Thursday, November 14, 2013

කැලම් මැක්රේ හා ඔහුගේ නඩය වහාම මෙරටින් පිටුවහල් කළයුතු බව බව බොදු බල සේනාව දැඩිව අවධාරණය කරයි.........

මවු බිමේ ගරුත්වය කෙළෙසන දේශද්රෝිහීන් හා චැනල් - ‍4 අශුද්ධ සන්ධානයේ කුමන්ත්රකණය
විසිදෙවන පොදු රාජ්යළ මන්ඩලීය නායක හමුව ශ්රීව ලංකාවේ පැවැත්වෙන අතරතුර දේශයේ ස්වෛරීත්වයට‚ භෞමික අඛණ්ඩතාවට හා විශේෂයෙන්ම සිංහල බෞද්ධ සමාජයේ විනාශය වෙනුවෙන් කවදත් පෙනීසිටි මෙරට දේශපාලන කරළියෙන් ප්රනතික්ෂේප වෙමින් යන බංකොළොත් දේශපාලනඥයන් හා දේශද්රෝ හී කොන්ත්රාෙත්තු සඳහා ලැබෙන ඩොලර් කුට්ටි ඉදිරියේ ඕනෑම දෙයන් පාවාදීමට සූදානමින් සිටින ඊනියා සිවිල් සමාජ ක්රිහයාකාරීන් රටට එරෙහි අශුද්ධ සන්ධානයකට ගොනුවී ඇත. එම අශුද්ධ සන්ධාන‍යේ දේශීය ඒජන්තයන් විසින් බෙදුම්වාදයේ නිල රූපවාහිනී නාළිකාව වන බ්රිපතාන්යඅ චැනල් - 4 නාළිකාවේ ඉදිරි විකෘති ව්යාේජ රූපවාහිනී සන්දර්ශන සඳහා අමුද්රතව්ය‍ සැපයීමට “සමගි බලවේගය” නමින් නරි නාටකයක් මේ දින වල වේදිකා ගත කරමින් සිටී. ඊටම සමගාමීව විශේෂයෙන් යාපනය වැනි ස්ථාන වල දෙමළ ජාතික සන්ධානයේ මූළිකත්වයෙන් අරඹා ඇති උද්ඝෝෂණ සපථ කරන්නේද මෙම වැඩපිළිවෙළ මනා සංවිධානාත්මකව සූදානම් කර ඇති බවකි.
පොදු රාජ්යය මණ්ඩලීය නායක හමුව පිළිබඳව පොදුවේ හෝ ශ්රීස ලංකාවේ පැවැත්වෙන මෙම සමුළුව පිළිබඳව ඕනෑම පාර්ශවයකට විවිධ මත‚ විවේචන තිබිය හැක. එහෙත් ජාත්ය න්තර අවධානය ශ්රීබ ලංකාව වෙත ප්රවභලව එල්ල වන මෙවැනි අවස්ථාවක මෙම අශුද්ධ සන්ධානයේ භාවිතාව පසක් කරනුයේ ජාතියේ විනාශය සඳහා වන බෙදුම්වාදී සැළසුම් ජාත්යකන්තරව හා ජාතික වශයෙන් නිරුපද්රිතතව ක්රිායාත්මක වන බවයි.
රට අභ්යශන්තරයේ විසඳා ගතයුතු ප්ර‍ශ්න සිය පටු දේශපාලන වාසි සඳහා ජාත්යෙන්තර අවධානය පිණිස ගෙන යෑමේ දේශපාලන විලාසිතාව මෑත කාලීන අවාසනාවන්ත දේශපාලන ප්රසවණතාවකි. ඩොලර් කුට්ටි වල බත් බැල සිවිල් සමාජය ඒ අවස්ථාවාදී උපක්රලමයන්ගේ අපරිනත බවින් උපරිම වාසි ලබා ගන්නා බව බොදු බල සේනාවේ අදහසයි. තිස් වසරක ශාපලත් යුද්ධයකින් පසුව රණ විරුවන්ගේ ලෙයින් කඳුළින් දහඩියෙන් දිනාගත් සාමයේත්‚ දේශයේත් ගෞරවය පාවාදෙනු ලබන්නා වු මෙම ඊනියා “සමගි බලවේගය” මෙරට ප්රවධාන විපක්ෂය වන කීර්තිමත් ඉතිහාසයක් සහිත එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානයේ පැවැත්වීමට කටයුතු කිරීම ඛේදවාචකයක් බව අපේ අදහසයි.
එම පක්ෂයෙන් පත්වූ ජනාධිපතිවරයෙකු ද ඇතුළු මෙරට බොහෝ නායකයින් විද්වතුන් කලාකරුවන් මාධ්යවවේදීන් සහාසික ලෙස ඝාතනය කළ බෙදුම්වාදයේ ගැළවුම්කරුවාගේ භූමිකාව සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත්වීම පිළිබදව එම පක්ෂයේ නායකත්වය සිය පුරෝගාමීන්ටද‚ අනුගාමිකයන්ටද නිදහසට කරුණු කරුණු කිව යුතුව ඇත. සිවිල් සමාජ ක්රිගයාකාරීන් ලෙස පෙනී සිටිමින් ජාතියේ විනාශය තහවුරු කරන එන් ජී ඕ බත් බැලයින්ගේත්‚ බංකොළොත් දේශපාලනඥයින්ගේත් අවිචාරයන් ඉවසීමටද ජාත්ය න්තරික වශයෙන් ඊට උඩගෙඩි දෙන චැනල් - 4 පන්නයේ කුප්රමකට බෙදුම්වාදී ආයතනයන්ගේ නොපනත්කම් ඉදිරියේ හිස නැමීමටද තරම් ප්රනජාතන්ත්රපවාදයේ අර්ථය හෑල්ලු නොකළ යුතු බවද අවධාරණය කරමු.
රට ජාතිය ජාත්යමන්තරය ඉදිරියේ බලවත් අපහසුතාවට පත් කළ කැලම් මැක්රේ වැනි බෙදුම්වාදයට කත් අදින ඊනියා “ගවේෂණාත්මක මාධ්යේවේදීන්” මෙරටට කැඳවා රජය කළේ බරපතල වරදක් බව බොදු බල සේනාවේ අදහසයි. ශ්රීය ලංකාව තුළ සිටිමින් ඔහුගේ භාවිතාව දෙස විමසිලිවත්ව බලද්දී‚ ජාතිය අපහසුතාවට පත්කරන එබඳු තීන්දු තීරණ සම්භන්ධයෙන් රජයට උපදෙස් දෙන ඔළමොට්ටල උපදේශකයන්ද සමස්ත රජයද මෙම තත්ත්වය සම්භන්ධයෙන් වගකිවයුතු අතර කැලම් මැක්රේ හා ඔහුගේ නඩය වහාම මෙරටින් පිටුවහල් කළයුතු බව බව බොදු බල සේනාව දැඩිව අවධාරණය කරයි.
බොදු බල සේනා

රාවණ පරපුරේ අප්‍රකට මූලාශ්‍ර.............


බුදුන් වහන්සේගේ ලංකා ගමනයේදී මෙරට කඳුකර ප්‍රදේශ (ගිරිප) යක්‌ෂ ජනයාට පවරා සෙසු ප්‍රදේශ නාග ජනයාට පවරා දී ඇත. මේ නිසා ලංකාවේ සමස්‌ත ජනසමාජයම බුදුන් වහන්සේගේ නාමයට ලංකා රාජ්‍ය පූජා කර ඇත. ඒ බව “යකා බුදු වදනට පමණක්‌ අවනත” බව පැවසෙන ගැමි කියමනෙන් පිළිබිඹු වේ.

යක්‌ෂගෝත්‍රික හෙවත් රාවණා පරපුර බුද්ධකාලය වන විට පරම්පරා දෙකක්‌ වශයෙන් ප්‍රසිද්ධව පැවතිණි.රවිශෛලාශ වංශය හා කේවේසස්‌ථ වංශය වශයෙනි. නැව් තාක්‌ෂණය මුහුදු තරණය හා මුහුදු සටන් පිළිබඳව ඉහළින් ප්‍රගුණ කළ කේවේසස්‌ථ වංශිකයෝ ත්‍රිකුණාමලය යාපනය ආදී ප්‍රදේශවලත්, බටහිරින් මක්‌කම (පුත්තලම) ධූමක කද්දිරය (කලා ඔය) මීමඨ නඳුර (මල්වතු ඔය) මුහුදු සීමාවෙත් ජනාවාස පිහිටුවා ගත්හ. පසු කලෙක කෝණ වංශිකයන් නමින් ප්‍රසිද්ධ ව සිටි මේ අය අදත් අබේකෝන්, අලහකෝන්, තෙන්නකෝන් යන නම්වලින් තම වංශ නාමය රැකගෙන ඇත. කෝණ, යෝණ යන නම්වලින්ද පෙනී සිටියෝ මේ අය වෙති. බුදුරජාණන් වහන්සේ යෝනක පුරයට වැඩම කොට ශ්‍රී පාද ලකුණ පිහිට වූ බව බෞද්ධයන් දන්නා කරුණකි. යෝණක පුරය නමින් එදා හඳුන්වන්නට ඇත්තේ යාපනය අර්ධද්වීපයයි.
කේවේසස්‌ථ හා රවිශෛලාශ වංශිකයන් පිළිබඳ සඳහන් වරිග පූර්ණිකා පත්ඉරුවෙහි මෙසේ සඳහන් වේ.

“ශ්‍රී මහෝත්තම විරාජමාන ශාක්‍යවංශාලංකෘතවූ සම්‍යක්‌ සම්බෝධි පීතෘන් කුළුනැස පා බලාපි කළ සිද්ධිපානා ඊකරා බලපතීව් කාගෝර කද්දිරය මිනිමිහිදේශයේ උත්තර කොදෙව්වෙන් කෙවේසස්‌ථා රක්‌නා රකුන් කුල (මහවැලි ගඟ) ඊමවැ මහගිරි රකුන්පත් අනඥාව කරා සෙවිලී ඊමග මේ නිසාවෙන් පත් ඉරු කරම්හ මෙහෙනි ක්‌ෂීර කේමවැ මිනිමිහි දේශේ”

ඔදැතිය උපුල්වන් ගිරිදෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය රකුන්ගිරි දෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය නීලගිරි දෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය කාවස්‌ලාභ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය ධුමක කද්දීර රකුන්පති ඊ බලපති වී

ඔදැතිය වාලුක දෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය අග්නිදෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය විලෝපාදි දෙස්‌ රකුන්පති දෙස්‌ බලපති වී

වරිගපූර්ණිකා කියමනට අනුව ලංකාවේ උතුරු ප්‍රදේශයේ කේවේසස්‌ථා නම් යක්‌ෂ ගෝත්‍රික කුලයට අයත් පාලන ක්‍රමයක්‌ විය. මෙහි මහා ගිරි වශයෙන් හඳුන්වන්නේ ශ්‍රී පාද කඳු වැටියයි. එය කේන්ද්‍ර කරගත් හා ප්‍රදේශීය රාජ්‍යයන්ගෙන් සමන්විත පාලන ක්‍රමයක්‌ දකුණු ප්‍රදේශයේ ස්‌ථාපිත වී තිබිණි. වරිග පූර්ණිකාවට අනුව මහාගිරි ප්‍රධාන කරගත් අනෙකුත් ප්‍රාදේශීය රාජ්‍යයන් වන්නේ

1.උපුල්වන්ගිරි දේශය – දඹුල්ල ප්‍රදේශය මුල් කරගත් කන්ද උඩරට ප්‍රදේශය.

