Monday, November 18, 2013

ආයුධ සන්නද්ධ මුස්ලිම් පාතාලයන්ගේ නිල නොලත් රාජ්‍යයක් බවට නැගෙනහිර පලාත.........

 ඊයේ (17)රාත‍්‍රී කාලයේ අම්පාර සමන්තුරේ ගම්වාසීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් අතර ඇති වූ ගැටුමකින් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. පැමිණිල්ලක් විමර්ෂණය කිරීමට ගිය පොලිස් නිළධාරීන් දෙදෙනෙකු මෙසේ පහර කෑමට ලක්ව ඇති අතර තුවාල ලැබු නිළධාරීන් දෙදෙනා සමන්තුරේ රෝහලේ ප්‍රතිකාර ලබයි. මෙම ප්‍රදේශයේ සිදුවූ බරපතල සොරකම් කිහිපයක් සෙවීමට ගිය පොලිස් නිධාරීන්ට සහ STF භටයන්ට දරුණු ලෙස පහර දී ඇති අතර යුධ හමුදාව පැමිණ අහසට වෙඩි තබා පොලිස් නිලධාරීන්ගේ සහ STF භටයන්ගේ ජීවිත බේරාගෙන තිබේ. කෙසේ වෙතත් එම සිද්ධිය මුල් කර ගෙන මේ වන විට අම්පාර නින්දවූර් ප්‍රදේශයේ පිරිසක් කල්මු‍ණේ-අක්කරෙයිපත්තු මාර්ගය හරස් කරමින් ටයර් ගිනි තබමින් කලහකාරී තත්වයක් ඇතිකරමින් තිබේන අතර කිසිදු මාධ්‍යකට ස්ථානයට යාමට ඉඩ නොදෙන බවද වාර්ථා වේ.

නැගෙනහිර පළාතේ අද ක්‍රියාත්මක වන්නේ රටේ පිළිගත් නීතිය නොව ශරීයා නීතියයි. ජිහාද් වහාබි මූලධර්මවාදී බිහිසුණු මතවාද වලින් සන්නද්ධ වූ ආයුධ සන්නද්ධ මුස්ලිම් පාතාලයන්ගේ නිල නොලත් රාජ්‍යයක් බවට නැගෙනහිර පලාතේ මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රදේශ අද පත්ව ඇති භයානක තත්වයක් තුළ ආරක්ශක අංශ පවා ඒ ඉදිරියේ දැඩි අපහසුතාවකට පත්ව තිබේ. අලුයට සැගවුණු මුස්ලිම් අන්තවාදයේ ගිලි පුළිගු මුල්වරට නැගෙනහිරින් මතු වූයේ 2011 ග්‍රීස් යකා සිද්ධිය මුල් කරගෙනය. ලංකා ඉතිහාසයේ මුලු වරට අන්තවාදීන් විසින් අවුලවන ලද ආයුධ සන්නද්ද මුස්ලිමුන් දෙදහසකට වැඩි පිරිසක් නැගෙනහිර නාවික කදවුර වටකරගෙන ප්‍රදේශයේ හමුදා ප්‍රධානියා නිවාස අඩස්සියේ තබා ගන්නා තරමට තත්වය දරුණු වුවත් මුස්ලිම් අන්තවාදයේ බළ බිදීමට අදාල බලධාරීන් ප්‍රමාණවත් අයුරින් ක්‍රියාත්මක නොවීම නිසා අද තත්වය ඊට සිය දහස් ගුණයකින් බරපතලව වර්ධනය වී තිබේ. මේ ඇරඹුමක් පමණය. සිරියාවේ,ඊජිප්තුව ඇතුළු මැදපෙරදිග කලාපයේත්, සෙසු මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවලටත් සුපුරුදු මිනීමරු ප්‍රචන්ඩකාරී වීදි දර්ශන නුදුරේදීම අපේ ඇස්පනාපිටම දැකගත හැකි වනු ඇත. අරාබියෙන් ආ අන්තවාදී මත ධාරීන් නැගෙනහිර පමණක් නොව මුස්ලිම් බහුතරයක් වෙසෙන රටේ සෙසු ප්‍රදේශවලද නිදහසේ සැරිසරමින් ආගමික මූලධර්මවාදය මුස්ලිම් ප්‍රජාව අතර නිදහසේ පතුරවමින් සිටිත් දී, රටේ බලධාරීන් තවමත් මර නින්දේය. 

No comments:

Post a Comment