Monday, July 28, 2014

හෙළ වෙද කමේ ආස්චර්ය........

මීට වසර 125 කට 130 කට පමණ පෙර දකුණු ලක විසූ වෙදැදුරෙකි. ඔහු වාසය කළේ සොල්දරයකින් සමන්විත සිංහල උළු සෙවිළි කළ, නිවසකය. ඔහු උදෑසනම අවදි වී උල් යෂ්ටියකින් ඇණ විසල් මිදුලේ විසිරුණු කොස් කොළ එකතු කිරීම පුරුද්දක් කර ගෙන සිටියේය. මේ අප කතා කරන දිනය ද එළෙසම ආරම්භ විය. එහෙත් එතරම් වැඩි වෙලාවක් යාමට පෙර අමුත්තෙකුගේ ආගමනයෙන් වෙදැදුරාගේ දින චර්යාවට බාධා වන්නට විය. ඉමහත් කලබලයෙන් සහ දුකින් යුතුව හේ වෙදැදුරාගේ ක්‍රියාවට බාධා කර ඇවටිලි කරමින් වෙදකමක් වෙත යාමට ආරධනා කළේ ය. එනම් ප්‍රසූතියකට සූදානම්ව සිටි ගැබ්බර කාන්තාවක් වේදනාවෙන් සහ දැඩි අපහසුතාවයෙන් පෙළෙමින් සිටින බව පැවසීය. ඇය ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින බැවින් වහාම තමා සමග ඇය වෙත යාමට පැමිණෙන ලෙස ඉල්ලා සිටියේය.

වෙදැදුරා තමාගේ රාජකාරියේ නොනවත්වා යෙදුණේ ඔහුගේ ඇවටිල්ල නැසූ කන් ඇතිවය. ඔහු නැවත නැවතත් තදින්ම අවිටිළි කරන්නට විය. කලබල නොවී සිටින ලෙස ඔහුට සන් කළ වෙදැදුරා නැවත තම මුල් කාරියෙහි එලෙසම යෙදුණේ කිසිම කලබලයකින් තොරවය. කොළ ඇහිඳීම මුළුමණින් අහවර නොවුණත් එය මදකට නවතා දමා උදෑසන ආහාර වේලට කෑම මේසයට වාඩි වූ වෙදැදුරා තමා සමග ආහාර ගැනීමට අමුත්තාටද ඇරයුම් කළේය. මොන ආහාරයක්දැ'යි මුවින් නොබැණ මුත් හිතින් මුව නොසෑහෙන නෝක්කාඩු ඇතිව අමුත්තාට ද ඔහු සමග උදෑසන ආහාරය ගැනීමට සිදු විය. ඒ හැර කිරීමට අන් කිසිවක් නොමැති නිසා විය හැක. අහර ගැනීමෙන් අනතුරුව වහාම තමා සමග ලෙඩා බැලීමට පිටත් වන ආකාරය සිතින් මවා ගෙන අපහසුවෙන් මුත් ඒ මිනිත්තු කීපය ගත කළේය. ආහාර ගැනීම අහවර විය.

ඉන් අනතුරුව වෙදැදුරා කෑම මේසයෙන් නැගිට සුපුරුදු සන්සුන් ගමනින් දොරකඩ වෙත ගමන් කළේය. දැන්වත් තම අත්‍යාවශ්‍යය ගමන පිටත් වේයැ'යි සැනසුම් සුසුමන් හෙලූ අමුත්තා ඔහු පි‍ටුපසින් නොසන්සුන්ව ගමන් කළේය. නැවතත් මිදුල වෙත පියනැගූ වෙදැදුරා නවතා තැබූ තැනින් කොළ ඉවත් කිරීම ආරම්භ කළේ කලබල විය යුතු කිසිවක් නොමැති සෙයියාවෙනි. මෙය කෙලෙසනම් ඉවසා සිටිය හැකිද? මේ නොවැදගත් කෙරුවාව නවතා දමා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන ගැබිනියට පිහිටවන්නට දැන්වත් පිටත් නොවෙමුදැ'යි හේ නැවතත් ඇවිටිලි කරන්නට විය. කලබල නොවන ලෙස නැවතත් සන් කරමින් වෙදැදුරා දිගටම කොළ ඇහිලීමේ රාජකාරියේ සන්සුන්ව නිරත විය. කළ හැකි අන් කිසිවක් නොවූයෙන් අමුත්තාද ඔහු අසලම අසහනය පිරි සිතින් යුතුව ගැවසුණේය.

මෙලෙස දහවල් ආහාරය ගන්නා අවස්ථාව තෙක්ම ගෙමිදුලේ ගත කළ වෙදැදුරු පෙර ලෙසම ඔහු සමග දහවල් ආහාරයට ද වාඩි විය. පෙරටත් වඩා අසහනයෙන් අමුත්තාට ද වෙදැදුරු සමග දහවල් ආහාරය ගැනීමට සිදුවිය. ඉන් අනතුරුව ඉස්තෝප්පුවේ වූ ලණු ඇඳට වන් වෙදැදුරු මදක් දෑස් පියා ගෙන නින්දකට ද ගියේය. හිස ගිණිගෙන සිටි අමුත්තා වෙදැදුරු අවදිවන තුරු ගෙමිදුලේ සක්මන් කළේ හිතේ වේගයට සමානුපාතිකවය.

සවස් වනතුරු නිදිසුව විඳි වෙදැදුරු අවදි වී මුණකට දොවාගෙන යහමින් සැරසුණේය. ඉන්පසු කපු පුළුන් කැබලි දෙකක් ගෙන යම්කිසි ඖෂධයක් තවරා බස්තමේ මිටේ වූ කොපුවක තැන්පත් කර ගත්තේය. ඒ වන තුරු අහස පොළොව ගැට ගසිමින් ඉස්තොප්පුවේ වූ අමුත්තගේ බලාපොරොත්තු දල්වමින් වෙදැදුරු ගමනට සූදානමින් තේජාන්විතව ඔහු ඉදිරියට සැපත් විය. ඉර අවරට යාමට මොහොතකට පෙර ගැබිණිය වූ ගෙදර අසලට ඔවුන් පැමිණියහ. ඒ වන විට එහි ගෙමිදුල පිරෙන්නට අතුරු සිදුරු නොමැතිව ගැමියන් එක් ‍රැස්ව සිටින අයුරු දුර තියාම ඔවුන්ට දැකිය හැකි විය වෙදැදුරුගේ පැමිණීමත් සමගම ගැමියන්ගේ කසුකුසුව අතුරුදහන් විය. ඇතුල් කාමරයෙන් නැගෙන ගැබිනියගේ වේදනාත්මක අඳෝනාව පමණක් ඉතිරි විය. සෙනග එහා මෙහා වෙමින් වෙදැදුරු වෙනුවෙන් මාවතක් තැණින. ඒ මාවතින් ඉස්තෝප්පුවට පිවිසුණු වෙදැදුරුට බලා පොරොත්තු සුන් වූ ඉරියව්වෙන් යුතුව පු‍ටුවල වාඩිලාගෙන සිටින දොස්තරවරුන් කීප දෙනෙක් ම දැක ගත හැකිවිය. වෙදැදුරාගේ වයෝවෘද්ධ ගැමි ස්වරූපය දැකීමෙන් ඇති වූ මහා මානය නිසාවෙන්දෝ 'මෙයා එනකන්ද මෙච්චර වෙලා හිටියේයැ'යි එක දොස්තරවරයෙක්ගේ මුවින් පිටවූයේ ඉබේට්යමය. ඔවුන් පසුකරගෙන ඇතුල් කාමරයට යාමට යන වෙදැදුරුට එබස ඇසුණද නෑසුනා මෙන් ඔවුන් පසු කරගෙන ගියේය. කාමරය ඇතුලේද නොසෑහෙන සෙනගක් විය. ගැබිණියගේ මව හැර අන් සියල්ලටම පිට වෙන්නට අණ කළ වෙදැදුරු කාමරයේ දොර වැසීය.

ගැබිනිය පිරික්සීමට වැඩි වේලාවක් ගත නොකළ වෙදැදුරු ඇයගේ කුසෙහි එක් තැනක් සිතෙහි සනි‍ටුහන් කර ගත්තේය. ඉන්පසු බස්තම් මිටේ වූ පුළුන් කැබැලි දෙක එළියට ගෙන ඉන් එකක් ගැබිනියගේ මවගේ අතට දී එය බිම නොවැටෙන සේ අල්වා ගෙන සිටින්නට අණ කළේය. වෙදගිල්ලක ප්‍රමාණයේ සියුම් සැත්කම් පිහියක් අතට ගෙන එහි තලය අනෙක් පුළුන් කැබැල්ලෙන් පිසදැමීය. ගැබිණියගේ කුසේ කලින් නිර්ණය කළ ස්ථානය වෙත සැත්කම් පිහිය ළං කර එතනට පිහි තුඩින් කුඩා තෙරපුමක් දී ක්ෂණයකින් ඉවත්කර ගත්තේය. ඉන් ඇතිවූ කුඩා කැපුමෙන් එක්වරම ලේ බිඳුවක් නිකුත් විය. සැත්කම් පිහිය නැවත පිරිසිදු කරන ගමන් මිදුලට ද ඇසෙන උස් හඬින් 'තව මිනිත්තු පහකින් පිරිමි දරුවෙක් බිවිවන බවත්, ඒ දරුවාගේ දකුණු අතේ පිටි අල්ලේ රත් පැහැති ලපයක් ඇති බවත් එය මුලින් දුන් පුලුන් කැබැල්ලෙන් පිස දමන ලෙසත් අණ කරමින්' නිවේදනයක් කළේය.