2. රකුන්ගිරි දේශය – රිටිගල ප්‍රදේශය.

3. කාවස්‌ථ ලාභ යක්‌ෂ කුලය පාලන ප්‍රදේශය – හබරන මහියංගන ප්‍රදේශය.

4. නීලගිරි දේශය – මානෑව කඳුවැටිය ප්‍රධාන කරගත් අනුරාධපුර ප්‍රදේශය.

5. ධූමක කද්දීර දේශය – කලාඔය ගල්ගමුව ගිරිබාව ආදී ප්‍රදේශ.

6. වාලුක දේශය – තම්මැන්නා අඩවිය විල්පත්තු වන අඩවිය.

7. බන්දු දේශය – නැගෙනහිර ප්‍රදේශය.

8. අග්නි දේශය – ගිනිකොණ ප්‍රදේශය.

9. වීලෝපාදි දේශය – බටහිර ප්‍රදේශය.

මහගිරි සෙන්පතියා යටතේ පැවති මේ ප්‍රදේශවල පාලන බලය උසුලනු ලැබුවේ ප්‍රාදේශිය යක්‌ෂ ප්‍රධානීන් විසිනි. වරිග පූර්ණිකාවට අනුව ලංකාවේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන රාජ්‍ය දෙකක්‌ තිබිණි. එකක්‌ වූයේ ලංකාවේ දකුණු ප්‍රදේශය පාලනය කළ කේවේසස්‌ථ වංශයයි. දෙවැන්න ප්‍රාදේශීය රාජ්‍ය නාමයකින් යුක්‌ත මහගිරි යක්‌ෂ සෙන්පතියාගේ පාලන ප්‍රදේශයයි. යක්‌ෂ ගෝත්‍රික මූලාශ්‍ර අනුව කවිලාශිපාලි දේවියට බණ දේශනා කළ පුණ්‌න වෙළෙන්දා බුදුන් ළඟ පැවිදී වී රහත්ඵලයට පත්වීය. කවිලාශි අග්නිපාලී දේවිය පුණ්‌න රහතන්වහන්සේ හරහා බුදුන්වහන්සේට ලක්‌දිවට වැඩම කරන ලෙස ආරාධනා කළාය. එය පිළිගත් බුදුන්වහන්සේ පූණ්‌න තෙරුන් වහන්සේ, ආනන්ද තෙරුන් වහන්සේ, පුස තෙරුන්වහන්සේ සමග ලක්‌දිවට වැඩම කළහ. මේ ප්‍රදේශය මුලින් ලලාට දේශය නමිනුත් පසුව මක්‌කම නමින් ප්‍රසිද්ධියට පත්විය.

යක්‌ෂ ගෝත්‍රික භාෂාවෙන් මක්‌කමා යනු සලකුණ යන අර්ථය ලැබේ. බුදුන්වහන්සේ ලක්‌ දෙරණේ පය තැබූ ස්‌ථානයේ උන්වහන්සේගේ දකුණුපාදය වැල්ලේ එරී ගියේය. මෙය ලක්‌දිව තැබූ පළමු ශ්‍රී පාද සලකුණයි. මෙය බෞද්ධයන්ගේ හරසරයට ලක්‌වීම නිසා මේ ස්‌ථානය පූජනීය ස්‌ථානයක්‌ බවට පත්විය. පුත්තලමත් මන්නාරමත් අතර ප්‍රදේශයක මේ පූජනීය ස්‌ථානය අදටත් අප්‍රකටව පවතී. වරිග පූර්ණිකාවට අනුව බුදුන්වහන්සේ වාලුකා දේශය, වැලිවෙහෙර (විල්පත්තුව), ගිරිදේශය, නීලගිරිය, රකුන්ගිර යන ස්‌ථානවලට වැඩම කළේය. නීලගිරියේදී උන්වහන්සේ විෂකුම්භණ සූත්‍රය දේශනා කළහ. එය ශ්‍රවණය කළ කවිලාශ අග්නිපාලී දේවිය අරහත් ඵලයට පත්වුවාය. මෙම රහත් මෙහෙණිය මීමථ කඳුර අද්දර ආරාමයක්‌ කොට වැඩ විසුහ. රත්නාවලී රහත් මෙහෙණිය නමින් ප්‍රසිද්ධියක්‌ ඉසුලු මෙම මෙහෙණින් වහන්සේ ලංකාවේ භික්‌ෂූ භික්‌ෂුණී සාසනය පිහිටුවීමට මූලිකත්වය දැරූහ.

නීලගිරියේ බුදුන්වහන්සේ ධර්ම දේශනා කළ ස්‌ථානය තම ගෙල පැළඳ සිටි මුතු මාලය තැන්පත් කොට විෂකුම්භණ නම් චෛත්‍යයක්‌ කවිලාශිපාලී මෙහෙණිය විසින් ඉදි කරන ලදී. මෙම විෂකුම්භණ නම් චෛත්‍යය අදත් මානෑකන්දේ නටඹුන් අතර දක්‌නට ලැබේ.

රකුන්ගිරට වැඩම කළ බුදුන්වහන්සේ එහිදී ගිරිභද්‍ර සෙන්පතියාගේ මිථ්‍යා මත දුරු කොට ධර්ම දේශනා කළහ. බුදුන්වහන්සේ මෙම ස්‌ථානයේ ද ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා වදාළහ. සච්චභද්ද ගිරිය නමින් ප්‍රසිද්ධ වූයේ මෙම ස්‌ථානයයි. සත්නාගිර හෙවත් රකුන්ගිර සිට උපුල්වත් ගිරියට වැඩම කළ බුදුන්වහන්සේ එහි වස්‌ කාලයක්‌ වැඩ විසුහ. යක්‌ෂ ගෝත්‍රිකයො බුදුන්වහන්සේට වැඩ සිටීමට ලෙනක්‌ පූජා කළේය.

කවිලාශිපාලි රහත් මෙහෙණියට දියණියන් දෙදෙනෙකි. ඔවුන් නම් මහාපාලි, සෘෂිපාලි යන දෙදෙනාය. ගිරිභද්‍රගේ අභාවයෙන් පසු ගිරි දේශයේ පාලිකාව බවට පත්වූයේ මහපාලී කුමාරියයි. ඇය කවිලාශිපාලි මෙහෙණිය පිරිනිවන් පෑ විට එම ස්‌ථානයේ කුඩාවට චෛත්‍යයක්‌ ඉදිකොට බුහුමන් දැක්‌වූවාය. පසුව දුටුගැමුණු රජු එම චෛත්‍යය විශාල කොට බැඳ රත්නමාලී යන නම තැබූවේ කවිලාශිපාලී මෙහෙණියට කරන ගෞරවයක්‌ හැටියටය. රත්නමාලි චෛත්‍යයේ ඉදි කිරීමද යක්‌ෂ ගෝත්‍රිකයන් හා බැඳී පවතින බව මෙමගින් තහවුරු වේ.

එබැවින් රාවණා පරපුර බෞද්ධ සංස්‌කෘතියක්‌ තුළ ජීවත් වූ ශේ්‍රෂ්ඨ ජාතියක්‌ බව පිළිගන්නට සිදුවේ.

යක්‌ෂ ගෝත්‍රිකයන් පිළිබඳ අතිශයින් දුර්ලභ තොරතුරු රැගත් මූලාශ්‍ර අතර වැදගත් තැනක්‌ ගන්නේ රවිශෛලාශ (රාජකරුණා) වංශයට අයත් වරිගපූර්ණිකාව නම් වූ පුස්‌කොල ග්‍රන්ථයයි. කන්ද උඩරට රාජාධිරාජසිංහ රජ සමයේ මානාපවි අරණවැසි නීලගිරික බෝධි වංශාභය නොහොත් ශ්‍රී බෝධි වංශාභිධාන තෙරනමක්‌ විසින් මෙය රචනා කර ඇත. අදින් ශතවර්ෂ ගණනාවකට එහා රාවණා යුගයේ සිට එම පරපුරේ සුරක්‌ෂිතව පැවති ග්‍රන්ථ රැසක්‌ ඒකරාශී කර වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.
ශ්‍රී බු.ව. 2329 දී රාජාධි රාජසිංහ රජතුමා වෙතින් වීර සන්නස ලැබූ මානෑවේ කිරිමැණිකා පියුමලිපාලී නම් රවිශෛලාශ යක්‌ෂ වංශික කුමරියගේ දෙටු සොයුරු ස්‌වකීය ප්‍රවේණියේ ප්‍රෙෘඪත්වය අනාගත පරපුරට දායාද කිරීමේ අභිලාශයෙන් වරිගපූර්ණිකාව අන්තර්ගත පංචරක්‌ඛාවලිය නම් ග්‍රන්ථය රචනා කළහ. එහි දී උන් වහන්සේ රාවණා යුගයේ සිට එවකට සුරක්‌ෂිතව පැවති පුස්‌කොළ සහ ගොස්‌සර ග්‍රන්ථ රැසක්‌ ගුරුතන්හි තබාගත්හ. වරිගපූර්ණිකාව, විභූෂපූර්ණිකාව, සලසාන පූර්ණිකාව සුන්දල පූර්ණිකාව, මන්දාල පූර්ණිකාව යන ග්‍රන්ථ පහෙන් යුක්‌ත බැවින් පංච රක්‌ඛාවලිය නමින් මේ ග්‍රන්ථය හඳුන්වනු ලබයි.

යක්‌ෂ ගෝත්‍රිකයන් විසින් රචිත ත්‍රිපිටක අටුවා ග්‍රන්ථ, වෛද්‍ය ග්‍රන්ථ වැනි ග්‍රන්ථ රැසක්‌ නීලගිරියේ මුණමුර පුස්‌තක ලෙනෙහි සුරක්‌ෂිතව පැවතුණි. මහානාම රජ සමයේ උර්දුලන් නීලවේලඳු නම් ආක්‍රමණික සෙන්පතියෙකු විසින් මෙම මුණමුර පුස්‌තක ලෙන විනාශ කරන ලදී. සිත් පිත් නැති පර දෙස්‌සා ගිනි තැබූ පුස්‌තක ලෙනේ ගිනිදැල් අතරින් මානාපවි නඛාධම්ම හිමියන් බේරා ගත් පුස්‌තක අතළොස්‌සක්‌ ඉතිරිව පැවතුණි. පංචරක්‌ඛාවලියේ කොටසක්‌ වන වරිගපූර්ණිකාවේ සඳහන් ග්‍රන්ථ නාමාවලිය බොහෝ විට ගින්නෙන් බේරා ගත් ග්‍රන්ථ විය හැකිය.

