Tuesday, September 10, 2013

ඉස්සර නම් අපිට ගුරුවරුන් දෙවිවරුන් බදු විය. රටට ජාතියට ආදරය කරන්නට.............

ඉස්සර නම් අපිට ගුරුවරුන් දෙවිවරුන් බදු විය. රටට ජාතියට ආදරය කරන්නට, ආගමට ගරු කරන්නට, දෙමාපියන්ට සලකන්නට අපට කියාදුන්නේගුරුවරුන්ය. 
ඒ ගුරුවරුන් අපට කීවේ පන්සල්, දහම්පාසල් යායුතු බවය. අපට මනුස්සකම කියාදුන්නේ ඒ ගුරුවරුන්ය. අප ඔවුන්ව දෙවියන් ලෙසින් සැලකූයේ එබැවිනි. එහෙත් දැන් තත්වය වෙනස්ය. දැන් බහුතරයක් ඉන්නේ ශිල්පයත් මනුස්සකමත් දෙකම මුදලට විකුණන ගුරු හොරුන්ය. අම්මා තාත්තාටත් වඩා ආගම දහමටත් වඩා රට ජාතියටත් වඩා ඔවුන්ට වැදගත් වන්නේ මුදල්ය. සිසු දරුවන්ගේ අත ඇති මුදල් ටික ගරා ගන්නට ඕනෑම නිහීන තුප්පහි වැඩක් කරන්නට ඔවුන් සූදානම්ය. මා මෙය කියන්නේ සියළුම ගුරුවරුන් ඉලක්ක කොට ගෙන නම් නොවේ. රටට ජාතියට ආගමට දරුවන්ට ආදරය කරන මිනිසත්කම් ඇති ගුරුවරුන් අද නැතුවා නොවේ. එහෙත් මුදල් හිස මත තබා ජාතියේත් ආගමේත් පහරන නීච අවජාතකයින් ඇත. අපේ සිසු දරුවන්ට ඔවුන් ගැන කියාදී ඒ දරුවන්ගේ ඇස් ඇරවීම ජාතියට දරුවනට ආදරය කරන අපගේ යුතුකම බැවින් මෙය ලියන්නට සිතුවෙමි. මේ කියන්නට යන්නේ උපුල් ශාන්ත සන්නස්ගල නම් ජනප්‍රිය ටියුෂන් කාරයා ගැනය. ඉරිදා පුද්ගලික පන්ති තහනම කි‍්‍රයාත්මක කළහොත් ආණ්ඩුව පෙරලා පන්සලට දානය වලකන බවට උපුල් ශාන්ත සන්නස්ගල අභියෝග කර තිබේ. ලංකාවේ ළමා අපචාරල ළමා දූෂණ වැඩිපුරම සිද්ධ වෙලා තියෙන්නේ ටියුෂන් පන්තිවලද ඉස්කෝලවලද මේ දෙකේම නෙවෙයි. පූජනීය ස්ථානවල. ඒක නිසා ටියුෂන් පන්තියට, පාසලට, පොලිසියට, හමුදා කඳවුරට වැඩිය නරක තැනක් විදියට පූජනීය ස්ථාන හඳුන්වන්න පුළුවන්. ඉඩකඩක් වර්තමානයේ අපේ රටේ නිර්මාණය වෙලා තියෙනවා. මේ හදන්නේ මේ රට ආසියාවේ අධ්යාපන කේන්ද්රස්ථානය කරන්න නෙවෙයි ආසියාවේ ආගමික ගුබ්බෑයම කරන්න. ලංකාවේ සමහර ආගමික ස්ථාන තියෙනවා. පාතාල මධ්යස්ථාන. ඒ වගේ දහම් පාසලකට යැව්වොත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදියෙක් වගේ දරුවෙක් හදාගන්න පුළුවන්. යනුවෙන් ඔහු ප‍්‍රකාශ කරයි. මවුබිම පුවත්පත සමග සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ. ඉරිදාට පුද්ගලික පන්ති තහනම් කරන්න යැයි භික්ෂුන් වහන්සේලා විසින් ඉල්ලා සිටියේ සිංහල බෞද්ධ දරුවන්ව දහම්පාසල වෙත යොමු කරනු පිණිසය. සිංහල බෞද්ධ හැගීමක් ඇති ගුරුවරයෙකු නම් කළ යුත්තේ දරුවන්ව දහම් පාසල් යවා ගුණ දහම් දියුණු කරනවාට කැමැත්ත දැක්වීමය. එහෙත් ජාතියත් ආගමත් දෙකම මුදල් බවට පත් කරගත් මෙවැන්නෙකුට ජාතිය ආගම ගැන හැගීමක් නැතිවීම පුදුමයක් නොවේ. සිසු දරුවන් තුල ගුණ වගාව කිරීමට වඩා මේ අවජාතකයාට වැදගත් වන්නේ සිසු දරුවන් හරහා තම බඩ වඩා ගැනීමය. ශිෂ්‍යයින් තුල කවර ගනයේ පිරිහීමක් ඇති වුණත් එය ඔහුට අදාල නැත. ඒ ඔහුගේ දරුවන් නොවන බැවිනි. ඔහුට ශිෂ්‍යයින් යනු ආදායම් මාර්යගක් පමණකි. ඒ බව ශිෂ්‍යයින් තේරුම් ගත යුතුය. තමාට ආදරය නොකරන, තමා කෙරෙන් මුදල් පමණක් දකින ගුරු හොරෙකු වෙත ගොස් තමා තුළ ඇති මනුස්සකම් ගුණ යහපත් කම් මරා දැමීම කර නොගත යුතුය. උසස් පෙලදී ගන්නා “ඒ“ සාමාර්ථයකට වඩා ජීවිතයේ මනුසත්කම් හැදියාවන් බොහෝ වැදගත්ය. ඒ බැව් සිසු දරුවන් මෙන්ම දෙමාපියන්ද මතක තබා ගත යුතුමය.

No comments:

Post a Comment