඩ කළ අපේ යුගයේ යෝධයන් ගැන අපි ලියමු. ශ්‍රී ලංකා යුද හමුදාව, මෙහිලා සුවිසල් දායකත්වයක් සපයනු ලැබූහ. මේ මහා කාර්යය විටෙක සටනකි. මහා ක‍්‍රියාන්විතයකි. මෙහෙයුමකි. නමුත් එය පුණ්‍යවන්ත එකකි. යුද හමුදාපති ලූතිනන් ජනරල් දයා රත්නායක මහතාගේ උපදෙස් මත මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් උභය මැදවල මහතාගේ උපදෙස් මත 11 වන සේනාංකය ඊට සූදානම් වූහ.
දින ගණනක් 11 වැනි සේනාංකයේ රණවිරුවෝ මේ උදාර කාර්යය උදෙසා පේ වූහ. කාගේත් සිත්වල තිබුණේ නියෝගයකට, අණකට වඩා, බැතියෙන් කළ යුතු තමන්ගේ වැඩක් යන හැඟීමකි. මහා පින්කමක්ය යන හැඟීමකි. සියලූ යුද සෙබළු වෙත ඉපදුනේ අපමණ චිත්ත ධෛර්යකි.
දිනය 2012 දෙසැම්බර් 09 වැනිදාය. සෙබළු පිරිස උදේ නල්ලතන්නියට එකතු වූහ. සිරිපා මළුවට අතුරන අඩිය අඩිය ප‍්‍රමාණයේ කළු ගල් කුට්ටි (ටයිල්) එහි ගොඩ ගසා තිබිණි. එක ගල් කුට්ටියක් කිලෝ 8ක් 10ක් පමණ බරින් යුතුවිය. තමන්ගේ බෑග තුළට ගල් කුට්ටි දෙක තුනක් බැගින් දමා එයටම වතුර බෝතලයක් කෑම පාර්සලයක් දමාගෙන ඔවුහු ගමන පිටත් වූහ. මුළු බෑගයේ බර කිලෝ 25ක් පමණවිය. අවාරයේ සිරිපා කරුණාවකි. උදේ 7.00 ට පිටත් වූ පිරිස මිනිස් පුළුටක් නැති හිම වතේ දෙන්නා තුන්දෙනා බැගින් කන්ද තරණය කළහ. කොළ වැටී, ගස්වල අතු වැටී පාළුවී ගිය සිරිපා මගෙහි ඌරන්, මුවන්, ගෝනුන් විටින් විට දිස්වේ.
Asgiri Chapter Most venerable Udugama Sri Buddharakkhitha Thera
අස්ගිරි මහානාහිමියන් දෝලාවකින් සිරිපා මළුව වැඩමවද්දී

අස්ගිරි මහානාහිමියන් දෝලාවකින් සිරිපා මළුව වැඩමවද්දී
රතු අම්බලම, ඉඳිකටුපාන ආදී තැන් කීපයක නැවතී ගිමන් හැර ආයෙත් බර පිටෙහි එල්ලා ගමනහි යෙදේ. ගල් කුට්ටි ගෙන යාම වැලි කොට්ටයක් ගෙන යනවාට වඩා ඔවුන්ට වෙහෙස දැනුණු බව සැබෑවකි. ගල් කුට්ටියේ පිහිටීම පිට තලයට දැඩි අපහසුවකි. උදේ 11.00 පමණ වන විට පිරිස මළුවට ළඟාවූහ. කෙතරම් හැඟීමකින් කටයුතු කළෝ දැයි කියනවා නම් කීපදෙනෙක් එවෙලේම ආපසු බැස යළිත් ගල් කුට්ටි දෙකක් රැුගෙන නැවත කන්ද තරණය කළහ. මේ සියලූදෙනා ලක්ෂපාන 22 වැනි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ නිලධාරීන් හා සෙබළුන්ය.
මේ ආකාරයට සිරිපාදයට ගෙනයා යුතු ටයිල් කළුගල් ප‍්‍රමාණය 3000 ට වැඩි විය. බිත්ති වලට අල්ලන පතුරු ගල් ප‍්‍රමාණය 2000 ට වැඩි විය. අවස්ථා ගණනාවකදී කණ්ඩායම් යොදවා මාස ගණනක් පුරා එම කාර්යය කළහ.
පසුව සිවිල් ආරක්ෂක බළකායද මේ දැවැන්ත සත්කාරයට එකතු විය. ඔවුහු සිය දෙනෙක් පමණ සිරිපාදයේ නතර වී ගල් කුට්ටි කොටස් වශයෙන් කඳුමුදුනට රැුගෙන ගියහ. ඔවුහු කණ්ඩායම් ලෙස එක පිිරිසක් නල්ලතන්නියේ සිට සාම චෛත්‍යය ළඟටද, එතැන සිට තව කණ්ඩායමක් රතු අම්බලම දක්වාද, රතු අම්බලමේ තැබූ ගල් කුට්ටි ඉඳිකටුපානටද, එතැනින් මළුවටද රැුගෙන ගියහ. ගල්කුට්ටි ගෙන යාම එසේ නිමා විය. මෙහි තවත් විශේෂත්වයක් වූයේ ලා/කෝප‍්‍රල් ශාන්ත කුමාර කිලෝ 75ක් පමණ වනසේ ගල් කුට්ටි 6ක් මළුව කරා එකවර රැගෙන යාමය.
ඉන්පසුව වැලි හා සිමෙන්ති රැුගෙන සිරිපා කරුණා කිරීම ආරම්භ විය. සිමෙන්ති කොට්ටය දෙකට කඩා කිලෝ 25 බැගින් කරට ගත් යුද සෙබළු යළි ගමන ඇරඹූහ. වැහි ඇති දිනවල කිලෝ 25 හේ වැලි කොට්ට කරට ගත්හ. දැඩි සීතල ආදී අවාරයේ විඳිය යුතු සියලූ අපහසුකම් විඳ ගනිමින් යළිත් වැලි සිමෙන්ති උඩට ගෙන ගියහ. හමුදා නිලධාරීන්ගේ සිත්වල තිබුණේම මේ මළුවේ පය ගහන වාරයක් පාසා පරම්පරාවකට පින් ලැබෙන උදාර කාර්යයක්ය යන හැඟීමකි.
ගල්, වැලි ගෙනයාමට සිවිල් ආරක්ෂක බලකායද මහා කාර්යයක් කළහ. සිරිපාදය අවට බරගෙන යන කුලීකරුවෝද කැන්ඩි සිටි සෙන්ටර් ආයතනය මගින් යොදවා තිබිණි. ඔවුහු නල්ලතන්නියේ සිට මළුව දක්වා එක කිලෝවක් ගෙන යාමට රුපියල් 26 ක මුදලක් අය කිරීමද විශේෂත්වයක් විය.
ඉන් පසු මළුවේ පොළොවේ ටයිල් ගල් කුට්ටි ඇතිරීම හා බිත්තිවල පතුරු ගල් ඇල්ලීම කෙරිණි. මාස ගණනක් පුරා එම කටයුතු සිදුවිය. මේ කාර්යය සඳහා 22 වැනි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිලධාරී ලූතිනන් කර්නල් ලලන්ත ගම්ලත් නිතර සෙබළුන්ගේ සෙවණෙහි සිටියේය. ඊළඟ දැවැන්ත කාර්යභාරය වූයේ ඝණ්ඨාර කුළුණ සඳහා සකස් කළ කැටයම් ගල් කණු කොටස් මළුවට රැුගෙන යාමය. ඒ අතර කාලයේ කිලෝ 690ක් බර කොප්පරා පහන, කිලෝ 1200 ක් බර දොළොස් මහේ පහන, කිලෝ 760ක් බර ගණ්ඨාරය, කිලෝ 1690 ක් බර දොලොස් මහේ පහන සඳහා වන ගල් බේසම නල්ලතන්නිය වෙත ලැබිණි.
කැටයම් ගල් කණු කුට්ටියක් කිලෝ 80 ත් 250 ත් අතර ඒවා විය. මේ කාර්යය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවද පූර්ණ සහාය ලබාදුන්නේය. ගුවන්යානයේ විශාල දැලකට ගල් කුට්ටි, කොටසින් කොටස පැටවිණි. නල්ලතන්නියේදී එම කටයුතු සඳහා ලූතිනන් බොතේජු ඇතුළු සෙබළු 20ක් පමණ දායක වූහ. දැලට බර පැටවූ පසු එය ඔසවාගෙන ගුවන් යානය සිරිපා කඳු මුදුන දක්වා පියාසර කළේය. එතරම් බරක් එල්වා, එතරම් උඩක් ගුවන් යානයක් පියාසර කිරීම එක් අතෙකින් අවදානම් සහිත විය. තවත් අතෙකින් එවැන්නක් මුල්වරට ලංකාවේ කළාද විය හැකිය.
මේ කටයුතු කෙරෙන ආකාරය සොයා බැලීමට ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් වැඩම කොට අනුශාසනා කළහ.
ගුවන් යානය විසින් ගෙන යන ගල් කණු සිරිපා මළුවේ එක ස්ථානයකට සීරුවට පතිත කළ අතර ඒවා වහා එම ස්ථානයෙන් ඉවත් කිරීම මේජර් සුගත් දහනායක ඇතුළු සෙබළු 22ක් මළුවේ ක‍්‍රියාකාරී වූහ. එක කොටසක් ගෙන ගොස් ඊළඟ කොටස ගෙන ඒමට විනාඩි 10ක් පමණ කාලයක් ගත විය. ඒ වන විට ගෙනා සියලූ දේ අදාළ තැනින් ඉවත් කොට දැල ආපසු ගෙන යාමට සූදානම් විය යුතුය. පහළද ඒ ආකාරයට බඩු පටවා සූදානම් විය යුතුය. මේ ආකාරයට ගල් කණු කොටස්, ගල් බේසම, ගණ්ඨාරය, ගලින් කළ අලි දෙදෙනෙක්, පිත්තල පහන, කොප්පරා පහන, පිත්තල බේසම සතියක් තිස්සේ ඉහළට ගෙන යාම සිදුවිය. ඒ ඇතැම් දිනවල මීදුම සහ සුළඟ නිසා ගුවන් කටයුතු අතරමග නතර කරන්නටද සිදුවිය.