කුතුහලයෙන් යුතු බලාපොරොත්තුවෙන් ගත වූ මිනිත්තු පහ හෝරාවක් සේ සියල්ලන්ටම දැණිනි. මිනිත්තු පහකට පසුව ස්වභාවිකවම නිරෝගී පිරිමි දරුවෙකු බිහිවිය. ඔහුගේ දකුණු අතේ රත් පැහැ කුඩා ලේ බිඳුවක් විය. අනතුරුව නිවසට පැමිණෙන විට ඇණුම්පදයක් කී දොස්තර මහතා කාමරයට කැඳවන ලෙස පණිවිඩයක් යැවීය. දොස්තර මහතා විශ්මයෙන් මෙන්ම ලැජ්ජාවෙන් පිරි මනසින් යුතුව වෙදැදදුරුත්, අලුත උපන් දරුවාත්, මවත් සිටි කාමරයට පැමිණියේය. ''උඹේ වෙද නලාවට මේක අහුවුණේ නැත්තේ ඇයිදැ'යි'' කාමරයේ සිට මිදුලට ද ඇසෙන ලෙස සිංහනාද කළේය. වෙදැදුරුට දණ ගසා වැඳීමට තරම් ඒ දොස්තර මහතා නිහතමානී විය.

(දරුවා බිහි නොවුණේ වැදෑමහ මිරිකාගෙන එය ග්‍රහණයට ගෙන සිටි නිසාවෙනි. සැත්කම් පිහියෙන් ලබා දුන් ක්ෂණික වේදනාව කරණකොට ගෙන ඔහු අතින් එය ගිළිහුණි. එනිසා ඇති වූ වූ පැල්ලමක් ඔහුගේ අතේ විය. ගැබිණිය හමුවට පැමිණීමට පෙර තම නිවසේ සිට දූත ලකුණු බලමින් ගැබිණියගේ සැබෑ තත්වය නිර්ණය කළ වෙදැදුරු ලෙඩා හමුවට යා යුතු වේලාව කුමක්දැ'යි දැන සිටියේය)      


මේ ඡායා රූපයේ කාලය- වර්තමානය ය. පසුබිමේ, අපේ පරපුරේ තිඹිරිගෙය. ගාලු පුරවරයේ හීනැටිගල, හෙළ වෙද පරපුරක මහ ගෙදර වන 'ගමගේ වත්ත'. ප්‍රකට මෙන්ම අප්‍රකට ඉතිහාසයක් සඟාවාගත් යුගයේ සිට ගලා එන ජීවමය ධාරාවක මාංශමය ජ්‍යාමිතික උරුමයකි......

Friday, July 18, 2014

පෞරාණික ඉතිහාසයේ අභිරහස්! - ඉන්දු නිම්න සිශ්ඨාචාරය අතුරුදහන්වී ගියේ කෙසේද?

පෞරාණික ඉතිහාසයේ අභිරහස්! - ඉන්දු නිම්න සිශ්ඨාචාරය අතුරුදහන්වී ගියේ කෙසේද? 

පෞරාණික ඉතිහාසය අපට නොවිසඳුනු අභිරහස් රැසක් ඉතිරිකොට ගොස් ඇත. ඊජිප්තුවේ පිරමීඩ තැනුවේ කෙසේද? තාක්ශණය ලැබුණේ කාගෙන්ද?, බ්‍රිතාන්‍යයේ ස්ටෝන්හෙන්ජ් ගල්කවය නිර්මාණය කලේ කවුරුන්ද? කෙසේද? ඒ සඳහා ටොන් ගණන් බර මහා ගල් ගෙනගියේ කෙසේද? මෙවැනි ඓතිහාසික අහිරහස් ඉතා ප්‍රසිද්ධ වන අතර පොත්පත් සියගණනක් මේ ගැන ලියවී ඇත. මේවා ගැන රූපවාහිණී වාර්තා චිත්‍රපට විශාල. සංඛ්‍යාවක්ද පවතී. යූ-ටියුබ් විඩියෝ ජාලයට පිවිසෙන අයෙකුට මෙම මාතෘකා පිලිබඳව වාර්තා චිත්‍රපට නරඹා දැනුවත්වීමේ හැකියාව ඇත.

මේ ලිපියේ අරමුණ වන්නේ පිරමීඩ, ස්ටෝන්හෙන්ජ්, පූමාපුන්කු, නැස්කා කාන්තාරයේ සිතුවම් මෙන් ලොව දැඩි අවධානය දිනා නොගත්, එහෙත් තවමත් ඉතිහාසඥයින් හට ගැටලුවී ඇති අභිරහසක් වන ඉන්දු නිම්න සිශ්ඨාචාරයේ අවසානය කෙසේ සිදුවුනිද යන්නයි.

ඉන්දු නිම්න සිශ්ඨාචාරය අතුරුදහන්වී ගියේ කෙසේද? ඉන්දු නිම්න වැසියනට කුමක් සිදුවුනිද?

උච්ඡතම අවස්ථාවේ බටහිර ඉන්දියාවේ සිට ඇෆ්ඝනිස්ථානය දක්වා පැතිර තිබූ, මිලියන 5ක පමණ ජනකායක් ජීවත්වූවායයි සැක කෙරෙන ඉන්දු නිම්න සිශ්ඨාචාරය ඉන්දියානු අර්ධද්වීපයේ පැරණිතම සිශ්ඨාචාරයයි. තාක්ශණයෙන් දියුණු නාගරික සිශ්ඨාචාරයක් (urban civilization) ඔවුහු නිර්මාණය කරගෙන සිටියහ.ලෝකඩ යුගයේ (bronze age) සිශ්ඨාචාරයක් වූ මොවුන් ඉතා දියුණු සැළසුම් වලට නිර්මාණය කල නගර, දියුණු වැසිකිළි හා මළපවාහන පද්ධති වලින් නිර්මාණය කල දක්ශ ඉන්ජිනේරු ශිල්පයන් බිහිකල එකක් බවට සාක්ශි තවමත් ඕනෑ තරමින් ඉතුරු වී තිබේ.

ලෝහකර්මය පිලිබඳව ඉතා හොඳ දැනුමක් තිබූ මොවුන් තඹ, ලෝකඩ, ඊයම් හා ටින් ලෝහ භාවිතා කරමින් නිර්මාණය කල විවිධ භාණ්ඩ හමුවී තිබේ. එපමණක් නොව ඉන්දු ගංගාවට මායිම්ව මෙම සිශ්ඨාචාරය නිර්මාණය ඉතා විශාල නෞකා තටාක, ධාන්‍යාගාර හා ගබඩා පවා හමුවී තිබේ. මේ සියල්ලෙන්ම තහවුරු වන්නේ ඉන්දුනිම්න සිශ්ඨාචාරය ඉතා සමෘධිමත් එකක් වූ බවයි. ඔවුන්ගේ නිවාස නූතන අපගේ නිවාස මෙන්ම පුළුස්සන ලද ගඩොල්වලින් නිමවා ඇති අතර සෑම නිවසකම පාහේ ඉතා දියුණු නානකාමර තිබී ඇත. එමෙන්ම ඉන්දු නිම්න සිශ්ඨාචාරය දිග, බර හා කාළය මැනීම සඳහා සම්මත මිනුම් ඒකක (standard units) මුලින්ම නිර්මාණය කරගත් සිශ්ඨාචාරය බවට දැනට තහවුරු වී තිබේ. සෑම දෙයක්ම ඉතා පිලිවෙලට, සැළසුම් සහගතව සිදුකල මොවුන් සමූහාණ්ඩු ක්‍රමයට රාජ්‍ය පාළනය සිදුකල බව විශ්වාස කෙරේ.

තවත් විශ්මය දනවන කරුණක් වන්නේ ඉන්දු නිම්න සිශ්ඨාචාරයට අයත් යයි සැළකෙන පැරණි සොහොනකින් සොයාගත් පිරිමි මෘතශරීර දෙකකම දත් වල කුඩා සිදුරු සාදා තිබීමයි. මේවා මොවුන් ජීවතුන් අතර සිටියදීම සිදුකරන ලද විදුම් බව ඒ පිලිබඳව පර්යේශණ සිදුකල විද්‍යාඥයින් තහවුරු කරගෙන ඇති අතර ඒ අනුව ඉහල දන්ත සෞඛ්‍ය තාක්ශණයක් ඔවුන් සතුව තිබී ඇති බව සැළකේ.

