බුර්කාව ජාතික සමගියට බාධාවක්...
අන්තවාදී ගෝනිබිල්ලන් ගැන සාම්ප්‍රධායික මුස්ලිම් ජාතිකයෙකුගෙන් මධ්‍යස්ථ විමසුමක්.
ශ‍්‍රී ලාංකීය මුස්ලිම්වරුන්ගේ පැමිණීමේ ඉතිහාසය සලකා බලද්දි පැහැදිලි වනුයේ ඔවුන් අරාබීයේ හා ඉන්දියාවේ සිට වෙලදුන් වශයෙන් පැමිණි ජනකොටසක් වශයෙනි. ඉන්දියාවේ සිට පැමිණි මුස්ලිම්වරුන්ගේ සංස්කෘතිය ලෙස අපට දැකිය හැක්කේ හින්දු සංස්කෘතියේ සමහර ලක්‍ෂණ එකතුව සෑදුනු ඉස්ලාම් සංස්කෘතියකි. පහන් දැල්වීම මීට නිදසුනකි.
ලංකාව තුල ආරම්භයේ සිටම මුස්ලිම් සංස්කෘතිය ගොඩනැගුනේ සිංහල හා දෙමළ ජනයාගේ සංස්කෘතියත් සමග මිශ‍්‍රවය. වසර 700ක් පමණ ඈතට දිවෙන ලාංකීය මුස්ලිම් ජනයාගේ ඉතිහාසය තුළ දක්නට ලැබෙන මෙම සංස්කෘතික සබැදියාව සිංහල මුස්ලිම් සමගිය පෙන්වන හොදම නිදසුනකි. මේ බව ලාංකීය මුස්ලිම් ජනයාගේ ඇඳුමින් ද මනාව පැහැදිලි වේග එනම් ඔවුන් සිදුකර ඇත්තේ ලාංකීය සමාජයේ එවකට තිබුණු ඇඳුමට තම සංස්කෘතික ලක්‍ෂණ මුසුකරගැනීමයි. ලංකාවේ මුස්ලිම් කාන්තාවන් අතර අතීතයේ සිටම සාරිය බෙහෙවින් ජනප‍්‍රිය වු අතර ඒ මගින් ලංකාවේ සමාජයට අනුගත වීමට ඔවුනට හැකියාව ලැබිණි. නමුත් සාරි පොට ඔඵවට දමා ගැනීම තුලින් හිස ආවරණය කරගෙන තම සංස්කෘතික අනන්‍යතාව රැතගැනීමට ද ඔවුහු කටයුතු කළහ. (පර්දාව පැලදීම ජනප‍්‍රිය වූයේ ඊට පසුවය) මුස්ලිම් තරුණියන් අතර වඩාත් ජනප‍්‍රිය වුවේ ෂල්වාර් ඇදුම වු අතර එහි ඇති සඵව හිස ආවරණය කර ගැනීමට යොදා ගැනිනි.
පිරිමින් සරම සහ මේස් බැනියම පාවිච්චි කළ අතර පසුකලෙක සරම සහ කමිසයද ඉන් පසු කලිසම සහ කමිසය වශයෙන් ද මෙම විකාශය සිදුවනු දැකය හැකිවිය.
ඉස්ලාම් ආගම අනුව ඇදුම් පිළිබදව විශේෂ හදුන්වාදීමක් කර ඇත. පිරිමි අය සදහා විලූඹෙන් උඩට ඇදිය යුතු අතර දණහිසෙන් ඉහලට ඈදිම තහනම්ය. ස්ත‍්‍රීන්ට අතේ මැණික් කටුව දක්වා පාදයේ විලූඹ දක්වා වැසෙන සේත් හිස ආවරණය වන සේත් (මුහුණු ආවරණයක් නැත) ඇදුම් ඇදිය යුතු වේ වශයෙනි.