බලාසිටින අයට මෙය මහ පොළොවේ හා ගුවනේදී රණවිරුවන් කළ තවත් වික‍්‍රමාන්විතයක් විය.
ගල් කණු යොදා බාස්වරු ඝණ්ඨාර කුළුණු කැටයම් ගල් කුට්ටි යොදා ගොඩ නගද්දී යුද හමුදාව එහි නැවතී දිගටම ඔවුන්ට උපකාර කළහ.
කොප්පරා පහනේ හා දොළොස් මහේ පහනේ වහළය සඳහා පැතලි උළු කැට 3492 96ක් නල්ලතන්නියට ලැබුණේ මේ අතරය. යුද සෙබළු යළිත් උළු කැට ගෙන ගියහ. උළුකැට 15 - 20 ක් පමණ බෑගයක දමා කිලෝ 15 - 20 ක් පමණ වන බෑගය කරේ එල්ලගෙන ඒ ගමන ගියහ.

Saturday, January 18, 2014

පිටිදුවෙ සිරිධමිම ‍මුසල්මානුවන්ගෙන් මුදල් ලබා බෞද්ධයන්ට ඉස්ලාමි උගන්වයි, දහස් ගණනක් මිනිසුන් මැරූ මුහමිමද් නබි මොහුට අනුව උන්වහන්සේ වෙයි......

පිටිදුවෙ සිරිධමිම ‍යන නමින් පෙනීසිටින මෙම මනුස්සය මුසල්මානුවන්ගෙන් මුදල් ලබා බෞද්ධයන්ට ඉස්ලාමි උගන්වයි. දහස් ගණනක් මිනිසුන් මැරූ මුහමිමද් නබි මොහුට අනුව උන්වහන්සේ වෙයි. මෙ‍ම විඩියෝව හෙදින් බලා ඔබම තිරණය කරන්න.

පිටිදුවෙ යන මෙම තැනැත්තා ගමි පූදේශයෙන්ද එලවා දමන ලද්දෙකි. ඒ මෙහු චිවර දාරියෙකූ මෙන් පෙනීසි‍ටි පන්සලේ බෝ රුක කැපීම‍‍ට සුදානමි වු හෙයිනි. මුල් දවස් වල මොහු බනකට පැමිණියද(පිස්සන්ට "වඩින විට" කියන ‍වචනය භාවිතය සදාචාර සමිපන්න නැත) වැඩිවේලාවක් ගත කරනුයේ පොත් විකුනා මුදල් ලබා ගැනීමටය. අප පහුගිය ද‍වසක මොහු ngo මුදල් වලින් යැපෙන බව හෙලි කල විට එය පිලිනොගත් පිරිස‍ මෙය හොදින්ම බලන්න. ‍

Monday, January 6, 2014

සිංහලයෝ ජාතිවාදී ද? බෞද්ධයෝ අන්තවාදී ද?


පසුගිය සතියේ ඉරිදා දිවයින පුවත්පතේ 04 වැනි පිටුවේ ජෙම් සලීම් නමැති මහතෙකු විසින් බෞද්ධ අන්තවාදය පිළිබඳව විග්‍රහයක්‌ ඉදිරිපත් කර තිබුණි. එහි ප්‍රධාන තේමාව වී ඇත්තේ බෞද්ධ භික්‍ෂූන්, විශේෂයෙන්ම බොදු බලසේනා වැනි සංවිධාන ඉස්‌ලාම් ආගමටත්, මුස්‌ලිම් ජනතාවටත් එරෙහිව වෛරයේ බිජුවට වපුරවමින් සිටින අතර, රටේ පවතින සැබෑ ප්‍රශ්න, උදා( කාන්තාවන් කොට ඇඳුම් ඇඳීම, මිනිසුන් පන්සල් නොයැම, මත්පැන් හල් තිබීම, සංගීත සංදර්ශන පැවැත්වීම වැනි ප්‍රශ්න විසඳීමට මෙකී සිංහල ජාතිවාදීන්ට කිසිදු උනන්දුවක්‌ නැත.)

ලිපියේ කර්තෘ විසින් උක්‌ත සමාජ ප්‍රශ්න ඉස්‌ලාමීය, අරාබි පදනමක සිට විග්‍රහ කරන බැවින් ඒවා ඔහුගේ හර පද්ධතිය අනුව ගැඹුරු සමාජ ප්‍රශ්න වේ. එකී දේවල් ෂරියා නීතිය රජයන රටක සිදුවුණා නම් දරුණු ශාරීරික දඬුවම් ලැබීමට පවා ඉඩකඩ තිබේ. නමුත් අප ජීවත් වන්නේ අවුරුදු 2500 ක ඉතිහාසයක්‌ ඇති බෞද්ධ වටිනාකම් මත පදනම් වූ හර පද්ධතියක්‌ සහිත රටක බැවින් අපගේ වටිනාකම් පද්ධතිය අනුව උක්‌ත කාරණා සලකා බැලිය යුතුය.

බුදුහාමුදුරුවන් ජීවත්ව සිටි විහාරයකට නොදුරුව අම්බපාලි නම් ගණිකාවක්‌ ජීවත් වූවාය. ඇය ප්‍රසිද්ධියේ ගණිකා වෘත්තියේ නියෑලුණු අතර, බුදුන් වහන්සේ ද ඒ බව දැන සිටියහ. නමුත් බුදුන් වහන්සේ එම අම්බපාලි ගණිකාවට ගල් ගසා මරණ ලෙසට නියෝග කළේ නැත. නමුත් කාමමිථ්‍යාචාරය ඉතා බරපතළ වරදක්‌ බවත් එහි නිරත වන්නන් අපාගත වන බවත් ප්‍රකාශ කරන ලදී.

බුදුන් වහන්සේ සිටි විහාරයකට ආසන්නයේ චුන්ද නම් ඌරන් ඇති කරන අයෙකු සිටියේය. ඔහු ඌරන්ට දසවධ දී මරා මස්‌ විකුණාගෙන කමින් ජීවත් විය. කිසි දිනෙක පන්සලට නොආවේය. නමුත් බුදුන් වහන්සේ ඔහුට ශාරීරික දඬුවම් දීමට ගියේ නැත. නමුත් ප්‍රාණඝාතය දරුණුම අපරාධය ලෙස ප්‍රකාශ කළහ. අරාබිකරයේ බිහි වූ සියලු ආගම් වල පවක්‌ වන්නේ මිනී මැරීම පමණි. සතුන් මැරීම පවක්‌ නොවේ. නමුත් බුද්ධ දර්ශනය අනුව පණ ඇති ඕනෑම සතෙකු මැරීම එක සමාන පවකි. දරුණු අපරාධයකි. නමුත් බුද්ධාගම අනුව එවැනි පව් කරන අයට බෙල්ල කපා මැරීම වැනි දඬුවම් කිසිවිටෙක නියම නොකරයි. ඒ වෙනුවට වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන බුද්ධිමත් දාර්ශනික අදහස ඉස්‌මතු කොට දක්‌වයි.

බුද්ධාගම අනුව මත්පැන් බීම පවකි. සමාව දිය නොහැකි පවකි. ඊට හේතුද මනාව බුදු දහමේ විග්‍රහකොට ඇත. නමුත් මත්පැන් බොන අයගේ බෙල්ල කැපීම, අත පය කැපීම ආදී දඬුවම් බෞද්ධ දර්ශනය නියම නොකරයි.