එහෙත් එවැනි සිශ්ඨාචාරයක් එක්වරම අතුරුදහන් වී ගියේය. වෙනත් සිශ්ඨාචාර විනාශවී යනවිට ඒවා නිරන්තර යුද්ධ, බල අරගල, කාළගුණික විපර්යාසවලට යටත්වී විනාශවී ගිය බවට සාධක ඇතත් ඉන්දු නිම්න වැසියන් හට එවැනි ඉරණමක් අත්වූ බවට තහවුරු කල හැකි සාධකයක් සොයා ගැනීමට නැත.

1922 දී මොහෙන්ජෝදාරෝ හා හරප්පා නගර සොයාගන්නා තෙක්ම්ම ඔවුන් ගැන කිසිදු සටහනක් ලෝක ඉතිහාසයේ ඉතුරු නොවන තරමටම වේගයකින් මෙම විශිෂ්ඨ සිශ්ඨාචාරය මිහිපිටින් තුරන්වීම තවමත් පුරාවිද්‍යාඥයින් හට පැහැදිලි කල නොහැකි ඓතිහාසික අභිරහස් වලින් එකකි. ඉන්දු නිම්න සිශ්ඨාචාරයේ යටපත්වීමට හේතු ලෙස දැනට ඉදිරිපත් කොට ඇති වඩාත් විශ්වාසකල හැකි කල්පිතය නම් කාළගුණ විපර්යාසයක් මගින් ඔවුන්ගේ කෘෂිකර්මානතයට හා වෙළඳාමට දැඩි බලපෑමක් එල්ලවූ බවය.

Sunday, June 29, 2014

මහරජාණෙනි හනීෆා සනීපෙන් ද?

නො බෝ දිනකින් ම සිංහලයා සමූලඝාතනය කිරීමේ රහස් සැලසුම එළිදරව් වේ. රටට හිතැති මුස්ලිම්වරයෙකුගේ මාර්ගයෙන් අප වෙත ලැබුණු මෙම විශේෂ ලිපිය ඔබේ දැනුවත්භාවය පිණිස මෙසේ පළ කරම්හ. කරුණාකර එය හැකි තරම් මිතුරන් අතරේ බෙදා හරින්න. සියලු බලධාරීන්ගේ හා ආරක්ෂක අංශවල විශේෂ අවධානය පිණිස යි!
.................................................................................................................
මේකයි මගේ කතාව. මම උපතින්ම මුස්ලිම් ජාතිකයෙක්. ඉපදුනේ, හැදුනේ, වැදුනේ, මුස්ලිම් පරිසරයක. පුංචි කාලේ ඉදල මම ඇදහුවේ අල්ල දෙවියන් විතරයි. ටික ටික ලොකු වෙනකොට මට අහන්න දකින්න ලැබුනේ අපේ ආගමේ අයට අනිත් ආගමිකයන්ගෙන් සිද්ද වෙන මදි පුංචි කම් ගැන. අපේ ගම වල පුංචි පුංචි පල්ලි තිබුන. ඒ වගේම ලග තිබුන නගරයේ ටිකක් ලොකු පල්ලියකුත් තිබුන. අපේ ගමේ සමහර පිරිස් ඒ ලොකු [පල්ලියත් එක්කත් හොඳ සම්බන්දයක් තිබ්බ. ආගම ජාතිය ගැන කතා කර කර ඉන්න අතරේ ගමේ පිරිස හරහා මටත් අර ලොකු පල්ලියට සම්බන්ද වෙන්න ඉඩ ලැබුන. මේ වෙනකොට මට අවුරුදු 15ක් විතර ඇති. ඒ පල්ලියට එන අය තුල තිබුනේ ටිකක් විප්ලවකාරි අදහස්. ගොඩක් වෙලාවට කතා කරේ අපේ යට අනිත් ආගමිකයන්ගෙන් සිදු වෙන හිරිහැර වලට කොහොමද උත්තර දෙන්නේ කියන එක. ටික කලක් ඔහොම යනකොට මමත් එයාලගෙම කෙනෙක් වගේ උනා. අපි නිතරම කතා කරේ අපේ ආගම ජාතිය බෙරගන්නනම් අනිත් ජාතිකයින් විනාස කල යුතුයි කියන එක ගැන. එතැනදී අපිට විශේෂ දේශනා එහෙමත් ලැබුන. ඒවා අහපු, දැකපු අපේ හිත වල වැඩ කලේ එක දෙයයි. ඒ තමයි මුස්ලිම් ජාතිකයින් ඇරෙන්න අනිත් හැම ජාතිකයෙක්ම මේ රටින් තුරන් කලයුතුයි කියන එක. ඒ වෙනුවෙන් ඕනෑම ම්ලේච්ච ක්රියාවක් කරන්න අපි සූදානමින් හිටියේ. මට අවුරුදු 17 විතර වෙනකොට ඒ අදහස් දරන්නන්ගේ පෙරමුණේම මමත් හිටිය.

දවසක් පල්ලියට විශේෂ අමුත්තෙක් අව. එය පිටරට කෙනෙක්. එයත් එක්ක අපි තෝරගත්ත විශේෂ පිරිසකට සාකච්චාවක් තිබුන. එයා අවධාරණය කලෙත් අපි අපේ ජාතිය ව්යාප්ත කරන්නනම්, රක ගන්නනම් දිවි හිමියෙන් සටන් අල යුතු බව. මේ මුළු ලෝකයම එකම මුස්ලිම් ලෝකයක් වෙන බවත් ලංකාව ගැන අපි බලාගතයුතු බවත් තමයි ඔහු අපිට කිව්වේ.

ඔහු අපිට ආරාධනා කල ඔවුන්ගේ විශේෂ සංවිධානයකට බැඳෙන්න. අපි දෙසැරයක් නොහිත එකට කැමති උනා. ඒ සංවිධානයට නමක් තිබුනේ නෑ . අපිට නමක් ඕන උනෙත් නෑ . ඔවුන් අපිට කිව්වේ නමක් තිබුනොත් අපේ වැඩ අපහසු වෙනවා කියල.
ඔබට හිතෙන්න පුළුවන් මේ ජිහාඩ් එකද කියල. ඒ ගටුවම අපිටත් තිබුන. එත් මේ ජිහාඩ් එක නෙවෙයි. හැබැයි මේ තමයි ජිහාඩ් එකෙත් මවු සංවිධානය. ඒ බව ගොඩක් ජිහාඩ් සාමාජිකයින් වත් දන්නේ නෑ. මේ විස්තරේ මම දැනගත්තෙත් මෙතනට සම්බන්ධ වෙලා අවුරුදු 7කට විතර පස්සේ. ජිහාඩ් එක ඔවුන් එලියට දැම්මේ ලෝකය නොමග යවන්න. මුළු ලෝකයම ජිහාඩ් එක දිහා බලන් ඉන්න නිසා අපිට ලේසි උන අපේ වැඩ ටික කරගෙන යන්න. අපේ සංවිධානයක් මුළු ලෝකයේම අප්තිරුන සංවිධානයක්. මම ගොඩක් ආඩම්බර උනා මේ වගේ බලවත් සංවිධානයක සාමාජිකයෙක් වෙන්න ලැබුන එක ගැන.

මගේ අදහස් හා වැඩ වල තිබුන පිළිවෙල නිසා සංවිධානයට බැඳිලා අවුරුදු 9කක් විතර වෙනකොට මට පුළුවන් උනා ලොකු තැනක එන්න. ඒ වෙද්දී මගේ වයස 26 යි. ඉස්ලාම් දේශයක් වෙනුවෙන් ඕනෑම කෙනෙක් මරන්න, මරාගෙන මැරෙන්න මම සූදානමින් හිට්යේ. කොයි තරම් රුදුරු අදහස් අපේ හිතේ තිබුනත් අපිව හොදට පුහුණු කරල තිබුනේ ඒ බවක් පිටිට නොපෙනෙන්න වග බලාගන්න. එක තමයි අපේ සංවිධානයේ පැවැත්මට ගොඩක්ම හේතු උනේ. මේ කාලය තුල මට සිංහල කතා කරන්න, ලියන්න හොද පුහුණුවකුත් දීල තිබුනේ. මගේ පෙනුමත් ටිකක් ඒ වගේ.
මේ කාලේ දවසක මට විශේෂ දෙයක් ලැබුන අපේ සංවිධානෙන්. ඒ තමයි සිංහල නම් ගම සහිතව මන් වෙනුවෙන් හදපු හැඳුනුම් පත් කිහිපයක් සහ අනෙක් ලියකියවිලි. ඒ එක්කම මට විශේෂ රාජකාරියකුත් පැවරුනා. ඒ තමයි සිංහල සමාජයට ගිහින් ඔවුන් පිලිබඳ වැඩි දුර කරුණු හොයන්න. කරුණු එකතු කරන්න. ඒ වැඩෙත් මන් බොහොම කැමැත්තෙන් බාර ගත්තේ.

