Tuesday, September 17, 2013

වත්මන් ජාතික නිදහස් අරගලයේ සැබෑ නියමුවාණන් වූ ජාතියේ සැබෑ පියාණන්වහන්සේ වන අනගාරික ධර්මපාලතුමා උතුමාණන්ගේ ජන්ම ලාභයෙන් වසර 149ක්

සිංහල දේශයේත්, සිංහල ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් වත්මන් යම් උන්නතියක් ඇත්නම් එහි නියමුවාණන් මෙන්ම වත්මන් ජාතික නිදහස් අරගලයේ සැබෑ නියමුවාණන් වූ ජාතියේ සැබෑ පියාණන්වහන්සේ වන  අනගාරික ධර්මපාලතුමා උතුමාණන්ගේ ජන්ම ලාභයෙන් වසර 149ක් උදා වී ඇත. 1864 සැප්තැම්බර් 17 වන දින දොන් කරෝලිස් හේවාවිතාරණ හා මල්ලිකා හේවාවිතාරණ යන දෙපළගේ පුත්රුවනක් ලෙස දොන් ඩේවිට් හේවාවිතාරණ නමින් කොළඹදී උපත ලද මේ දියසේන කුමරුවාණන්  1931 වර්ෂයේදී ඉන්දියාවට ගිය අතර එතුමාගේ පුරෝගාමීත්වයෙන් ම ආරම්භ වුණු මූලගන්ධි කුටි විහාරයේදීබෝරුක්හමුවේ සිරිරේවත හිමියන් වෙතින් “සිරි දේවමිත්ත ධර්මපාල” නමින් පැවිදි වූහ. එසේ සිය ජීවිතයේ  සැදෑ සමයේදී  පැවැදි වී ශාසනයේ සැබෑම කොටස්කරුවෙකු බවට පත් වෙමින් 1932 දී උපසම්පදාව ද ලැබීය. වැඩිකල් නොගොස් අසනීපයට පත් වූ උන්වහන්සේ 1933 අප්‍රේල් 29 වන දින අපවත් වූහ.
වයස අවුරුදු 16 දී, ඩේවිඩ් හේවාවිතාරණට සර් හෙන්රි ස්ටීල් ඕල්කට් හා බ්ලැවට්ස්කි මැතිණිය හඳුනා ගැනීමට ඉඩ සැලසුණි. වයස අවුරුදු 19 දී විශේෂ සාමාජිකත්වයකින් පරම විඥානාර්ථ සමාගමට බඳවා ගන්නා ලදි. 1886 දී කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් හා සී. ඩබ්. ලීඩ්බීටර් (C.W. Leadbeater) බෞද්ධ අධ්‍යාපන අරමුදලට ආධාර එකතු කරනු පිණිස ලංකාවට පැමිණියහ​. ඔවුනගේ භාෂා පරිවර්ථකයා ලෙස කටයුතු කිරීමට ඩේවිඩ් හේවාවිතාරණ රජයේ රැකියාවෙන් ඉවත් විය​. ඕල්කට්තුමා සමග රට පුරා කළ සංචාරය ඔහු ගේ ඇස් අරවන්නක් විය​. සිංහල ජාතියට හා බුදු දහමට​ සිදුව ඇති පරිහාණිය එහි දී ඔහු සියැසින් දුටුවේ ය​.
සිදුව ඇති පරිහාණියට ප්‍රතිකර්ම යෙදීම උදෙසා, තමන් ස්වකීය දිවිය ම බුදු දහමේ උන්නතිය උදෙසා කැප කිරීමට අධිෂ්ඨාන කර ගත් බවත්, තමාට ගිහි ගෙයින් ඵලක් නැති බවත්, අනගාරිකව විසීමට අවසර දෙන ලෙසත් ඉල්ලමින් 1886 ජනවාරි 12 වන දින තම පියාට ලිපියක් යවන ලදි. හික්කඩුවේ සිරි සුමංගල හිමි ගේ කරුණු පහදා දීමකින් අනතුරුව, පියා, ඩේවිඩ් හේවාවිතාරණට අනගාරික වීමට අවසර ලබා දුන්නේ ය​. දොන් ඩේවිඩ් යන විදේශික නාමය අත හැර දමා, ධර්මපාල හේවාවිතාරණ යන සිංහල නම භාවිතා කරන්නට පටන් ගත්තේ ය​. ඔහු ගත කළ බ්‍රහ්මචාරී දිවිය නිසා අනගාරික යන පෙර ඈඳිය ඔහු ගේ නමට එක් විය​.වර්‍ෂ 1886 සිට 1890 දක්වා කාලය තුළ බෞද්ධ පරම විඥානාර්ථ සංගමයේ බෞද්ධ අංශ​යේ මහ ලේකම්, බෞද්ධ මුද්‍රණාලයේ හා සඳරැස පත්‍රයේ කළමණාකරු, බෞද්ධ පාසල් කළමණාකරු, බෞද්ධ ආරක්‍ෂක කමිටුවේ සහයක ලේකම් යනාදි තනතුරු ධර්මපාලතුමා විසින් දරණ ලදි.
