Sunday, October 13, 2013

සිංහලයිනි නැගිටපියවි, යකෝ අපේ ඇගේ දූවන්නෙ රාවනා පරපුරේ ලේ.......

වත්මන කල අපේ රටේ තත්ත්වය සිහිනුවණින් යෙදී පරීක්ෂා කර බලන්නෙකුගේ හෘදය දෙදරා යන්නේය. ප්‍රකෘති තත්ත්වයෙන් සිටිනු නොහැක. සත්‍යය දිනෙන් දින පිරිහෙයි. අසත්‍යය දිනෙන් දින වැඩෙයි. සිංහලයා නොමඟ යවන්නෝ කොපමණවත් සිටිති. මේ වැටීම ඉතා භයානකය. හෘදය වස්තුව ඇත්තෙකු විසින් නොසිතිය හැකි තරම් ඉතා භයානක ලෙස සිංහල ජනයා වැටී යන බැව් දැක කම්පිත නොවන්නන් සිටීමද ජාතියේ අභාග්‍යයකි. 

දැන් නම් පිරිහීම් ප්‍රපාතය පිළිබඳ සෝපානයේ අන්තිම හිනිපෙත්තේ ම සිංහලයන් සිටින බැව් ඉතා සංවේගයෙන් සිහිපත් කළ යුතුව තිබේ. ඉහළින් පිහිටි හිනිපෙත්තට මිනිසුන් නංවන්නට හෝ නැතහොත්, දැන් සිටින මේ අන්තිම හිනිපෙත්ත මත කලක් නවත්වා ගන්නට හෝ බල සම්පන්න ව්‍යාපාරයක් වහවහාම ආරම්භ නොකළහොත් සිදු වන්නේ බලවත් විපතකි. මක්නිසාද යත්: එයින් පහළට වැටුණොත් කෙලවරක් නොදැක්ක හැකි මහා භයානක ප්‍රපාතයකම වැටෙන බැවිනි. 

අප ලබා ගත් මනුෂ්‍යත්වයේ ප්‍රයෝජන ගන්නට සිතුව මැනව. නුවණින් ඇත්ත ඇති සැටියෙන් කල්පනා කරනු මැනැවි. නිදහස් අදහස් ක්‍රියාවේ යොදනු මැනැවි. කෙනෙකුගේ බඩවියත, නැතහොත් අඹුදරුවන් රැක ගැනීමට කරන වෑයමකට අයුක්තියකට ඉඩ නොතබනු මැනැවි.

තමා ගැන පමණක් සිතීම මනුෂ්‍යය ගතියක් නොව, තිරිසන් ගතියක් බැව් සැලකුව මනාය. තමන්ගේ ජාතිකයන්ට, තමන්ගේ සහෝදරයන්ට සිදුවී ගෙන යන මේ විපත්තිය දෙනෙත් යොමා බැලුව මැනැවි. සිංහල නාමයේ ගෞරවය ආරක්ෂා කළ මැනැවි. මොහොතක් අප සිංහලයන්ගේ තත්ත්වය සලකතොත්  සිංහල ලෙය වතුර බවට පෙරළෙනු නිසැකය. මේ තරම් භයානක තත්ත්වයකට වැටීමට හේතු වූ සිංහ හම පොරොවා ගත් දීනයන්ට කිසි කලෙකත් අවකාශ නොතබනු මැනැවි.

සිංහ හම පොරවා ගත් කපටි කොටළුවා මෙන් ව්‍යාජ පරාර්ථකරණය නමැති ධවල ජවනිකාවට මුවාවී සිට ආත්මාර්ථයම සිදුකර ගැනීමට ප්‍රයත්න දරන නිහීනයන් රොත්තක් සිංහල ජනයා අතුරෙහි සිටිනු දැකීම මහත් ඛේදයට හේතුවකි.

ආත්මර්ථයම සිත යට දැවෙද්දී පරාර්ථය පිණිස යැයි සිංහලයන් ස්වර්ගයට නංවන්නට නොපැකිළ ඉදිරියට පැන ගෙන එන්නෝ යුක්තියට හාත්පසින්ම විරුද්ධ වූ බැගෑ බව පෙන්වන අසරණයෝය. මොවුන් තුළ සම්භාවනා කටහැකි ගුණයක් නැත. තමාගේ බඩවියත රැක ගැනීමට මඟක් නොසොයා නොබලා පරාර්ථය පිණිස ඉදිරියට එන්නේ මක්නිසාද? එයින්ම ලැබිය හැකි ලාභයත්, කීර්තියත් අපේක්ෂා කරගෙනයි. මේ විධියට ලාභ කීර්ති ප්‍රශංසා නමැති යකින්නියගේ මරු පාසයට කැපව පරාර්ථකරණය සඳහා ඉදිරිපත් වන මොවුන්ගේ අභ්‍යන්තරය තියුණු සැත්කමක් කර බැලුවොත් හද මස් වැදැල්ලෙහි "ජාති ද්‍රෝහියා" යන මේ අකුරු කිහිපය කාලවර්ණයෙන් සිතුවම් කර තිබෙනවා දකින්නට ලැබෙනු නොඅනුමානයි.

No comments:

Post a Comment