මගේ අතට දුන්න අර ලියකියවිලි පාවිච්චි කරල මට පුළුවන් උනා ලංකාවේ ඕනෑම තැනකට යන්න මට කිසි අපහසුවක් උනේ නෑ. ඒ වගේම තව විශේෂ දෙයක්. ඔවුන් මට කිව්වා මේ වන විට ලංකාවේ හැම අංශයකම මම වගේ කට්ටිය ඉන්නවා කියල. ඒ අයගෙන් සමහරුඅවුරුදු 30, 40 මේකත් එක්ක වැඩ කරන ය. ඒත ඒ බව කවුරුත් දන්නේ නෑ. සමහරු ඇත්තටම සිංහල. ඔවුන්ව පුංචි කාලේ ඉදල හදල තියෙන්නේ අපේ වැඩ වලට. ඕනෑම තැනක ඉන්න අපේ කෙනෙක් අඳුන ගන්න විදිහත් අපේ සංවිධානය මට කියල දුන්න. ඒ වෙනුවෙන් තියෙනවා වචනයක්. ඒ වචනය කියපු ගමන් අපි දන්නවා මේ අපේ කෙනෙක් කියන්න. අවුරුදු ගණක ඉඳල අපේ අය මේ වචනේ පාවිච්චි කරා. පළමු වතාවට අද මම එක ප්රසිද්ධ වෙනවා. ඔබ දන්නවද. මේ රහස එලි උන ගමන් මුස්ලිම් ලෝකය උඩු යටිකුරු වෙනවා. මේ වෙලාවේ මට ඕන කරන්නෙත් ඒ දේ තමයි. ඒ වචනේ තමයි "මදෙයි" කියන එක. අපේ කෙනෙක් කියල හිතෙන කෙනෙක් ලඟට ගිහින් මේ වචනේ යන්තමට ඇහෙන්න මේ වචනේ කිව්වම එයා අපේ කෙනෙක්නම් එයත් ඒ වචනේ ආපහු කියනවා. එහෙමයි අපේ කෙනෙක් අඳුනන්නේ. මේක ලංකාවට නෙවෙයි. මුළු ලෝකෙම තියෙන රහස් වචනය මේකම තමයි..
අවුරුදු ගණනාවක ඉදල කරගෙන ආපු දේවල් වල ප්රතිපලය මම දැක්ක. ඔබ විශ්වාස කරනවද? සියලුම රාජ්ය ආයතන, යුධ,ගුවන්, නාවික හමුදාවල, පොලිසියේ, සන්නිවේදන සමාගම් වල, වරාය, ගුවන් තොටුපල, ගුවන් ,බැංකු, මේ හැම තැනකම අපේ සාමාජිකයෝ මේ මොහොත වෙනකොටත් තමන්ගේ වැඩ කොටස ඉටු කරමින් ඉන්නේ. හරිම කෙටියෙන් තමයි මේ අපේ සංවිධානේ ගැන ඔබට කිව්වේ.
වරාය සහ ගුවන්තොටුපල කියන්නේ අපේ සංවිධානයට ඉතාම වැදගත් ස්ථාන 2ක්. පහුගිය කාලේ තිබුන දේශපාලන පසුබිමේ පිහිටෙන් අපිට පුළුවන් උනා ඒ තැන් අපිට ඕන විදිහට හදාගන්න. දැන් ඒවගේ පරිපාලනය අපිට නැති උනත් මේ මොහොතේත් එතන සිද්ද වෙන්නේ අපිට ඕන කරන දේ. තව දෙයක් කියන්නම්. වරායේ ඉන්න, අපිට අවනත නොවෙන අපිට බාධා කරන අයව අපි කරන්නේ මුහුද මැදට ගෙනිහින් මරල දාන දාන එක. ඊට පස්සේ අපිම කියනවා ඒ අය රට පැන්නා කියල. ආණ්ඩුවේ ඉන්න හකීම්, බදුර්දීන් කියන ඇමතිවරු අපේ හොඳම සාමාජිකයෝ.
දැන් මම හෙළි කරන්නම් අපේ කට්ටිය ඉස්සරහට මොනවද කරන්නේ කියන එක.
දැන් අවුරුදු 3කට විතර කලින් දවසක මට විශේෂ වැඩක් පැවරුණා සංවිධානය වෙනුවෙන් කරන්න. ඒ වෙනුවෙන් ඔවුන් මාව බෞද්ධ සංවිධානයකට සම්බන්ධ කරා. මගේ සිංහල පෙනුම, සිංහල හැදුනුම්පත් ආදිය මේ වැඩේ ගොඩක් පහසු කරා.මට පැවරිලා තිබුනේ මේ බෞද්ධ සංවිධානයේ වැඩ කටයුතු ගැන හොඳ අවබෝධයක් ගන්න. ඊට පස්සේ කරන්න තියෙන වැඩේ ගැන මට කිව්වේ නැතත් මට තේරුණා කරන්න යන්නේ ලොකු සන්හාරයක් කියන එක. ඒ දවස්වල මගේ තිබුන මානසික තත්ත්වෙත් එක්ක මටත් ඕන උනේ ඒ වගේ ලොකු වැඩක් කරන්න. ඉතින් හරිම උනන්දුවෙන් සහ කැප වීමෙන් බොහොම කෙටි කාලයකදී එතන වැඩ ගැන හොද අවබෝධයක් ලබාගන්න මට පුළුවන් උනා. ඔවුන්ගේ උත්සව ගැන. සෙනග රැස් වෙන තැන් ආදිය ගැන හොඳ වාර්තාවක් මම අපේ යට ලබා දුන්න. ඒ ය ගොඩක් සතුටු උනා. මට කිව්වා ඊලග වැඩේ කෙරෙනකන් එතනටම වෙලා ඉන්න කියල. බොහොම කැමැත්තෙන් අපේ ඊලග පියවර ගන්නකන් මම බලාගෙන හිටිය. හැබැයි එතන තමයි මේ හැම දෙයක්ම වෙනස් වෙන්න පටන් ගත්ත තැන. අවුරුදු තුනක් මේ සිංහල මිනිස්සුත් එක්ක ඉන්නකොට මගේ ආකල්ප ටිකින් ටික වෙනස් වෙන්න පටන් ගත්ත. සිංහල මිනිස්සු කියන්නේ අපි හිතාගෙන හිටි ජාතියේ ම්ලේච්චයෝ නෙවෙයි කියන එක මට වැටහෙන්න ගත්ත. මේ දේවල් මට තේරෙනකොට මන් ආපහු හැරෙන්න බැරි දුර ගමනක් අපේ ඉස්ලාම් සන්විධානෙත් එක්ක ඇවිල්ල. මම දැනගත්ත මම වෙනස් උනොත් ඒ ය අතින් මන් මැරුම් කනවා කියල. ඒ නිසා මම නිහඬවම හිටිය.
ඔහොම කාලේ ගෙවිල ගියා. මගේ වෙනසක් එයාල දැක්කේ නෑ. ඒ නිසා දැන් සතියකට විතර කලින් එයාල සැලසුමේ දෙවෙනි කොටස මට හෙළි කරා. ඒ මේකයි.
ලබන ජූලි මාසේ පස්වෙනිදා අනුරාධපුරේදී තියෙනවා ලොකු පිච්චමල් පූජාවක්. එතැනදී කොලහාලයක් නිර්මාණය කරන්න සැලසුම් කරලයි තියෙන්නේ. ඒ වෙනුවෙන් හැමදෙයක්ම මේ වෙද්දී සූදානම්. එත් එක සිද්ද වෙනවා බලාගෙන ඉන්න මට දැන් බැහැ. ඒ නිසයි මේක මම හෙළි කරේ. එහෙම දෙයක් වෙන එක වලක්වා ගැනීම ඔබට අයිති වැඩක්...