සිංහල බෞද්ධ ජන පදනමකින් යුත් ලංකාවේ එකී ජනතාවට අත්විඳින්නට වූ අනෙකවිධ පීඩාවන්ට එරෙහිව හඬ නැගීමටත් බෞද්ධ සංස්‌කෘතික අංගයන් ප්‍රචලිත කිරීමටත් ප්‍රබල අඩුවක්‌ වූයේ යෝග්‍ය ජනමාධ්‍යයක්‌ නොතිබීමය. එම අඩුව සපුරාලීමට ධර්මපාලතුමා 1886 දී “සඳරැස” නමින් පුවත්පතක්‌ ආරම්භ කළේය.1906 දී බෞද්ධ මහජන මතය ප්‍රචලිත කිරීමට ධර්මපාලතුමා ‘සිංහල බෞද්ධයා’ පත්‍රය ආරම්භ කළ අතර එතැන් පටන් 1931 දක්වාම එතුමා ජාතික ආගමික කටයුතුවලට කැප වී වැඩ කෙළේය.
අනගාරික ධර්මපාල තුමාගේ ජීවන ගමන් මගට නව ජවයක්‌ ලැබුණේ 1890 දී එතුමා ඉන්දියාවට පය තැබූ පසුය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව වසර 800 ක පමණ කාලයක්‌ ඉන්දියාවේ බෞද්ධයන්ට අහිමිව තිබූ බෞද්ධ සිද්ධස්‌ථාන යළිත් බෞද්ධයන්ගේ උරුමයට නතුකර දෙමින්ද බුදුදහම ලෝක පූජිත කිරීම අරභයා දිවිහිමියෙන් කටයුතු කරමින්ද වසර 56 ක තරම් කාලයක්‌ ජාත්‍යන්තර ශාසනික උත්තම මෙහෙවරක්‌ ඉටු කළ එතුමෝ 1890 දී දඹදිව බුද්ධගයාවට වන්දනාවේ ගිය අතරකඅරදී හින්දු දේවාලයක් මෙන් හින්දු පූජකයින් යටතේ තිබූ බුද්ධගයා විහාරය දැක කම්පාවට පත් විය. ඉක්බිති එතුමා “සිංහලයිනි නැගිටිව්, බුද්ධගයාව බේරාගනිව්” යනුයෙන් අලුත් සටනක් ආරම්භ කළේය. 1891 දී මහබෝධී සමාගම අරඹන ලද්දේත් මේ සඳහාය. බුද්ධගයාව බෞද්ධයින්ට ලබාගැනීමේ සටනට ලෝවැසියන්ගේ අනුග්‍රහය ලබා ගැනීම සඳහා එතුමා ඉංග්‍රීසීයෙන් බුඩිස්ට්(බෞද්ධයා) නමැති සඟරාව ආරම්භ කළ අතර පසුකාලයේ ‘මහබෝධී’ නමින් ප්‍රචාරය වූයේත් මේසඟරාවමයි. හින්දු පූජකවරුන් බුද්ධගයාව බෞද්ධයන්ට දීමට එරෙහිව ධර්මපාල තුමාට නොයෙක් හිරිහැර කළත්, නීති මාර්ගයෙන් කටයුතු කළ ධර්මපාලතුමාට අවසානයේදී ජය අත්විය. උසාවිය විසින් බුද්ධගයාව බෞද්ධයන්ට අයත් බව ප්‍රකාශ කළ පසුව 1896 දී ප්‍රථම වරට එහි වෙසක් උත්සවයක් පැවැත්වීමට ධර්මපාලතුමන්ට හැකිවිය.
