Thursday, September 19, 2013

ධර්මපාලවරු ලක්ෂයක් බොදුබල සේනා සංවිධානයෙන්........

අනගාරික ධර්මපාල චින්තනය ජනගතකර අවුරුදු දෙකක් ඇතුළත රටපුරා ධර්මපාලවරු ලක්ෂයක් බිහිකරන බව බොදුබල සේනා සංවිධානය පවසයි. කිරුළපන බොදුබල සේනා මූලස්ථානයේ පැවති ජනමාධ්‍ය හමුවකදී බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පැවසුවේ ඒ සදහා ‘අවදිවව්’නමින් දෙවසරක ව්‍යාපෘතියක් ඉදිරිපත් කරන බවයි. එතුමන්ගේ ජන්ම දිනය පැය දෙකතුනකට පමණක් සීමා කිරීමට වෙහෙස ගන්නා සංවිධානය ඒ චින්තනය ප‍්‍රායෝගිකව අවශ්‍ය වූ වේලාවට ඉදිරිපත් නොවන බවද පැවසූ එහිමියෝ බෞද්ධ ඡන්ද වලින් පාර්ලිමේන්තු යන පිරිස් සර්ව ආගමික නියෝජිතයන් බවට පත්වන හෙයින් අලූත් ජාතික පුනරුද ව්‍යාපාරයක අවශ්‍යතාව පැන නැගී තිබෙන බවද සදහන් කළහ. ‘අවදිවව්’ වැඩපිළිවෙල යටතේ මෙරට වෘත්තිකයන් අතර ධර්මපාල චින්තනය ගැන කතිකාවතක් ඇති කර පන්සල නැවත ගොඩනගා බෞද්ධයා තුළ අභිමානය ඇති කරවන බවද හිමියෝ අවධාරණය කළහ. ඒ සදහා රටපුරා ධර්මපාල චින්තන රැස්වීම් 2000ක් පැවැත්වීමටත් කි‍්‍රයාකාරී පන්සල් අතරින් 2000ක් සමාජ සංවර්ධන ආයතන ලෙස නම් කිරීමටත්, ධර්මපාල දැක්ම ඉදිරියට ගෙන යා හැකි හිමිවරු 2000ක් බිහි කිරීමටත් කටයුතු යොදා ඇතැයිද හිමියෝ කීහ.

No comments:

Post a Comment