ඉහත ආකාරයට බුද්ධාගම විසින් වැරදි සඳහා දරුණු දඬුවම් නියම නොකරන්නේ ඇයි? ඊට හේතුව මිනිසුන් භීතියටත් ත්‍රාසයටත් පත්කොට පාලනය කිරීම ඉතාම ප්‍රාථමික නොදියුණු ක්‍රමයක්‌ ලෙස බුද්ධාගම විසින් හඳුනාගනු ලබන අතර, බුද්ධිමත්ව ඇතිකර ගනු ලබන අවබෝධය එනම් ප්‍රඥව ඇති කර ගැනීම ඉතාමත්ම වැදගත් බව අවධාරණය කරයි. බුද්ධාගම අහිංසාවේ ආගමකි. එය ඇසට ඇස. දතට දත, පලිගැනීම වැනි දේ ඉතා නොදියුණු ගෝත්‍රික සංකල්ප ලෙස බැහැර කරනු ලබයි. එසේම දරුණු ශාරීරික දඬුවම් දීම බුද්ධාගමට විරුද්ධ දෙයකි. ඒ වෙනුවට සතුරාටත් මෛත්‍රිය දැක්‌වීමේ, වටිනාකම සෑම විටෙකම අවධාරණය කරනු ලබයි. නමුත් සමහර ආගම්වල කර්තෘවරුන් පවා යුද්ධයට ගොස්‌ ඇති බව අපට ඉතිහාසය කියවන විට පැහැදිලි වේ. යුද්ධයට යැම යනු මිනීමැරීමය. එබැවින් සමහර ආගම්වල නායකයන් මිනීමරා හෝ මිනීමරණ කණ්‌ඩායමක සාමාජිකයන් ලෙස කටයුතු කර ඇති බව පෙනේ.

කාන්තාවනට කොට ඇඳුම් ඇඳීම සම්බන්ධව සාකච්ඡා කර ඇති අතර කොට ඇඳුම් ඇඳීම නිසා ලිංගික අපරාධ සිදුවනවා නම් මුස්‌ලිම් සමාජවල, සෞදියේ, ඉරානයේ, සුඩානයේ ලිංගික අපරාධ නැත්තටම නැති විය යුතුය. බුද්ධාගමට අනුව කාන්තාව යනු දෙවැනි පන්තියේ සත්වයෙකු නොවේ. පිරිමියාට මෙන්ම සමාන වටිනාකමක්‌ ඇයට ද පවතී. බුදුන් වහන්සේ එවකට පැවැති කාන්තාවන් කොන් කර තැබීමේ බ්‍රාහ්මණ ක්‍රමයට එරෙහිව ප්‍රබල ලෙස සටන් කර කාන්තාවන්ට බුදු සසුනට ඇතුළත්ව එහි අග්‍රඵලය වන නිර්වාණය පවා ළඟා කර දීමට කටයුතු කරන ලදී. එවකට පැවැති බ්‍රාහ්මණ මතවාදය අනුව කාන්තාවන් සැමවිටම පිරිමියෙකු යටතේ සිටිය යුතුය. ඇයට ආගමික ස්‌ථානයකට ඇතුළු වීමට අවසර නැත. ඇයට ඉගෙනීමට ඉඩකඩ නැත. ඉන්දියාවේ වසර 2500 කට පෙර පැවැති මෙකී තත්ත්වය 100% ක්‌ ඉස්‌ලාම් ෂාරියා නීතිය යටතේ පාලනය වන සෞදි අරාබියේ වර්තමානයේ පවතින තත්ත්වය සමඟ සස¹ බලන්න.

එසේම විවාහයකදී කාන්තාවට කිසිම අභිමතයක්‌ නොමැති වීම, කාන්තාවන්ගේ ලිංග ඡේදනය, ගල්ගසා මැරීම, අධ්‍යාපන අවස්‌ථා නොමැති වීම, රිය පැදවීම තහනම් වීම, ආගමික ස්‌ථානවලට ඇතුළුවීමට ඉඩ නොදීම, පිරිමියාට විවාහ 04 ක්‌ කරගත හැකි වන විට කාන්තාවට එසේ කරගත නොහැකි වීම, ඉතා ලාබාල දැරිවියන් වයස්‌ගත පුද්ගලයන් හට විවාහ කරදීම, ගැහැනුන් හට ක්‍රීඩාවන්ගේ නිරතවීම තහනම් කිරීම ආදිය තමන්ගේ සංස්‌කෘතිය වූ සමාජයක උපන් අයෙකු කාන්තාවකගේ කොට ඇඳුමක්‌ දැකීමෙන් කලබලයට පත් වීම පිළිබඳව අප විමතියට පත්විය යුතු නැත. මන් ද, ඔහුගේ චින්තනය, විද්‍යාව, දර්ශනය, ලෝක දේශපාලනය ආදියෙහි ඇතිව තිබෙන මනා සංවර්ධනය සමඟ ඉදිරියට නොගොස්‌ මීට වසර 1600 කට පෙර අරාබි අර්ධද්වීපයෙහි තිබුණා වූ අදහස්‌ සමඟ එකතැන ජීවත් වීමය.

අධ්‍යාපනය අතින් දියුණු තත්ත්වයට පත් 99% ක්‌ මුස්‌ලිම් ජාතිකයන් ජීවත්වන තුර්කිය වැනි යුරෝපීය රටවල පවා මුළු ශරීරය වසා කාන්තාවන්ට ඇඳුම් ඇඳීමට බල නොකරයි. එය මිනිසාගේ පෞද්ගලිකත්වය සම්බන්ධ අයිතියක්‌ ලෙස සලකනු ලබයි. එවැනි ඇඳුම් ඇඳීමට බල කරනු ලබනුයේ, අන්තවාදීන්, නොදියුණු ගෝත්‍රික ත්‍රස්‌තවාදීන් ලෙසට හංවඩු ගැසේ. බුද්ධාගම මිනිසාගේ නිදහස අගය කරන ආගමක්‌ බැවින් ඇඳුම පිළිබඳ තහංචි පැනවීම එහි ප්‍රතිපත්තිය නොවේ. පටාචාරාව වැනි කාන්තාවන් නිරුවත්ව බුදුන් ධර්මය දෙසමින් සිටි පන්සලට ආ අවස්‌ථාවේ ඇයට ගල් ගසා මැරීමට බුදුන් නියෝග කළේ නැත. වඩා බුද්ධිමත්ව ඉතා දියුණු ලෙස ඇයව සුවපත් කළ අයුරු කියවා බලන්න. සතුන් මැරීම සම්බන්ධව සලීම් මහතා ප්‍රකාශ කර ඇත්තේ කුකුල් මස්‌ සහ මාළු සිංහල බෞද්ධයන් අනුභව කරන නිසා ඒ සම්බන්ධ වෙනත් ආකල්පයකුත් ගවමස්‌ නොකන නිසා තවත් ආකල්පයකුත් බෞද්ධයන් තුළ පවතින බවය.

බුද්ධාගම අනුව කුකුළෙකු මැරුවත්, මිනිසෙකු මැරුවත්, ගවයෙකු මැරුවත්, මදුරුවෙකු මැරුවත් සිදු වන්නේ එකම පවය. එය බුදුන් වහන්සේ විද්‍යාත්මකව විග්‍රහ කර ඇත. සතෙකු බව දැන ගැනීම, මරණ ෙච්තනාව, මැරීමට උපක්‍රම යෙදීම, මැරීම ආදී කරුණු ප්‍රාණඝාතය සිදුවීමට සම්පූර්ණ විය යුතුය. බුද්ධාගමේ විග්‍රහය ප්‍රකාරව සලකා බලන කල සෞදි අරාබියේදී රිසානා නපික්‌ අතින් දරුවෙකු බේසමේ ගිලී මිය යැම මිනිමැරීමක්‌ නොවේ.

මස්‌ කෑම බුද්ධාගම අනුව පවක්‌ නොවේ. නමුත් එසේ කෑමට සුදුසු මස ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ලෙස සැලකේ. එය හරක්‌ මස්‌ ද, ඌරු මස්‌ ද, කුකුල් මස්‌ ද කියා ප්‍රශ්නයක්‌ නොමැත. නමුත් වසර 2500 ක සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය තුළ ගවයාගෙන් සිදු වන මෙහෙය සලකා බලා උගේ මස්‌ කෑම ඉතා අකෘතඥ ක්‍රියාවක්‌ ලෙස සලකනු ලැබේ. පසුකාලීනව ලංකාවට පැමිණි අරාබි වෙළෙන්දන් ද බටහිර ආක්‍රමණිකයන්ද මෙය කළ අතර, එය සමාජයේ මහත් පිළිකුලට ලක්‌ විය.