කවිලාශපාලි සැදිය, රවිශෛලාශ තෙද්දය, මුහුන් දෙයුර, භවාඅග්‍රතන්ත්‍රය, රක්‌ඛානසැරයාන, සිළිඹියාපත, විෂකුම්භණ සැදිය, රිරි කොළස, උත්ත්‍රාචක්‍රසැදිය, නීලගිරිසත්තය, ගිරිඛණ්‌ඩජල සැදිය, අසුරඅත්විසය, කාලම් අග්නිසන්දය, සුන්දලපුරාණය, කෝසල්ල කේඪුව, රක්‌ඛාන ගර්ජය, සලම්භිඅග්නිය, විෂකුම්භණ ද්වන්ත්‍රය, මුණමුර කෞරවය, වෙශමුණි ධරණිවතය, මවුරි වතය, කවිලාශ අග්නිය, සුබෝධිපුරාණය, දද්දල සෙලිය, කම්භණි මුරාග්‍රථය, ගොරාපාසලම, ඔරුමාලපටිදය, රකුන් අනාඥාවලිය, විසිතාග්‍රවරණය, රක්‌ඛ ඉලෝනිලෝව, මුරාග්‍රතන්ත්‍රය, සිලම්බි අග්නිය, සිරි මේඝාවතිය, ගෞරනිගාතය (ථුසලව), කෝරනිගාතය (විඡ්ජය), කවිලාශවන්ඨය, ගෝරාබිග්‍රය, රක්‌ඛසුලාධිය, රක්‌ඛ විද්‍රdශනය, රක්‌ඛ විජලකාව, කුකුරමාන භද්දය.

යන ග්‍රන්ථ නාමාවලිය ඇතුළු තවත් ග්‍රන්ථ රැසක නම් වරිගපූර්ණිකාවෙහි සඳහන් වෙයි.

පංචරක්‌ඛාවලිය රචනා කළ බෝධි වංශ හිමි බුද්ධ කාලයේ සිට පැවතෙන යක්‌ෂ ගෝත්‍රයෙන් පැවිද්ද ලැබූ භික්‌ෂූ පරම්පරාවක්‌ ගැනද සඳහන් කරයි. බුදුන් වහන්සේගේ ලංකා ගමනේ දී යක්‌ෂ ගෝත්‍රිකයන්ට දෙසූ අභිධර්මය අසා මාර්ගඵල අවබෝධ කරගත් විභීෂභද්‍ර යක්‌ෂ සෙන්පතිතුමා යක්‌ෂ ගෝත්‍රික ප්‍රථම භික්‌ෂූව ලෙස සඳහන් කරයි. එතුමා පැවිදි වී බිහි කළ භික්‌ෂූ පරපුර ප්‍රාග් මහින්ද යුගයේ ශ්‍රී ලාංකික භික්‌ෂු පරපුර ලෙස සැලකිය හැකිය.

පංචරක්‌ඛාවලිය රචනා කිරීමේදී කුටීර අරණේ අඩමසක්‌ද, කන්තිර කද්දිර අරණේ සිව්මසක්‌ද, රකුන්ගිර අට මසක්‌ද වැඩ වාසය කළ බව ග්‍රන්ථ කතුවර හිමියෝ සඳහන් කරති. පංචරක්‌ඛාවලිය කතුවර බොධිවංශාභය හිමියන්ගේ ශිෂ්‍ය පරපුරේ රතනසෝභිත උපාධ්‍යයන් වහන්සේගේ ශිෂ්‍ය භික්‌ෂූවක ලෙස සිටි මානෑවේ ධම්මසෝභිත හිමි කුටීර ලෙන් විහාරයේ තිබී වරිගපූර්ණිකා ග්‍රන්ථය තම අතට පත්කර ගත්හ. පංචාරක්‌ඛාවලියේ සෙසු ග්‍රන්ථත් මෙම වරිගපූර්ණිකා ග්‍රන්ථයත් අධ්‍යයනය කළ මෙතුමා පසුව පැවිදි දිවියෙන් ඉවත් වී හෙළ ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළේය. ඒ අන් කවරෙකු නොව මානෑව රවිශෛලාශ පරපුරේ ඉතිහාසය සොයා ගත් රාජකරුණා තේවහාමි නොහොත් එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ය. එතුමා හැර වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය වන පොත් කරනු ලැබ ඇත්තේ බෝධිවංශ හිමියන්ගේ මුණුබුරෙකු වූ රාජකරුණා කිරිබණ්‌ඩා තේවාචාර්යතුමා විසිනි. මෙතුමා පංචරක්‌ඛාවලිය කියවා ධාරණය කරගත් එම වංශික බහුශ්‍රැතයෙකි. රාජාධිරාජසිංහ වීර සන්නස රාජ්‍ය ලේඛනාගාරයට පරිත්‍යාග කරනු ලැබුවේ මෙතුමා විසිනි.

එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ගේ කණිටු පුත්‍ර රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් විවාහ වූයේ කිරිබණ්‌ඩා තේවාචාර්යතුමාගේ සොයුරියක සමගිනි. ඇය ඩිංගිරි අම්මා දෙමටමලී නම් වූවාය. ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්‌zඨාශයට අයත් ගන්තිරියාගම විසූ රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් සහ ඩිංගිරි අම්මා වෙද පතිනියගේ නිවසේ පොත්ගුල තුළ සුරක්‌ෂිතව පැවති මෙම ඓතිහාසික පුස්‌කොළ ග්‍රන්ථය එම යුවළගේ අභාවයෙන් පසුව අස්‌ථානගත වී ඇත.

දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය පත් ඉරු දහසකින් සමන්විත වන අතර අනු පුස්‌තක දහයකින් යුක්‌තය. මෙහි විශකුම්භණ අණපත නම් උපග්‍රන්ථයක්‌ ද විය. වරිගපූර්ණිකාවෙහි එන අනු පුස්‌තක,

හස්‌ති මදාරා සිලම්බුව, රුක්‌ අත්තන සිලම්බුව, සඳුන් සිලම්බුව, දුනු මඩලා බැඳි සිලම්බුව, කළු ඇසළ සිලම්බුව, මොර දවුල සිලම්බුව, කෙකරි ඉඹුල් සිලම්බුව, කාඩිය සිලම්බුව, කුඹුක්‌ සිලම්බුව
පත්ඉරු 100 බැගින් වූ මෙම අනු පුස්‌තකයන්ට එකී නම යොදා ඇත්තේ පුස්‌තකයේ බාහිර ආවරණය සකස්‌ කර තිබූ දැව වර්ගය අනුවය. යක්‌ෂ ගෝත්‍රික ආදි ගත්කරුවන් මෙකී ලේඛන සැකසීමේ ක්‍රමය අනුගමනය කරන ලද්දේ කාණ්‌ඩයක්‌ වෙන් කර තැබීම සඳහායි. බෝධිවංශ හිමියෝද තම වරිග සම්ප්‍රදායන්ට ගරු කරමින් වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය සකස්‌ කර ඇත. එක අනු පුස්‌තකයක්‌ (සුගුල) දිග ප්‍රමාණය අඩියක්‌ පමණ ද (සුග) පළල අඟල් පහකින්ද පත්ඉරු ප්‍රමාණය 100 ක්‌ පමණකින්වත් සම්පූර්ණ වී තිබිය යුතුය. සුගුල දිග මැනීමේ ඒකකයයි. සුග පළල මැනීමේ ඒකකයයි. වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථයෙහි අනුපුස්‌තකවල වංශයෙහි උන්නතිය උදෙසා වැදගත් කරුණු අන්තර්ගත කොට තිබේ.

1. හස්‌ති මදාරා රුක්‌ අත්තන සඳුන් බැඳි පුස්‌තකයෙහි අන්තර්ගත වී ඇත්තේ යක්‌ෂ ගෝත්‍රික නීති සහ පරිපාලනය පිළිබඳ උපදෙස්‌ය.
2. කළු ඇසළ බැඳි අනු පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ගද්‍ය, පද්‍ය තොරතුරු ඇතුළත්ය.
3. මොර දවුර බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික භාෂාවක්‌ පිළිබඳ සහ වාග් විද්‍යාත්මක තොරතුරු අන්තර්ගතය.
4. කෙකරි ඉඹුල් බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික සිරිත් විරිත් පිළිබඳ තොරතුරු අන්තර්ගතය.
5. කාඩිය බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ආගමික සමාජ විද්‍යා, මනෝ විද්‍යා තොරතුරු අන්තර්ගතය. යක්‌ෂ ගෝත්‍රිකයන්ට කවිලාශපාලි මෙහෙණිය දෙසූ සූත්‍ර ද මෙහි අන්තර්ගතය. එම මෙහෙණින් වහන්සේගේ භාවනා ක්‍රම 12 ක්‌ පිළිබඳව ද මෙහි ඇතුළත්ය.
6. කුඹුක්‌ බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික ශිල්පීය ක්‍රම සහ සටන් ක්‍රම පිළිබඳ සඳහන් වේ. මූර්ති, පන්නම්, ගෘහ නිර්මාණ, හස්‌ත කර්මාන්ත (රෙදි) ආදියත් වාරි, වාපි, ජල සම්පාදන ක්‍රම, මාර්ග විද්‍යා, උමං, විද්‍යා, ජල විද්‍යා ආදි ඉංජිනේරු ශිල්පයන් පිළිබඳව සඳහන් කරයි.

සටන් ක්‍රම ලෙස අන්ගම්පුර සටන්, දුනු, හී, හෙල්ල, කඩු සටන් ක්‍රමද නිල පීඩන (තඩංග) සටන් ක්‍රම පිළිබඳව ද සඳහන් කරති.

වරිග පූර්ණිකාවෙහි උප ග්‍රන්ථයක්‌ ලෙස රචනා කර ඇති විෂම්කුම්භණ අණපනත පුස්‌තකය පත්ඉරු 1000 කින් යුක්‌තය. අනු පුස්‌තක දෙකකින් යුක්‌තය. ඒවා හඳුන්වන්නේ රංතෙලඹු බැදි අණපත, කිරි තෙළඹු බැදි අණපත වශයෙනි. තෙළඹු දැවයෙන් පුස්‌තකයේ බාහිර ආවරණය යොදා ඇති බැවින් රංතෙළඹූ හා කිරි තෙළඹු නාමය ඒවාට යෙදී ඇත. පුස්‌තක දෙකම පත්ඉරු 500 කින් සමන්විතය. රංතෙළඹූ අණපත ග්‍රන්ථයෙහි පත් ඉරු 300 ක රවිශෛලාශ යක්‌ෂ භාෂාව සඳහා සිංහල අරුත් යොදන ලද ශබ්ද කෝෂයක්‌ සකස්‌ කර තිබීම වැදගත්ය. අවසාන පරිච්ඡේදවල ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ විසූ කේවේසස්‌ථ යක්‌ෂ ගෝත්‍රය පිළිබඳ විස්‌තරයක්‌ද අන්තර්ගතය. රංතෙළඹූ අණපතේ අවසාන පත්ඉරු 10 ක ඇත්තේ රවිශෛලාශ වංශිකයන් ලද ගෞරව හා වීර සන්නස්‌ පිළිබඳ වූ විස්‌තරයකි. අන්‍ය ජාතීන් වෙතින් ලද උපහාර සන්නස්‌ පිළිබඳ විස්‌තර මෙහි ඇතුළත්ය.

