Wednesday, September 11, 2013

සමස්ත ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ නායක අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතා සහ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා මුස්ලිම් අන්තවාදීන්ගේ ආරක්‍ෂකයින් ලෙස......

සමස්ත ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ නායක අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතා සහ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා මුස්ලිම් අන්තවාදීන්ගේ ආරක්‍ෂකයින් ලෙස කි‍්‍රයාකරමින් සිටින්නේදැයි ජාතික හෙළ උරුමය ප‍්‍රශ්ණ කරයි.
එම පක්‍ෂ සභාපති පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක ඒ බව දැක්වේ.
සම්පුර්ණ නිවේදනය මෙසේය.
මුස්ලිම් අන්තවාදයේ අනතුර පිළිබද ඉතාම නිවැරදි දැක්මක්
රට තුළ මුස්ලිම් අන්තවාදයක් පැතිරී ඇති බවට කොළඹ පැවති ආරක්‍ෂක සමුළුවකදී ආරක්‍ෂක ලේකම්වරයා කළ ප‍්‍රකාශයට සමස්ත ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ නායක අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතාත් ශී‍්‍ර ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතාත් විරුද්ධත්වය පල කර ඇති අතර, එම ප‍්‍රකාශය පිළිබද වැඩිදුර පැහැදිළි කිරීමක්ද ඉල්ලා ඇත. ආරක්‍ෂක ලේකම්වරයාගේ මෙම ප‍්‍රකාශයෙන් මුස්ලිම් ජනතාවට එරෙහිව කටයුතු කරන සංවිධාන හා පුද්ගලයින්ට විශ්වාසනීයත්වයක් හා ශක්තියක් ලැබී ඇති බවද වැඩි දුරටත් චෝදනා කර ඇත. ආරක්‍ෂක ලේකම්වරයාගේ මෙම ප‍්‍රකාශය පිළිබඳව මෙම මුස්ලිම් නායකයින් දෙපල මෙලෙස ප‍්‍රතිචාර දක්වන්නේ මෙයින් යම් හෙළිදරව්වීමක් රටට හා ලෝකයට සිදුවී ඇති නිසාද?  එසේ නැත්නම් මුස්ලිම් අන්තවාදීන්ගේ ආරක්‍ෂකයින් ලෙස ඔවුන් කි‍්‍රයාකරමින් සිටින නිසාද? අද ලෝකය පුරා මුස්ලිම් අන්තවාදයක් කි‍්‍රයාත්මක වෙමින් ඇත. එය ලෝක සාමයටද මානව සමාජයේ සහජීවනයටද බාධාවක් වී ඇත. එය හේතු කොට ගෙන විශාල විනාශකාරී ලෝක වටපිටාවක්ද නිර්මාණය වී ඇත. මෑතක සිට දකුණු ආසියාවෙත්, නැගෙනහිර ආසියාවෙත් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් හිස ඔසවා ඇති අතර, ඔවුන්ගේ අරමුණු සාක්ශාත් කරගැනීම සදහා ත‍්‍රස්තවාදී කටයුතු වලටද එළඹී ඇත.
පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, බලූකිස්ථානය සිට උස්බැකිස්ථාන්, චෙස්නියාව දක්වාද චීනය, තායිලන්තය, බුරුමය, කාම්බෝජියාව, මැලේසියාව, බංගලාදේශය, ඉන්දියාව, කාශ්මීරය, මාලදිවයින දක්වාද පමණක් නොව, මැද පෙරදිගද, උතුරු අපි‍්‍රකාවේද මුස්ලිම් වහබ්වාදය විවිධ සංවිධාන හරහා විවිධ ස්වරූපයෙන් කි‍්‍රයාත්මක වෙමින් ඇත. මෙම මුස්ලිම් අන්තවාදී රැුල්ල ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව තුළින්ද එය නියෝජනය කරන ආගමික, දේශපාලන, හා සිවිල් සංවිධාන තුළින්ද පිළිබිඹු වේ. ඒ සදහා කොතෙකුත් සාධක, සාක්‍ෂි ඉදිරිපත් කළ හැක. දෙමළ බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය සමඟත් ඔවුන්ගේ දේශපාලන කි‍්‍රයාකාරකම් සමගත් මුස්ලිම් නායකයින් ඇඟෑලූම් පෑ ආකාරය අපට අමතක නැත. කොටි ත‍්‍රස්තවාදීන් උතුරෙන් මුස්ලිම් ජනයා පන්නා දැමීමෙන් පසුවත් නැගෙනහිර කාත්තන්කුඩි සංහාරයෙන් පසුවත් කොටි සංවිධානය හා එහි දේශපාලන අංශය සමඟ ගිවිසුම්වලට එළඹි