ශ්‍රී ලංකාව නිදහස් රටක් කිරීමට කර්මාන්ත උන්නතියක් ඇති කළ යුතු බව ධර්මපාලතුමා විශ්වාස කළේ ය​. වාර්ෂිකව, කර්මාන්ත ඉගෙන ගැනීමට ජපානයට ශිෂ්‍යත්ව ලබා දෙන ලදි.පේෂ කර්මාන්තය හැදෑරු යූ. බී. දොලපිහිල්ල​, පිඟන් කර්මාන්තය හා චිත්‍ර ශිල්පය හැදෑරු ඩී. සී. හාන්ති අප්පුහාමි, සුවඳ විලවුන් කර්මාන්තය හැදෑරු ජෝන් එෆ්.කුරේ, කඩදාසි කර්මාන්තය හැදෑරු එන්. ජේ. සෝමරත්න, ගිනිකූරු කර්මාන්තය හැදෑරු බාලසූරිය​, ගොවිකම හැදෑරු මුනසිංහ​, එසේ කර්මාන්ත උගෙන පැමිණි කැපී පෙනෙන ශිෂ්‍යයෝ වෙති.
1915 දී ලංකාවේ සිදු වූ සිංහල මුස්‌ලිම් කලහයේදී එතුමා ගත කළේ ඉන්දියාවේය. එහෙත් මේ ප්‍රචණ්‌ඩ ක්‍රියා පිටුපස ඔහු සිටිතැයි කල්පනා කළ ඉංගී්‍රසීපාලකයෝ එතුමා කල්කටාවේ සිරමැදිරියක සිරකර තැබීමට පියවර ගත්තේය. එකී දඬුවම වසර 07 ක්‌ විය.
එතුමන් නිරන්තරයෙන් පැවසූවේ තම ආගම, ජාතිය පිළිබඳ අභිමානය පිළිඹිඹු කරන වදන්ය. බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ගැත්තන් හා ඉත්තන් වූ ඇතැම් බලධාරීන් හා ඇතැම් ජනයා රෙද්ද අස්සේ මහත්වරැන් නොහොත් කළු සුද්දන් වෙමින් රට ජාතිය හා සමය වනසද්දී ඒවාට විරුද්ධ වූවා පමණක් නොව ඒවා පිළිකුලෙන් හෙළා දකිමින් අභීත ප්‍රකාශ නිකුත් කළ ධර්මපාල උතුමාණන් නොයේක් කෙනෙහිලික්ම්වලට මුහුණ දුන්හ. නමුදු වැනසෙන ජාතියට අදට වුවද ප්‍රාණය ලබාදෙන එම උතුම් ප්‍රකාශ සපථ වී ඇතිවාක් මෙන්ම වත්මන් ජාතික ශාසනික අභියෝග හමුවේ නැගී සිටින දෑ හිතකාමීන්ට මනා උත්තේජනයක්ය.
“සිංහල ජාතිය වෙනුවෙන් දිවි පුදන්නට මම සැරසී සිටිමි.”
“මගේරට, මගේ ජාතිය, මගේ ආගම, මගේ භාෂාව කියා වටිනා රත්න හතරක් මට තියෙනවා. ඒ රත්න හතර ආරක්ෂා කර ගැනීම මගේ යුතුකමයි.”
“සිංහල බෞද්ධ දරුවනි, දිවි යතත් බොරුවක් නොකියන්නට අධිෂ්ඨාන කරගනිමු.”
“දිවා රෑ දෙක්හී සිංහලයන් වීරීය කළොත් ………. වර්ෂයක් තුළ සිංහල ජාතිය දියුණු අඩියකට පමුණුවා ගත හැකිය. එබැවින් සිංහලයෙනි, වීරියෙන් කටයුතු කරව්.”
“සිංහලයන්ට විස මත්පැන් බොන්නට දී සිංහලයන් නැති කළ සුද්දා අපේ පරම්පරා හතුරකු ලෙස මම සලකමි.”
“වරද දුටු තැන පෙන්වා දීම මගේ ගතියයි. මගේ අවවාද පිළිගැනීමට අසතුටු නම් ඒ බව දැන් වූ විට මට වෙන රටකට ගොස් සිටිය හැකිය”
“අපේ මිනිසුන්ගේ වැඩේ කෑමයි, බීමයි, නිදාගැනීමයිනේ? ඉතින් කොහොමද දියුණු වෙන්නේ?”