රාවණ යුගය හා අපේ ප්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාරයේ දියුණු බව සනාථ කරන්නට වරිගපූර්ණිකාව නම් මේ එක්‌ මූලාශ්‍රය වුවද අගය මිණිය නොහැකි සාධකයකි.

මානෑවේ විමලරතන හිමි
ත්‍රිපිටකවේදී පණ්‌ඩිත ශාස්‌ත්‍රපති

Tuesday, November 12, 2013

මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක්‌ වන වරිග පූර්ණිකා නම් යක්‌ෂ ජන සමූහයාට අයත් පුස්‌කොළ පොතෙහි ශ්‍රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙස සඳහන් වේ. මන්ඨක යනු යකුය. එබැවින් එම නාමයෙහි සිංහල තේරුම “සියල්ල සම්පූර්ණ කළ යකා” වේ.........................


මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක්‌ වන වරිග පූර්ණිකා නම් යක්‌ෂ ජන සමූහයාට අයත් පුස්‌කොළ පොතෙහි ශ්‍රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙස සඳහන් වේ. මන්ඨක යනු යකුය. එබැවින් එම නාමයෙහි සිංහල තේරුම “සියල්ල සම්පූර්ණ කළ යකා” වේ.

රාවණා යුගයෙන් පසුව එතුමාගේ රවිශෛලාශ හෙවත් ඉරුගල් බණ්‌ඩාර යක්‌ෂ පරපුර ඉන්ද්‍රජිත් (මේඝනාද) ලෙස ප්‍රචලිත ශ්‍රී රාවණ රජු හා මදෝරා (මන්දෝතාරා) දේවියගේ දෙටු පුත්‍රයාගෙන් පැවත එමින් අද දක්‌වා ලංකා පොළොව මත ජීවත් වෙයි. රාවණා සම්බන්ධ පුවත වළලා දමා හෙළ ජනසම්භවය මැකීමේ මහා කුමන්ත්‍රණයට බ්‍රිතානීන් ද සම්මාදම් වෙමින් ලංකා ඉතිහාසයෙන් රාවණා යුගය ඉවත් කර ඇත. ඉන්දියාවේ කාලිංග වංශික විජය මෙරට ආදිතම රජු ලෙස දක්‌වන අලුත් ඉතිහාසයක්‌ ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය ඔස්‌සේ ලංකාවේ අපට බලෙන් ඒත්තු ගන්වා තිබේ. නමුත් බෞද්ධයකු නොවන විජය හෙළ ජන සමාජය සමූල ඝාතනයට උත්සාහ කළ ප්‍රබල ආක්‍රමණිකයකු බව අපට නොවැටහීම අභාග්‍යයකි. රාම, විජය, එළාර, කාලිංග මාඝ, බ්‍රව්නින් මෙන්ම ප්‍රභාකරන් ද මෙරට ජන සම්භවය විනාශ කිරීමට උත්සාහ කළ ආක්‍රමණිකයන් ලෙස සැලකීම වටී. ඊට එරෙහිව නැගී සිටි ලොව පැරැණිතම ඉතිහාසයක්‌ ඇති රාවණා පරපුර කිසි කලෙකත් නොනැසිය හැකි බලවේගයක්‌ බව වර්තමානයේදී පවා පැහැදිලි වේ.

මහා රාවණ ඉතිහාසයේ එන පුලතිසිපුරය හෙවත් දෙමළ බසින් පුලත්නරු නම් වන පුලතිසි සෘෂිවරයාගේ නගරය මෙරට ස්‌වර්ණමය යුගයකට උරුමකම් කියන භූමියකි. එහි ඇති පුලතිසි ප්‍රතිමාව ලංකා ඉතිහාසයේ අනාදිමත් කාලයක්‌ නිරූපණය කරන ප්‍රබල පුරාවිද්‍යා සාධකයකි. කිසිදු රාජ්‍ය ආභරණයක්‌ නොපළඳින උතුම් යෝගිවරයකු ගේ ස්‌වරූපය පිළිබිඹු වන මෙම ප්‍රතිමාව පරාක්‍රමබාහු රජුගේ යෑයි පැවසීම ලක්‌ වැසියන් මුළා කිරීමක්‌ වන අතර එම නගරය පොළොන්නරුව යනුවෙන් ව්‍යවහාරයට හුරු කිරීම මෙරට ඉතිහාසය වසන් කිරීමේ තවත් වෑයමකි. වර්තමාන පරාක්‍රම සමුද්‍රය පිහිටි භූමිය අතීතයේ පුලතිසි සෘෂිවරයාගේ තපෝවනය වේ. පරාක්‍රමබාහු මහා අධිරාජ්‍යයා පවා මෙම ප්‍රතිමාවට පුද සත්කාර කළ රාජ්‍ය පාලකයෙකි. වර්තමාන පොත්ගුල් විහාරය අතීතයේ මෙරට බෞද්ධ, වෛද්‍ය ග්‍රන්ථ හා යන්ත්‍ර මන්ත්‍ර රැස්‌ කළ ප්‍රධාන පුස්‌තකාලයව පැවැති අතර කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් මෙහි පැවැති රාවණ යුගයට අයත් ශ්‍රී රාවණ, පුලතිසි මහා සෘෂිවරුන්ගේ අත් අකුරු සහිත ග්‍රන්ථ කොටස්‌ පවා විනාශයට පත්විය.

මීළඟ පුරාවිද්‍යා සාධක හමුවන්නේ වර්තමාන අනුරාධපුර නගරයෙනි. එය ලංකාවේ ප්‍රබල පාලකයකුව සිටි වෙසමුණි (විශ්‍රාවාස මුණි) හෙවත් ඉසුරුමත් මුණිවරයාගේ ඉපැරැණි රාජධානිය පැවති ලොව පැරැණිතම ශිෂ්ටාචාර භූමියකි. වෙසමුණි, පුලතිසි මහා සෘෂිවරයාගේ පුත්‍රයා වන අතර එතුමා මහා රාවණ විභිෂ්බද්‍ර (විභීෂණ) දසරෝලාන මන්ඨක (කුඹුක්‌කන්) යන ප්‍රබල යක්‌ රජුන්ගේ පියාය. “මිල කළ නොහැකි” යන අරුත ඇති වර්තමාන රන් මසු උයන මත පිහිටා ඇති විශ්ව දොරටු සංකේතය. තරු දොරටු සංකල්පයේ මූලාරම්භය වේ.

මෙම සංකේත වර්තමාන පුරාවිද්‍යාඥයනට හඳුනාගත නොහැක්‌කේ හා අදහස්‌ ප්‍රකාශ කළ නොහැක්‌කේ ඔවුන් තුළ ඉතිහාසය පිළිබඳව ඇති ව්‍යාකූලත්වය හා රාවණ ඉතිහාසය නොතැකීමේ ආකල්පයයි.

ඉසුරුමුණි විහාරයද අතීතයේ යක්‌ෂ ජන සමාජයේ ප්‍රභාමත් ආගමික පූජා භූමියකි. ඉසුරුමුණි පෙම් යුවළ යනු මහා වෙසමුණි රජු හා කෛකාසි දේවියගේ රුව නෙළමින් ලොව ප්‍රථම මවුපිය දේවාලය ඉදි කළ මහා රාවණ අධිරාජ්‍යයාගේ නිර්මාණයක්‌ වේ. තවද පුරා විද්‍යාවෙන් නිසි අර්ථ නිරූපණයක්‌ කර නොමැති ඉසුරුමුණියේ මිනිසා හා අශ්ව හිස රූපය වෙසමුණි රජුගේ නිර්භය නිදහස්‌ චින්තනය නිරූපණය කරයි. වෙස්‌සගිරි ප්‍රදේශයද එම ඉපැරැණි යුගයේම නශ්ඨාවශේෂයකි. පසුකාලීන රජවරු මෙම ඉදිකිරීම් මත යම් යම් ප්‍රතිසංස්‌කරණ හා අලුත් ගොඩනැඟිලි කර ඇතත් ස්‌වභාව ධර්මයට ගරු කළ යක්‌ෂ ජනතාව පරිසර හිතකාමී නගර  නිර්මාණකරුවන්ගේ ආරම්භයන් බව එම ප්‍රදේශ සාක්‍ෂි දරයි.

වර්තමාන නාලන්දා ගෙඩිගෙය නොහොත් අතීතයේ ලෝකයේ මධ්‍ය රේඛාව පිහිටි තැන ලෙස සැලකෙන මාතලේ (මහාපොළොතලේ) සූර්ය දේවාලය ලංකාවේ යක්‌ෂ ජනතාව තුළ තිබූ පිටසක්‌වල ජීවය පිළිබඳ විශ්වාස ඉස්‌මතු කරන මිල කළ නොහැකි වටිනා වස්‌තුවකි. එයද කිසිවකුගේ අවධානයට ලක්‌ නොවී විනාශයට යමින් පවතී. එහි තිබෙන සමහර අංග කෞතුකාගාරය වෙත පවරා ගැනීම කාලීන අවශ්‍යතාවකි. මහා රාවණ අධිරාජ්‍යයාගේ පුත් ඉන්ද්‍රජිත් හෙවත් ඉරුගල් බණ්‌ඩාර පිටසක්‌වල ජීවීන් සමග සම්බන්ධතා ගොඩනගා ගන්නට උනන්දු වූ මහා පඬිවරයෙකි. එතුමාගේ ගුප්ත විද්‍යා පර්යේෂණ සඳහා ශබ්ද තරංග යොදාගත් අතර වරිග පූර්ණිකාවට අනුව මෙම ක්‍රමවේදය “සෙප්පඩමජ වි-ජා” ලෙස හඳුන්වයි. එහෙත් වර්තමාන ව්‍යාවහාරයේ එය ගර්හිත යෙදුමක්‌ ලෙස භාවිතයට පුරුදු කිරීමෙන් එහි වැදගත්කම යට ගසා ඇත.

ලෝකයට “මමී” හෙවත් නරක්‌ නොවන සේ සිරුරු පවත්වා ගැනීමේ විද්‍යාව දායාද කළේ රාවණ අධිරාජ්‍යයා විසින් ප්‍රගුණ කරනු ලැබූ ආයුවේදය හෙවත් ආයුෂ වර්ධන විද්‍යාවයි. රාවණ ඉතිහාසායේ ඉපැරැණි මූලාශ්‍ර ග්‍රන්ථයක්‌ වන්නේ සිව රජුගේ අහස්‌තල බෙදීම හා හෝරාශාස්‌ත්‍රයයි. ඒ අනුව තාරකා විද්‍යාවේ ආරම්භයද ඉපැරැණි හෙළයන්ගේය. ඔවුහුද ශ්‍රී රාවණාට ප්‍රථම මෙරට සිටි මහා සිව රජුගේ පරපුරේ ආදිතමයෝය. එබැවින් මෙරට රාජවංශයේද නොයෙක්‌ රජුන් සිව යන්න පෙළපත් නමක්‌ ලෙස භාවිත කළහ. (උදා:- මුටසිව, මහාසිව) සිව රජුද ආදි හෙළයෙකි. එබැවින් රාවණ රජු සිවස්‌තෝත්‍රය රචනා කළ අතර එය අද දක්‌වා හින්දූන් හා ඉන්දියානු දෙමළ ජනයා සිව දෙවි වන්දනාවට යොදාගනිති. එසේම පුරාණයේ ලක්‌ ජනතාව අතර ප්‍රචලිතව පැවැති රාවණ මන්ත්‍රයක්‌ මෙසේය.