මුස්‌ලිම් ජනතාව ගවමස්‌ අනුභව කිරීම අපගේ ප්‍රශ්නයක්‌ නොවේ. එය පෞද්ගලික ක්‍රියාවකි. නමුත් ගව මස්‌ හා සම්බන්ධ සංස්‌කෘතිය බෞද්ධයන්ගේ පිළිකුලට භාජනය වී ඇත. උදාහරණ ලෙස එම ලිපිය පළ වූ 12.05.2013 දිවයින පුවත්පතේ නිම්නය අතිරේකයේ 13 වැනි පිටුව බලන්න. ගැබ්බර දෙනුන් කිටි කිටියේ පටවාගෙන, උන්ගේ අත පය කඩා, පොලිසියට, පී.එච්.අයි. ට පශු වෛද්‍යවරයාට අල්ලස්‌ දී කරනු ලබන අශික්‍ෂිත ජාවාරම ඔබ අගය කරනවා ද? ගැබ්බර දෙනුන් කපා විකිණීම සාධාරණ ද? එවැනි අසාධාරණ අමානුෂික ව්‍යාපාරයන් ඉස්‌ලාම් ආගමට එකඟ ද යන්න මම නොදනිමි. ලංකාවේ මස්‌ පිණිස කුකුළන් ඇති කරනුයේ ද මුස්‌ලිම් ජාතිකයන් විසිනි. නමුත් එයට එරෙහිව විරෝධතා නොමැත්තේ එය ගව මස්‌ වෙළ¹මට වඩා ශිෂ්ට සම්පන්න ලෙස සිදු කරන හෙයිනි. කෙසේ වෙතත් දරුවන් ඉදිරිපිට හරකුන්ගේ බෙලි කැපීම, එසේ කපා ගත් ලේ නිවසේ ගෑම වැනි චාරිත්‍ර සමහර සමාජවල පවතින බව මා අසා තිබේ. කෙසේ වෙතත් මස්‌ කෑම ද පෞද්ගලික ක්‍රියාවක්‌ බැවින් ඒ සම්බන්ධව බුද්ධ දර්ශනය මැදිහත් නොවේ. එසේ වීමට හේතුව බුද්ධාගම කුඩා කල සිට මිනිසුන්ගේ ඔළුව බිම ඇණ බලහත්කාරයෙන් මොළ ශෝධනයකට ලක්‌ කරන ආගමක්‌ නොවීමය. බුද්ධාගම මානව නිදහස ප්‍රතිමූර්තිමත් කරන ආගමකි. වර්තමානයේ ලෝකයේ පවතින මානව හිමිකම් ප්‍රකාශන, ප්‍රඥප්ති, පරිසර ප්‍රඥප්ති ආදියෙහි අන්තර්ගත හරයාත්මක වටිනාකම් බුදු දහමෙහි මීට වසර 2500 කට පෙර සිට අන්තර්ගතව පැවැතීම ඔබ පුදුමයට පත් කරනු ඇත. එසේම සමහර ආගම්වල ආගම අතහැරීම මරණ දඬුවමින් දඬුවම් කළ හැකි වරදකි. බුද්ධාගම අනුව කැමැති නම් ඕනෑම විටෙක බුදු දහම අතහැර යා හැක. නමුත් සෞදි අරාබිය, පාකිස්‌ථානය වැනි රටවල ඉස්‌ලාම් ආගම අතහැරීම සම්බන්ධව ලබා දෙන ඉස්‌ලාමීය දඬුවම කුමක්‌ ද? නමුත් සෞදියේදී ඔබ බුද්ධාගම අතහැර ඉස්‌ලාම් ආගමට ගියහොත් මරණ දඬුවම දෙනවා ද? එකී නීතිය සර්ව සාධාරණ නැත්තේ ඇයි?

ඔහුගේ ලිපිය අනුව හාමුදුරුවන් මුස්‌ලිම් අය පිළිකුල් කරන්නේ ඇයි කියා ප්‍රශ්න කර සිටී. ඇත්තෙන්ම බුදු දහම අනුව යමෙකු වසලයෙකු (පිළිකුල් සහගත අයෙකු) වන්නේත් බ්‍රාහ්මණයෙකු (ගරු කටයුතු අයෙකු) වන්නේත් තම තමන්ගේ ක්‍රියා පටිපාටිය අනුවය. හාමුදුරුවන්ගෙන් එසේ ඇසීමට පෙර, මා හට සලීම් මහතා තමාගේ හෘද සාක්‍ෂියෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්‌ තිබේ. මුස්‌ලිම් ජනතාව ලොව පුරා සෑම රටකම පාහේ ප්‍රශ්න ඇති කරන්නන් බවට පත්ව සිටින්නේ ඇයි? බෞද්ධයන්, ක්‍රිස්‌තියානුවන්, කතෝලිකයන්, හින්දුන්, යුදෙව්වන් ආදී මෙකී නොකී සියලු මිනිසුන් සෑම තැනකම මුස්‌ලිම් අයට විරුද්ධ ඇයි? උදාහරණ ලෙස සුඩානය. නයිජීරියාව, ඊශ්‍රායලය, එංගලන්තය, ප්‍රංශය, ඉන්දියාව, බුරුමය, බංග්ලාදේශය, තායිලන්තය, පිලිපීනය, ඔස්‌ටේ්‍රලියාව, ඇමෙරිකාව ආදී රටවල මුස්‌ලිම් අය අන් ජාතීන් සමඟ ගැටලු ඇති කරගන්නේ ඇයි? මෑතකදී ඔස්‌ටේ්‍රලියානු අගමැතිනි ජුලියන් ගිලාඩ් මෙසේ කීවාය. කිසිදු මුස්‌ලිම් ජාතිකයෙකුට අපගේ රටට එන්න කියා අප කීවේ නැත. ඔබ අනාථයින් ලෙස හෝ සංක්‍රමණිකයින් ලෙස අපේ රටට ආවේ ඔබට අවශ්‍ය නිසා ය. මෙය නිදහස්‌ රටකි. එය ඔබගේ ආගමට අවශ්‍ය පරිදි පාලනය කිරීමට ඉඩදිය නොහැක. අපගේ ක්‍රමයට ඔබට ජීවත් වීමට නොහැකි නම් වහාම අපේ රටෙන් පිට වී යන්න.

එංගලන්තයට සරණාගතයින් ලෙස දකුණු ආසියානු රටවලින් සහ අප්‍රිකාවෙන් ගිය මුස්‌ලිම් ජාතිකයන් නිසා එරට පෙර නොවූ විරූ සමාජ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුව තිබේ. ප්‍රංශයේ තත්ත්වය ඊටත් වඩා නරක අතර, මානව නිදහස අගය කරන එරට මුස්‌ලිම් කාන්තාවන්ගේ කළු ලෝගුව පවා තහනම් කරන ලදී. මීට විරුද්ධව ප්‍රංශයේ විශාල විරෝධතා ඉදිරිපත් වූ අතර, විරෝධතාකරුවන් සරණාගතයන් ලෙස පැමිණ ප්‍රංශ රජයේ අනුකම්පාව මත දිවි ගෙවන්නන් වීම දෛවයේ සරදමකි.

ඉස්‌ලාම් ආගම හා බුද්ධාගම අතර ඓතිහාසික කතාවක්‌ පවතී. බුද්ධාගම ඉතාමත්ම අහිංසාවාදී ආගමක්‌ නිසා එය කඩුවේ බලයෙන් විනාශ කර තම ආගම පැතිරවූවෝ මුස්‌ලිමුන්ය. ඇµaගනිස්‌ථානය, පකිස්‌ථානය වැනි බුදුන් වැඩි රහතුන් විසූ ස්‌ථානවල බෞද්ධයන් මරා දමා ඉස්‌ලාම් ආගම ස්‌ථාපිත කරන ලදී. බෞද්ධ විහාර පොළවට සමතලා කරන ලදී. අදත් පකිස්‌ථානය, ඇµaගනිස්‌ථානය ඉතිහාසය ලෙස පෙන්වන්නේ බෞද්ධ නටබුන්ය. මේවායේ සිටි බෞද්ධයන්ට වුණේ කුමක්‌ද යන ප්‍රශ්නය ඔබ ඇසිය යුතුය. පිළිතුර නම් බංගලාදේශයේ චිතංගොන් හි සිදුවෙමින් පවතින දේ බලන්න. බෞද්ධ රටක්‌ වූ වංගදේශය අද ඉස්‌ලාම් රාජ්‍යයකි. බෞද්ධ භික්‍ෂූන් මැරීම විහාර කොල්ලකෑම දිනපතා සිදු වේ. තායිලන්තයේ ඉස්‌ලාම් ත්‍රස්‌තවාදීන් නිසා බෞද්ධ භික්‍ෂූණ්‌ට පිණ්‌ඩපාතයේ යැමට සිදුව ඇත්තේ හමුදා ආරක්‍ෂාව මධ්‍යයේය. මාලදිවයින අද 100% ක්‌ මුස්‌ලිම් රාජ්‍යයකි. එහි පුරාවිද්‍යාත්මක ස්‌ථාන මුස්‌ලිම් පල්ලි නොවේ. බෞද්ධ විහාරයන්ය. මේවායේ සිටි බෞද්ධයන් මැරුවේ කවුද?

