Monday, November 18, 2013

නිර්මාන්ශ වන්න. පෙනුම 16යි වයස 29යි..........



16-1
බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ නුවර වෙසෙන සුසන් රෙනෝල්ඩ්ස් මේ වනවිට විසිනව වන වියද පසුකර සිටියද, ඇය දකින කොයි කාටත් වුවද සිතෙන්නේ ඇය තවමත් අවු: 16-17ක් අතර වයසක පසුවන යෞවනියක බවයි.  පෙනුමින් තවමත් ළාබාල සොඳුරු රූ සපුවකට හිමිකම් කියන සුසන්ගේ තරුණ බවේ රහස ලෙස ඇය කියා සිටින්නේ නොපිසන ලද අමු එළවළු පලතුරු, ඇටවර්ගවලින් පමණක් සමන්විත ආහාර මත යැපීම බවයි. සම්පූර්ණ ලෙසම නිර්මාංශ ආහාර රටාවකට පුරුදු වී සිටින සුසන් පසුගිය සත් වසරක කාලය තුළදී කිසිදු විටක පිසූ ආහාරයක රස බලා නොමැති බව කිවහොත් ඔබ පුදුමයට පත් වනු නිසැකය.
දීනකට නැවුම් පලතුරු, එළවළු, ධාන්‍ය. ඇට වර්ග, පියලි සහිත ධාන්‍ය වර්ගවලින් සමන්විත කුඩා ප්‍රමාණයේ ආහාරවේල් කීපයක් ලබා ගන්නා සුසන් හට එලෙස අමු එළවළු, පලතුරු ආහාරයට ගැනීම කිසිසේත්ම අපහසු වූවක් නොවන අතර එලෙස ආහාර වර්ග අමුවෙන් සකස් කිරීම සඳහා ඇය විසින්ම නිර්මාණය කර ගත් වට්ටෝරු රාශියක්ද සුසන් සතුය. දවස ආරම්භ කිරීමට ප්‍රථම සිය උදෑසන ආහාරවේල ලෙස ඇය පානය කරන නිවිති, සලාද කොළ, ඇතුළු විවිධ පැළෑටි වර්ගවලින් සැකසූ ශාකමය පානයද ඇගේම වට්ටෝරුවකට අනුව සැකසුවක් වීම විශේෂය.
යෞවනියක ලෙස සිය සම වයසේ මිතුරු මිතුරියන් මෙන්ම විවිධ විච්චූර්ණ ආහාර වර්ග රස බැලීමට තමා ඇබ්බැහි වී සිටි කාලයක්ද තිබූ බව පවසන සුසන් එකල චීන අවන්හල්වලින් හා මැක්ඩොනල්ඩ් අවන්හල් ජාලයෙන් සුඛෝපභෝගී පන්නයේ ආහාර රස විඳීමට පෙළඹී සිටියාය. මේ සියල්ලට නැවැතීමේ තිත වැටෙන ලද්දේ වයස අවුරුදු විසි  එකේදී ඇය ඉන්දියාවේ නිරත වූ සය මසක සංචාරයෙන් අනතුරුවය. එහිදී යෝගී භාවනා ක්‍රමය සම්බන්ධයෙන් දැඩි ඇල්මක් වර්ධනය කරගත් සුසන්  යළි සිය රට බලා පැමිණෙන ලද්දේ සම්පූර්ණයෙන්ම නිර්මාංශික ආහාර  රටාවකට පුරුදු වීමටත්, යෝගී භාවනා ගුරුවරියක ලෙස පුහුණුවක් ලැබිමේත් පරමාර්ථ දෙක පෙරදැරිවය. එඩින්බරෝ හි පිහිටි ‘රෙඩ් ෂුගර්’ නමැති අවන්හ‍ලේදී ඇයට නොපිසූ ආහාරවේලක් රස විඳීමට ලැබෙන්නේ මේ අතරවාරයේදීය. නොපිසූ ආහාර පරිභෝජනයේ ඇති වැදගත්කම පිළිබඳව අවහන්හ‍ලේදී දැනගත්  කරුණු තමා විසින්ම අත්හදා බැලීමේ උත්සාහයකට බසින සුසන්ට අමු ආහාරවලින් ශරීරයට ලැබෙන සුවය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ගත වූයේ දිනක් පමණි. එවක් පටන් ගෙවුණු සත් වසරක කාලය තුළදී කිසිදු අවස්ථාවකදී ඇය පිසූ ආහාරයක් මුවට ගෙන හෝ නොමැත.