“ඕම් රාවණ සිද්ධම් සිද්ධම් බල වරම්”
“ඕම් සරවණ භව සිද්ධම් සිද්ධි බල වරම්”

ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ බලය හා ශක්‌තියට ප්‍රතිවිරුද්ධ බලවේග අතීතයේ සිට මේ දක්‌වාම ක්‍රියාත්මක වී පවතී. අභිචාරවත් නිට්‌ටෑවන් නම් සත්ත්ව විශේෂය ප්‍රමුඛ කර වානරයන් වෙනුවෙන් යම් යම් ඉදිකිරීම් කරමින් මෙරට රාම වාදයක්‌ ව්‍යාප්ත කිරීමේ අදහසින් අතීතයේ සිට වර්තමානය දක්‌වා යක්‌ෂ සංහාරයට උත්සාහ දැරූ විදේශික බලවේග රැසකි. පණ්‌ඩුකාභය, ගාමිණි අභය, විජයබාහු, පරාක්‍රමබාහු, වලගම්බා වැනි ප්‍රබල මහාකාල යක්‌ පරපුරේ හෙළ නරදෙටුවන් හනුමා බලවේගය ඒ ඒ යුගවලදී ලක්‌ පොළොවෙන් තුරන් කළ අතර කිසි කලෙකත් වානර ගෝත්‍රයෙන් පැවත එන ආක්‍රමණිකයන්ට මෙරට විජයග්‍රහණයක්‌ අත් නොවීය. ඔවුන් සුළු කලකට පමණක්‌ මෙරට ආක්‍රමණය කළ ද රාමායනයේම සඳහන් ආකාරයට ඉරුගල් බණ්‌ඩාර හෙවත් රාවණ පුත් මේඝනාද පරපුර ඔවුන් සමූල ඝාතනය කළහ. ඉන්දියානු වීර කාව්‍යයක්‌ වූ වාල්මිකී නම් කතුවරයකු විසින් රචනා කරන ලද රාමායනය රාම ලක්‍ෂමණ හනුමාන් ප්‍රමුඛ වානර හමුදාව ලැබූ පරාජය වසාගැනීමට කළ වෑයමකි. එහි කර්තෘ විටෙක රාවන චරිතය ශ්‍රේෂ්ඨයකු කර විටෙක දුෂ්ටයකු බව ඇඟවීමට උත්සාහ කළ අන්දම රාමායනය තුළින්ම පැහැදිලියි. නමුත් රාමායනයට හා මහාවංශයට වඩා පැරැණි යක්‌ෂ ගෝත්‍රික මූලාශ්‍ර වන කාලම් අග්නිසන්දය, මූණමුරකෞරවය, වෙශමුණි දරණිවත, ගෝරාපාසලම, රක්‌ඛානි ගර්ජය, කුම්භණී මූලාශ්‍රථය, අසුර අත්විසය හා පංචරක්‌ඛාවලිය යන පුස්‌කොල පොත් ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ පුත්‍ර මේඝ නාද (ඉරුගල් බණ්‌ඩාර) සමස්‌ත ඉන්දියානු ආක්‍රමණිකයන් පරාජයට පත් කළ බව තහවුරු කරයි.

තම සොයුරු විභීෂණයන් හා ඇතිවූ අභ්‍යන්තරික යක්‌ෂ නාග යුද්ධය හා බිහිසුණු ස්‌වභාවික විපත් රාවණ යුගය මහා සාගරයට යටකර දැමීමට හේතු විය. මෙම දේශපාලන අර්බුදය ගෞතම බුදුරජාණන් වහන්සේගේ පහළවීම දක්‌වා ලංකාවේ පැවැති අතර බුදුන් වහන්සේගේ ලංකා ගමනයේදී මෙරට කඳුකර ප්‍රදේශ (ගිරිප) යක්‌ෂ ජනයාට පවරා සෙසු ප්‍රදේශ නාග ජනයාට පවරා දී ඇත. මේ නිසා ලංකාවේ සමස්‌ත ජනසමාජයම බුදුන් වහන්සේගේ නාමයට ලංකා රාජ්‍ය පූජා කර ඇත. ඒ බව “යකා බුදු වදනට පමණක්‌ අවනත” බව පැවසෙන ගැමි කියමනෙන් පිළිබිඹු වේ. බුදුන්ගේ ලංකාගමනය පවා සැකයට භාජන කිරීමට පුරාවිද්‍යාඥ බෙල් ප්‍රමුඛ ගෝල පිරිස බලවත් උත්සාහයක යෙදී ඇති බව මෙහිදී සිහිපත් කළ යුතුවේ.

වර්තමාන රාගල (රාවණගල) රාවණා යුගයත් අයත් පැරැණි නටබුන් පවතින තවත් ප්‍රදේශයකි. එහි ඇති රාවණ පබ්බත විහාරය හා එම ප්‍රදේශය වර්තමානයේ නිදන් සොරුන් අතින් සීග්‍රයෙන් විනාශ වෙමින් පවතී. රාවණගල ප්‍රදේශ සැලකිය යුතු වන්නේ හෙළයන්ගේ නිජභූමිය සේය. සිවුහෙළයන්ගේ රාජ්‍ය ලාංඡනය වූ සිංහයා සංකේතය මහා රාවණා අධිරාජ්‍යයාගේ රාජකීය සංකේතය විය. ඈත යුගයේ විසූ කේසර නම් සිංහ විශේෂය එයට පදනම් වී ඇත. කේසර යනු සූර්ය රශ්මිය හා ශක්‌තිය නිරුපණය කරන ප්‍රබල ගුප්ත විද්‍යාත්මක සංකේතයකි. සිංහ ලාංඡනයේ නිර්මාතෘද ශ්‍රී රාවණයෝය. රාවණා රජුගේ රුව ඇතුළත් ධජය රාවණ යුගයෙන් පසු ලංකා ධජය බවට පත්විය. එය ක්‍රමයෙන් ප්‍රාදේශීය කොඩියක්‌ බවට පත්වීම මෙරට රජ පරපුරේ ඇදවැටීමත් සමග සිදු වූවකි. දෙවැනි රාජසිංහ යුගයේ රන්දෙණිවලදී ලන්දේසින් ඓතිහාසික පරාජයකට ලක්‌ කළ කොස්‌මෝ විෙ-සේකර මුදලිතුමාගේ පරපුරේ ධජය එය විය. වර්තමානයේ ඛඔඔE සතුරන් පරාජය කිරීමේදී රාවණ පරපුර ඉදිකළ ශ්‍රී යගු කෞරාණ මන්ඨක දස ශීර්ෂපති ශ්‍රී රාවණ දේවාලයේ ගල් පුවරුවේ කොටා ඇති රාවණ ධජයේ අනුහසද බලපාන්නට ඇත. මෙය කුරුණෑගල රම්බඩගල්ල විද්‍යාසාගර පිරිවෙන් විහාරස්‌ථානයේ ආසියාවේ විශාලතම ශෛලමය බුදුපිළිමය පිහිටන ගල් තලාවේම ස්‌ථාපනය කර තිබේ. රාවණ ධජයට සූර්යාලෝකය වැටීමෙන් ලංකා ආක්‍රමණිකයන්ට ඉමහත් විනාශයක්‌ සිදුවන වෙසමුණි ධජය නම් (වෙසමුණි ධරණිවත) පුස්‌කොල පොතේ සඳහන්ය.

නොනැසී පවතින රාවණ ඉතිහාසය කිසි කලෙකත් විනාශ කළ නොහැක. රාවණ නාමය ලංකා ඉතිහාසයේ මැකිය නොහැකි ලෙස ලියෑවී පවතී. ඉදිරියේදී මායා, ඉංකා මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාර ගැනත් වර්තමාන සෝවියට්‌ සමූහාණ්‌ඩුවට අයත් කල්මිකියාවේ පිහිටි රාබ්ක්‌නැ ජලාශය හා සුමේරියානු ඉතිහාසයත් පිළිබඳ සත්‍ය කරුණු මතුවීමත් සමග රාවණා නාමය තව දුරටත් සඟවා තබනු නොහැකි වේ.

Saturday, November 9, 2013

යක්ෂ ගෝත‍්‍රික හෙලයන් සමස්ත ලෝකයේමද ශිෂ්ටාචාරය ඇති කිරීමට කටයුතු කර ඇත.......

මෙසේ දැනට වසර 7500කට පමණ පෙර රාවණ යුගයේ ලොව ඉතාම උසස් ශිෂ්ටාචාරයක් ගොඩනැගු ලංකාවේ යක්ෂ ගෝත‍්‍රික හෙළයින් ඉන් නොනැවතී ලොව පුරා දස දෙස විවිධ රටවල සංචාරය කරමින් ඔවුන්ගේ විද්‍යාව හා තාක්ෂණය බෙදා දෙමින් රටවල් සොයා ගනිමින් ලොවට විශාල සේවයක් කර ඇති බව පුරාණ ග‍්‍රන්ථයන්ගෙන් ද, පර්යේෂවලින්ද සනාථ වී ඇත. මින් හෙළිවන කරුණු අනුව ලෝකයේ මුලින්ම රටවල් සොයා ගැනීමේ ගෞරවය හිමි විය යුත්තේද බටහිර ජාතීන්ට නොව මෙම යක් හෙළ පරපුරටය.