ලෝක ඉතිහාසයේ ප්‍රථම විශ්වවිද්‍යාලය ලෙස සැලකෙන්නේ ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලය ය. එය බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨ විද්‍යස්‌ථානයක්‌ව පවතිද්දී ගිනි තබා බෞද්ධ භික්‍ෂූන් දහස්‌ ගණනක්‌ මරා බිමට සමතලා කරනු ලැබුවේ, මුස්‌ලිම් ආක්‍රමණිකයන් විසිනි. ඉරානය බෞද්ධ රටක්‌ව පැවතිණ. පසුව බෞද්ධ දර්ශනයේ ආභාසය ලත් සරතෘෂ්ත නම් දාර්ශනිකයාගේ දර්ශනය මත ඉතා දියුණු ශිෂ්ටාචාරයක්‌ පැවතිණි. ලෝකයේ දැනුම පිළිබඳ එවකට කේන්ද්‍රස්‌ථානයක්‌ ලෙස පර්සියාව පැවතිණි. මුස්‌ලිම් ආක්‍රමණ මගින් එකී ශිෂ්ටාචාරය බිමට සමතලා වූ අතර, පර්සියාවේ සැබෑ උරුමක්‌කාරයන් හට රට අතහැර දමා අනාථයන් ලෙස විදේශ රටවල ජීවත් වීමට සිදුව ඇති අතර, අදටත් පර්සියානුවන් ඉරානයේ සිටිනවාට වඩා පිරිසක්‌ ඉන්දියාවේ ජීවත් වෙති.

ලංකාවට මුස්‌ලිම් ජාතිකයන් පැමිණියේ වෙළෙන්දන් ලෙසිනි. ඔවුන් අත කුළු බඩු වෙළෙ¹ම පැවැති අතර, පෘතුගීසීන් පැමිණ ඔවුන් දිගට හරහට මැරීමට පටන් ගන්නා ලදී. එවිට මහනුවර සෙනරත් රජු මුස්‌ලිම්වරු හට ආරක්‍ෂාව ලබා දී නැගෙනහිර වෙරළ තීරයේ පදිංචි වීමට අවසර ලබාදෙන ලදී. රජු කළ ක්‍රියාවේ ප්‍රතිඵල දැන් අපි අත්විඳිමින් සිටිමු. වසර 600 ක වත් ඉතිහාසයක්‌ නොමැති නැගෙනහිර මුස්‌ලිම් ජනතාව තමාට රැකවරණය දුන් සිංහල මිනිසුන්ට කළගුණ සැලකීමට පටන් ගෙන තිබේ. පුරාවිද්‍යා ස්‌ථාන ඩෝසර් කිරීම, ඒවායේ ඉඩම් අත්පත් කර ගැනීම සහ නැගෙනහිර මුස්‌ලිම් නිජභූමියක්‌ ලෙස ප්‍රකාශ කිරීම උදාහරණයකි. 2013.05.13 දින ඉරිදා දිවයින පුවත්පතේම 16 වැනි පිටුව ප්‍රකාරව පුල්මුඩේ වැලි නිධිය, අල්ලා දෙවියන් නැගෙනහිර මුස්‌ලිම් ජනතාවට දුන් තෑග්ගකි. එය පොදු දේපළක්‌ නොවේ. එබැවින් එහි රැකියා මුස්‌ලිම් ජාතිකයන්ට පමණක්‌ දිය යුතුය. සලීම් මහතාට සිංහල බහුතරය සමඟ කොළඹ සාමයෙන් ආරක්‍ෂිතව ජීවත් විය හැකිය. සිකුරාදාට ජුම්මා ගිය හැකි නමුත් සිංහලයෙකුට පුල්මුඩේ රජයේ රැකියාවක්‌ කිරීම තහනම්ය. එකී ලිපිය අනුව මුස්‌ලිම් ජාතිවාදයට ජමයිතුල්ලා උලමා සංවිධානය පිටුබලය සපයයි. කොළඹදී අහිංසක උලමාවරු මුස්‌ලිම් බලය ඇති තැන්වල කටයුතු කරන්නේ එසේය.

එසේම මේ උලමාවරුන් ඇµaගනිස්‌ථානයේ බාමියන් බුදු පිළිම තලේබාන් ත්‍රස්‌තවාදීන් විසින් විනාශ කළ විට එය වැරදි යෑයි කීවේ නැත. බංග්ලාදේශයේ බෞද්ධ භික්‍ෂූන් මරා දමන විට කට ඇරියේ නැත. සෞදියේදී බුදුන් වැඳීමේ වරදට තුංගසිරි හිරේ දැමූ විට මීක්‌ කීවේ නැත. ඇයි ඒ?

ඉස්‌ලාම් ආගම අනුව පිළිම වන්දනාව දරුණු අපරාධයකි. දෙවියන්ගෙන් සමාව නොලැබෙන අපරාධයකි. පිළිම වන්දනා කරන මිනිසෙකු මැරීම ඉස්‌ලාම් ආගම අනුව දෙව්ලොව යන පිනකි. නබි නායකතුමා මුලින්ම කළ ක්‍රියාවන්ගෙන් එකක්‌ වන්නේ ද කාබාහි සිටි වෙනත් ආගමක්‌ (බුද්ධාගම) අදහන අයගේ පිළිම විනාශ කිරීමට නියෝග කිරීමය. එම නිසා උලමාවරුන්ගේ ආගම අනුව පිළිම කැඩීම හොඳ ක්‍රියාවකි. අනාගතයේ නැගෙනහිර බෞද්ධ වෙහෙර විහාර සියල්ල බිමට සමතලා වුවහොත් එය පුදුම වීමට කාරණයක්‌ නොවේ. එබැවින් ලංකාවේ මුස්‌ලිම් බහුතරයක්‌ ඇතිවුවහොත්, ෂාරියා නීතිය ක්‍රියාත්මක වුවහොත්, බෞද්ධ පූජනීය ස්‌ථාන බිමට සමතලා වීමේ සැබෑ අවදානමක්‌ පවතී.

එසේම ලංකාවේ සියලුම මුස්‌ලිම් පල්ලිවල උදේ 4.00, 5.00 ට පමණ ඉතා ශබ්දයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර දමාගෙන යාච්ඥ කරනු ලුබේ. පොලිස්‌ ආඥ පනත සහ ශ්‍රේෂ්ඨාධිකරණය වැලිගම මුස්‌ලිම් පල්ලිය සම්බන්ධව ලබා දුන් නඩු තීන්දුව ප්‍රකාරව රාත්‍රී 10.00 සිට උදැසන 6.00 දක්‌වා මොනම හේතුවකට වත් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ නොහැක. එය දඬුවම් ලැබිය හැකි වරදකි. ඒ අනුව මෙම පල්ලිවල පූජකයන් නීති විරෝධී ක්‍රියාවල නිරතුරුව යෙදෙන පුද්ගලයන් ලෙස සැලකිය යුතුය. දකුණු ආසියාවේ පවතින දරුණුතම මත්ද්‍රව්‍ය වන හෙරොයින් ඇµaගනිස්‌ථානයේ නිෂ්පාදනය කරනු ලැබේ. එය තලේබාන් සංවිධානයේ ප්‍රධානතම ආදායම් මාර්ගය ලෙස සැලකේ. ඉස්‌ලාම් ධර්මය දැඩිව පිළිපදින තලේබාන් වැනි පිරිසක්‌ මෙවැනි දරුණු මත්ද්‍රව්‍යයක්‌ නිපදවීමට පෙළඹුණේ කෙසේ ද? සලීම් මහතාට සිහිපත් කරදිය යුතු තවත් වැදගත් කාරණයක්‌ නම් අඩුපාඩු තිබුණ ද, බෞද්ධ භික්‍ෂූන් යනු වෙනත් ආගම්වල සිටින වැටුප් ලබන, අඹුදරුවන් රකින සහ දරුවන් බෝ කිරීමට, අනෙක්‌ ආගමිකයන්ගේ ඉඩම් ඩැහැ ගැනීමට මිනිසුන් පොළඹවන වර්ගයේ පිරිසක්‌ නොවේ. බෞද්ධ භික්‍ෂූන් ආගමේ නාමයෙන් මිනී මරා නැත. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ඉස්‌ලාම් ආගම සහ යුද්ධය අතර ඇත්තේ අවිච්ජින්න සම්බන්ධතාවයකි. තමන්ට පිරිස්‌ බලය ඇති තැන යුද්ධ කොට සෙසු ජාතීන්ට අඩන්තේට්‌ටම් කොට මරා දැමීමත් පිරිස්‌ බලය අඩු ලංකාව වැනි තැන්වලදී අහිංසකයන් ලෙස පෙනී සිටිමින් සාමය, මනුෂ්‍යත්වය ගැන කතා කරමින් තමන්ට පිරිස්‌ බලය ලැබෙන තෙක්‌ උපක්‍රමශීලීව කල් බලන්නේ කවුරුන්ද?

ඉස්‌ලාම් ආගම අනුව ජිහාඩ් යන්නෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ද? එහි ස්‌වරූප කීයක්‌ තිබෙනවාද? යන්න පැහැදිලි කිරීම ඔබගේ යුතුකමකි. ලොව පුරා ඉස්‌ලාම් මූලධර්මවාදී ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් කීයක්‌ තිබෙනවාද? යන්න සහ බෞද්ධ මූලධර්මවාදී ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් කීයක්‌ තිබෙනවාද? යන්න සිහි මොළය ඇති කවුරුත් දන්නා කරුණකි.