පණ්ඩිත ගණේගම සරණංකර නාහිමි විසින් රචිත  “ජාතියේ පියා හෙවත් අනගාරික ධර්මපාල කෘතියේදී “. ධර්මපාලතුමා ගෙන ගිය ව්‍යාපාරයේ හරය එදත් අපේ සිංහලයන්ට වටහා ගත නොහැකි වූ බව මැනවින් පැහැදිලිය. අද ඒය ඊටත් වඩා සිය දහස් ගුණයකින් ඔප්පු වී ඇත.
වරද දුටු තැන වරද කියා දීම මගේ ධර්මතාවකි. එසේම ම විසින් රේම සිතින් දෙන අවවාද පිළිගැනීමට සිංහල බෞද්ධයන් විරුද්ධ බැවින් අවවාද කිරීමට මගේ කාලය ගත කිරීම අප්රයෝජන බව මට පෙනේ. පසුගිය තුන් මාසය තුළ දීම දිනෙන් දිනම මධ්යම යාමය පසු වී දෙ පැයක් ගිය තැන නින්දෙන් නැගිට එතැන් පටන් සිංහල බෞද්ධයන් උදෙසා ධර්මාවවාද වාක්ය ලිවීමට කාලය ගත කළෙමි. අවවාද වචන ශ්රවණය කරන්නට කන් යොමු නො කරණ ක්රෝධ සිතින් ක්රියා කරන මනුෂ්ය සමුහයා අතර නතර වීම සමාධි භාවනා කිරීමට හේතු නොවන්නේය. මපියානන් විසින් මට දී තිබෙන දායාදය බුදු සසුන දියුණුව සඳහා වියදම් කිරීමට මගේ සහෝදරයන්ට භාර කෙළෙමි. සමාධි භාවනාව කිරීමට යෝග්‍යය ස්ථානයක් ලංකාවේ සොයා ගැනීම දුර්ලභයි. මෛත්රී කරුණා ඇති සත් පුරුෂයන් දෙදෙනෙකුවත් ආශ්‍රය කිරීමට නැති බැවින් සංවේගයෙන් සිටිමි. ලබන මාසයේ දී පමණ ලංකා භූමිය අත් හැර බුදු පසේ බුදු මහ රහතුන්ට ද චක්‍රවර්ති රජ දරුවන්ට ද සැප දෙන මධ්‍ය මණ්ඩලය දිශාභිමුඛ ව ගමන් කරන්නෙමි.

‘බුදුදහම ලෝකයේ ප්‍රචාරය කිරීම සඳහා තවත් 25 ස් වතාවක්වත් යළි උපදීවා’ යි එතුමා අවසානයේ ප්‍රාර්ථනා කළ බව සඳහන් වේ. ඒ පැතුම තුළින් යළි යළිත් ඉස්මතුව පෙනෙන්නෙ ඒතුමාණන් කළ මෙහය මහත් වුවත් ඒ තුළින් සෑහීමකට පත් නොවූ බව හා සම්බුද්ධ ශාසනයෙ දියුණුවම අ පෙක්ෂා කළ බවයි. ඒපම‍ණක් ද නොව තව චිරාත් කාලයක් බුදු සසුන විෂෙයහි ඇතිවෙන අභියෝගයන්හී වැඩිවීමක් මිස අඩුවීමක් අපේක්ෂා නොකළ බවයි. සැබවින්ම අද වන විට ඒය සැබෑවක්මය. බාහිර හා අභ්‍යන්තරික අර්බුද ඉමක් කොනෙක් නොපෙනෙන තැනට පත් වී සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් වගකිවයුත්තෙක් නොමැතිව අයාලයේ යන තැනට පත් වී ඇත. ඒනිසා අද ධර්මපාල වැනි උතුමන්ලා සිය ගණනක් වුවමනා යුගයක් බවට පත් වී ඇත. මන්ද මිත්‍යාදෘෂ්ටිකයන් සිය දහස් වරකින් කදවුරැ බැද ගෙන ඇත්තේ ඉතා ශූක්ෂමවය. ඔවුන්ගේ ‍උපක්‍රමයන් හෙළිවෙන්නේ ප්‍රථිපලය තුළින්ය. ඒ තරමට ඔවුන් ශූක්ෂමය. ඒනිසා අද  වන විට සිංහල බෞද්ධයන් අන්ත අසරණ වී ඇත. සිංහල වීම නිසාම සිංහලයන් සිදු වන කෙනහිලිකම් අපමණය. නාමිකව දම්පල්ගුණ බෝහෝ ඇත්තන් සැමරුවද බෝහෝ පාලකයන්ට හා වගකිවයුත්තන්ට සිංහල යන නාමය කියන්නට කසේරුකාවක් නොමැත. සිංහල බෞද්ධ යන නාමය කියන්නට ඔවුන්ට ඇති හැකියාව පිළිබද කවර නම් කතාද? ‍
අනගාරික ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශය අදටත් හෙටටත් රට දැය සමය  අරභයා සපථ වී ඇති යථාර්තය නොවද?
මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.
ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.
උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා.
දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා.
උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා.
එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.
පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.
උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න
මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.
අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා.
ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.,,
උක්ත  ප්‍රකාශයේ යථාර්තයක් වී නොමැත්තේ කුමන වචනයද ? ගලක කෙටු අකුරු  මෙන්ම උක්ත ප්‍රකාශ ධර්මපාල උතුමාණන් විසින් සිදු කරන ලද්දේ වසර කීයක නම් අනාගතයක් දැකලාදැයි කාහට නම් කිව හැකිද? මන්ද අද වන විට මේ රට පාලනය කරමින් මේ රටේ සංස්කෘතියට මේ පුණ්‍යභූමියට වින කරන්නේ ඒ කළු සුද්ධන් නොවේද? අපේ ජාතියට වෛර කරමින් සිටින්නේ අන් කවුරුන්ද? හැම එකාම එකයි කියමින් අද සිංහල ජාතිය එපා යැයි කියමින් මේ මිහි තලයෙන්ම සිංහල ජාතිය වදකර දැමීමට පිබිරුපත් අදින්නේ කවුරුන්ද? අද අපේ කමට වෛර කරමින් බටහිර ක්‍රිස්තියානිවාදයට හා මුස්ලිම්වාදයට කත් අදින්නවුන්  අවජාතක ශ්‍රී ලාංකික ජාතියක් බිහිකිරීමට සෑම අතින්ම යත්න දරමින් සිටින්නේ පෙරදාට වඩා සියදහස්ගුණයකින් ක්‍රියාත්කම වෙමින්ය. පන්සල් වටේ පල්ලි, කෝවිල් ඉදිව අද රටේ පමණක් නොව ලෝක උරුම බෞද්ධ නගරයන්ගේ පවා අහස උසට දිස් වන්නේ අන්‍යාගමික ස්ථානයන්ගේ සංකේතයන්ය. රටේ ඈත ගම්මානයන් සීඝ්‍රෙයන් සිංහලයන්ගෙන් මෙන්ම බෞද්ධයන්ගෙන් සෑම අතින්ම දවසින් දවස ගිලිහෙමින් පවතින්නේ එදා දම්පල්තුමාණන් දුට අනාගත වාක්‍ය සියැසින් දුටුවාක් මෙන් ඔප්පුකරමිනි. ජාතියට, ශාසනයට වගකිවයුතු මහ  සඝරුවන අද සැබවින් ඉනාබේත් කා ඇත්තේය. සර්වාගමික මල මගුලවල් අටවාගෙන සුර සැප හොයන ආචාර්ය, මහාචාර්යයැයි කියාගන්නා හිමිවරු වැහිවැහලාය. පූසාරි, ලෙබ්බේ, පාදිලි  ආදීන් සමග සම තැන් ගනිමින් බුද්ධ චීවරයට නිගා දෙන්නේ ලෝකයේ කොහේවත් නැති අමුතුම සහජිවනයක් මවා පාමින්ය.
අද අප යළි යළිත් දම්පල්ගුණ සිහිකරනවා මෙන්ම ඒ ශ්‍රේෂ්ඨ ජතික වීරවරයාණන්ගේ මග සිය දහස්වර ගනිමින් ඔහුට දක්වන උපහාරය රට ජාතිය සමය සුරැකීම වෙනුවෙන් කෙන්දේසිවිරහිතව ඉදිරියට ඒමයි.
දිනු මව්බිමට නිවහල් ලෙස                   වැජඹෙන්න
තම ජාතියට අභිමන් ලෙස                     නැගිටින්න
ඉපදුනු රටට නොමියෙන ලෙස              මිය යන්න
ඔබ කළ මෙහෙය ඇති හැම සිත්             පුබුදන්න

No comments:

Post a Comment