Wednesday, September 11, 2013

බොදු බල සේනා සංවිධානය දිගින් දිගටම ආරක්‍ෂක අංශ වෙතත් මහජනයා වෙතත් කරුණු ඉදිරිපත්(10/09/2013 මාධය ‍හමුව)......

පසුගිය දා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පවත්වන්නට යෙදුන ආරක්‍ෂක සමුළුවේදි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එක් වැදගත් කරුණක් අවධාරණය කර තිබුනි. එනම් මේ රට තුල ඉස්ලාම් අන්තවාදයක් පවතින බවත් ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු කල යුතු බවත්‍ ය. මේ රට තුල ක්‍රියාත්මක වන ඉස්ලාම් අන්තවාදය සම්බන්ධව බොදු බල සේනා සංවිධානය දිගින් දිගටම ආරක්‍ෂක අංශ වෙතත් මහජනයා වෙතත් කරුණු ඉදිරිපත් කලේය. ඒ පිළිබඳව ප්‍රමාද වී හෝ අවධානය යොමුවීම පිළිබඳව අපගේ ප්‍රසාදය ආරක්‍ෂක අමත්‍යාංශයට පුද කර සිටිමු. අරක්‍ෂක ලේකම්වරයාගේ උක්ත ප්‍රකාශයෙන් පසු රවුෆ් හකීම් අමාත්‍යවරයා සහ රිෂාද් බදුර්දින් මන්ත්‍රිවරයා කලබලයට පත්වී ඇත. ඔවුහු ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රකාශය ප්‍රතික්‍ෂේප කර ඇත. රවුෆ් හකීම් සහ රිෂාද් බදුර්දින් දෙපල ප්‍රකාශ කර ඇත්තේ ජාතික සහ ජාත්‍යන්තරවත් ඉස්ලාම් අන්තවාදයක් නොපවතින බවයි. එය නම් අතිශයින්ම හාස්‍යය ජනක ප්‍රකාශයකි. මේ රට තුල අන්තවාදි ඉස්ලාම් සංවිධාන ගණනාවක්ම ක්‍රියාත්මක වන බව එදා මෙන්ම අදත් අපි තරයේම ප්‍රකාශ කරමු.

රවුෆ් හකීම් අමාත්‍යවරයා තව දුරටත් ප්‍රකාශ කර ඇත්තේ මේ රට තුල බෞද්ධ අන්තවාදයක් පවතින බවත්, ඉස්ලාම්වරුන් එමගින් පීඩාවට පත්වන බවයි. මේ රට තුල ඉස්ලාම් අන්තවාදයෙන් මුස්ලිම්වරු පවා දැඩි පීඩාවට ලක්ව ඇත. එම අන්තවාදින් කළ මනුස්ස ඝාතන, අමානුෂික වද හිංසා මෙන්ම නීති විරෝධි භාණ්ඩ ගෙන්වීමද දක්නට ලැබේ. මත්ද්‍රව්‍ය ගෙන්වනු ලබන්නේ මෙම ඉස්ලාම් අන්තවාදින් බව අපි තරයේම ප්‍රකාශ කර සිටිමු. මෙම රට තුල පැවතිය යුත්තේ එක් නීතියක් උවද ෂරියා නීතිය ක්‍රියාත්මක වන කලාප කීයක් මෙම රට තුල පවතින්නේදැයි ප්‍රශ්න කල යුතුය. ගලිගමුවේදි පසුගිය දිනක ඉස්ලාම් කාන්තාවකට ඉස්ලාම් කාන්තාවන් විසින්ම ෂරියා නීතියට අනුව දඩුවම් ලබා දෙන්නේ සිංහල ජාතිකයෙකු සමග පෙම් සබඳතාවක් පැවැත්වීම හේතු කොටගෙනය. ඔවුන් අනෙකුත් ජනවර්ග සමග සහයෝගයෙන් කටයුතු කරන්නේ ඒ පරිද්දෙනි.

හකීම් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මුස්ලිම් ජනයා මේ රටේ ඒකීය භාවයට ගරුකරමින් කටයුතු කරනා බවයි. ඔවුන් මේ රටේ ඒකීය භාවයට ගරු කරන්නේ නම් ත්‍රස්තවාදයට එරෙහි සටනේදි මුස්ලිම් තරුණයන් කී දෙනෙකු හමුදාවට බඳවන ලැබුවේද? හමුදාවේ 26678 ක් ත්‍රස්තවාදි සටනේදි මිය යන විට මැලේ මුස්ලිම්වරුන් මිය ගොස් සිටියේ 93 දෙනෙක් පමණි. රටේ ඒකීයභාවයට ඔවුන්ගේ කැපවීම එබඳුය. බෞද්ධ අන්තවාදයක් ගැන කතා කරනා මෙම මුස්ලිම් නායකයන් උතුරෙන් කොටි ත්‍රස්තවාදින් විසින් මුස්ලිම් ජනතාව පලවා හරිද්දී ගත් පියවර කුමක්ද? පල්ලිවල මුස්ලිම්වරුන් ඝාතනය කරනාවිට කොටි ත්‍රස්තවාදයට එරෙහිව නැගී නොසිටියේමන්ද?

No comments:

Post a Comment