බොදු බල සේනා සංවිධානයෙන් එකදු මුස්‌ලිම් මිනිසෙකු හෝ මරා නැත. එකදු මුස්‌ලිම් ස්‌ත්‍රියක දූෂණය කර නැත. මුස්‌ලිමානුවෙකුගේ දේපළක්‌ කොල්ලකා නැත. මුස්‌ලිම් ඉඩම් අල්ලා නැත. ඉස්‌ලාම් ආගමේ මුළු ලෝකයම ඉස්‌ලාම් ලෝකයක්‌ බවට පත් කිරීමට සිහිනයක්‌ ඇතත් බුද්ධාගමේ එවැනි ව්‍යාප්තවාදී අදහස්‌ නැත. ලංකාවේ අවුරුදු 2500 ක ඉතිහාසය සහ බෞද්ධ භික්‍ෂුන් යනු ගසට පොත්ත මෙනි. විදේශ ආක්‍රමණවලදී සතුරාට එරෙහිව ජනතාවට ශිෂ්ට සම්පන්න ලෙස ඒවාට මුහුණ දීමට ආධ්‍යාත්මික නායකත්වය දුන්නේ බෞද්ධ භික්‍ෂූන් විසිනි. පාසල් නොමැති යුගවලදී ජනතාවට ඥනය ලබා දුන්නේ පන්සලෙනි. එබැවින් භික්‍ෂුවගේ චරිතය, අඩුපාඩු මතම ලඝූ කළ නොහැක. විශේෂයෙන්ම ඔබට නොහැක. ඊට හේතුව ලෝකයේ සිංහල භාෂාව කතා කරන ජනතාවක්‌ සිටින එකම රට ලංකාවය. එය අරාබි බසක්‌ නොවේ. එය ඉන්දු ආර්ය භාෂාවකි. භාෂාවේ ඉතිහාසය හාරා බලන විට සිංහල ජනතාවට මේ රටේ නිජභූමි අයිතිය කියාපෑමට නීත්‍යානුකූල වූත් සදාචාරාත්මක වූත් අයිතියක්‌ ඇත. මෙය ජාත්‍යන්තරව පිළිගත් අයිතියකි. ඇමෙරිකාව රතු ඉන්දියානුවන්ගේ නිජභූමිය ලෙස සුද්දන්ගෙන්ම සැදුම්ලත් ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ අතර, ඔස්‌ටේ්‍රලියාව ඇබෝරිජීන්වරුන්ගේ නිජබිම ලෙස සුද්දන්ගෙන්ම සමන්විත ඔස්‌ටේ්‍රලියානු ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කරන ලදී. නබි නායකතුමා ඉපදීමටත් අවුරුදු දහස් ගණනකට පෙර සිටම ලංකාවේ බෞද්ධ භික්‍ෂූන් සහ සිංහල මිනිසුන්(රාවණ පරපුර) වාසය කළ බව මතක තබා ගත යුතුය.

සෞදි අරාබිය වැනි රටවල් ඉස්‌ලාම් ෂාරියා නීතිය අනුව පාලනය වන බැවින් ඉස්‌ලාම් ආගමේ ප්‍රායෝගික නිදර්ශනයක්‌ ලෙස එකී රාජධානිය සැලකිය හැක. එම රටේ ස්‌ත්‍රී දූෂණ ප්‍රතිශතය අඩු වූවද දුප්පත් රටවලින් ගෘහ සේවිකාවන් ලෙස රැකියාවට යන කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන දුක්‌ගැහැට අප සැවොම අසා ඇත. තිරිසනුන් ලෙස සැලකීම් ලැබීම, ලිංගික අපරාධවලට ගොදුරු වීම, මරාදැමීමට ලක්‌ වුනත් අපරාධකරු හට දඬුවම් නොලැබීම ආදී දේවල් අපට හුරු පුරුදු එදිනෙදා ප්‍රවෘත්ති බවට පත්ව තිබේ. මෙකී තත්ත්වය මුස්‌ලිම් ජනතාවගේ ඓතිහාසික සතුරන් වන ඇමෙරිකාව, එංගලන්තය වැනි බටහිර රටවල පවතින තත්ත්වය සමඟ සසදා  බලමු. එකී බටහිර රටවලට සරණාගතයන් ලෙස මුස්‌ලිම් ජාතිකයන්ද ඇතුළුව අතිවිශාල පිරිසක්‌ තුන්වන ලෝකයේ රටවල්වලින් සංක්‍රමණය වී ඇත. එකී සරණාගතයන්ට හෝ රැකියා පිණිස සංක්‍රමණය වූ විදේශිකයන්ට කිසිදු දිනෙක සවුදි අරාබියේදී සිදු වන අපරාධ සිදුවූවා යෑයි අප අසා නැත. අනෙක්‌ අතට දකුණු ආසියාවේ, උතුරු අප්‍රිකාවේ මුස්‌ලිම් ජාතිකයන් පවා අරාබිකරයට සංක්‍රමණය නොවී බටහිර රටවලට සංක්‍රමණය වීමට ප්‍රිය කරන්නේ කුමන හේතුවක්‌ නිසාද? මෙහි යම්කිසි අවුලක්‌ පවතින බව ඔබ පිළිගන්නවාද?

අදහස්‌ ප්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධයෙන් සලකා බලන විටද බුද්ධාගමේ පවතින්නේ ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී දියුණු ආකල්පයකි. බුදුන් වහන්සේ ජීවත්ව සිටි සමයේ තවත් ආගම් රැසක්‌ ඉන්දියාවේ පැවැති අතර ඔවුන් මැරීමට, ඔවුන්ගේ පූජනීය ස්‌ථාන විනාශ කිරීමට බුදුන් වහන්සේ නියම කළේ නැත. ඒ වෙනුවට ඔවුන්ට ගරු කරමින් ඔවුන් සමඟ බුද්ධිමය සංවාදයක යෙදීමට කටයුතු කරන ලදී. නමුත් සල්මන් රුශ්ඩි නමැති ගත් කර්තෘවරයා අයතුල්ලා කොමෙයිනිගේ මරණ දඬුවම නියම කිරීම නිසා අදටත් මරබියෙන් සැඟවී ජීවත් වේ. එසේම ලැඡ්ජා නමැති කෘතිය නිසා ටස්‌ලිමා නස්‌රීන්ට ද මරණ දඬුවම ප්‍රකාශ කරන ලදී. නබිතුමාගේ යෑයි සැලකෙන කාටුන් චිත්‍ර 07 ක්‌ ඇන්දේ යෑයි කියන ඩෙන්මාර්ක්‌ ජාතික කාටුන් ශිල්පියාගේ හිසට පකිස්‌තානයේ මුල්ලාවරයකු මිලක්‌ නියම කරන ලදී. මෙවැනි ක්‍රියාවන් නූතන මනුෂ්‍ය සදාචාරයට ගැලපෙනවාද? අදහස්‌ ප්‍රකාශ කිරීමේ නිදහස මූලික මානව අයිතිවාසිකමක්‌ ලෙස එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළිගනී. එකී තත්ත්වය උක්‌ත ඉස්‌ලාමීය නියෝග සමඟ ගලපන්නේ කෙසේද?

ලංකාවේ මෑත ඉතිහාසයේ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි වශයෙන් බටහිර ජාතීන් 03 කගේ ආක්‍රමණයන්ට ලක්‌වන ලදී. මේ එකදු ජාතියකටවත් එරෙහිව මුස්‌ලිම් ජනතාව කැරලි ගැසූ බවට සාක්‍ෂියක්‌ නොමැත. ඇත්තේ ඊට විරුද්ධ සාක්‍ෂියකි. මැලේ ජාතිකයන් යනු ඉංග්‍රීසීන් විසින් සිංහල හමුදාව සමඟ යුද්ධ කිරීමට ගෙන්වන ලද කුලී හමුදාවකි. වධකයන් ලෙස ද මොවුන් කටයුතු කර ඇත. කැප්පෙටිපොල නිලමේ සුද්දන්ට අල්ලා දෙන ලද්දේ මුස්‌ලිම් ජාතිකයන් විසිනි.

අවසාන වශයෙන් කිව යුත්තේ මෙය නිදහස්‌ රටකි. අරාබි අර්ධද්වීපයේ කොටසක්‌ නොවේ. අරාබියේ සිට වෙළෙඳාමට පැමිණ මෙහි බින්න බැසගත් පමණින් මෙම දූපත අරාබියේ කොටසක්‌ බවට පත් නොවේ. එසේ කිරීමට යමෙකු උත්සාහ කරන්නේ නම් ඔහු ආක්‍රමණිකයෙකි, ව්‍යාප්තවාදියෙකි.