පූර්ණ වශයෙන් නිර්මාංශික අමු එළවළු, පලතුරු වර්ග මත  පමණක් යැපීම හේතුවෙන් සුසන්ට ලැබි ඇති ප්‍රතිලාභ බොහෝමයකි. කායික හා මානසික සමබරතාව, ධනාත්මක චින්තනය, යහපත් සෞඛ්‍ය තත්ත්වය, එබඳු ප්‍රතිලාභ කීපයක් පමණක් වන අතර මේ අතරින් වඩාත්ම කැපී පෙනෙන එමෙන්ම කාගේත් අවධානය හිමිවන්නේ සුසන් වෙතින් පළවන තරුණ බවේ සොඳුරු පෙනුමයි. සැබෑ වයස පරදවන බොහෝ සෙයින් ළාබාල පෙනුමක් ඇය වෙතින් දිස්වීම නිසා ඇය තවමත් පාසල් යන දැරිවියක ලෙස වරදවා වටහා ගනු ලබන අවස්ථා බොහෝය.
අමු ආහාර කෙරෙහි තමා තුළ වන දැඩි ලැදියාව ඔස්සේ යමින් ව්‍යාපාර ලෝකයටද අවතීර්ණ වූ සුසන් විසින් අරඹා ඇති ‘ඊඹඪඵබ චදඤ ඉනපධභබ’ නම් වූ ව්‍යාපාරයෙන් දිව පිනවන එමෙන්ම 
‍පෝෂණ ගුණයෙන්ද අනූන නොපිසූ ආහාර වර්ග අලෙවි කරන අතරම, එබඳු ආහාර වර්ග සිය ෙදෙනික ආහාරවේලට එක් කර ගන්නා අයුරු පිළිබඳව පාරිභෝගිකයින්ට උපදෙස් ලබා දීමද සිදු කෙරේ.
සිය ආහාර රටාව සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්ති මාලාවක් අනුගමනය කළද කිසි විටක පිසූ ආහාරයක රස බැලීමට  තමා තුළ ආශාවක්  හටගෙන නොමැති බව සුසන් පවසන්නීය. සිය ආහාර රටාව කෙරෙහි සුසන් දක්වන උනන්දුව කෙතරම්ද යත් ඇගේ දෙමාපියන් හා පෙම්වතාවද, තමා මෙන් නිර්මාංශික නොපිසූ ආහාර පරිභෝජනය කිරීමට ‍පොළඹවා ගැනීමට ඇය තුළ වනුයේ දැඩි ඕනෑකමකි. මේ නිසාම පසුගිය නත්ත‍ලේදී  ඔවුන් වෙනුවෙන්ම නොපිසූ ආහාරවලින් සමන්විත විශේෂිත නත්තල් රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කිරීමටද සුසන් පෙළඹී තිබිණි. ඒ සඳහා ඔවුන්ගෙන් ලද ප්‍රතිචාර ඉහළ වුවද සිය පියා වූ ඩේවිඩ්ව තවමත් නොපිසූ ආහාර රටාවකට පුරුදු කරවීමට සුසන් අ‍පොහොසත් වී තිබේ.
එසේ වුවද ඇගේ මව වන ‘මැරියන්’ නම් මෙබඳු අසාමාන්‍ය ආහාරවේල් පරිභෝජනය සම්බන්ධයෙන් ආගන්තුකයෙකු නොවේ. මීට දහහතර වසරකට පෙරදී ඇය එතෙක් කල් තමා පෙළුණු ර්රචතඨඪ 
ජ්දජඥනඩචතධථරඥතඪබඪඵ නම් වූ ස්නායු රෝගී තත්ත්වයෙන් සම්පූර්ණ සුවය ලබන ලද්දේ සිය ආහාර වේලෙන් සීනි මුළුමනින්ම අත් හිටුවමිනි. මෙබඳු සුවිශේෂී ආහාර රටාවකට පුරුදු වීමට සුසන්ව ‍පොළඹවන ලද ප්‍රධානම හේතුව වන්නේ සිය මව සම්බන්ධ සිද්ධිය බව සුසන් පවසන්නීය.

No comments:

Post a Comment