වර්තමානයේ වැඩිපුර දක්නට ලැබෙන කඵ ලෝගුව ගැහැනුන් සදහා ද සුදු ලෝගුව පිරිමින් සදහා ද ඇදීම සිදුවන්නේ වසර විස්සක තිහක පමණ අතීතයක සිටය. එනම් 1980-90 දසක වල මැදපෙරදිග රැකියාවලට යන මුස්ලිම් ජනයා මැදපෙරදිග අඳින මෙවැනි ඇදුම් අමු අමුවේ අනුකරණය කිරීම නිසාය. නමුත් මගේ විශ්වාසය නම් මේ නව ඇඳුම විසින් ඇති කරනුයේ නරක ප‍්‍රතිඵලයක් බවයි. බොහෝ ජාතිකයින් ජීවත් වන සහ විවිධ ආගම්වලට අදාල මිනිසුන් ජීවත් වන සමාජයක් තුල සිදුවිය යුත්තේ එකිනෙකාගේ වෙනස්කම් ඉස්මතුකිරීම හෙවත් වෙන්වීම සාධාරණිකරණය කරන ලක්‍ෂණ ඉස්මතුකරනවා වෙනුවට එකතුවීම සදහා ඇති සාධක හෙවත් සමාන ලක්‍ෂණ ඉස්මතුකිරීමයි. නමුත් වර්තමානයේ මුස්ලිම් ජනතාවගෙන් සියයට දෙකක් තුනක් පමණ වන ඉතා අල්ප පිරිසක් ආධානග‍්‍රාහී ලෙස මැදපෙරදිග අනුකරණය කිරීමට යාම හා අනවශ්‍ය ප‍්‍රමාණයට තම අනන්‍යතාවය උලූප්පා දැක්වීම නිසා මෙරට පවතින ජාතික සමගියට හානි වනවා පමණක් නොව අනෙක් ජාතින් තුළ සැක සංකා ඇතිවීම ද වැළැක්විය නොහැක. මෙය අනෙක් අතට ඉහත කී ලෙස ආධානග‍්‍රාහී නොවන බහුතර මුස්ලිම් ජනයාට ද කරන අසාධාණයකි.
මොවුන් විසින් ඉස්ලාමය උපුටා දක්වමින් මෙම බුර්කා ඇදුම(ගෝනිබිල්ලාගේ ඇදුම) ඇදීම සාධාරණීකරනය කිරීම සදහා දක්වන හේතුව වන්නේ පිරිමියාගේ කාමය ඇවිස්සෙන ආකාරයේ ඇදුම් ස්ත‍්‍රිීන් ඇඳිය යුතු නැත යන්නයි. නමුත් කාන්තාවන්ගේ අතක් දුටු පමණින් ඇසක් දුටු පමණින් කාමයෙන් මත් වන්නේ මානසික රෝගියෙකු මිස අන් අයෙකු නොවේ. එලෙස අතක් පයක් දුටු පමණින් කාමයෙන් මත් නොවී සිටින්නේ කෙසේද යන්න ඉස්ලාමයේම ද උගන්වනු ලබයි.
අදුම් අදින්නේ යම් සාදාචාරාත්මක භාවයක් පවත්වාගෙන යාමට හෙයින් ඇදුම් ඇදිය යුත්තේ පිළිවෙලකට බව පිළිගත යුතුය. නමුත් ඉහත කී ගෝනිබිල්ලන්ගේ ඇදුම එයට කිසිසේත්ම විකල්පයක් නොවේ. අතීතයේදී සාරි පොටින් හිස වසා ගත් මුස්ලිම් කාන්තාවන් බුරුතු පිටින් දුෂණය වී තිබුණා නම් මොවුන්ගේ මෙම තර්කය යම් තරමකට හෝ පිළිගත හැකිය.
අදින් වසර ගණනාවකට ඉහතදීන් මුස්‌ලිම් කාන්තාවෝ සිංහල කාන්තාවන් මෙන් නිදහසේ පාරට බැස ගමන් බිමන් නොගිය අතර හදිසි උවමනාවක් වී මගට බැස්‌සේ සාරි පට හිසට දමාගෙන ඉතා සරල මොට්‌ටැක්‌කිලියකින් හිස වසා ගෙනය. එහෙත් වර්තමාන ශ්‍රී ලංකාවේ කොළඹ සිට හම්බන්තොට දක්‌වා සෑම මුහුදු බඩ නගරයකමත් රට අභ්‍යන්තරයේ සේම කඳුරට සෑම නගරයකමත් හිසේ සිට දෙපතුල දක්‌වා වැසීයන කාලවර්ණ ඇඳුමකින් සැරසී, ඇස් දෙක පමණක් පිටතට පෙනෙන ඇතැම්විට දැලකින් වසා ඇති නිසා දැස පවා පිටතට නොපෙනෙන මුස්‌ලිම් කතුන් දැකිය හැකිය.
