Wednesday, October 16, 2013

සමලිංගිකත්වය සදහා රාජ්‍ය අනුමැතිය......

බුදු දහම හා බැදුනු කීර්තිමත් අතීතයක හිමිකම් කියන ශ්‍රී ලාංකිකයන් සැමවිට සභ්‍යත්වය සදාචාරය ඉතා උතුම් කොට සලකන ලදී. බඩගින්නේ සිටියද තම සභ්‍යත්වය විකිණීම ලාංකිකයින් විසින් කිසිවිටක සිදුනොකරන ලද්දකි.

සමලිංගිකත්වය ශ්‍රී ලංකාවට නුපුරුදු වදනක් විය. මෑත ඉතිහාසයේ ලංකාවේ කිසිඳු රජයක් මගින් සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීමක් (මංගල සමරවීරලා වැනි අය අමාත්‍ය මණ්ඩලයේ සිටියද) සිදු නොවිය.

එහෙත් රට ආශ්චර්ය කරා ගෙන යන්නට අම්මා අප්පාව පවා මිල කරන රාජ්‍ය සමයක් දැන් එළඹ ඇත්තේය. එවන් සමයකදී සමලිංගිකත්වය පවා හොද වෙළද භාණ්ඩයකි. එනිසා එයටද රාජ්‍ය අනුමැතිය ලබාදී එයින්ද මුදල් හම්බ කරන්නට ඇත්නම් සංස්කෘතියක් සදාචාරයක් ගැන වද වෙන්නේ කුමකටද?.

ඉතින් රට ආශ්චර්යය කරා ගෙන යන්නට දැන් සමලිංගිකත්වයටද රජයේ අනුමැතිය ලබා දී තිබේ.

සම ලිංගිකත්වය සදහා රාජ්‍ය අනුමැතිය ලබාදෙන අවස්ථාව ලෙස සංචාරක මණ්ඩලය මිගමුවේ "ඩික්මන් රෙසොර්ට් " සමලිංගික හෝටලයට සංචාරක මණ්ඩල අනුමැතිය ලබාදීම දැක්විය හැකිය.

මෙම හෝටලය ධමිත් සහ ඩික් නම් සමලිංගික යුවල විසින් පවත්වාගෙන යන අතර ඔවුන්ගේ හෝටලය "Gay Friendly " හෝටලයක් ලෙස අන්තර්ජාතික වශයෙන් ප්‍රවර්ධනය කරයි. මෙම හෝටලය තුල සමලිංගික සේවක මණ්ඩලයක් සිටින අතර සංචාරකයන් තෘප්තිමත් කිරීම සඳහා ඔවුන් ඕනෑම දෙයක් කිරීමට සුදානම් බව ඔවුන් පවසා සිටියි.

තවද සංචාරකයන් සඳහා සමලිංගික සහකරුවන් සොයාදීම , සමලිංගික ඝනිකාවන් සපයාදීම , ද්වි ලිංගික සමුහ ක්‍රියාකාරකම් සංවිධානය වැනි කටයුතු සිදුකරයි.

මෙම හෝටලය වැඩිහිටියන් සංචාරකයන් සඳහා පමණක් සිමා වන අතර සමලිංගිකයන් අක්ර්ශයන වන පරිදි ගෘහනිර්මාණ ගෘහ අලංකරණය සිදුකර තිබේ.


මේ සියළු විස්තර කෙසේ වුවද අපේ දැන් අපේ රට බොහෝ දේවල් වලින් සමෘද්ධිමත් වනු ඇති බවට අපට විශ්වාසය. ලෝකයේ ලොකුම අමාත්‍ය මණ්ඩලය පත් කරගැනීමෙන අප රට ඊයේ තැබූ ගිනස් ලෝක වාර්තාව ඉක්මවා නැවතත් ගිනස් වාර්තාවක් තබන්නට අපේ රටට නොබෝ දිනකදීම හැකියාව ලැබෙනු ඇත.
ඒ ලෝකයේ ඒඩ්ස් හා සමාජ රෝග වැඩිම රට ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළු වෙමිනි.

අපේ රට ආසියාවේ නොව ලෝකයේම ආශ්චර්ය වන දිනය වැඩි ඈතක නැත. අනිවාර්යයෙන්ම අපට සුබ අනාගතයක්ම උදා වනු ඇත.

No comments:

Post a Comment