Wednesday, September 11, 2013

හිට්‌ලර්ට චිත්‍ර ශිල්පියෙක්‌ වෙන්න ඉඩ ඇරියා නම්....................

හිට්‌ලර්ට චිත්‍ර ශිල්පියෙක්‌ වෙන්න ඉඩ ඇරියා නම්.................

හිට්ලර් ගැන ඔබ නොදත් යමක්

ඔහුට අවශ්‍යව තිබුණෙ චිත්‍ර ශිල්පියෙක්‌ වෙන්න. එහෙත් ජර්මනියේ කිසිම පාසලක්‌ ඔහුව බාර ගත්තේ නෑ. ඇතුළත් වීමේ විභාගයෙන් ඔහු අසමත් වුණා. ඔහු විශිෂ්ට චිත්‍ර ශිල්පියෙක්‌ නොවෙයි. නමුත් ඔහුගේ බලාපොරොත්තුව වුණේ චිත්‍ර ශිල්පියෙකු නිර්මාණකරුවකු වෙන්න. චිත්‍ර ශිල්පියෙක්‌ වීමේ තරගයෙන් පරාදවීමෙන් පසුව ඔහුට අවශ්‍ය වුණේ අලුත් තාලේ ගොඩනැඟිලි, නව ව්‍යහුයෙන් හදන සැලසුම් කරන ගෘහ නිර්මාණ ශිල්පියකු වෙන්න. එහෙත් කිසිම ගෘහ නිර්මාණ ශිල්ප විදුහලක්‌ ඔහුව බාර ගත්තේ නෑ.

ඔහු ගැහැනියකට ප්‍රේම කළත් ඇය ඔහුව ප්‍රතික්‍ෂේප කළේ නූගතකු සහ රැකියා විරහිතයකු නිසයි. ඇත්තෙන්ම ඔබ ඔහුගේ පින්තූරය දැක ඇති. කිසි කෙනෙකුට ඒක ප්‍රියමනාපයි කියල කියන්න බෑ. විශේෂයෙන් අර කෙටි උඩු රැවුලත් එක්‌ක. ඔහු චාලි චැප්ලින්ට වඩා අන්ත විදිහටයි පෙනෙන්නේ. යම් කාන්තාවක්‌ ඔහුව එලවා ගත්තොත් අපට ඒ කාන්තාවට දොස්‌ නගන්න බෑ. නමුත් එක දෙයක්‌ පැහැදිලියි. සෑම ආකාරයකින්ම සමාජය විසින් ඔහුව ප්‍රතික්‍ෂේප කර ඇති බව.

ඔහුට ආදරය ලැබුණේ නෑ. ඔහුගේ පියා දැඩි විනයක්‌ මත ඔහුව නොකඩවාම හෙළාදකිමින්, පුරුද්දකට මෙන් අසල්වාසීන් සමඟත් ඔවුන් ඉදිරියේත්, හිට්‌ලර් මහත් අසීරු තත්ත්වයකට ඇද දැම්මා.

"මේ ලෝකය මාව මම හැටියට පිළිගැනීම ප්‍රතික්‍ෂේප කරනවා. මම ඒ තරම්ම වටිනා කෙනෙක්‌ නොවෙයි" යෑයි සිතන්න පටන් ගත් බැවින් ඔහු ගැඹුරු හීනමානයකින් පෙළෙන්න පටන් ගත්තා.

සෑම පැත්තකින්ම ප්‍රතික්‍ෂේප වීම ඕනෑම කෙනෙකු හීනමානයෙන් පෙළෙන්න හේතුවෙනවා. හීනමානය තමයි හිට්‌ලර්ගේ ජීවිතය වෙනස්‌ කළ සාධකය බවට පත්වුණේ.

ඔහුට චිත්‍ර ශිල්පියකු වෙන්න අවශ්‍යව තිබුණා නම්, ආරම්භයේදී ඔහු ආධුනික කෝඩුකාරයෙක්‌ වේවි. ඔහුට ඒ සඳහා අවකාශයක්‌ ලැබී තිබුණා නම් පිකාසෝ වැනි විශිෂ්ටයෙක්‌ නොවුණත් අඩුම තරමින් හොඳ චිත්‍රශිල්පියකු බවට පත් වෙන්න තිබුණා. දෙවන ලෝක යුද්ධය වළකා ගන්නත් තිබුණා. දස ලක්‍ෂයක මිනිස්‌ ඝාතනයක්‌ වළකා ගන්නත් තිබුණා.

No comments:

Post a Comment