Wednesday, September 11, 2013

බෞද්ධයන් වෙනුවෙන් 'බෞද්ධ බැංකුවක්' (Buddhist Bank ) පිහිටුවීම සඳහා පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා ආරම්භ කළ බව බොදුබල සේනා......

සිංහල, බෞද්ධ අපට අපේම බැංකුවක්

බෞද්ධයන් වෙනුවෙන් 'බෞද්ධ බැංකුවක්' (Buddhist Bank ) පිහිටුවීම සඳහා පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා ආරම්භ කළ බව බොදුබල සේනා සංවිධානය පවසයි.

එහි මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසුවේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින් ආරක්‍ෂා කිරීමේ මුලික අරමුණින් එම බැංකුව පිහිටුවීමට කටයුතු කරන බවයි.

බෞද්ධ ආර්ථික න්‍යාය සම්බන්ධයෙන් විධිමත් හැදෑරීමක් ඇති පුද්ගලයන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බවද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කියා සිටියහ.

සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර වැඩිදියුණු කිරීමටත්, ජාතික ජාත්‍යන්තර වශයෙන් ව්‍යාපාර අවස්ථාවලට ඇති ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහාත්, විවිධ මුල්‍ය දුෂ්කරතාවයන්ට පත්ව ඇති බෞද්ධ ව්‍යාපාරිකයින්ට අතදීම සඳහාත්, තරුණ බෞද්ධ ව්‍යවසායකයින් සඳහා ආරම්භක ප්‍රාග් ධනය පහසුවෙන් ලබාදීමට පහසුකම් සැලසීම සඳහාත්, බෞද්ධ ආර්ථික මුල ධර්මවලට අනුව මෙම 'බෞද්ධ බැංකුව' ස්ථාපිත කරන බව ඥානසාර හිමියන් පැවසුහ.

විදේශයන්හී සිටින සිංහල බෞද්ධ ජනතාවගෙන්ද මේ සඳහා අවශ්‍ය උපදෙස් ලබාගන්නා බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.

No comments:

Post a Comment