තව දේවල් ටිකක් මම හෙළි කරන්නම්. ලබන මාසෙම දවසක අපි සැලසුම් කරලා තිබුන මේ රටේ අල්ලන්න. ඒත් අපි නොහිතපු වෙලාවක අලුත්ගම ඇති උන සිද්ධියත් එක්ක මේ සැලසුම ටිකකට කල් ගියා කියල තමයි දැන්නම් ආරංචිය. එක කෙරෙන්නේ මෙහෙමයි. මම මුලින් ඔබට කිව්වා වගේ ලංකාවේ හැම අංශයකම අපේ කට්ටිය ඉන්නවා. ඒ විදිහට ලංකාවේ විතරක් නෙවෙයි මේ ලෝකේ හැම රටකම අපේ අය පැතිරිලා ඉන්නේ. මෙහෙ ඉන්න අයගෙ උදව්වෙන් අපි එක රැයකට රේඩාර් පද්ධතිය සහ සියලුම සන්නිවේදන පද්ධති අවුල් කරනවා. ඒ අතරේදී අපේ කට්ටිය පිට රටින් මෙහෙට එනවා ඕන කරන ආයුද එහෙමත් අරගෙන. මේ වෙනකොටත් මේ වැඩේට ඕන කරන පිට රට අයගෙන් පිරිසක් මේ රටට ඇවිල්ල අදාළ තැන්වල ස්ථානගත වෙලා ඉන්නේ. හරියට හමුදාව ආණ්ඩු බලය අල්ලනවා වගේ මෙහෙයුමකින් අපි ඒ රෑ එලි වෙනකොට මෙහෙ බලය අල්ලලා. මන් අයෙත් ඔබට කියනවා. මේ හැම දෙයක්ම සහතික ඇත්ත. සිදු වේගෙන යන සමහර දේවල් දැක්කම ඔබටත් ඒ බව වැටහෙනවා ඇති.

මේ මෙහෙයුම වෙනුවෙන් අපි රට පුරාම ආයුධ ගබඩා සූදානම් කරලයි තියෙන්නේ. අපේ හැම පල්ලියකම අඩුම තරමේ කඩු 300ක් ගබඩා කරලා තියෙන්නේ. ඒ වගේම සමහර පල්ලි වල ගිනි අවිත් සූදානම් කරලයි තියෙන්නේ.

ඒ වගේම අපි මේ වෙද්දී අපේ තරුණයන්ට ලාබාල සිංහල ගෑනු ළමයි සම්බන්ධ කරලා තියෙන්නේ. මේ මෙහෙයුම වෙන දවසේ රෑ අපි ඒ අයව අපේ ලගට ගන්නවා. ඒ අපේ අයගෙන් ඒ අයට හානියක් නොවෙන්න. අනිත් අයට වෙන දේ ඔබ හිතාගන්න.
හෙළි කරන්න ඕන හැම දෙයක්ම මම හෙළි කරා. මේ දේවල් දිහා බලල ඔබ කැමති තීරණයක් ගන්න. එත් අවසාන වශයෙන් කියන දෙයක් තියෙනවා. මේ දේවල් හෙළි කරයින් පස්සේ මම කොහේ හැංගිලා හිටියත් අපේ අය මාව හොයාගෙන මරල දානවා. ඒ ගැන මට දුකක් නැහැ. එත් මේ තරම් කැප කිරීමක් කරලා, ද්රෝහී කමකුත් කරලා හැම දෙයක්ම හෙළි කරලා මන් බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ආරක්ෂාව. අපේ අන්තවාදයේ අවසානය. මුස්ලිම් ලෝකය දෙදරවනසුලු මේ ඇත්ත ඔබ හැමදෙනාම දැනගෙනත් නොසලකා හැරියොත් මට කරන්න දෙයක් නැහැ. දැන් වත් ඔබ අස් අරින්න. රටේ ආරක්ෂක අංශ වලට, ජනාධිපති තුමාට වගේම ගෝඨාබය මහත්තයවත් ඉක්මනින් දැනුවත් කරන්න. ඔබට රැකෙන්න තියෙන්නේ බොහොම පොඩි කාලයක්. 

Saturday, May 17, 2014

හෙල ඉතිහාසය විවේචනය කරන්නන්ගේ දැනගැනීමට.............

මේ බිමේ සිංහල නමකින් ඉපදුණ පමණින් සිංහලයෙකු නොවේ... ඒ බව මේ වන විට බොහෝ පිරිසක් ප්‍රත්‍යක්ෂ කර ඇත. අතෝරක් නැතිව අපේ දේ විවේචනය කරන්නේ ඒ අසික්කිත උප්පත්තියට ඔවුන් උරුමකම් කරන නිසා විය හැක.... උන්ගේ නැන පමණින් උවත් ඊට එහා දෙයක් ඇති බව සිතන්නට උන් කැමති නැත. රාවණා ඉතිහාසය ගැන කීමට ඇත්තේ ද එයයි... උන් දෙයක් කරන්නෙත් නැත. හෙළි කරන දෙයක් පිළිගන්නේ ද නැත. උන්ට බැරි නම් කාටවත් බෑ කියන මතයේ සිටින අමණයන්ගේ නිහීන කම මෙයින් පසු වත් දුරු වේවා...!!!

ඇමරිකන් රූපවාහිනි චැනලයක් වූ (History) ඉතිහාස චැනලය 1998 මැයි මස විකාශය කල පරිදි පරිදි බැබිලෝනියාවේ වූ ශිෂ්ඨාචාර‍යේ කල (ඉරාකයට අයත්) කැණීම් වලදී මතු වූ මැටි පුවරුවල සදහන් ආකාරයට ඔවුන්ට තම ශිෂ්ඨාචාරය ගොඩනගන්නට කියා දී ඇත්තේ ගුවනින් ආ සිංහ මිනිසුන්. ඒ වගේම පැරණි ලෝක පුදුම හතෙන් එකක් වූ බැබ්ලෝනියාවේ එල්ලෙන උයන නිර්මාණය කර ඇත්තේද සිංහ මිනිසුන්ගේ රටේ සිහගිරි පර්වතයේ උයන් වතු අනුකරණය කරමින් කියලාත් සදහන්. මේ කරුණු තවත් සනාථ වන අවස්ථාවක් තමයි මහාවංශයේ දෙවැනි කාණ්ඩයේ මූලික පාළි ග්‍රන්ථයේ 40 වන පරිච්ඡේදයක් නොමැති වීම. එහි 39 වන පරිච්ඡේදයට පසු ඇත්තෙ 41 වන පරිච්ඡේදයයි. රාවණ රජු හා සීගිරිය ගැන තොරතුරු ඒම පරිච්ඡේදයේ සටහන්ව තිබුබව ඒ ඇසුරින් නිර්මාණය කල පසුකාලීන කෘති වලින් තහවුරු කරගන්න පුළුවන් වෙනවා. එසේ වුවත් එම කෘතීන් ලංකාවේ ඉතිරිවෙලා නැහැ. මේ කාලයේදී අන්තර්ජාලය හරහා එම කරුණු එළියට ඒමෙන් අපිට හිතාගන්න පුළුවන් කොච්චර ජාතී අධිරාජ්‍යවාදීන් අපෙන් සොරකම් කරලාද කියලා.

සිංහ කොඩියේ සදහන් තුන් පයින් නැගී සිට එක පයකින් කඩුවක් දරා සිටින සිංහ සලකුණ බැබ්ලෝනියාවේද දක්නට ලැබෙන බව සදහන්. ලෝකයේ දැනට පුරාණතම ලේඛන සොයාගෙන ඇත්තෙ බැබ්ලෝනියාවේ. එය අවුරුදු 5500කටත් වඩා පැරණි බව ඉතිහාසඥයන්ගේ මතයයි. බැබ්ලෝනියානු ශිෂ්ඨාචාරය හෙළයන්ගේ පුරෝගාමිත්වයෙන්( අහසින් පැමිණී සිංහ මිනිසුන්) බව 1998 සොයාගත් මැටි පුවරුවලින් කියැවෙලා තියෙනවානේ. මෙය තහවුරු වන ප්‍රබලම සාක්ෂියක් වන්නෙ බැබ්ලෝනියානුවන්ගේ ලාංඡනය පියාපත් දෙකකින් හා සිංහ ශරීරයකින් යුක්ත මිනිස් හිස සහිත සත්වයෙකු වීමයි. ඒ අනුව අපිට හිතන්න පුළුවන් පියාපත් දෙකෙන් ගුවනින් පැමිණිමද, සිංහ සිරුර – සිංහ මිනිසුන් සංකේතවත් කිරීමට කියලා.

මේ සොයාගැනීම ඉදිරියට ගෙන යන්නට තරම් අපිට මේ රටේ සම්පත් දැන් නැති බව සැබෑවකි... නමුත් එය ප්‍රතික්ෂේප කරන්නට එය සාධකයක් නොවේ.... පරයින් අපේ ඉතිහාසය අතුගා දමද්දින් අපේම උන් ඊට හූමිටි තැබීම තරම් නිවට කමත් තවත් තියෙයිද? මේ ආරාධනාව උන්ට... පුළුවන් නම් මේ පිළිබදව විස්තර හොයපල්ලා.... උඹලා ගරහන්නේ අපේම දේට මිස අවජාතක ඉතිහාසයකට නොවේ.