බෞද්ධ පන්සල්වලට ඓතිහාසිකව අයිති ඉඩම් තුළ මුස්‌ලිම් පල්ලි ඉදිකළ අවස්‌ථා ලංකාවේ ඕනෑ තරම් පෙන්වාදිය හැකි නමුත් මුස්‌ලිම් පල්ලියකට අයත් ඉඩමක බෞද්ධ හෝ ක්‍රිස්‌තියානි හෝ ආගමක සිද්ධස්‌ථානයක්‌ ඉදිකිරීමට ඉඩ දුන් එකම එක අවස්‌ථාවක්‌ හැකි නම් පෙන්වා දෙන්න. අඩුම තරමින් වෙසක්‌ තොරණක්‌ ඉදිකිරීමටවත් ඔබලා ඉඩ දෙනවා ද? 1915 සිංහල - මුස්‌ලිම් කෝලාහලය ඇති වූයේ කුමක්‌ නිසා ද?

වසර 2500 ක ලිඛිත ඉතිහාසයක්‌ ඇති අපි ඔබේ රට ආක්‍රමණය කළේ නැත. ඔබට මෙහි එන්න කීවේත් නැත. නමුත් සෙනරත් රජු දැක්‌වූ මනුෂ්‍යත්වය නැවත සිහිපත් කරමින් ඉතා කාරුණිකව ඔබට කීමට ඇත්තේ ඔස්‌ටේ්‍රලියානු අගමැතිනිය කී දේමය.

අසේල වික්‍රමනායක

Monday, December 23, 2013

"සමන්ත භද්‍ර" යනු කවුරුන්දැයි ඔබ දැන සිටියා ද?


"සමන්ත භද්‍ර" යනු කවුරුන්දැයි ඔබ දැන සිටියා ද?

‘‘එක් සමයෙක්හි ශාක්‍යසිංහ වූ සමන්තභද්‍ර වූ අසමසම වූ තෛ‍්‍රලෝක්‍ය තිලක වූ ත්‍රිභුවන චූඩාමාණික්‍ය වූ කරුණා නිධාන වූ මෛත්‍රී නිවාස වූ ප්‍රඥාවට වල්ලභ වූ සාගරයක් සේ අචින්ත්‍ය ගුණ ඇති මහ පොළොව සේ නිශ්චල ගුණ ඇති මහාමේරුව සේ උස් වූ ගුණ ඇති දැරු මිණක් සේ නිර්මල වූ ගුණ ඇති මාගේ ස්වාමි දරු වූ සම්බුදුරජාණන් වහන්සේ...’’
- උම්මග්ග ජාතකය ආරම්භ වන්නේ එලෙසයි.

උම්මග්ග ජාතකය, නිකාය සංග්‍රහය, සිංහල බෝධි වංශය, සිදත් සඟරා විවරණය ඇතුළු බොහෝ බෞද්ධ පුස්තකයන්හි "සමන්ත භද්‍ර" නාමයෙන් හඳුන්වන්නේ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේව යි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේව හැඳින්වීමට පමණක් භාවිතා කර ඇති එම ශ්‍රී නාමයට අපහාස කිරීමෙන් හෝ ඒ නාමය අනෙකුත් උදවියට භාවිතා කිරීමෙන් බෞද්ධ අපි වැළකෙමු.

පිටිදුවේ සිරිධම්ම යන මොහු පිස්සෙකි. මොහු මාර්ගඵල ලැබිය, නිවන්ද දකින්න‍‍ට ආසන්නය, තව කලකින් NGO මුදල් වලින් බුදුබවද ලබනු ඇත.

Thursday, December 19, 2013

සමනල කන්දේ අභිරහස්...................................


බෞද්ධයන්ගේ නිරන්තර වන්දනාමානයට  පාත‍්‍ර වූ, සෑම වසරකම හයමසක් ආගමික වතාවත් සදහා සැදැහැවතුන් පැමිණෙන සමන්තකූඨ පර්වතය හෙවත් සමනොළ කන්ද ලොව පැරණිම ස්වාභාවික දින දර්ශනයක් ලෙස නිදර්ශන සහිතව ලොවට හෙළි කිරීමට ශ‍්‍රී ලාංකේය පර්යේෂකයන් පිරිසක් මේ  වන විට සමත්ව සිටී.
සූර්ය උදාවත් සමගම බටහිර දෙසින් දිස්වන සමනළ කන්දේ ත‍්‍රිකෝණාකාර ප‍්‍රතිබිම්බය ජ්‍යාමිතික ගණනය කිරීම් උපයෝගී කරගෙන ඔවුන් මෙම නිගමනයට පැමිණ ඇත.
ශ‍්‍රී ලංකා ජෛව තාරකා විද්‍යා ඒකකයේ පර්යේෂණ අංශයේ අරවින්ද රවිභානු සුමනරත්න මහතා පර්යේෂණය භාරව ක‍්‍රියා කළේය. රොහාන් ඉන්දික විජේතුංග, මොරටුව විශ්වවිද්‍යාලයේ ආතර් සීි ක්ලාක් ආයතනයේ අභ්‍යවකාශ යෙදුම් අංශයේ පර්යේෂණ තාරකා විද්‍යාඥ ජානක අඩස්සුරිය,  කැළණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ කමල් අබේවර්ධන, යන මහත්වරු ද මේ පර්යේෂණයන්ට එක්වූහ.
සමනොළ කන්දේදී සූර්ය උදාව ‘‘ඉර සේවය’’ ලෙස බොහෝ දෙනෙක් නම්කර ඇත. හිරු උදාවෙන විට ශ‍්‍රීපාද මලූවේ සිටින කෙනෙකුට එහි බටහිර ක්‍ෂිතිජය දෙස බැලූවහොත් ශ‍්‍රීපාද කන්දේ ප‍්‍රතිබිම්බය ත‍්‍රිකෝණාකාරව දැකගත හැකිය. යහපත්වූ කාලගූණයක් පවතින විටක මෙය හොදින් නිරීක්‍ෂණය කළ හැකිය. උදෑසන කාලයේ පරිසයේ ජලවාෂ්ප ඝණත්වය ඉහළ අගයක් ගන්නා නිසා බටහිර ක්‍ෂිතිජයේ් සමනොළ කන්ද ප‍්‍රතිබිම්බය හොදින්ම දැකගත හැකි බව පර්යේෂකයන්ගේ නිගමනයයි. මෙවැනි සිද්ධියක් දැකගත හැකි බවට ලෝකයේ  මෙතෙක් සොයාගත් එකම ස්ථානය සමනොළ කදුමුදුන විය හැකියැයි පර්යේෂකයෝ විශ්වාසය පළකරති.
සමනොළ කන්දේ සෙවනැල්ල හා එහි භූගෝලිය පසුබිම සම්බන්‍ධයෙන් 2011 සහ 2012 වර්ෂවල අවාර සමය යොදාගෙන මෙම පර්යේෂණයන් පවත්වා ඇති බව ද පර්යේෂකයෝ කියති. ඒ අනුව 2011 වර්ෂයේ සිට සමනොළ කන්දේ ප‍්‍රතිබිම්බයේ ත‍්‍රිකෝණාකාර පිහිටීම පිළිබදව, චන්‍ද්‍රිකා තාක්‍ෂණය ඇසුරෙන් ලබාගත් දත්ත ද ගබඩා කර පසුව ඒවා විශ්ලේශනය කර මෙම නිගමනයට එනු ලැබීය.
සමනොළ කන්දේ උස මීටර් 2233කි. ඉහත දත්ත අනුව ප‍්‍රතිබිම්බය නිර්මාණය වීම සදහා වස්තුවේ උස මීටර් 275ක අගයක් ලබාගත හැකි වූ බවත් එය සමනොළ කන්දේ සම්පූර්ණ උසින් අටෙන් එකක අගයක් ගන්නා බව ද පර්යේෂකයෝ පෙන්වා දෙති. එය සමනොළ කන්ද නැගීමේදි හමුවන ආ`ඩියාමළතැන්නේ (ආඩියාමළ තැන්නට මුහුදු මට්ටමේ සිට උස මීටර් 1958කි) සිට ශ‍්‍රීපාද මලූවට ඇති දුරට සමාන බව ද ඔවුහු පෙන්වා දෙති. සමනොළ කන්දේ ප‍්‍රතිබිම්බයේ පාතනය ශ‍්‍රීපාදස්ථානයට ගමන් කිරීමට ඇති කුරුවිට එරත්න මාර්ගය හරහා සිදුවන බව ද පර්යේෂණය මගින් අනාවරණය වී ඇත. අවාරයේදි සමනොළ කන්දේ ප‍්‍රතිබිම්බයේ ආරම්භක ප‍්‍රදේශයක් ලෙස ගම්පහ දිස්ත‍්‍රික්කයේ ජාඇලට කිලෝ මීටර් දෙදහසක් ඉහළ අහසේ බව හ`දුනාගැනීමට හැකිවූ බවද පර්යේෂකයෝ කියති.
ශ‍්‍රීපාද වාරයේ සහ අවාරයේ සූර්යා උදාවන ස්ථානය වෙනස් වන නිසා එහි ප‍්‍රතිබිම්බයේ ද විචලනයන් සිදුවන බව දත්ත අනුව පෙනී යන බව ද පර්යේෂකයෝ කියති. එය සාමාන්‍යයක් ලෙස ගත්විට එම විචලනය කොළඹ මධ්‍යයනය ලෙස ගත් විට කිලෝමීටර් විස්සක් උතුරට සහ දකුණට ප‍්‍රතිබිම්බයේ ආරම්භය පෙන්නුම් කරන බවද ඔවුහු පෙන්වා දෙති.
මෙම ගණනය කිරීම්වලදී පර්යේෂකයෝ මීට අවුරුදු අසුවකට පමණ ඉහතදී සමනොළ කන්දේ ප‍්‍රතිබිම්බය සටහන්වීම ගැන තොරතුරු විශ්ලේෂණයට ගෙන තිබේ. 1934 වර්ෂයේදී ඉංග‍්‍රීසි ජාතිකයන් පිරිසක් විසින් ශ‍්‍රීපාද මලූවේ සිට රූගත කරන ලද ශ‍්‍රී ලංකාවේ ගීතය (SONG OF THE CEYLON)  නමැති වාර්තාමය චිත‍්‍රපටියේ සමනොළ කන්දේ සෙවනැල්ල ද නිරීක්‍ෂණයන්ට භාජනය කර ඇත. මෙම දත්ත ද පර්යේෂකයන්ගේ දත්ත  හා ඉතා සියුම්ව විමර්ශනය කිරීමේදී ශ‍්‍රීපාද ප‍්‍රතිබිම්බය සමද්විපාද ත‍්‍රිකෝණයක් ලෙසට හදුනාගත හැකිවූ බවද පෙන්වා දෙති.
මෙම ශ‍්‍රීපාද ප‍්‍රතිබිම්බය ස්වාභාවික සංඥාවක් (NATURAL SIGNAL) ලෙස පර්යේෂකයෝ හදුන්වති. මෙම දත්ත අනුව ප‍්‍රතිබිම්බයේ පාතනය සමග ශ‍්‍රීපාද බටහිර බෑවුමේ සතුන්ගේ චර්යාමය වෙනසක් සිදුවිය හැකි බවට පර්යේෂකයෝ නිගමනය කරති. ඉදිරි පර්යේෂණයන් එම ක්‍ෂෙත‍්‍ර කෙරෙහි යොමු කරවීමට නියමිත බව ද ඔවුහු කියති.
එසේම මෙම ප‍්‍රතිබිම්බය සහ වායුගෝලීය වස්තූන් අතර සම්බන්‍ධතාවක් ඇති බවට පර්යේෂණයේදී පෙනී ගිය බව ද කියති. එංගලන්තයේ ‘‘ස්ටෝන්හෙන්ජි ගොඩනැගීම’’ හරහා එහි සෙවනැලි පාතනය භාවිතායෙන් ද මෙම කාලය ගණනය කළ හැකි බව පර්යේෂකයෝ අවධාරණය කරති. ඒ අනුව පෘථිවියේ චලිතයේ කොටස්වන භ‍්‍රමණය, පරිභ‍්‍රමණය පහසුවෙන් ගණනය කළ හැකි බව ද පවසන පර්යේෂකයෝ ඒ මත පිහිටා ලොව පැරණිම ස්වභාවික දින දර්ශනය ලෙස සමනොළ කන්ද සහ එහි ප‍්‍රතිබිම්බය හ`දුන්වාදීමට තීරණය කළ බව ද කීවේ ය.