එවැනි විදෙස් නිමැවුම් අතර, සිංගප්පූරුවේ කර්මාන්ත සඳහා උපදෙස් සහ සහාය ලබා ගැනීමට ලාංකීය ඉංජිනේරු යක්ෂයින් 5 දෙනෙක් ඉල්ලා ඇත. ඒ ගැන එරට ඉතිහාසයේ පවා සඳහන් වී ඇති බව 2011.11.14 වැනි දින දොරමඩලාව වැඩ සටහනේදී හෙළි විය. රාවණ රජතුමාගේ ඥාති දනුබ් කුමරු ‘‘රමණීය’’ (රොමානියා) රට ජනාවාස කර, එරට ‘‘දනුබ්’’ (ඩැනියුබ්) ගඟ හරහා අමුණු බැඳ ඇත. මේ ගැන ස්කන්ධ පුරාණයෙහි සඳහන් වේ. මෙරට වාරිමාර්ග පද්ධති පිළිබඳ හෙන්රි පාකර් මහතා සිය කෘතියෙහි සඳහන් කිරීමේදී ඉන්දියාවේ කාශ්මීරයේ රජු කි‍්‍ර.ව 8 වැනි සියවසේදී ලංකාවේ වාරි ඉංජිනේරුවන්ගේ සහාය ලත් බවත්, අපේ ශිල්පීන් එහි ගිය බවත් සඳහන් කර ඇත. බැබිලෝනියා ශිෂ්ටාචාරය ගොඩ නැගීමට උපදෙස් දී ඇත්තේ ගුවන් යානාවලින් පැමිණි සිංහ මිනිසුන් බැව් කියවෙන මැටි පුවරු 1996 අපේ‍්‍රල් මස එහිදී සොයාගෙන ඇත. සිංහ මිනිසුන් එය ගොඩනැගූ ආකාරය ‘‘ඉතිහාසය චැනලය’’ නමැති ඇමෙරික් රූපවාහිනිය විසින් 1998 මැයි මාසයේ විකාශනය කර ඇත. මේ අනුව ලොව පළමු ගුවන් යානයක් නිපදවීමේ හා ගුවනින් යාමේ ගෞරවයද හිමි විය යුත්තේ මෙම යක් හෙළයන්ටය. බැබිලෝනියාවේ පුදුම හතෙන් එකක් වන ‘‘එල්ලෙන උයන් වතු’’ අපේ රටේ සීගිරි මුදුනේ කෘත‍්‍රිම උයන් සෑදු උයන් බවත් හෙළි වේ. කුවේර ඇතුළු යක් හෙළයන් ඇමෙරිකාවේ ඉන්කා ශිෂ්ටාචාරය ගොඩ නගා ඇත. මේ බව ග‍්‍රීක ඉතිහාස ග‍්‍රන්ථවලද සඳහන් වේ. එම රටේ ඇති බහිරව රූපවලින් හා මාදුරු ඔයට සමාන ලාහුගල හැඩයේ තිබී හමුවූ ගල් අමුණට සමාන අමුණක් මේ ශිෂ්ටාචාරයෙන් හමුවීමෙන් ඒ බව සනාථ වේ. ඇමෙරිකාවේ දෙවියන් ලෙස සැලකුම් ලබන විරෝචන ද ලංකාවේ යක්ෂ ගෝත‍්‍රික හෙළයකි.

මෙම යක් හෙළ පරපුර විජය පරම්පරාවේ අය නොවේ. විජය පැමිණීමට පෙර මෙහි සිටි මහා සම්මත පරම්පරාවෙන් එන ලෝකයේ මුල්ම මිනිසුන්ය. ඇලෙක්සෙන්ඩර් කියන පඬිවරයා මේ බව සඳහන් කර ඇත. ලොව පුරා මානවයා ව්‍යාප්ත වූයේ මැඩගස්කරයෙන් බව එක්තරා ලිපියක සඳහන් වේ. මහා පඬිරුවනක් වූ අරිසෙන් අහුබුදු තුමාද මේ බව සනාථ කර ඇත. ”විශ්ව බ‍්‍රාහ්මණ වංශ විනිශචය’’ කෘතිය පවසන්නේ මෙම පරපුරේ මව්බිම කාශ්මීර ප‍්‍රදේශය හා ඒ අවට බවයි. පසුව ඔවුන් ලොව සෑම පළාතකම විසිර ගොස් ස්ථිර නිවාස ඇති කරගත් බැවින් විවිධ භාෂා, වර්ණ ඇති වූ බවයි. මේ පරපුරට විශ්ව බ‍්‍රාහ්මණ යන නම ව්‍යවහාර විය. කාශ්මීර රට බ‍්‍රහ්ම වර්ත යනුවෙන්ද ව්‍යවහාර කරන අතර, පුරාණ බ‍්‍රාහ්මණයන් පමණක් මෙහි විසූහ. රාවණ රජතුමා කාශ්මීරයේ යක් පරපුර දැනුවත් කළ බව අරිසෙන් අහුබුදු තුමා විසින්ද ‘‘විජයාවතරණ සමයේදී මේ රට කළේ මහා කාලසේනය’’ යනුවෙන් ශ්‍රී ලංකා ශිෂ්‍යොපකාර සමිතියේ 2006 ඔක්තෝබර් මස 01 දින පවත්වන ලද සංවත්සර උත්සවයේ කරන ලද දේශනයේදී හෙළි කරන ලදී. මැඩගස්කරය, කාශ්මීරය, ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් වෙන්වීමට පෙර ලංකාවට අයත්ව තිබූ ප‍්‍රදේශ වේ. ප‍්‍රථම ආර්ය පවුල ජනිත වුනේ ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාවෙන් වියු යුතු බවට ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතාද පවසයි. රාවණ පරපුර ලංකාවේ පමණක් නොව මුළු මහා භාරතයේද පැතිර ඇති බවට හේතු සාධක මූලාශ‍්‍ර අපමණ ඇත. මෙම පරපුරේ නම්වලට සමාන ගෝත‍්‍ර නම් ලංකාවේ, මහා භාරතයේ, ගී‍්‍රසියේද ඇත. රවුළුගේ, හේවා රවුළුගේ, රවුළු හේවාගේ, රාවණගේ ආදී නම්, වාසගම් දකුණු පළාතේ මාතර දිස්ත‍්‍රික්කයේද දැකිය හැකිය.

‘‘යක් හෙළ ශිල්පීන්ගේ
පෙළපත් නම් ආදිය අනුවද,
ඉන්දියාවෙන් පැමිණි පමණින්ද,
දැන හෝ නොදැන වගකීමෙන් තොරව
ඔවුන් ද්‍රවිඩ සම්භවයක් ඇති
අයවලූන් ලෙස හංවඩු ගැසීමත්,
එසේ ලේඛණ ගත කිරීමත්
වැරදි සහගතය’’

එපමණක් නොව මෑත භාගයේදීද එනම් 1934 දී ශ්‍රී ලංකාව පාලනය කළ බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීමක් මත දියමන්තියේ බි‍්‍රතාන්‍ය ලාංඡුනය කොටා කළ හපන්කම එවකට ලොව පාලනය කළ වික්ටෝරියා මහ රැජිනගේ විමතියට පවා ලක් විය. එවැනි ශිල්පීය ඥානය බි‍්‍රතාන්‍ය රජයේ ස්වර්ණාභරණකරුවන්ට ලන්ඩනයේදී පේ‍්‍රක්ෂණය කිරීමට රජ අණ විය. ඒ අනුව ඉහත හපන්කම කළ යක් ශෙල පරපුරේ විමලසුරේන්ද්‍ර හා අතුරලිය යන දෙදෙනා ඒ සඳහා එහි යන ලදී. තාක්ෂණය පේ‍්‍රක්ෂණයට ගියේ කැමැත්තෙන් නොවේ. රජ අණ නිසා විය හැක. ඉන්දියානුවන් 40 දෙනෙකුට හා ලංකාවේ මේ දෙදෙනාට රැුජින බැහැ දැකීමට අවස්ථාව ලැබුණි. රැුජින ඉදිරියේ එම ඉන්දියානුවන් බිම දිගා වී වැඳ වැටී යද්දී මේ අභීත තාක්ෂණිකයන් දෙදෙනා වැඳවැටුනේ නැත. තාක්ෂණය දත් අය බිම වැටෙන්නට වුවමනා නැති බව ලොවට කියා දෙමින් ඔවුන් හිටගෙනම රැුජිනට ගෙන ගිය යතුරක් කැරකැවීමෙන් විසිරී යන හා කොපුව තුළට නැවත එන ආකාරයේ ඇත්දත්වලින් නිම වූ පොල් මලක් හා මිනිරන් කපුටෙක් තෑගි කළේය. මේ දෙදෙනාගේ තාක්ෂණයේ ප්‍රෞඩත්වය වික්ටෝරියා රැජිනගේ දින පොතේ පවා අපූරුවට සඳහන් කර ඇතිවා පමණක් නොව ඒ අනුව මේ දෙදෙනා වෙනුවෙන් භෝජන සංග‍්‍රහයක් පවා පවත්වා ඇත. තවද ඔවුන්ගේ පරම්පරා හතකට රැුජිනගේ ඕනෑම බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට අයත් රටකින් රැුකියාවක් ලබා ගැනීමට එම වකවානුවේ තිබූ උසස්ම වරමක් දීමෙනුත් ඔවුන්ට බුහුමන් දක්වා ඇත. එමෙන් තවත් අපේ විද්වතෙක් බි‍්‍රතාන්‍යයේදී දුම්රිය සර්වෝරෝධක ක‍්‍රමය සොයා දී ඇත. එයට ගෞරවයක් වශයෙන් අදද භාවිත කරන දුම්රිය බ්‍රේක් පළුවලට ‘‘ක්ලේටන් දේවේන්ද්‍ර සදර්වෝ සිස්ටම්’’ යනුවෙන් හඳුන්වනු ලබයි. මේ එවැනි අපේ ශිල්පීන් මෑත භාගයේදීද ජාතියට ආඩම්බරයක්, ගෞරවයක් ලබා දෙමින් රජ අනින් බි‍්‍රතාන්‍යයට ගොස් ඞී.ජේ. විමලසුරේන්ද්‍ර තුමා මෙන් සුද්දන්ට පාඩම් ඉගැන්වූ හැටි මෙහිදී නොකියාම බැරිය.

මේ අනුව එදා ලංකාවේ විසූ සමෘද්ධිමත් යක්ෂ ගෝත‍්‍රික හෙලයන් සමස්ත ලෝකයේමද ශිෂ්ටාචාරය ඇති කිරීමට කටයුතු කර ඇති බව මැනවින් පැහැදිලි වේ. එවැනි අපි ලෝකයේ පළමු ශිෂ්ට සම්පන්න ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය කොටසක් බව අපේ අනාගත පරපුරට දෙපයින් සිටගෙන ලෝකයා හමුවේ ආඩම්බරයෙන් කියා පෑමට හැකිවීම ගැන මුළු මහත් ජාතියම රාවණ රජතුමා ඇතුළු එම පරපුරට සදා ණය ගැතිය.

රාවණ රජතුමාට රටවල් 10ක් අයත්ව තිබී ඇත. එම නිසා දශ ශීර්ෂ යනුවෙන්ද හඳුන්වනු ලබයි. ඉන්දියාවේ දණ්ඩකාරාණ්‍ය යද එතුමාට අයත්ව තිබී ඇත. එහි ශාක පමණක් බුදින යක් හෙළ ජනතාවක් විසූ බව මහාවංශයට පෙර රචිත රාමායනය පැවසීමෙන්ද, මුහුදු ගැලීමෙන් ලංකාව ඉන්දියාව වෙන්වන අවස්ථාවේ මෙම දණ්ඩකාරණ්‍යයෙහි අගනුවර වන දනස්ථානය (දනව්ව) ද ගිලී යන ලදී. එය 2002 දී මුහුදු පත්ලේ තිබී සොයා ගැනීමෙන්ද ඒ බව තවදුරටත් සනාථ වේ. ඉන් රාවණ රජතුමාගේ කාලය අවුරුදු දසදහසක් පැරණි බවටද ඔප්පුවේ. මේ අනුව ආර්යයන් ඉන්දියාවට පැමිණ ඇත්තේ ක‍්‍රි.පු. 1500 බව කියන මැක්සි මුලර්ගේ ආර්ය න්‍යායද පුස්සක් බවට පත්වනු ඇත. රාවණ රජතුමාගේ කාලයත්, බලන්ගොඩ මානවයාගේ හා ඒ එම මානවයා සොයා ගත් කලාපයේ අදටත් මතුවන ඓතිහාසික සාක්ෂිවල කාල නිර්ණයන් ගත් විට ලොව ප‍්‍රථම ආර්ය පවුල ජනිත වුනේ ලංකාවෙන් බවට එකඟ විය හැක. රාවණ රජතුමාට ඉන්දියාවේ අයත්ව තිබූ මෙවැනි බොහෝ ප‍්‍රදේශවලත්, යටත් රටවලත් මෙම යක් හෙළයෝ සිටි බවට මෙවැනි තොරතුරු තවත් බොහෝ වෙති. රාවණ යුගයේ අවසන් භාගයේදී මුහුදු ගැලීමෙන් මේ අයත් සමඟ ඉන්දියාව ලංකාව වෙන් විය.