Monday, May 12, 2014

මනසින් උසස් තිරිසනා

මනසින් උසස් තිරිසනා 

ඉහත ජායාරුපය පිලිබදව ඔබට යම් නිගමනයකට එන්න පුලුවන්ද? 
මෙතන ඉන්නේ අන්ධ පුද්ගලයින් දෙදෙනෙක්, මොවුන් දෙදෙනා බැංග්ලෝර් නුවර පන්සලකට ගිය අවස්තාවේ, ඔවුන් වතුර පිපාසයකට වතුර කරාමයක් ලගට ගිය අවස්තාවේදි 
ඔවුන්ට වතුර කරාමය ඇර ගන්න අපහසු වුන වෙලාවේ මොවුන් දෙදෙනාගේ සහයට 
මේක දැක්ක වදුරෙක් පැමින ඔවුන් දෙදෙනාට ජල පිපාසය සන්සිදුවා ගැනිම සදහා වතුර කරාමය විවෘත කරදුන් දුර්ලභ ජායාරුපයකි.
මිනිස්සුන් ගේ මනුස්සකම තිරිසන් සතු තත්වයට පත් වන මේ කාලේ,
තිරිසන් සතාගේ හැදියාව උතුම් බෝසත් කුලයට පත්විම අරුමයක් නෙවේ,
මට මේ පිංතුරය දැක්කම මතක් වුනේ අප මහා බෝසතානන් වහන්සේ වදුරු කුලයක ඉපිද
ජල පිපාසිත තම අනුගාමික පිරිසගේ පිපාසය සන්සිදවිම සදහා දිය රකුසෙකුගෙන් බේරා ගෙන පිපාසය සංසිද වු නලපාන කතා වස්තුවයි,
මෙයත් ඊට හාත් පසින්ම සමාන පුවතකි.

Saturday, March 15, 2014

සිව් හෙලය යනු කවුරුන් ද?

වසර 2500 ක ප්‍රෝඩ ඉතිහාසයක් ඇති අප රට ලෝකයේ පැරණි ඉතිහාසයක් ඇති අනිත් රටවලට නොදැවනි ලෙස ඉහලින්ම තැබිය හැක. නමුත් අප සියලු දෙනාම කතා කරන්නෙ විජයාවතරනයෙන් පසු දියුණු වුණු නැතහොත් සංවර්ධනය කරන ලද ඉතිහාසයකි. නමුත් මෙයට විරුද්ධව එයට වඩා පැරණි ඉතිහාසයක් ඇති බවට විශ්වාස කරන අප රටේ විද්වතුන් රාශියක් සිටියි. රාජ් සෝමදේව, කලාශුරි අරිසෙන් අහුබුදු වැනි විද්වතුන් මේ පිලිබඳ බෝහෝ කරුණු සොයා යමින් සිටියි.

ලංකා ඉතිහාසයේ හා ලෝක ඉතිහාසයේ නොවිසදුණු ප්‍රධාන ගැටළු සහගත ඉතිහාස පුවතකි රාවණා කතාව. මේ පිළිබඳව ප්‍රධාන වශයෙන් ගෙනහැර දක්වන්නේ රාමායනය මහා කාව්‍යයේය. එයද එලෙස දක්වා ඇතත් සිංහලයන් සහ ලාංකිකයන් ලෙස අපට එමගින් වැදි ඇති පහර සුලු ප‍ටු නොවෙයි. මක්නිසාදයත් රවණා රජු ස්ත්‍රින් පැහැර ගන්නා රාක්ෂයෙක් ලෙස එමගින් හුවා දක්වා ඇති නිසාය.

අප දැන් බලමු ලංකාවේ එම අවදියේ සිටි මිනිසුන් කවරහුද කියා. ප්‍රධාන වශයෙන් ඔවුන් රාක්ෂ, යක්ෂ, දේව සහ නාග ලෙස ග්‍රෝත්‍ර 4 ක් ලංකාවේ ජිවත්වි ඇත. එමනිසා එකල ලංකාවට සිව් හෙලය යන නමද භාවිතා වි ඇත. රාමායනයට අනුව අප රටේ ජිවත්වි ඇත්තේ රකුසන්, යකුන්, නාගයන් ලෙස දක්වා ඔවුන් සතුන් සහ භුතයන් ලෙස විකෘති කර ඇත. නමුත් වර්තමානයේද පවතින කුල ග්‍රෝත්‍ර භේදය සලකා මෙසේ වර්ග 4 කට බෙදා වෙන්කල බව අපට සිටිය හැක.

උදාහරණයක් ලෙස වර්ථමානයේද 

ජාති වශයෙන් පවතින බෙදිම සලකා බැලිය හැක එනම්. සිංහල, දෙමල, මුස්ලිම් සහ බර්ගර් ලෙසය. එම අවදියෙදි මෙසේ යක්ෂ, රාක්ෂ, දේව සහ නාග ලෙස බෙදා සිටි බව අපට සිතිය නොහැකිද????? මොවුනුත් සාමාන්‍ය මිනිසුන් නොවුනාද?????


මේ ගැන හොඳ පසුබිමක් හදාගන්න අපි දැන් බලමු මෙම රාක්ෂ, යක්ෂ, නාග, හා දේව ග්‍රෝත්‍ර ගැන…….

* රාක්ෂ ග්‍රෝත්‍රය

මොවුන්ගේ ලාංජන වශයෙන් ස්වස්තිකය හා මකරා යොදා ගෙන තිබේ. හිරු දෙවියන් ඇදහු ජනකොටස කළු ගගෙන් උතුරේද, චන්ද්‍ර වංශය ඇදහු ජනකොටස කළු ගගෙන් පහලද ජිවත්වු බවට ඉතිහාසය සාක්ෂි දරයි.

* නාග ග්‍රෝත්‍රය

මොවුන්ගේ ලාංජනය වශයෙන් මාළුවා යොදා ගෙන තිබේ. මොවුන් ප්‍රධාන වශයෙන් නාවික කටයුතු මෙහෙයවු පිරිසක් විය. ලංකාවේදි ප්‍රධාන වශයෙන් නාග ග්‍රොත්‍රිකයන් ගේ ප්‍රදේශයක් වශයෙන් කැලණිය ප්‍රදේශය. අපට සැලකිය හැක. මෙහිදි නාග ග්‍රෝත්‍රයට සම්බන්ධ රජ කෙනෙක් ලෙස ,රාවණා රජු ගේ සහෝදරයෙක් වන මව් පාර්ශවයෙන් නාග ග්‍රෝත්‍රික වන විභිෂණ රජු සැලකිය හැක. මෙසේ නාග ග්‍රෝත්‍රිකයන් ලංකාවේ බටහිරදිග ගොඩනගා තිබු නාග රාජධානිය ක්‍රි.පු 250 දි පමණ ඇතිවු මුහුද ගොඩ ගැලිමකින් විනාශ වී ඇත. මන්නාරම හා තුත්තුකුඩිය අතර පට්‍ටුනාගම් නගර ලක්ශයක්, ධිවර ගම්මාන 970 හා තවත් ගම්මාන 400 ක් විනාශ වී ඇත. ඉතිරි වුයේ ඉන් 1/12 කි.

* යක්ෂ ග්‍රෝත්‍රය

මොවුන්ගේ ලාංජනය වශයෙන් පද්මය හා කෙටේරිය භාවිතා වී ඇත. යක්ෂ ග්‍රෝත්‍රය ලංකා ඉතිහාසයේ ප්‍රධාන තැනක් ගත් ග්‍රෝත්‍රයකි. බොහෝ දුරට සලකන පරිදි යක්ෂ ග්‍රෝත්‍රිකයන්ට මාතෘ මුලික සමාජ ක්‍රමයක් තිබි ඇත. 
හිරු දෙවියන් ඇදහු ජනකොටසක් වේ.  තවද ලංකාවේ නැතහොත් හෙලයේ සිටි ප්‍රබලම යක්ෂ ග්‍රෝත්‍රික රජු ලෙස රාවණා රජු සැලකේ.

* දේව ග්‍රෝත්‍රය

මොවුන්ගේ ලංජනය වශයෙන් පුන්කලස භාවිතා වී ඇත. දේව ග්‍රෝත්‍රිකයන් ප්‍රධාන වශයෙන් ලංකාවේ කදුකර ප්‍රදේශවල ජිවත් වී ඇති බවට සිතිය හැක. මොවුන්ගේ ප්‍රධාන පුද්ගලයකි සුමන සමන් දෙවියන්

Friday, February 28, 2014

සිරිපා මළුවේ මහා පිංකමට දායකවූ "හමුදා මෙහෙයුම"