මෙම පර්යේෂණයන් අදියර අටකින් යුක්තය එහි පළමු අදියර නිමාවීමෙන් පසු මෙම නිගමනයට පැමිණ ඇත.  ‘‘SESSIONAL
SHADOW MOTION OF ADAM S PEAK 2011- 2012 - 1/8 ’’ නමින් පත‍්‍රිකාවක් මගින් මෙම නිගමනය නම්කර තිබේ. මෙම පර්යේෂණ නිගමන තොරතුරු පත‍්‍රිකාව SAIA PACIFIC JOURNAL OF BIOGEOGRAPHY, THE INTER N ATIONAL BIOGEOGRAPHY SOCIETY, SKY සහ TELESCOPE හා NASA යන ආයතන සහ සගරාවෙත ද යවා ඇති බව පර්යේෂකයන් වෙනුවෙන් කරුණු දැක්වූ අරවින්ද රවිභානු සුමනරත්න මහතා පැවසුවේ ය.
ප‍්‍රතිබිම්බයක (GPS) චන්‍ද්‍රිකා දත්ත භාවිතාකර මෙවැනි පර්යේෂණයක් සිදුකළ ලොව ප‍්‍රථම අවස්ථාව මෙය බවද පර්යේෂකයෝ කියති.
‘‘අපේ මේ පර්යේෂණ මාලාව හරහා භූගෝල විද්‍යාව, පරිසර විද්‍යාව, සත්ත්ව විද්‍යාව සහ තාරකා විද්‍යාව යන අංශ එකිනෙක බැදුනු අංශ බව ලෝකයට ඔප්පුකර නව විද්‍යාත්මක සොයාගැනීමකට හැකියාව ලැබුණ බව ද පර්යේෂකයෝ කීහ.
සෑම වසරකම අවසානයේ උදුවප් පොහොයෙන්් ඇරඹී වෙසක් පොහොයෙන් අවසන් වන සිරිපා සමයත් වෙසක් පොහොයෙන්් ආරම්භ වී උදුවප් පොහොයෙන් අවසන්වන සිරිපා අවාර සමයත් අතර ඇති විද්‍යාත්මක වෙනස්කම ගැනත් ‘‘ඉර සේවයේදී’’ දැකිය හැකි සමනොළ කන්දේ සෙවනැල්ලත් ගැන එළඹෙන සිරිපා සමයේ සිරිපා කරුණා කරන සියලූ දෙනාටම හිතන්නට යමක් මෙම පර්යේෂණය තුළින් ඉතිරි කරයි.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ වම් සිරිපා පද්මය සනිටුහන් කිරීමටත් මෙයද හේතුවක් වන්නට ඇතැයි සිතිය හැකිය. එමෙන්ම, අතීතයේ රෝමයේ මහා ඇලෙක්සැන්ඩර් රජු, දාහතරවැනි සියවසේ දේශගවේශකයෙකු වූ ඉබන් බතූතා වැන්නවුන් ද එහි පැමිණෙන්නට ඇත්තේ මේ ආශ්චර්ය නිසාද? අලූත් කතිකාවතකට මේ පර්යේෂණයන් මාර්ගය සකසයි.
එසේම සිරිපා අඩවියේ වෙසෙන වන සතුන් පිළිබද සත්ත්ව විද්‍යාඥයින්ගේ සොයාගැනීම් අනුව සිරිපා අඩවියේ සත්ත්ව විශේෂවල හැඩරුව (ශ‍්‍රීපාද අඩවියේ වන අලි කුරු හැඩයකින් යුතු බව) මෙන්ම චර්යාවන්හි ද වෙනස්කම් ඇති බව අවධාරණය කර ඇත්තේ මේ විද්‍යාත්මක හේතූන්දැයි අලූතින් සිතීමට කාලය එළඹ ඇත.

Wednesday, December 18, 2013

ඔවුන්ගේ ඊලග ඉලක්කය...............................?

ඔවුන් මකුලාරාමයට ගියෝය.
ඔවුන් නාලන්දා විහාරයට ගියෝය.
ඔවුන් ඇෆ්ගනිස්ථානයට ගියෝය.
ඔවුන් පාකිස්ථානයට ගියෝය.
ඔවුන් ඉන්දුනීසියාවට ගියෝය.
ඔවුන් මාලදිවයිනට ගියෝය.
ඔවුන් බාමියන් පිළිම සොයා ගියෝය.
ඔවුන් තායි භික්ෂූන් වහන්සේලා කරා ගියෝය.
ඔවුන් බංග්ලාදේශයේ බුදුපිළිම වහන්සේ කරා ගියෝය.
ඔවුන් බුද්ධගයාව කරා ගියෝය.
ඔවුන් සිංහල යුවතියන්ව රවටාගෙන හලාල් කළෝය.
ඔවුන් කූරගල ගියෝය.
ඔවුන් දෙවනගල ගියෝය.
ඔවුන් තිරියාය ගියෝය.
ඔවුන් දීඝවාපියගියෝය.
ඔවුන් මූදුමහාවිහාරයට ගියෝය.
ඔවුන් මහමෙවුනාවට ගියෝය.
ඔවුන් දඹුළු විහාරය කරා ගියෝය.
බෞද්ධයෝ බවුන් වඩමින් මදයම ප්‍රතිපදාවේ ගියෝය.
බුද්ධ සාසනය පරලොව ගියෝය.
අපේ දරුවෝ අපායේ ගියෝය.
අපි නිවන් ගියෝය.