මින් පෙර නොතිබූ තලේබාන් අන්තවාදීන්ගේ "බුර්තා" ඇඳුම ශ්‍රී ලංකාවට පැමිණ තිබීම සරල කතාන්දරයක් නොවේ. සිය සැමියාගේ අවසරයකින් තොරව ඕනෑම ඇඳුමක් ඇඳීමට සිංහල කාන්තාවන්ට අවසර ඇතත් මුස්‌ලිම් කාන්තාවන්ට එසේ කළ නොහැක. එබැවින් මේ මුස්‌ලිම් සැමියන්ගේ නියමයෙන් එම කාන්තාවන් අඳින ඇඳුමක් බව පැහැදිලිය. සාරියකින් හෝ සල්වාරියකින් සැරසී තුනී රෙදි කඩකින් හිස වසාගෙන නිදහසේ ලෝකය දකිමින් සිටි මුස්‌ලිම් කාන්තාවෝ සෙන්ටිග්‍රේඩ් අංශක 40 ක දැඩි උණුසුමක් ඇති රටක යන්තම් මග පෙනෙන මෙවැනි දඬුවම් ඇඳුමක් ඇඳ තමන් මෙතෙක් විඳි නිදහස පවා සිය කැමැත්තෙන් අහිමිකර ගන්නේ යෑයි සිතිය හැකිද? මෙවැනි ඇඳුම් ඇදි කාන්තාවන් නගරවල සැරිසැරීම පවා බෞද්ධ රටක් සේ ප්‍රචලිත ශ්‍රී ලංකාව මුස්‌ලිම් අන්තවාදීන් සිටින රටක් බව ලොවටම ප්‍රදර්ශනය කිරීමක් හෙවත් යම්කිසි මුස්‌ලිම් සංවිධානයක ප්‍රචාරක උපක්‍රමයකි.
අනෙක් අතට මෙය රටේ ආරක්‍ෂාව සහ ප්‍රභූ ආරක්‍ෂාව බින්දුවට බැස්‌සවීමකි මේ ඇඳුම තුළ රැවුල ඇති පිරිමියකුට ආයුධයක් ගෙන යන වෙඩික්‌කරුවකුට, මත්ද්‍රව්‍ය ගෙන යන්නෙකුට සැඟවී යා හැකිය. මේ ඇඳුම ඇඳ යන අයගේ හැඳුනුම් පතේ ඇති ඡායාරූපයත් මුහුණත් සමාන දැයි පරීක්‍ෂාකර බලන්නේ කෙසේද? ගුවන්තොටු පළේදී ගමන් බලපත්‍රයේ රාජකාරි කරන්නේ කෙසේද? ආරක්‍ෂක අංශ කිසියම් අවස්‌ථාවකදී මේ ඇඳුමේ හිස් වැස්‌ම ඉවත් කිරීමට ගිය හොත් එය ඉස්‌ලාම් ආගමට අපහාස කිරීමකැයි මහා කලබැගෑනියක් ඇතිකරලීමට අදාළ මුස්‌ලිම් සංවිධානවලට හැකිය.
ඇෆ්ගනිස්‌ථානු තලේබාන් බුර්කාවෙන් සහ හිකබ් ඇඳුමින් සැරසුණු මුස්‌ලිම් කාන්තාවෝ ප්‍රංශයේ පැරිස් නුවර වීදි බසින්නට වූයේ වර්ෂ 2010 මුල් භාගයේදීය. ප්‍රංශය වැනි සෑම අතකින්ම නිදහස් රටකට මෙය හිරිකිත දර්ශනයක් විය. එසේම ජාතික ආරක්‍ෂාවටද තර්ජනයක් විය. ඒ වනවිටත් මුස්‌ලිම් ශිෂ්‍යාවන් හිසත්, දෙකණත්, බෙල්ලත් ආවරණය වන "හිඩ්ජබ්" ක්‍රමයට මොට්‌ටැක්‌කිලි දමාගෙන පාසැල්වලට ඇතුල්වීම 2004 දී නීතියෙන් තහනම් කර තිබු ප්‍රංශය 2010 ඔක්( 11 ගෙන ආ නව නීතියකින් හිසේ සිට දෙපතුල ක්‌වා කළු ඇඳුමකින් සිරුර වසාගෙන යන බුර්කාවෙන් හා නිකබ් ඇඳුමින් සැරසී ප්‍රසිද්ධ ස්‌ථානවලට පැමිණීම තහනම් කළේය. නිකම්ම නොවේ. එසේ කළහොත් යුරෝ 30,000 ක හෝ වසරක සිර දඬුවමකට යටත් කරමිනි. ප්‍රංශය නිර්භවයම එවැනි පියවරක් ගත්තේ ලක්‌ෂ 60 ක මුස්‌ලිම් ජනගහනයත් ප්‍රංශයේ සිටියදීය. අද ප්‍රංශයේ කිසිම තැනක එවැනි හොල්මන් අවතාර දක්‌නට නැත.
නියපොත්තෙන් කැඩිය හැකිදේ පොරවෙන්වත් කැපිය නොහැකි වන තෙක් සිටිය යුතු නැත. ශ්‍රී ලංකාව නොපමාවම ප්‍රංශය ගත් තීරණය ගත යුතුය. මෙම අන්තවාදී ඇඳුම ඇඳ ප්‍රසිද්ධ ස්‌ථානවලට පැමිණීම නීතියෙන් තහනම් කළ යුතුය.
No comments:
Post a Comment