සිරිපා මළුවේ මහා පිංකමට දායකවූ "හමුදා මෙහෙයුම"
.
දුරුත්තේ සීතලට තවමත් ඇඟ ගැහෙයි. පරිසරය වසාගත් මීදුම් සළුව සමන් ගිරට අපූර්ව චමත්කාරයකි. සමන් ගිරෙහි මළුව දක්වා දිවෙන විදුලි එළිය සැතපුම් ගණනක් මෙහා සිට බලන්නකුටත් මන බඳින දසුනකි. දවස් ගණන් පේවී සිරිපා වඳින්නට යන බැතිමතුන්ද, සිරිපා කරුණා කර එන බැතිමතුන්ද මග දිගට අපටත් මුණ ගැසිණි. අවුරුද්දට දෙතුන් විටක් සිරිපා කරුණා කිරීම වන්දනාවේ එන තරුණ පිරිසට විනෝදයකි.
වඳින්න යන මේ නඬේට සුමන සමන් දෙවි පිහිටයි...”
වැඳල බහින මේ නඬේට සමන් දෙවිඳු කරුණාවයි”
කරුණාවයි කරුණාවයි සුමන දෙවිඳු කරුණාවයි”
වඳින්ට යන කිරි කෝඩුට සමන් දෙවිඳු කරුණාවයි”
වැඳල බහින දඬු කෝඩුට සුමන සමන් දෙවි පිහිටයි”
අපේ බුදුන් අපි වඳින්ට - පෙරළි පෙරළි අපි වඳින්ට”
මෙන්න මෙතන තැනිතලාව - කෝපි බොන්ට හොඳ වෙලාව”
අග්ගල කං ඩෝං පුතා - හෙළේ නගිං ඩෝං පුතා”

සිරිපා කරුණා කරන කවි අපේ කන වැකෙයි. හුදු විනෝදයකට නොපෙරළුනු ධාර්මික විනෝද ගමනකි. සිරිපා කරුණා කරන කවුරුත් තමන් එහි ගිය වාර ගණන සිහිපත් වෙන්නට මළුවේ ඝණ්ඨාව නාද කරති. ඇතැම් වයසක ආච්චිලා ආතලා මළුවේ ඝණ්ඨාව හැට හැත්තෑ වර නාද කරති. එය ඔවුන්ට සතුටකි. අසන දකින අයට පුදුමයකි.

දෙව්ලොවහි ආලින්දය යැයි පිළිගැනෙන සිිරිපා මළුව නිරන්තර දේව ආශිර්වාදය පවතින දෙවියන් වඩින ස්ථානයක් හැටියට ප‍්‍රසිද්ධය. සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් බුදුන් වහන්සේගේ පාදස්පර්ෂයෙන් පූජනීය වූ සමන්ත කූටය අද කුදු මහත් බෞද්ධ - අබෞද්ධ ප‍්‍රජාවගේ මහත් වූ ගෞරවයට බැතියට පාත‍්‍රවූ පින් බිමෙකි. මේ පින්වන්ත චාරිකාවේ යෙදෙන්නකුට වුව සමන් දෙවියන්ගේ ආශිර්වාදය, ශක්තිය හිමි වන බව සියල්ලෝ විශ්වාස කරති. එනිසාම කට වරදවා නොගෙන, සමන් දෙවි හාමුදුරුවන්ගෙන් අවසර ගෙන, දවස් ගණන් මස් මාංසයෙන් වැළකී සිරිපා කරුණා කිරීම එදා පටන් අදත් දැකිය හැකි විශේෂත්වයකි. එකී පුණ්‍ය ගුණයෙහි පිහිටා කවුරුන් වුව කරුණාවේ යෙදෙන නිසා -සිරිපා කරුණාව” දුරාතීතයේ පටන් උතුම් පාද චාරිකාවකි.
gotabhaya rajapakse and others

සිරිපා මළුවේ ඇසෙන ඝණ්ඨා නද දෙව්ලොව පුරා නින්නාද දෙන සීනුවක් වැනිය. ඒ අසිරිමත් බිමෙහි දෙවියන්ට කරන ආරාධනයක් මෙන් පසුගියදා සිරිපාදස්ථානයට නව ඝණ්ටාවක් සහිත ඝණ්ඨාර කුළුණක්, දොළොස් මහේ පහනක්, කොප්පරා පහනක් පූජා කිරීම උත්සවාකාරයෙන් සිදුවිය. ඊට අමතරව ශ්‍රී පාද මළුවේ පැතලි කළුගල් අල්ලා පෞරාණික ස්වරූපයෙන් අත්‍යාලංකාර කොට තිබිණ. මේ මහා පූජනීය සත්කාරයට ධන පරිත්‍යාග කොට කටයුතු කළේ කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජයසේන මහතා සහ එම මැතිනියයි. ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ අනුශාසනා පරිදි එම කාර්යය සිදුවිණි.
sri lanka army heroes of the nation
කිලෝ ගණනක බර රැගෙන පඩි නගින සෙබළු

අද සිරිපා කරුණා කරන ඔබට එම පෞරාණික උරුමය පිරුණු කළුගල් ඇල්ලූ සිරිපා මළුවේ ඇවිද යා හැකිය. දොළොස් මහ පහන, කොප්පරා පහන හා ගල් කැටයම් සහිතව කෙරුණු ඝණ්ඨාර කුළුණ දැක බලා ගත හැකිය. ඔබේ දැකුමෙන් ඔබ්බට ඒ මහා කාර්යභාරය වෙනුවෙන් බොහෝදෙනෙක් දහදිය, කඳුළු හෙළුෑහ. මහා ධනයක් යෙදුහ. අපමණ කැපකිරීම් කළහ.
sri lanka army heroes of the nation
බෑගයේ අසුරා උළුකැට ගෙනයමින්

ඒ සියලූ දෙනා මෙලොව පරලොව වශයෙන් මහා පින්කමක් කළෝයි දෙවරක් නොසිතා අප ප‍්‍රකාශ කරම්හ.
නල්ලතන්නියෙන් පටන්ගත් විට මකර තොරණ, රතුපාලම, සාම චෛත්‍යය, ගඟුලතැන්න, සීත ගඟුල, රතු අම්බලම, ගොළුතැන්න, ඉඳිකටුපාන, මහගිරිදඹය, ඇහැළකණුව ඔස්සේ සිරිපා මළුවට දුර කිලෝමීටර හතක් පමණය. තැන්නේ කිලෝමීටර් හතක් යනවාට වඩා කන්ද ඒ දුර යාමද නැවත ඒ දුර බැසීමද පහසු නොවන්නකි. ඒ අපහසුකම සිරිපා වැඳ ආපසු එන ඇතැම් මුහුණු වලින් පෙනේ.
සිරිපා මළුවේ ඉහත කී අසිරිමත් පින්කම කිරීමට බරින් වැඩි කොටසක් අතේ, කරේ එල්වා ගිය බව විශ්වාස කළ නොහැකි වුව ඔබ විශ්වාස කළ යුතුය. අතේ කරේ ටොන් ගණනාවක බරක් එල්ලගෙන නල්ලතන්නියේ සිට සිරිපා මළුව තෙක් ඔවුහු ගියෝහ. එය ගියේ කෙසේද? එය කළේ කවුද? ඒ වෑයම කුමක්ද? ඒ අසිරිමත් පින්කම හැඩ කළ අපේ යුගයේ යෝධයන් ගැන අපි ලියමු. ශ්‍රී ලංකා යුද හමුදාව, මෙහිලා සුවිසල් දායකත්වයක් සපයනු ලැබූහ. මේ මහා කාර්යය විටෙක සටනකි. මහා ක‍්‍රියාන්විතයකි. මෙහෙයුමකි. නමුත් එය පුණ්‍යවන්ත එකකි. යුද හමුදාපති ලූතිනන් ජනරල් දයා රත්නායක මහතාගේ උපදෙස් මත මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් උභය මැදවල මහතාගේ උපදෙස් මත 11 වන සේනාංකය ඊට සූදානම් වූහ.
දින ගණනක් 11 වැනි සේනාංකයේ රණවිරුවෝ මේ උදාර කාර්යය උදෙසා පේ වූහ. කාගේත් සිත්වල තිබුණේ නියෝගයකට, අණකට වඩා, බැතියෙන් කළ යුතු තමන්ගේ වැඩක් යන හැඟීමකි. මහා පින්කමක්ය යන හැඟීමකි. සියලූ යුද සෙබළු වෙත ඉපදුනේ අපමණ චිත්ත ධෛර්යකි.
දිනය 2012 දෙසැම්බර් 09 වැනිදාය. සෙබළු පිරිස උදේ නල්ලතන්නියට එකතු වූහ. සිරිපා මළුවට අතුරන අඩිය අඩිය ප‍්‍රමාණයේ කළු ගල් කුට්ටි (ටයිල්) එහි ගොඩ ගසා තිබිණි. එක ගල් කුට්ටියක් කිලෝ 8ක් 10ක් පමණ බරින් යුතුවිය. තමන්ගේ බෑග තුළට ගල් කුට්ටි දෙක තුනක් බැගින් දමා එයටම වතුර බෝතලයක් කෑම පාර්සලයක් දමාගෙන ඔවුහු ගමන පිටත් වූහ. මුළු බෑගයේ බර කිලෝ 25ක් පමණවිය. අවාරයේ සිරිපා කරුණාවකි. උදේ 7.00 ට පිටත් වූ පිරිස මිනිස් පුළුටක් නැති හිම වතේ දෙන්නා තුන්දෙනා බැගින් කන්ද තරණය කළහ. කොළ වැටී, ගස්වල අතු වැටී පාළුවී ගිය සිරිපා මගෙහි ඌරන්, මුවන්, ගෝනුන් විටින් විට දිස්වේ.
Asgiri Chapter Most venerable Udugama Sri Buddharakkhitha Thera
අස්ගිරි මහානාහිමියන් දෝලාවකින් සිරිපා මළුව වැඩමවද්දී

