Wednesday, September 11, 2013

විශ්වයම පාලනය කළ හැකි කුණඩලීණී ශක්තිය......................

විශ්වයම පාලනය කළ හැකි කුණඩලීණී ශක්තිය......................

කුණඩලීණී ශක්තිය ලෙස අදහස් වනුයේ කුමක්ද කියා සරලව තේරුම් ගත නොහැක්කකි. ඈත අතීතයේ ජීවත් වූ ඍෂිවරු පවා මෙම කුණඩලීණි ශක්තිය හැඳින් වීම උදෙසා විිවධාකාරයේ නිර්වචන ඉදිරිපත් කරලීය.
ඇත්තෙන්ම කුණඩලීණි ශක්තිය යනු කුමක්ද? කුණ්ඩලීණිය යනු බඹයක් පමණ උස වූ මිනිස් ශරීරය තුළ ඇති අති මහත් වූ ශක්තියකි. වෛදික ක‍්‍රමවේදයක් තුළ එය විග‍්‍රහ වෙනුයේ විශ්වය තුළ ඇති අපරිමිත ශක්තිය මිනිස් සිරුරක් තුළට කැටි කිරීමක් ලෙසය.

පරමාත්මය හා ජීව ආත්මය


විශ්වය යනු එකම ශක්ති ගබඩාවක් බව අප කවුරුත් දන්නා කරුණකි. අප විශ්ව ශක්තිය ලෙස කතා කරන්නේ එයයි. මැරි මැරි උපදින මිනිසාගේ භවය පාලනය කරනු ලබන්නේ ‘පරමාත්මය’ නම් වූ අති විශාල වූ විශ්ව ශක්ති ප‍්‍රබවයකි. මිනිසකු උපදින විට මෙම පරමාත්මයෙන් කොටසක් ඔහු තුළට එකතු වෙයි. එය ‘ජීව ආත්මය’ ලෙස හඳුන්වනු ලබයි.
පරමාත්මය යනු අති ප‍්‍රබල විශ්වීය ශක්තියකි. ඒ තුළ ඇත්තේ විශ්වයේ සකල විධ බිහි වීමයි. සකල විධ පැවැත්මයි. එසේම සකල විධ විනාශයයි. මෙය සරල වචනයකින් පවසතොත් සමස්ත විශ්වයේම පාලනය කළ හැකි ඥානය මේ තුළ පවතී. අප සියලූ ආගම්වල අවසන් ඵලය වන මෝක්ෂය තුළින් උත්සහ කරන්නේ මේ පරමාත්මය හා එක් වීමයි.

ත‍්‍රි ගුණය

ද්වාපර යුගයේ විශ්වයේ පාලන ශක්තීන් ලෙස විග‍්‍රහ කළ සාත්වික්, රජමික්, තමසිත් යන ත‍්‍රී ගුණයන් හරහාද විග‍්‍රහ වූයේද මෙම පරමාත්මයේ වූ ශක්ති ස්වරූපයන්ය.
සාත්වික - බ‍්‍රහ්ම - නිර්මාණය කිරීම
රජසික් - විෂ්ණු - පවත්වාගෙන යෑම
තමාසික් - ශිව - විනාශය
පරමාත්මයෙන් උකහා ගනු ලබන ජීව ආත්මය නම් ශක්ති ප‍්‍රභවය මිනිස් සිරුර තුළ තැම්පත්ව ඇත්තේ කොඳු ඇට පෙළේ අවසන් පුරුකට යටිනි. සරලව පවසතොත් ස්ත‍්‍රියකගේ හා පුරුෂයකුගේ ගුදය ආසන්නයේය්. මේ අසීමාන්තික වූ ශක්තිය කොදු ඇට පේළිය ආධාර කොට ගනිමින් පහළ සිට ඉහළටත් ඉහළ සිට පහළටත් ගමන් කිරීම සිදුවේයි. මිනිස් ශරීරය යන්ත‍්‍රයකට සමාන කළහොත් මෙම යන්ත‍්‍රයේ ක‍්‍රියාකාරිත්වය බල මූලාශ‍්‍ර හයක් ඔස්සේ පාලනය කෙරෙයි. අප චක‍්‍ර ලෙස හඳුන්වන්නේ මෙම බල මූලාශ‍්‍රයි.

චක‍්‍ර හත

මිනිස් ශරීරය තුළ චක‍්‍ර හතක් පවතින මුත් ශරීර යාන්ත‍්‍රණයේ ක‍්‍රියාකාරිත්වය උදෙසා අවශ්‍ය වනුයේ චක‍්‍ර හයක් පමණි.

1. මූලාධාර චක‍්‍රය
2. ස්ව අධිෂ්ඨානය චක‍්‍රය
3. මණිපුර චක‍්‍රය (නාභි චක‍්‍රය*
4. අනාභාත
5. විශුද්ධි චක‍්‍රය
6. ආඥා චක‍්‍රය
7. සහස‍්‍රා චක‍්‍රය (සහස්සර*

මෙම චක‍්‍ර හත පවතින්නේ කොදු ඇට පේළිය ඔස්සේ පහළ සිට ඉහළටය. මෙහිදී කොදු ඇට පේළීයේ පහළින්ම පිහිටා ඇත්තේ මූලාධාර චක‍්‍රයයි. සහස‍්‍රා නැතහොත් සහස්සර චක‍්‍රය ඇත්තේ අපේ ඉස් මුදුනේය. මාගේ අත්දැකීම් අනුව නම් සහස‍්‍රා චක‍්‍රය ලෙස හඳුන්වන්නේ අපේ ජීව ශක්තිය චක‍්‍ර හරහා අවධි වීමෙන් පසු පරමාත්මය හා සම්බන්ධ වීමයි. මෙය පිහිටවන්නේ ශරීරයෙන් පිටතය. ඒ අනුව අපේ ශරීරය තුළ පිහිටා ඇත්තේ චක‍්‍ර හයකි. මෙම චක‍්‍ර හුදෙක්ම අධි ඥාන හෝ අධි ශක්ති ලබාගැනීම උදෙසාම භාවිත වන්නක් නොවේ. මා පෙර සඳහන් කළ පරිදිම ඒ ඒ චක‍්‍රයෙන් අප ශරීරයේ එක් එක් කොටස්හි ක‍්‍රියාකාරිත්වය පාලනය වෙයි.
....................................

සමිපුර්ණ ලිපිය කියවීම සදහා ඔබගේ යාහලුවන්ද දැනවත් කිරීමට මෙය Share කර කරැණාකර පහත සැබැදියට පිවිසෙන්න.
http://alienlk.com/

-------------------------------------------------------------------
පිවිසෙන්න අප වෙබි අඩවියට - http://alienlk.com/
විශ්විය දැනුම පිළිබද පර්යේෂණ මධ්‍යස්ථානය
UKRC Team Sri lanka

No comments:

Post a Comment