Thursday, October 17, 2013

ශ්‍රී ලාංකීය ජාතිය තවත් එක් ද්‍රෝහී සංකල්පයක්.........

බුදු දහම හා බැදුනු කීර්තිමත් අතීතයක හිමිකම් කියන ශ්‍රී ලාංකිකයන් සැමවිට සභ්‍යත්වය සදාචාරය ඉතා උතුම් කොට සලකන ලදී. බඩගින්නේ සිටියද තම සභ්‍යත්වය විකිණීම ලාංකිකයින් විසින් කිසිවිටක සිදුනොකරන ලද්දකි. ශ්‍රී ලාංකීය ජාතිය නමින් අළුතෙන් බිහිකරන්නට හදන පියෙකු නැති අවජාතක ජාතිය, සිංහල ජාතිකත්වය මොට කිරීම සදහා සමාජගත කරවමින් පවතින සර්වාගමික සංකල්පයටත් වඩා භයානක, තවත් එක් ද්‍රෝහී සංකල්පයක්.

සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝම පොදුවේ ශ්‍රී ලාංකිකයෝ. ඒ හැර ශ්‍රී ලාංකික නමින් ජාතියක් නෑ. එහෙම විවිධ ජාතීන් එකතු කරල හදපු ජාතියක් ලෝකෙ කොහෙවත් නෑ. යම් රටක ශිෂ්ටාචාරය, සංස්කෘතික හර පද්ධතිය ඓතිහාසිකව ගොඩ නැගූ ජන කොටස ජාතිය නමින් හදුන්වයි. ලෝකයේ එවැනි පිළිගත් ජාතීන් ඉන්නේ 27යි. සිංහල ජාතියත් ඒ 27න් එකක්. ශ්‍රී ලංකාවේ ජීවත් වෙන එකම එක ජාතිය සිංහල වන්නේ මේ රටේ සංස්කෘතිය ශිෂ්ටාචාරය ඓතිහාසිකව ගොඩනැගුවේ සිංහලයින් වන නිසා.

 ඒ අනුව මේ රටේ ජීවත් වන එකම ජාතිය සිංහල. අනිත් හැමෝම ජන වර්ග මිස ජාතීන් නෙවෙයි. "ශ්‍රී ලාංකීය ජාතිය" නමින් මේ අලුතින් කරළියට ගේන්න හදන බේගලය සිංහල ජාතිය සතු ඒ ඓතිහාසික අනන්‍යතාව අන්‍ය ජාතීන් සමග සම්මිශ්‍රණය කරල දියාරු කරල දාන්න ගෙන සාහසික සංකල්පයක්. සිංහල බෞද්ධ සංස්කෘතිය යටතේ දෙමළ, මුස්ලිම්, බර්ගර් මේ හැමෝටම සහජීවනයෙන් වාසය කරන්න පුලුවන් වෙලා තියනවා.

නමුත් මේ රටේ මුස්ලිම් හෝ වෙනත් සංස්කෘතියක් හිස ඔසවපු දවසට අද මේ සිංහල බෞද්ධ බලවේගයට ජාතිවාදී ආගම්වාදීන් කියල හංවඩු ගහන නමට පමණක් සිංහල වුණ සම+හරක් පව්කාරයන්ගේ දරුවන්ටත් වෙන්න මූදට පනින් බව උන් තේරුම් නොගැනීම හරිම අවාසනාවක්.


No comments:

Post a Comment