අස්ගිරි මහානාහිමියන් දෝලාවකින් සිරිපා මළුව වැඩමවද්දී
රතු අම්බලම, ඉඳිකටුපාන ආදී තැන් කීපයක නැවතී ගිමන් හැර ආයෙත් බර පිටෙහි එල්ලා ගමනහි යෙදේ. ගල් කුට්ටි ගෙන යාම වැලි කොට්ටයක් ගෙන යනවාට වඩා ඔවුන්ට වෙහෙස දැනුණු බව සැබෑවකි. ගල් කුට්ටියේ පිහිටීම පිට තලයට දැඩි අපහසුවකි. උදේ 11.00 පමණ වන විට පිරිස මළුවට ළඟාවූහ. කෙතරම් හැඟීමකින් කටයුතු කළෝ දැයි කියනවා නම් කීපදෙනෙක් එවෙලේම ආපසු බැස යළිත් ගල් කුට්ටි දෙකක් රැුගෙන නැවත කන්ද තරණය කළහ. මේ සියලූදෙනා ලක්ෂපාන 22 වැනි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ නිලධාරීන් හා සෙබළුන්ය.
මේ ආකාරයට සිරිපාදයට ගෙනයා යුතු ටයිල් කළුගල් ප‍්‍රමාණය 3000 ට වැඩි විය. බිත්ති වලට අල්ලන පතුරු ගල් ප‍්‍රමාණය 2000 ට වැඩි විය. අවස්ථා ගණනාවකදී කණ්ඩායම් යොදවා මාස ගණනක් පුරා එම කාර්යය කළහ.
පසුව සිවිල් ආරක්ෂක බළකායද මේ දැවැන්ත සත්කාරයට එකතු විය. ඔවුහු සිය දෙනෙක් පමණ සිරිපාදයේ නතර වී ගල් කුට්ටි කොටස් වශයෙන් කඳුමුදුනට රැුගෙන ගියහ. ඔවුහු කණ්ඩායම් ලෙස එක පිිරිසක් නල්ලතන්නියේ සිට සාම චෛත්‍යය ළඟටද, එතැන සිට තව කණ්ඩායමක් රතු අම්බලම දක්වාද, රතු අම්බලමේ තැබූ ගල් කුට්ටි ඉඳිකටුපානටද, එතැනින් මළුවටද රැුගෙන ගියහ. ගල්කුට්ටි ගෙන යාම එසේ නිමා විය. මෙහි තවත් විශේෂත්වයක් වූයේ ලා/කෝප‍්‍රල් ශාන්ත කුමාර කිලෝ 75ක් පමණ වනසේ ගල් කුට්ටි 6ක් මළුව කරා එකවර රැගෙන යාමය.
ඉන්පසුව වැලි හා සිමෙන්ති රැුගෙන සිරිපා කරුණා කිරීම ආරම්භ විය. සිමෙන්ති කොට්ටය දෙකට කඩා කිලෝ 25 බැගින් කරට ගත් යුද සෙබළු යළි ගමන ඇරඹූහ. වැහි ඇති දිනවල කිලෝ 25 හේ වැලි කොට්ට කරට ගත්හ. දැඩි සීතල ආදී අවාරයේ විඳිය යුතු සියලූ අපහසුකම් විඳ ගනිමින් යළිත් වැලි සිමෙන්ති උඩට ගෙන ගියහ. හමුදා නිලධාරීන්ගේ සිත්වල තිබුණේම මේ මළුවේ පය ගහන වාරයක් පාසා පරම්පරාවකට පින් ලැබෙන උදාර කාර්යයක්ය යන හැඟීමකි.
ගල්, වැලි ගෙනයාමට සිවිල් ආරක්ෂක බලකායද මහා කාර්යයක් කළහ. සිරිපාදය අවට බරගෙන යන කුලීකරුවෝද කැන්ඩි සිටි සෙන්ටර් ආයතනය මගින් යොදවා තිබිණි. ඔවුහු නල්ලතන්නියේ සිට මළුව දක්වා එක කිලෝවක් ගෙන යාමට රුපියල් 26 ක මුදලක් අය කිරීමද විශේෂත්වයක් විය.
ඉන් පසු මළුවේ පොළොවේ ටයිල් ගල් කුට්ටි ඇතිරීම හා බිත්තිවල පතුරු ගල් ඇල්ලීම කෙරිණි. මාස ගණනක් පුරා එම කටයුතු සිදුවිය. මේ කාර්යය සඳහා 22 වැනි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිලධාරී ලූතිනන් කර්නල් ලලන්ත ගම්ලත් නිතර සෙබළුන්ගේ සෙවණෙහි සිටියේය. ඊළඟ දැවැන්ත කාර්යභාරය වූයේ ඝණ්ඨාර කුළුණ සඳහා සකස් කළ කැටයම් ගල් කණු කොටස් මළුවට රැුගෙන යාමය. ඒ අතර කාලයේ කිලෝ 690ක් බර කොප්පරා පහන, කිලෝ 1200 ක් බර දොළොස් මහේ පහන, කිලෝ 760ක් බර ගණ්ඨාරය, කිලෝ 1690 ක් බර දොලොස් මහේ පහන සඳහා වන ගල් බේසම නල්ලතන්නිය වෙත ලැබිණි.
කැටයම් ගල් කණු කුට්ටියක් කිලෝ 80 ත් 250 ත් අතර ඒවා විය. මේ කාර්යය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවද පූර්ණ සහාය ලබාදුන්නේය. ගුවන්යානයේ විශාල දැලකට ගල් කුට්ටි, කොටසින් කොටස පැටවිණි. නල්ලතන්නියේදී එම කටයුතු සඳහා ලූතිනන් බොතේජු ඇතුළු සෙබළු 20ක් පමණ දායක වූහ. දැලට බර පැටවූ පසු එය ඔසවාගෙන ගුවන් යානය සිරිපා කඳු මුදුන දක්වා පියාසර කළේය. එතරම් බරක් එල්වා, එතරම් උඩක් ගුවන් යානයක් පියාසර කිරීම එක් අතෙකින් අවදානම් සහිත විය. තවත් අතෙකින් එවැන්නක් මුල්වරට ලංකාවේ කළාද විය හැකිය.
මේ කටයුතු කෙරෙන ආකාරය සොයා බැලීමට ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් වැඩම කොට අනුශාසනා කළහ.
ගුවන් යානය විසින් ගෙන යන ගල් කණු සිරිපා මළුවේ එක ස්ථානයකට සීරුවට පතිත කළ අතර ඒවා වහා එම ස්ථානයෙන් ඉවත් කිරීම මේජර් සුගත් දහනායක ඇතුළු සෙබළු 22ක් මළුවේ ක‍්‍රියාකාරී වූහ. එක කොටසක් ගෙන ගොස් ඊළඟ කොටස ගෙන ඒමට විනාඩි 10ක් පමණ කාලයක් ගත විය. ඒ වන විට ගෙනා සියලූ දේ අදාළ තැනින් ඉවත් කොට දැල ආපසු ගෙන යාමට සූදානම් විය යුතුය. පහළද ඒ ආකාරයට බඩු පටවා සූදානම් විය යුතුය. මේ ආකාරයට ගල් කණු කොටස්, ගල් බේසම, ගණ්ඨාරය, ගලින් කළ අලි දෙදෙනෙක්, පිත්තල පහන, කොප්පරා පහන, පිත්තල බේසම සතියක් තිස්සේ ඉහළට ගෙන යාම සිදුවිය. ඒ ඇතැම් දිනවල මීදුම සහ සුළඟ නිසා ගුවන් කටයුතු අතරමග නතර කරන්නටද සිදුවිය.

බලාසිටින අයට මෙය මහ පොළොවේ හා ගුවනේදී රණවිරුවන් කළ තවත් වික‍්‍රමාන්විතයක් විය.
ගල් කණු යොදා බාස්වරු ඝණ්ඨාර කුළුණු කැටයම් ගල් කුට්ටි යොදා ගොඩ නගද්දී යුද හමුදාව එහි නැවතී දිගටම ඔවුන්ට උපකාර කළහ.
කොප්පරා පහනේ හා දොළොස් මහේ පහනේ වහළය සඳහා පැතලි උළු කැට 3492 96ක් නල්ලතන්නියට ලැබුණේ මේ අතරය. යුද සෙබළු යළිත් උළු කැට ගෙන ගියහ. උළුකැට 15 - 20 ක් පමණ බෑගයක දමා කිලෝ 15 - 20 ක් පමණ වන බෑගය කරේ එල්ලගෙන ඒ ගමන ගියහ.