තවද විදෙස් රටවලට මෙම යක් හෙළ ශිල්පීන් බලහත්කාරයෙන් පවා ගෙන ගොස් ඇති අතර, ඉන්දියාවේ අදටත් එවැනි අය සිටින බව දැන ගන්නට ඇත. මෙම අය මෙන්ම අනෙක් රටවල සංවර්ධන කටයුතුවලට ගිය අය කාලයක් එහි පදිංචිව සිටීමේදී එම දිවයින්වලින් භාෂාවන් හා පෙළපත් නම්වලට නම් එකතුවීමක්ද දක්නට ලැබේ. ඉන්දියාව ළඟම පිහිටි රට බවට පත් වූ නිසා විශේෂයෙන් එම අය වරින් වර ආපසු මෙහි පැමිණි බවත්, රජවරුන් විසින් ගෙන්වා ගත් බවත්, වංශ කථාවල සඳහන් වේ. මහින්දාගමනයත් සමඟ පැමිණි කුල 18කට අයත් බව කියන අයවලූන් ශුද්‍ර ගණයට අයත් වන බව පැහැදිලිවේ. ශුද්‍ර යනු උසස් කියන වංශයට අයත් නොවන කුල හීනයන් වේ. මෙම යක් හෙළයන් එම කුල හීනයන්ට අයත් නොවන නිසා යක් හෙළයන් ඒ සමඟ පැමිණි කුලයක් බවට ගණනය කළ නොහැක.

පසු කාලීනව අප රටේ සිටි රජවරු මෙන්ම ද්‍රවිඩ සම්භවයක් ඇතිව සිටි රජවරු විසින්ද මෙම යක් හෙළ ශිල්පීන්ට ගෞරවයක් වශයෙන් රාවණ යුගයේ නාමයන්, නාරායන, දේවේන්ද්‍ර, සුරේන්ද්‍ර (දෙවියන්ගෙත් දෙවියන්) ආදී දෙවියන්ට අයත් හා පරාක‍්‍රම, වීර පරාක‍්‍රම ආදී රජවරුන්ගේ නාමයන්ගෙන්ද පුදනු ලැබු බවක් පෙනේ. මෑත භාගයේ සිටි හැමෝම නොව සුදු නිලධාරීන් කීපදෙනෙක්ද මෙම ශිල්පීන්ට ගෞරවයක් වශයෙන් ඩයස්, සිංඤ්ඤෝ, කොස්තා, සිල්වා, සම්පායෝ, මොරායස්, දොන්, පෙරේරා, බර්තොලමියුස්, රබෙල් වැනි ඔවුන්ගේ නාමයන් පවා භාවිතා කර ඇති බවක්ද දක්නට ඇත. පෙර සඳහන් කළ පරිදි නැවත ඉන්දියාවේ සිට මෙහි පැමිණි ශිල්පියෙකු ගොඩ බට බවට ඇසූ එකල කෝට්ටේ රජකළ බුවනෙකබාහු (Vස) රජතුමා විසින් ඔහු ඇතු පිටින් රජ වාසලට ගෙනවුත් ගෞරව කර මංගල ගම පවරා මණ්ඩල වල්ලි නයිදේ නම් ගරු නාමයද ප‍්‍රදානය කළ බව ‘‘මධ්‍යකාලීන සිංහල කලා’’ ග‍්‍රන්ථයේම සඳහන් වේ.

Thursday, November 7, 2013

ඉතිහාසයට ඇතුළු නොවූ අපේ ඉතිහාසය......................

අපේ ඉතිහාසය සොයා යන ගමනෙ අපි වගේම විජය ලංකාවේ පළවෙනි රජතුමා නෙවෙයි අපිට ඊටත් වඩා පැරණි, අපිටම අනන්‍ය ඉතිහාසයක් තියෙනවා කියලා විශ්වාස කරන, ඒ ගැන වාද විවාද, ගවේෂණ කරන තවත් විද්වතුන් පිරිසක් සිට්නවා කියලාත් දැන ගන්න ලැබුනා. ඒ අතරින් කෙනෙක් තමයි ආචාර්ය සූරිය ගුණසේකර විද්වතා. එතුමාගේ ගවේෂණයන්ගේ, පරීක්ෂණ වල නිගමන අනුව ඒ මහාතා ඒ හා සම්බන්ධ කෘතියක් රචනා කරලා තියෙනවා ලංකා ඉතිහාසයේ හෙල යුගය කියලා.
අපි ඉතින් අපේ ගමනට එය මූලාශ්‍රයක් කර ගනිමු.
""""ඉතිහාසයට ඇතුළු නොවූ අපේ ඉතිහාසය""""

ඉතිහාසයට ඇතුළු නොවු අපේ ඉතිහාසය කිවාම මොකක්ද මේ කියලා හිතෙනවා නේද...? සමහරක් අය හිතන්න පුළුවන් අපිට මොකටද ඉතිහාසය කියලාත්. ඒ වුණාට ඉතිහාසයක් නොමැතිව වර්තමානයක්, අනාගතයක් තියෙන්න බැහැ. අපි අපේ ඉතිහාසය දැන ගත යුතුමයි. යම් කිසිදෙයක් අපට පාසලේදි ඉගැන්වු නිසාවත්, පොත් පත් වල සදහන් වෙලා තිබුනා කියලාවත් ඒ ඇත්තයි කියලා අපට විශ්වාස කරන්න බැහැ. අපි එහෙම කල යුතුත් නැහැ. බුදුදහමේ උගන්වන්නෙත් එහෙමනේ. ඒ නිසා අපි අපිට පිලිගතහැකි දේ පමණක් විශ්වාස කරනවා නම් තමයි හොද.

මෙහිදි ඉතිහාසයට ඇතුළු නොවු අපේ ඉතිහාසය කියන්නෙ විජය රජුට පෙර ලංකා ඉතිහාසය ගැන අපේ ලොකුම ඉතිහාස පොත් විදිහට ලංකාවේ ඓතිහාසික තොරතුරු ඉතිහාසය ලෙසින් ලේඛනගත කර තිබිලා නැති වුණත් ලංකා ඉතිහාසයේ සිදුවුණා යැයි සැලෙකෙන සිදුවීම්, ලංකාවේ හිටියායි සැලෙකෙන විවධ පුද්ගලයන් ගැන තොරතුරු, ජනප්‍රවාද ලංකාවේ ඉතිහාසය ලෙස ආරක්ෂා වෙලා තියෙනවා. බලි, තරු,රාවණ කියන රජවරු දක්වා මේ ඉතිහාසය විහිදිලා තියෙනවා. ඔයාලා සමහර විට අහලත් ඇති “ලංකා ලංකා පෙම්බර ලංකා, දිනවමු ඔබ ලංකා...!“ ඒ ගීතයෙත් සදහන් වෙනවානෙ “බලි තරු රාවණ ගැමුණු විජයබා නිරිදුන් ලද ලංකා...!“ කියලා ඒ වුණත් බලි රජතුමා ගැනවත්, තරු, රාවණ රජවරුන් ගැනවත් ලංකා ඉතිහාසයේ නෑනේ. නමුත් අපේ ආච්චිලා සියාලාගෙන් මේ ඉතිහාසය ගැන ජනප්‍රවාද අපට උරුම වෙලා තියෙනවා.

ලංකා ඉතිහාසය පෙල ගස්වලා මුලින්ම ලියලා තියෙන්නෙ 1912දි විතර. ඒ ලංකාවේ ටික කාලයක් පමණක් පදිංචි වෙල හිටපු ඉංග්‍රිසි ජාතික සිවිල් සේවකයෙක් වූ එච්. ඩබ්ලිව් කොඩ්රිංටන් කියන මහත්මයා. එයාටත් කලින් සුදු අම්මා නමින් හැදින්වුණ මාරි මියුසියස් හිගින්ස් නැමැති විදේශික කාන්තාව ළමුන් සදහා ලියපු ඓතිහාසික කතන්දර පොත් තමයි තිබිලා තියෙන්නෙ. මේ පොත් රාවණ, විජය, පණ්ඩුකාභය හා දුටුගැමුණු වැනි රජවරුන් වස්තුබීජ කරගෙන තමයි ලියැවිලා තියෙන්නෙ. ඒ වුණාට කනගාටුවට කරුණ තමයි ලංකාවේ ස්වදේශිකයෝ කවුරුත් ඒ කාලේ ඒ ගැන උනන්දුවක් දක්වලා නැති එක.
බටහිර සම්ප්‍රදායට අනුව මුඛ පරම්පරාවෙන් පැවැතුන තොරතුරු ඉතිහාසය ලෙස සලකලා නැහැ. මූලාශ්‍ර සහිතව ඒ තොරතුරු සනාථ වීම අවශ්‍ය කරලා පෙන්නුවොත් තමයි ඒවා සත්‍ය තොරතුරු විදියට පිළිගෙන තියෙන්නෙ. අපි කලින් කියපු සුදු අම්මාගේ කතාන්තර වලට මුල් වූ රජවරු අතරින් රාවණ රජතුමා ගැන ඇරෙන්න අනිකුත් රජවරු ගැන වංශකථා වල සදහන් වෙලා තියෙනවා.

මහා වංශය, දීප වංශය, ථුප වංශය, දළදා වංශය වැනි බෞද්ධ සාහිත්‍යමය කෘතිවලද, මහනුවර යුගයේ රචිත රාජාවලියේද පැරණි ඉතිහාස ගත කරුණු සදහන් වෙලා තියෙනවා. මේ අතරින් රාජාවලියේ ඇරෙන්න අනිකුත් කෘතිවල බෞද්ධාගමික ස්වරූපයක් තමයි තියෙන්නෙ. අපේ ඉතිහාසය ගැන සදහන් වෙලා තියෙන අපට තියෙන වැදගත්ම ග්‍රන්ථය තමයි මහා වංශය. අපි කලින්ම ඒක සදහන් කලානේ. මහා වංශය කියන කෘතිය ලංකා ඉතිහාසය දැන ගන්න උපකාර වෙනවා වගේම ඉන්දියාව, බුරුමය හා තායිලන්ත ඉතිහාසය පිළිබදව ඇති වූ ගැටළු නිරාකරණය කරගන්නත් ඉවහල් වෙලා තියෙනවා.