මුස්ලිම් නායකයන් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ප‍්‍රහාරයකින් කොටි දේශපාලන අංශ නායක තමිල් චෙල්වම් ඝාතනය වූ අවස්ථාවේදී ශෝකය පළකරමින් මල්වඩම් යැවීමටද කටයුතු කළ ආකාරය රටට අමතක නැත. ප‍්‍රභාකරන් සමග ගිවිසුම්වලට එළඹි ආකාරයත් ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ තීරණාත්මක යුද මෙහෙයුම්වලදී පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුව පෙරළා දැමීමට මුස්ලිම් නායකයින් සැලසුම් කල ආකාරයත් රටේ ජනතාවට අමතක නැත. මෑතක සිට මුස්ලිම් ප‍්‍රජාව තුළින් නිරූපණය වන සමාජ බෙදුම්වාදී ලක්‍ෂණද ඒ අන්තවාදී ව්‍යාප්තවාදයේම කොටසකි.
මහත් ආන්දෝලනයකට තුඩුදුන් හලාල් සහතික නිකුත් කිරීමේ බලහත්කාරී වැඩපිළිවෙල පාසැල්වල හා සෞඛ්‍ය සේවාවලත් සෑම ක්‍ෂේත‍්‍රයකමත් ඇඳුම් පැළඳුම්වලින්, කෑම-බීම වලින් පෙන්වන සමාජ බෙදුම්වාදයත් පොදු සමාජයෙන් හුදකලාවීමක් තුළින් පෙන්නුම් කරනු ඇත්තේ අන්තවාදී ව්‍යාප්තියක ලක්‍ෂණ මිස අන් කිසිවක් නොවේ. නැගෙනහිර පළාතේ සිදුවන බෞද්ධ පුරාවස්තු හා බෞද්ධ විහාරස්ථාන විනාශ කිරීම, කොළඹ නගරයේ පමණක් නොව රටේ සෑම ප‍්‍රදේශයකම ආක‍්‍රමණශීලී ලෙස මුස්ලිම් පල්ලි ඉදිවීම්, සිංහල බෞද්ධයන්ට අඩම්තේට්ටම් කිරීම් ඉදිරියේ සිංහල ජනතාව පෙන්වා ඇති ඉවසීම හා සහනශීලීත්වය මෙම මුස්ලිම් නායකයින්ට නොපෙනෙන්නේ ඔවුන් අතර සිදුවන තරගකාරී දේශපාලන අන්තවාදය නිසාද? පසුගිය කාලය පුරා රට තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම, මත්කුඩු, මත්පෙති, හොරබඩු ජාවාරම් සාදාචාර විරෝධී කටයුතු පිළිබද රේගු වාර්තා ආරක්‍ෂක අංශවල වාර්තා හා මාධ්‍ය වාර්තා විමර්ශනය කළහොත් මෙම සංවිධානාත්මක මාෆියාව යට සිටින්නේ කවුද යන්නත් රටට හෙළිදරව් වනු ඇත.
එමෙන්ම සිංහල බෞද්ධ ජනතාව මුස්ලිම් ආගමට බදවා ගැනීමේ සංවිධානාත්මක ප‍්‍රවණතාවයක්ද රෝහල්වල සිංහල මවුවරුන් දරුවන් හැදීම අධෛර්ය කිරීමේ හා වද සැත්කම් චෝදනා කොතෙකුත් අසන්නට ලැබේ. ඒ පිටුපස කි‍්‍රයාත්මක වන දෘශ්‍යමාන අන්තවාදී හස්තයන් ඇති අතර, රටේ සමහර මුස්ලිම් බහුතරයක් ජීවත්වන ප‍්‍රදේශ රටේ නීතිය කි‍්‍රයාත්මක නොවන මුදා නොගත් ප‍්‍රදේශ බවට පත්ව ඇත. ඒවායේ පාතාල කටයුතු, මිනීමැරුම්, හොරබඩු ජාවාරම්, අවි ආයුධ ජාවාරම්, පැහැරගැනිම්, කප්පම්ගැනීම්, ශරියා නීතියට අනුව දඩුවම් කිරීම් ඇතුළු නීති විරෝධී, සදාචා
ර විරෝධී කටයුතු බොහෝමයකද මෙම අන්තවාදී කි‍්‍රයාවලිය සමග ගැටගැසී ඇත.
මෑතකදී අත්අඩංගුවට ගත් දකුණු ආසියාවේ විශාලතම හෙරොයින් තොගය ශී‍්‍ර ලංකාවට එවීම හරහා මුස්ලිම් අන්තවාදීන්ගේ හා ජාවාරම් කරුවන්ගේ ශී‍්‍ර ලංකාව කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති බවත් වැඩිදුරටත් සාක්‍ෂි දරමින් තහවුරු වේ. එබැවින් විදේශ රටවල නියෝජිතයින් සහභාගී වූ ආරක්‍ෂක සමුළුවකදී අනාගත ශී‍්‍ර ලංකාවේ ජාතික ආරක්‍ෂාවට ඇති අනතුර පිළිබදව කරන විශ්ලේෂණයකදී මුස්ලිම් අන්තවාදයේ අනතුරු පිළිබදව ආරක්‍ෂක ලේකම්වරයාගේ ප‍්‍රකාශය ඉතාම නිවැරදි පෙර දැක්මක් බව අපගේ විශ්වාසයයි. එවැන්නකට ඉඩ නොතැබීම සදහා අවශ්‍ය පියවරයන් ගැනීම සියලූ ජන කොටස්වල සහජීවනය හා යහපැවැත්මට හේතු වනු ඇත. නියපොත්තෙන් කඩන්නට තිබෙන දේ පොරොවෙන් කපන්නට ඉඩ නොතබන ලෙස සියලූ වගකිව යුත්තන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

No comments:

Post a Comment