මහා වංශය රචනා කරලා තියෙන්නෙ 5වන සියවසේදී පමණ මහනාම හිමියන් විසින්. ඒ මහසෙන් රජතුමාගේ කාලය තෙක් තමයි. ඉන් පසු විවධ අය විසින් කලින් කලට මහා වංශය දීර්ඝ කරලා ලියලා තියෙන නිසාම විජයාගමනයේ ඉදලා අඛණ්ඩව සදහන් වුණ ඉතිහාසයක් අද වන විට දැක ගන්න පුළුන් වෙලා තියෙනවා.
සාක්ෂි දෙකකට හෝ වැඩි යමකින් සනාථ වූ පසු යමක් පිළිගැනීම ඉංග්‍රිසි ජාතිකයන්ගේ සිරිත වූ නිසාත්, මහා වංශයේ සදහන් වූ කරුණු දීප වංශය, ථුප වංශය යන ග්‍රන්ථවලින් සනාථ වන නිසාත් විජයාගමනයෙන් පසුව ලංකාවේ ශිෂ්ඨාචාර ඇති වූ බව සලකමින් කොඩ්රිංටන් විසින් “ලංකා ඉතිහාසය“ නැමැති කෘතිය රචනා කරලා තියෙනවා. ඉන්දියානු සංස්කෘත සාහිත්‍යට අයත් රාමායන, මහා භාරත කතා වල සදහන් ලංකාවේ සිටි රාවණ නම් රජකෙනෙකු වංශ කථා වල සදහන් නොවුන නිසාම ලංකා ඉතිහාසට ඇතුලත් කරලා නැහැ.

නමුත් රාවණ රජතුමාගේ ප්‍රතිවාදියා වූ රාමකුමරු සිටි අයෝධ්‍යාව ඓතිහාසික පුරවරයක් නිසා රාමකුමරු ඓතිහාසික ලෙස ඉන්දියාවේ සිටි බව බටහිර ඉතිහාසඥයන් විසින් පිළිගෙන තියෙනවා. ඉන් පසුව ඉන්දියානුවන් විසින් නැවත රචනා කරන ලද්දා වූ ඉන්දියානූ ඉතිහාසයේ රාම අධිරාජ්‍යය ඔප් නන්වලා තියෙනවා. නමුත් ලංකාවේ නිදහසින් පසුවත් කොඩ්රිංටන් විසින් රචිත ඉතිහාසයම ඒ විදිහටම පිළිගෙන තියෙන හින්දාම ගොඩාක් ඉතිහාස කරුණු ලංකා ඉතිහාසයෙන් සැගව ගිහින් තියෙනවා.
මහා වංශයට අනුව දෙවනපෑතිස් රජුට ධර්මය කරුණූ විස්තර කිරීමේදී කකූසද, කෝණාගම බුදුන් සමයේද ලංකාව ජනාවාස වී තිබූ බව සදහන් වී තිබෙනවා. ඒ ඒ සමයන් හිදි ලංකාව ඔජදීප, වරදීප හා මණ්ඩදීප යන නමින් සදහන් වූ බවත් ඒ ඒ සමයන් හිදී අභය සමීඪ හා ජයන්ත යන රජන් සිටි බවද මහා වංශයේ සදහන් වෙනවා. ඒ විජයාගමනයට පෙර ලංකාවේ ජනාවාස ඇති වුණායැයි පැවසීමට පටැහැනි එක කරුණක්.

කකුසද බුදුන් වහන්සේගේ නම සදහන් සෙල්ලිපියක් පොල්පිතිගම අසල ඇති දාගම පිහිට ගල් ලෙනක තියෙන අතර එහි “... පරුමක කශබහ පුත පරුමක අභය ලෙණෙ ශගශ අගත අනගත චතුදිශ නම කකුශද දිනදනේ...“ යනු සදහන් වන අතර ඉන් කියැවෙන්නෙ කකුසද බුදුන් වහන්සේ ලංකාවේ තම සාසනය පිහිටුවන අවස්ථාවේ දී “මහරී බෝධියෙන්“ ශාඛාවක් රැගෙන ලංකාවට අහසින් පැමිණියේ රූපනන්දා මෙහෙණියයි කියලා තමයි. ඒ වගේම වරකාපොළ අසල මබඩාවිට රජමහා විහාරයේ ඇති ලෙන් ලිපියක ගුවන්යානයක රූපයක හරහට “රූපනදශ ගගයනි තොමඩය“ කියලාත් සදහන් වෙනවා. ඉන් අදහස් වන්නෙ රූපනන්දා මෙහෙණිය බෝධි ශාඛාවක් රැගෙන ගුවන් යානාවක්න් පැමිණියා කියන එක වෙන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ යම් යම් ස්ථාන වලින් කකුසද බුදුන්ට, කාශ්‍යප බුදුන් වහන්සේලා ගැන සදහන් සෙල්ලිපි හමුවෙලා තියෙනවා. මෙවැනි සාක්ෂිත් අනුව අපට හොදටම තහවුරු කර ගන්න පුළුවන් ලංකාව කියන්නේ විජය ගමනයට තියා විජය කුමාරයා ඉපදෙන්නත් අවුරුදු දහස් ගානකට කලින් ශිෂ්ඨාචාර වූ දිවයනක් කියලා.

ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් කොඩ්රිංටන් මහතා විසින් ලංකා ඉතිහාසය ලිවීමේදී කකුසද, කෝණාගම බුදුන් සමයේ ශීෂ්ඨාචාර පැවති බව මගහැරී හෝ නොසලකන ලද බව අපට හිතන්න පළුවන්. ලංකාවේ තියෙන සෙල්ලිපි වලටම අනුව ගෞතම බුදුන් සමයේ ලංකාව පාලනය කරලා තියෙන්නෙ පනීත කියලා රජ කෙනෙක්. අපි කවුරුත් සමන් දෙවියෝ ලෙස හදුන්වන සුමන පනීත රජුගේ භාණ්ඩාගාරික කියලා කියැවෙනවා. සුමන ගැන සෙල්ලිපි 30කට වැඩිය ලංකාව පුරා දැක ගන්නට තියෙනවා. මේ නිසා අපේ මතය තවත් තහවුරු වෙනවා.

Friday, October 25, 2013

මහනුවර එජාප මනාප යළි ගණින්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.......

මහනුවර එජාප මනාප යළි ගණින්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්. පසුගිය පළාත් සභා මැතිවරණයේ මහනුවර දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් ලැබූ මනාප ප‍්‍රතිඵලය යළි ගණන් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා. මෙම පෙත්සම ගොනුකර ඇත්තේ පළාත් සභා මැතිවරණයට එම දිස්ත‍්‍රික්කයෙන් තරඟ කර පරාජයට පත් වූ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින් 12 දෙනෙක්. මැතිවරණයේ මනාප ප‍්‍රතිඵල ගණන් කිරීමේදී අක‍්‍රමිකතාවක් සිදුව ඇති බවට සඳහන් කරමින් ගොනුකර ඇති එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමසාරිස්වරයා, මහනුවර දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරිවරයා, එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ අනෙකුත් අපේක්ෂකයින් දක්වා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින්ගේ මනාප ඡන්ද ප‍්‍රතිඵල සම්බන්ධයෙන් මහනුවර දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරිවරයා නිකුත් කළ නිල ප‍්‍රතිඵලත් ගණන් කිරීමේ නිලධාරිවරුන් විසින් නිකුත් කරන ලද මනාප ඡන්ද ප‍්‍රතිඵලත් අතර පරස්පරතාවක් පවතින බවයි පෙත්සම්කරුවන් එම පෙත්සමෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ. පෙත්සම ගොනුකිරීමෙන් අනතුරුව මහනුවරදී 24 වෙනිදා මධ්‍යම පළාත් හිටපු පළාත් සභා මන්ත‍්‍රීනි ශාන්තිනි කෝන්ගහගේ ඇතුළු මෙම පිරිස මාධ්‍ය හමුවක්ද පැවැත්වූවා. මේ අතර, මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලූකාරි තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් සහ පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ අතර, ඊයේ පැවැත්වුණා. එම පළාත් සභාවේ විපක්ෂ නායකයා ලෙස මාතලේ දිස්ත‍්‍රික්කයට තරඟ කර ජයග‍්‍රහණය කළ රංජිත් අලූවිහාරේ නම් කිරීමටයි එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන තිබුණේ. කෙසේ වෙතත්, එම පළාත් සභාව අවසන් වරට රැස් වූ පසු පසුගිය 17 වැනිදා පළාත් සභාවේ විපක්ෂ නායකයා ලෙස මහනුවර දිස්ත‍්‍රික්කයේ ලකී ජයවර්ධන පත් කළ යුතු බවට යෝජනාවක් එහි සභාපතිවරයා වෙත භාර දුන්නා. පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් 16 දෙනාගෙන් 12 දෙනෙකුම ඊට අත්සන් තබා තිබුණා. කෙසේ වෙතත්, ඊයේ පැවති සාකච්ඡාවේදී පක්ෂයේ උපදේශක මණ්ඩලය සමඟ සාකච්ඡා කර ගැටලූවට කඩිනම් විසඳුමක් ලබාදෙන බවට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පොරොන්දු වූ බවයි පළාත් සභා මන්ත‍්‍රී ලකී ජයවර්ධන කියා සිටියේ.

Sunday, October 20, 2013

අන්තවාදී කොටස් ජාත්‍යන්තර ත්‍රස්තවාදී කණ්ඩායමක සහාය ලබාගෙන.......

ශ්‍රී ලංකාවේ සිටින යම්කිසි අන්තවාදී කොටස් ජාත්‍යන්තර ත්‍රස්තවාදී කණ්ඩායමක සහාය ලබාගෙන ඉදිරියේදී රට තුළ කැලඹිලි ස්වභාවයක් ඇතිකිරීමට ඉඩ තිබෙන හෙයින් එයට මුහුණදීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ප්‍රතිසංවිධානය කිරීමට නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය තීරණය කොට තිබේ. එම අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතා සඳහන් කෙළේ කලින් පැවැති ත්‍රස්තවාදයට වඩා ඉතා භයානක ආකාරයෙන් එය පැමිණීමට ඉඩකඩ ඇති බැවින් ඒ සඳහා සූදානම් විය යුතු බවයි. පසුගියදා තමා කළුතර පොලිස් විශේෂ කාර්ය බළකායේ කඳවුර පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව උසස් නිලධාරීන්ට මේ අවදානම ගැන කරුණු පැහැදිලි කළ බව නන්ද මල්ලවාරච්චි මහතා ‘මව්බිම’ට පැවැසීය. එම ප්‍රතිසංවිධාන ක්‍රියාදාමය යටතේ නවීන පන්නයේ ගිනි අවි දැනට අවශ්‍ය නොවුණද දැනට තියෙන ගිනි අවියේ එක් උණ්ඩයකින් එක් අයකු බිම හෙළිය හැකි අයුරින් පොලිස් විශේෂ කාර්ය බළකායේ ගිනි අවි පුහුණු ශක්තිය වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බවද මේජර් ජනරාල්වරයා පැවැසීය.